Saturday, July 9, 2011

Computer Hardware පාඩම 06 .... (Main Board 01-Expansion Slots)

අපේ Computer Hardware පාඩම ලිපි කීපයක්ම ලියා අවසන්. දැන් Mother Board එක ගැන ලිපි පෙල අවසන් කරන්නත් කාලේ හරි. ඒත් තව ටිකක් කියන්න තියනවනේ. Mother Board ගැන පොස්ට් 6ක් පමණ ලියන්න බලාපොරොත්තු වෙනවා.  ඒවායින් 5 වැන්න මේ. අපි අන්තිමට කතා කලේ Memory slot ගැනයි. එහෙම නම් අද Expansion Slots ගැන කතා කරමු.
මම අද ටිකක් කෙටියෙන් මේක හඳුන්වා දෙන්න සිතා සිටින්නේ. පරිගනකයක Expansion Slots භාවිතා කරන්නේ නිශ්පාදකයා විසින් සවි කර ඇති කොටස් වලට අමතරව අපට අළුතින් කොටස් එක්කර ගැනීමටයි. දැන් onboard sound, onboard video, NIC ආදිය දක්නට ඇතත් කලින් පැවති  Mother Board වල IO controllers (Hard disk, Floppy drive, Printer port වැනි දේ අයත් වන්නේ  IO controllers වලටයි) පවා වෙනම සවිකිරීමට සිදු වූවා. ඒසඳහා මුලින්ම භාවිතයට පැමිණියේ ISA (Industry Standard Architecture) මෙය පරිගනක Bus  Architecture එකකි. ඉන් පසුව PCI (Peripheral Component Interconnect) මෙයින් පසුව පැමිනියේ PCI Express slot එකයි. මේවාට අමතරව පසු කාලිනව video card සඳහා AGP (Accelerated Graphic Port) භාවිතයට එක් වූවා. ඊට අමතරව IDE හා FDD connectors ගැනද SATA  connectors ගැනද හැඳින්වීමක් මෙයින් සිදුකරනවා. 

 ISA (Industry Standard Architecture)
මෙය Bit ප්‍රමාණය අනුව width දෙකක් විය ඒ 8 Bit හා 16 bit වශයෙනි. මේවා 4.77 MHz සිට 8 MHz දක්වා පරාසයක පැවතිනි. එනම් 8 Bit ඒවා 4.77 MHz වූ අතර 16 Bit ඒවා 6-8 MHz විය.
මේ  8 Bit ISA slot එකකි. පසුව පැමිණි  16 bit ISA slot එකක් පහත දැක්වේ.

IBM ආයතනය 1981 8 Bit ISA bus හඳුන්වා දුන් අතර ඔවුන් විසින්ම 1984 දී 16 Bit ISA bus හඳුන්වා දෙන ලදී. මේවා සමගම 32 Bit EISA bus (Extended ISA) භාවිතයට එන්නේ 1988 දීය. මේවා සියල්ලම Parallel ආකාරයේ ඒවා වේ. මේ එවැන්නක රූපයකි.

 PCI (Peripheral Component Interconnect)
1993 දී හඳුන්වා දුන් මේවා තවමත් භාවිතයේ ඇත. නමුත් 2004 දී PCI Express හඳුන්වා දුන් නිසා දැනට හමුවන්නේ සීමා සහිතවයි. Width එක 32Bit හා 64 Bit ය. 
මේවායේ ධාරිතාවයන් වන්නේ,
133 MB/s (32-bit @ 33 MHz)
266 MB/s (32-bit @ 66 MHz හෝ 64-bit @ 33 MHz)
533 MB/s (64-bit @ 66 MHz)
මුල් කාලයේ Video cards සඳහාද PCI Slot භාවිතා විය. එහෙත් පසුව එය AGP Slot මගින් ප්‍රතිස්ථාපනය විය. මේවායේ Plug & Play (Plug n Play) තාක්‍ෂණයද භාවිතාවේ. 

රූපය wikipedia අඩවියෙනි 32Bit හා 64 Bit ඇතුලත්ය

මෙහි වැඩි දියුණු කිරීමක් වශයෙන්ද සර්වර් වල භාවිතා වන PCI-X තාක්‍ෂණය සඳහන් කළ හැක. මේවායේ ධාරිතාව 1024 MB/s වේ. 

මෙයට අමතරව Laptop/Notebook පරිගනක සඳහා Mini PCI නම් slot ඇත.
තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න ඇති නිසා ඉක්මනින් ඊළඟ කොටසට යමු.

PCI Express 
2004 දී හඳුන්වා දෙන ලදී. මෙය වර්ථමානයේ භාවිතා කරන තාක්‍ෂණයයි. Bit width එක 1 සිට 32 දක්වා වේ. මේවා Serial ආකාරයේ ඒවා වේ. ධාරිතාවයන් පහත පරිදි වේ.
Per lane (each direction)
v1.x: 250 MB/s (2 Gbit/s)
v2.x: 500 MB/s (4 Gbit/s)
v3.0: 1 GB/s (8 Gbit/s)
16 lane slot (each direction)
v1.x: 4 GB/s (32 Gbit/s)
v2.x: 8 GB/s (64 Gbit/s)
v3.0: 16 GB/s (128 Gbit/s)

PCI Express video card සඳහා slot එක.

මේවා Hot-plugging හා Plug n Play සඳහාද සහාය දක්වයි. 

AGP (Accelerated Graphic Port)
2004 දී හඳුන්වාදුන් මෙම තාක්‍ෂණය 2004 PCI Express එනතුරු භාවිතා විය. මෙය යොදා ගන්නේ Video Card එක සවිකිරීම සඳහා පමණි.
AGP 1.X
AGP Versions සඳහා විකිපීඩියාවෙන් ලබා ගත් මෙම සටහන බලන්න.

Disk Drivers Connectors 
IDE Hard Disk Connector.
1986 හඳුන්වා දුන් මෙය Pin 40 ක කනෙක්ටරයකි. Hard Disk, CD/DVD ROM ඇතුළු Optical drivers හා ZIP drivers සඳහා යොදා ගැනේ. මුල් කාලයේ I/O Card හෝ පසුව Mother Board එකේ දෙකක් පැවතිනි. ඒ එකක් සඳහා චැනල් දෙකකි.
Primary IDE Connector (Primary Master හා Primary Slave)
Secondary IDE Connector (Secondary Master හා Secondary Slave)
Width එක 16 කි. Bit rate එක 16, 33, 66, 100, 133 MB/s වේ.
මෙය Parallel ATA ලෙසද හැඳින්වේ. 

Floppy Disk Drivers Connector 
Pin 32ක connector එකකි. Drivers 2ක් සඳහා සහාය දක්වයි. එක් කනෙක්ටරයක් පමණක් ඇත. වර්ථමානයේ මේවා භාවිතයක් නැති තරම්ය.
SATA (Serial ATA)
මෙය 2003 හඳුන්වා දුන් තාක්‍ෂණයයි. වර්ථමානයේ සියලුම Hard Disk හා Optical Drivers ඇත්තේ මෙම පෝට් එක සඳහායි. 

අද ලිපියේ මම වෙනස් කම් කීපයක් කරනවා. කියවන ඔබටත් යමක් කරන්න අවස්ථාවක් දෙනවා. මෙම SATA ගැන විස්තර සොයාගන්න. තමා සොයාගත් දේ කෙටියෙන් කමෙන්ට් කරන්න. මම මෙහි රූපයට වඩා විස්තර කරන්නේ නෑ. ලැබෙන දේ අතරින් හොඳම විස්තරය අවසානයේ ප/ලි ලෙස පලකරනවා.
එහෙමනම් අප මෙහි අවසන් කොටසට යමු.
එහෙත් ඊට කලින් කිව යුතු දේ කීපයක් පවතිනවා. සර්වර් වල භාවිතා වන SCSI, Firewire ආදි දේ මම මෙහි විසතර කරනෑ. ඒවා නිතර බාවිතා නොවන නිසා.

USB (Universal Serial Bus)
1994 හඳුන්වා දෙන ලදී. එකිනෙකට වෙනස් devices ගණනාවක් සම්බන්ධ කිරිමට භාවිතා කරයි.
Mother Board එකේ පිටුපසින් කෙලින්ම සම්බන්ධ කල හැකි පෝට් කීපයක් ඇත. ඊට අමතරව ඉදිරිපසින් (Front USB) සම්බන්ධ කිරීමට කනෙක්ටර්ස් පමණක් ඇත. Versions 3කි. 
Version 1.0
Version 2.0
Version 3.0 
විවිධ USB සම්බන්ධක ආකාර
මෙයින් අද පොස්ට් එක අවසන් කරනවා. ඒ සමග 6වන පාඩම අවසන් වනවා 7 වන පාඩම Micro Processor ගැනයි. අද පාඩමේ වෙනස් කම් කීපයක් පවතින බව මම කලින් කීවනේ එයින් එකක් තමා පහලින් ඇති සටහන. එමෙන්ම අදත් ප්‍රශ්නයක් තිබෙනවා එයත් බලන්න.

සටහන.
නවකයින්ට මෙහි ඇතැමි වචන තේරුම් ගන්න අපහසු බව මට අවබෝධ වී ඇති නිසා සමහර යෙදුම් සෑම පොස්ට් එකකම පාහේ විස්තර කරන්න හිතුවා එයින් පළමු වැන්නයි මේ.

MB/s - Maga Bit per Second (තත්පරයට මෙගා බිට්) මෙය දත්ත හුවමාරු වන වේගය මැනීමට භාවිතා කරයි.

අද ප්‍රශ්නය. 
පහත රූපයේ ඇත්තේ කුමක්ද?
එහෙමනම් ප්‍රශ්නයට උත්තරෙත් දෙන්න. SATA ගැන කියවා ඔබටත් හඳුන්වාදීමක් කරන්න පුළුවන් නම් ඒ විස්තරත් ලියලම යන්න. මතක තබා ගන්න ඉතා කෙටියෙන් ලියන්න.

එහෙනනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!


ප/ලි
ඩිලාන් එකතු කළ SATA ගැන විස්තරයයි මේ..
SATA - Serial Advanced Technology Attachment

දත්ත ගමන් කිරීම සිදු වන්නේ සීරියල් ක්‍රමයට හෙවත් වරකට තනි දත්තය බැගින්, ඒවගෙම sata ඉන්ටර්පේස් එකත් ata වලට වඩා සම්පූර්නයෙන්ම වෙනස් කේබල් එක වගේම විදුලිය දෙන කනෙක්ටර් එකත්. sata කේබල් එකේ තියෙන්නේ පින් 7 ,ඒ එක්කම හාඩ් එකට විදුලිය දෙන පවර් කනෙක්ටර් එකත් පින් 15කි.
ata වලදී නිවැරදිව ඩේටා කේබල් එක ක්‍රියාත්මක වෙන්නේ අගල් 18ක් ඒත් sata වලදී මීටරයක් දක්වා කේබල් එක් දික් කරන්න පුලුවන් ඒ වගෙම ata වලට වඩා sata වල දත්ත ගමන් කිරීමේ වේගය ඉතා වැඩී තත්පරයට මෙගා බයිට් 150 වගේ වේගයක් තියනවා.

18 comments:

  1. කොච්චර වැඩ තිබුනත්,කොහේ හිටියත්, ප්‍රියන්තගේ පෝස්ට් එකකට කමෙන්ට් නොදා කොහොමද? අනෙක් අයගේ ඒවත් කියවලා, වෙලා තියන විදියට කමෙන්ට්ස් දානවා හොඳේ......)))

    mother (main) boardද? වැරදි නම් සර් කෝටු පාරවල් ඔට්ටු නෑ......:D

    ReplyDelete
  2. මට මේ කිසිවක් නොතේරේ සහ මම හාඩ්වෙයාර් වලට ඉන්ට්‍රෙස්ට් නැත

    ReplyDelete
  3. මටනං පේන්නෙ අන්තිමට තියෙන්නෙ ලැප් එකක මේන්බෝඩ් එකක් වගේ.

    ReplyDelete
  4. අද පාඩමත් ගොඩක් වටිනවා මචං . බොහොම ස්තූතියි මේ පාඩම දිගටම ගෙනියනවාට . දැන් අසනීප තත්වය හොඳ ඇති නේද

    මට ප්‍රශ්නයකුත් තියනවා

    ඔෆිස් එකෙන් දීපු මගේ අලුත්ම පරිගණකයේ ප්‍රොසෙසර් එක Cor2 Quad 2.4 ඒ ප්‍රොසෙසර් එකටම හම්බ වෙච්ච හීට් සිංක් එක දවසක් මං අතින් කැඩී ගියා ඉතින් මම අලුත් එකක් ගත්තා ඒත් දැන් ප්‍රොසා කලින්ට වඩා ගොඩාක් රත් වෙන බව බෝඩ් එක සමග දීපු මෘදුකාංගයකින් පෙන්වනවා . මට ඔරිජිනල් සීපීයූ ෆෑන් එකක් ගන්න ඕන . කොහේද මචං ලංකාවේ ඒවා ගන්න තියෙන්නේ .

    මම ගොඩක් තැන්වල බැලුවා අපේ පලාතේනම් නෑ ගොඩක් අය කියන්නේ ඔය ෆෑන් එක හීට් සිංක් එක ප්‍රොසා සමගම එන නිසා එවුවා පිට තැන්වල නැති බවයි . ඒක ඇත්තද ?

    ReplyDelete
  5. කොයි තරම් මතක තියා ගන්න හැදුවත් අමතක වෙන පාඩමක් මේක.. දැන් නම් මතක හිටියි වගේ.. ස්තූතියි අයියේ...

    ReplyDelete
  6. මේක ඇත්තටම ගොඩක් වැදගත් ලිපිපෙලක්. හාඩ්වෙයාර් පැත්ත ගැන කිසිදෙයක් නොදන්න අයට (විශේෂයෙන් කාන්තා පාර්ශවයට) මේ කරල තියෙන සරල පැහැදිලි කිරීම් බොහෝ උපකාරී වෙයි කියල හිතනවා :)

    ReplyDelete
  7. සෑර් ඔන්න මම SATA ගැන පැවරුම කරගෙන ආවා බොහොම අමාරුවෙන් මහන්සි වෙලා මේ ටිකත් හොයා ගත්තේ...
    SATA - Serial Advanced Technology Attachment

    දත්ත ගමන් කිරීම සිදු වන්නේ සීරියල් ක්‍රමයට හෙවත් වරකට තනි දත්තය බැගින්, ඒවගෙම sata ඉන්ටර්පේස් එකත් ata වලට වඩා සම්පූර්නයෙන්ම වෙනස් කේබල් එක වගේම විදුලිය දෙන කනෙක්ටර් එකත්. sata කේබල් එකේ තියෙන්නේ පින් 7 ,ඒ එක්කම හාඩ් එකට විදුලිය දෙන පවර් කනෙක්ටර් එකත් පින් 15කි.
    ata වලදී නිවැරදිව ඩේටා කේබල් එක ක්‍රියාත්මක වෙන්නේ අගල් 18ක් ඒත් sata වලදී මීටරයක් දක්වා කේබල් එක් දික් කරන්න පුලුවන් ඒ වගෙම ata වලට වඩා sata වල දත්ත ගමන් කිරීමේ වේගය ඉතා වැඩී තත්පරයට මෙගා බයිට් 150 වගේ වේගයක් තියනවා.
    (අඩු පාඩු සහ වැර්දි පෙන්වා දෙන්න සෑර්)

    ReplyDelete
  8. @ පොඩ්ඩි
    ගොඩක්ම ස්තූතියි පොඩ්ඩිට වලව්වේ හිටියේ නැතිවත් මාව බලන්න ආවට. උත්තරේ හරි. වඩා නිවැරදිව කියනවනම් නෝට් බුක් එකක මදර්බෝඩ් එකක්. නෑ කෝටු පාර නෑ. මම සැර නෑනේ...:D

    ReplyDelete
  9. @ ශානු
    නොතේරෙන අයට තමා ශානු මේ ලියන්නේ. ඒත් ඉන්ට්‍රස්ට් නැතිනම් ඉතින් මොනවා කරන්නද?...:D

    ReplyDelete
  10. @ Praසන්ன
    හරියටම හරි ප්‍රසන්න. නෝට් බුක් එකක මදර්බෝඩ් එකක් තමා.

    ReplyDelete
  11. @ හිස් අහස
    සඳරූ ඔය ෆෑන් එක සාමාන්‍යෙයන් හොයන්න හරි අපහසුයි තමා. සාමාන්‍යෙයන් Genuine Intel Processor එකට වඩාත්ම ගැලපෙන්නේ Genuine Intel Cooler එකක්ම තමා. නමුත් මෙයට නිර්දේශ කළ වෙනත් ෆෑන් තියනවා. ඔයා ඉන්න පලාතේ පමණක් නොවේ මේ අපි ඉන්න නුවරත් ඕවා හොයන්න නම් ලේසි නෑ. රත්වීම සමග හීට් සින්ක් එක වගේම ෆෑන් එකේ වේගයද බල පානවා. කොහොම උනත් වඩා ගැලපෙන ෆෑන් එකක් දාන්නම වෙනවා. ඊට අමතරව හීට් සින්ක් කම්පවුන්ඩ් ටිකක් දාන්න ප්‍රොසෙසර් එකත් හීට් සින්ක් එකත් අතරට යොදන්න. මේවා ඉලෙක්ට්‍රොනික උපාංග වෙළඳ සලකින් ගන්න පුළුවන්. ෆෑන් එකක් ගැන මම හොයන්නම්. විකිණිමට ඇති ස්ථානයක් ඇතිනම් මම ඔයාට මේල් එකකින් දන්වන්නම්. බොහෝවිට ඊබේ එකේ නම් ඇති.

    ReplyDelete
  12. @ සුදු හංසි
    එහෙම නම් කොච්චර සතුටුද. මේක කියවා සුදු හංසි පාඩමක් මතක තබා ගන්නවා කීවම. එහෙනම් අනික් පාඩම් කියවන්නත් එන්නකෝ..

    ReplyDelete
  13. @ .ChAnDiKa..
    ස්තූතියි චන්දික ප්‍රතිචාරයට. මම මේක ලියන්නේ නවකයින්ට අත්වැලක් වෙන්න. මෙය සංකීර්ණ හාඩ්වෙයාර් පාඩමක් නම් නොවේ. නමුත් කෙනෙකුට කියවා අවසන් උනාම තම පරිගණකය ගැන හා එහි ඇතිවෙන දෝෂ ගැන අවබෝධයක් හෝ ඇති කිරීමයි මගේ අරමුණ.

    ReplyDelete
  14. @ ItalyDilan
    ඩිලාන්ගේ විස්තර කිරීම ඉතාම නිවැරදියි. මම ලීවනම් ලියන්නෙත් ඔය ටිකම තමා. මහන්සියටත් ස්තූතියි ඩිලාන්.

    ReplyDelete
  15. SCSI ගැනත් පොඩ්ඩක් හරි කිව්වන්ම් තමා හොඳ

    ReplyDelete
  16. http://www.asus.com/Motherboards/Intel_Socket_1155/P8H67M_EVO/#download

    http://www.intel.com/products/desktop/motherboards/db-DH67CL/DH67CL-overview.htm

    Intel® Desktop Board DH67CL
    Asus P8H67-M EVO

    ප්‍රියා අයියෙ මේ MB දෙකෙන් කෝකද හොද??

    ReplyDelete
  17. @ ආගන්තුකයා
    ඔන්න මම SCSI ගැන කෙටියෙන් පොස්ට් එකක දානවා හෙට. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  18. Thusitha (දිමා)
    බෝඩ් දෙකම ඇති පහසුකම් අනුව නම් සමානයි. ඒ නිසාම ලොකු වෙනසක් දකින්න බෑ. ඒත් සාමාන්‍යෙයන් Intel chipset එකට හොඳින්ම ගැලපෙන්නේ Intel Mother board එකයි. මිළත් සලකා බලා ගන්න. සාමාන්‍යෙයන් මම ගත් Intel Mother board සාපේක්‍ෂව වැඩි කාලයක් වැඩි කාර්යක්‍ෂම තාවයකින් භාවිතා කර තිබෙනවා. ඒ නිසා මම නම් වඩා කැමති Genuine Intel board එකටයි.

    ReplyDelete