අද හාඩ් වෙයාර් පාඩම කරන්න බැරි නිසා පොඩි තාක්ෂනික දෙයක් ම ලියන්න හිතුවා. අපේ ආගන්තුකයා කමෙන්ට් එකක කියා තිබුනා SCSI ගැනත් ලියන්න කියා. ඒ වගේම ඒ සඳහා උනන්දුව ඇති අයට මෙන්ම නොදන්නා අයට වුවද අවබෝධයක් ලබා ගැනීමේ වරදක් නැති නිසා අපි අද කතා කරමු මේ SCSI ගැන.
මොකක්ද මේ SCSI කියන්නේ.
මේ වචනයේ තේරුම නම් Small Computer System Interface යන්නයි. මෙය ව්‍යවහාරයේ ස්කසි (Skuz-ee) ලෙසින්ද හැඳින්වේ. මේවා සාමාන්‍යෙයන් භාවිතා වන්නේ සර්වර් පරිගනක හා වර්ක්ස්ටේෂන් වලයි (Servers & Workstation) පරිගනකය හා Peripheral අතර දත්ත හුවමාරු කිරීමට මේවා බහුලව යොදාගනී. මේවාට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වන්නේ Harddisk හා tape drivers ය. මීට අමතරව Optical drivers හා scanners ද SCSI Bus වලට සම්බන්ධ වේ. එක් SCSI bus එකකට Peripheral ඩිවයිසස් 8 ක් හෝ 16ක් දක්වා සම්බන්ධ කිරීමට හැකියාව ඇත.
විකිපීඩියා අඩවියෙන් ලබා ගන්නා ලද්දකි. පින්තූරය මත ක්ලික් කර සම්පූර්ණ රූපය බලන්න. |
මේ 50 Pin SCSI connector දෙකක් සහිත SCSI කාඩ් එකකි.
මේවා මුලින්ම භාවිතයට පැමිණි ඒවා වන අතර SCSI Narrow Connector යනුවෙන්ද ඇතැම් විට නම්කරයි. මේවායේ දත්ත හුවමාරු වන වේගයන් ආදිය සඳහා වගුව බලන්න.
ඉන් පසුව භාවිතයට පැමිණි 68 pin connector එකක් සහිත SCSI card ය. මේවායේ දත්ත සම්ප්‍රේශන වේගය කලින් එවාට වඩා වැඩිය. මෙම කනෙක්ටරය Wide SCSI connector යනුවෙන්ද නම් කෙරේ.
මින් පසුව 80 pin connector එකක් සහිත SCSI card භාවිතයට එක්විය. ඒවා දත්ත සම්ප්‍රෙශණ වේගය සැලකූවිට කලින් එකට වඩා වැඩිය. වගුවේ Ultra3 SCSI යනුවෙන් ඇති විස්තර බලන්න.
මේවා සියල්ල භාවිතා කරන්නේ Parallel තාක්ෂණයයි. ඒ නිසා මේවා Parallel SCSI යනුවෙන්ද හැඳින්වේ.
මීළඟට අපි කතා කරන්නේ Serial තාක්‍ෂණය සහිත SCSI ගැනයි.
SAS (Serial Attached SCSI)
මෙය SCSI වෙනුවට අලුතින් හඳුන්වා දුන් තාක්‍ෂනයයි. දත්ත හුවමාරු වන වෙගය ඉතා වැඩි අගයක් ගනී. හඳුන්වා දුන් අවස්ථාවේ එය 3Gbit/s වූ අතර 2009 පෙබරවාරි වනවිට 6Gbit/s විය. කේබල් එක මීටර් 10ක් දක්වා විය හැක. භාවිතා කරන්නේ Serial තාක්‍ෂණයයි.
මේ තියෙන්නේ SAS controller එකක්
මේ SAS Hard disk එකක්
මේ SAS පිළිබඳ තාක්‍ෂණක තොරතුරු වගුවක්
මෙම තාක්‍ෂනයන් ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ස්ර්වර් වැනි වැඩි ක්‍රියාකාරත්වයකින් යුතු පරිගනක සඳහාය. එම නිසා මේවා ඒහා සම්බන්ධ අයට වැඩි දුර හැදෑරීම අවශ්‍ය වුවත් අනෙක් අයට මෙවැන්නක් ඇති බව දැන සිටීම ප්‍රමාණවත්. එමනිසයි රූප කීපයක්ම එක් කර ඇත්තේ මේවා කුමන ආකාරයේ ඒවාදැයි දැන ගැනීමට. මම මේ පොස්ට් එක දැම්මේ මෙහම දේවල් තියනවා කියන්න පමණයි. උනන්දුවක් ඇති අයෙකුට වැඩි විස්තර විකිපීඩියාවෙන් හෝ වොනත් අඩවියකින් ගන්න පුළුවන්.
SCSI සඳහා නම් මෙතනින් යන්න
SAS සඳහා මෙතනින් යන්න.
එහෙනම් අදට ගිහින් එන්නම්. හාඩ්වෙයාර් පාඩම ඊළඟ ලිපිය ඉක්මනින්ම.
සුභ දවසක්..!!!
මට ප්‍රශ්නයක් අහන්ට තියනවා. කොහොමද මේවා මතක තියාගන්නේ?
ReplyDeleteඇයි මට මේවා මතක හිටින්නේ නැත්තේ?
හැබැයි පාඩම හරි හොඳයි...:D
මටත් පොඩ්ඩි අක්කගේ ප්‍රශ්නේ එහෙමම තියේ..
ReplyDeleteමම අහපු දේට ඉඩක් වෙන් කලාට බොහොම ස්තූතියි! SCSI කියන වචනේ විතරයි මම අහලා තිබ්බේ. මෙච්චර කල් මම හිතන් හිටියෙ ඒක දැන් පාවිච්චි නොවෙන යල් පැනපු තාක්ෂණයක් කියලයි...
ReplyDeleteමෙතනින් නවත්තන්නේ නැතිව හාඩ්වෙයාර් පාඩම දිගටම කරගෙන යන්න...
SCSI ගැන මම ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා.
ReplyDeletethank you.........
මටත් අර පොකු අක්කගේ පුරස්නෙම තමා තියෙන්නේ. කාලෙකින් ආවේ මඟ ඇරුන ටික තාම බලන්ට බැරි උනා.
ReplyDeleteSCSI Hard disk වල තව විශේෂත්වයක් තියෙනවා.. ඒ තමයි ඉහල rpm අගය. සාමාන්‍යයෙන් 9000 සිට 15000 දක්වා තිබුනා වගේ මතකයි.. නමුත් IDE වල උපරිම තිබුනේ 7200. දත්ත ගමන් කිරීමේ වේගයට මේකත් ප්‍රධාන වශයෙන්ම බලපානවා.
ReplyDeleteයට තියෙන reference ලින්ක් දෙක මාරු වෙන්න ඕනා නේද?
ගොඩක් දේවල් දැනගත්තා.
ReplyDeleteප්‍රියන්ත සර්ට සුබ උපන් දිනයක් වේවා...කෝ මේ පන්තියෙ අනිත් ලම්යි ටික. ඉක්මනට එන්ට කේක් ගෙඩියත් අරන්....:D
ReplyDeleteසුභ උපන්දිනයක් වේවා අපේ සෑර්. මං ඔය කටකහන කතා කිව්වට සෑර් මයෙත් එක්ක අමනාපයක් නෑ නේද? මේක නං කියන්නෙ බටර් ගාන්න නෙමෙයි, සෑර්ගෙ නිවුනු ගතිගුණ වලටම ගැලපෙන සිටු කුමාරියක්ම ලැබෙන්නයි කියල මේ හොඳ දවසෙ ප්‍රාර්ථනා කරනවා.
ReplyDelete@ පොඩ්ඩි
ReplyDeleteඔයාට විතරක් නෙවේ මට උනත් මේවා අමතක වෙනවා. ඒ වෙලාවට තමා ඉතින් ජාලය තියෙන්නේ. අනික මේ හැම දේම මතක තියන්න ඉන්න ඕන නෑ. දැනගන්න විතරයි මම ලීවේ...
උපන්දින සුභ පැතුමටත් ස්තූතියි. ගොඩක් සතුටුයි...
@ සුදු හංසි
ReplyDeleteමතක තියාගන්න එපා. ඕන වෙලාවට මේ පැත්තේ එන්න. ඇවිත් කියවා මතක් කරගන්න..
ස්තූතියි ප්‍රතිචාරයට සුද්දිටත්...
@ ආගන්තුකයා
ReplyDeleteකරනවා කරනවා. ටිකක් විතර බිසී උනානේ. ඒක ලියන්න ගත්තම පොස්ට් එක දිගටම ලියන්න ඕන. ස්තූතියි මේ පැත්තට ආවට...:D
@ මි හරක් පිඩියා
ReplyDeleteගොඩක් නම් ලීවේ නෑ. බොහොම කෙටියෙන් ලීවේ. ස්තූතියි ප්‍රතිචාරයට..
@ හා පැටික්කි (MS)
ReplyDeleteමතක තියා ගන්න එපා. ඕන වෙලාවට කියවන්න. අනික මම මේවා ලීවේ මෙහෙම දේවල් තියනවා කියා දැනගන්න පමණයි.
@ Kanishka | කණියා
ReplyDeleteස්තූතියි මතක් කළාට. ඔව් මේවායේ RPM එක ඉහල අගයක් ගන්නවා. ඔන්න ලින්ක් දෙකත් නිවැරදි කලා...
ස්තූතියි අදහස් දැක්වීමට..
@ D.G.M බස්සා
ReplyDeleteස්තූතියි ගොඩක් ස්තූතියි. කිසිම අමනාපයක් නෑ. මම විහිළු කවටකම් වලට කැමති කෙනෙක්. හිනා වෙලා ඉන්න කියන දේවල්නේ. ඇයි අමනාප වන්නේ. බස්සාටත් ස්තූතියි....