Thursday, June 16, 2011

දන්සැල් වල පෝලිම් වල......


පොසොන් එකත් එක්ක ආයෙම තොරණ්, දන්සැල් හැම තැනම. හැමදාම ඉතින් මට ඕවායේ හොඳ වගේම නරකත් පේනවනේ. මොන හේතුවක් හින්දද මන්දා? අපේ ගෙවල් පැත්තෙත් දන්සල් කීපයක්ම තිබුනා. ඕව කරන්නේ බොහෝවිට ගම පුරාම සල්ලි එකතු කරලයි. සමහර අයනම් සල්ලි ඉල්ලන්නේත් බලෙන්ම වගේනේ. ඒත් මම අද කියන්න හැදුවේ නම් එහෙම බලෙන් සල්ලි එකතු කරල කරන දන්සල් ගැන නෙවෙයි. මේක මට ඊයේ නිකමට වගේ සිතුන දෙයක්.

ඊයේ දවල් මම අප්පච්චිට පැරසිටමෝල් පෙති දෙකක් ගෙන්න කඩේට ගියා. පාර පුරාම මිනිස්සු. බැලුවම හැමෝම යන්නේ දන්සලෙන් බත් කන්න. වැඩි දෙනෙක් දන්සල දෙන්න ආදාර උපකාර කළ අයයි. හැමෝම වගේ දන්සලට ගිහින් කෑම කාල ආයෙම ගෙවල් වලට යනවා. හොයල බැලුවම ඒ කවුරුත් වගේ එදා ගෙදර කෑම උයලත් නෑ දන්සලෙන් කන්නම හිතන්. ගොඩක් අයට කන්න එන්න කියා ආරාධනා ලැබිල. ඔවුන් ඒ අනුවයි කන්න ගිහින් තියෙන්නේ.

මොනවද මේ දන්සල් කියන්නේ. ඇත්තටම දන්සල් ඈත අතීතයේ සිටම අපේ රටේ පැවති දෙයක්. පෙර රජ දවස බොහෝ පූජාභූමි වල වසර පුරාම රජදරුවන්ගේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන දන්සල් පැවති බවට සඳහන් වෙනවා. දැන් නම් එහෙම නෑ තමයි. ඒවා පවත්වාගෙන යන්නේ වන්දනා කරුවන් වෙනුවෙන් පුධාන ලෙසම. ඇත්තටම දන්සලක් දෙන්නේ දුගී, මගී යාචකාදීන් වෙනුවෙන්. 

ඉතින් වන්දනා කරුවන් මගීන්. ඔවුන්ට එම දන්සලෙන් කෑම ගන්න අයිතියක් තියනවා. ඒ වගේම ඒ දන්සල් වලින් දූගී දුප්පත් අය ඕන තරම් කාල තියනවා. යාචකයින් ගැනත් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නමුත් මම අර කලින් කී දන්සලට ආරාධනා ලැබූ පිරිස කිසිවෙකු දුගී දුප්පත් අය හෝ යාචකයින් නොවේ. එමෙන්ම ඔවුන් වෙනත් ගමනක අතර මග නොසිටින දන්සලටම යන අය නිසා මගීන් කියන්නත් බෑ. එහෙනම් ඔවුන්ට දන්සලකින් කන්න සදාචාරාත්මකව පුළුවන්ද කියා තමා මට හිතුනේ. අනික ඔය දන්සල් බොහොමයකින් කන පිරිස අතර දුගී දුප්පත් යාචකාදීන් ඇත්තේ අල්පයයි. හැම තැනම මේ තත්වය තියනවා කියන්නේ නෑ. පූජාබිම් අවට දන්සල් වලින් වන්දනාකරුවන් (මගීන්) ඕන තරම් කනවා තමා. එහෙත් සමහර ඒවායෙන් මම කලින් සඳහන් කළ පාර්ශව තුනෙන් එකක්වත් කන්නේ නෑ. එහෙම නම් දන්සල දීමේ පරමාර්ථ ඉටුවෙනවාද යන්න ගැටළුවක්.

දන්සල් දෙන්නන් කෙසේ වෙතත් කන්න යන ඔබ හිතට එකඟව හිතන්න ඔබට එයින් වේලක් කන්න ඇත්තටම අයිතියක් තියේද කියා. එහෙම හිතුවොත් ඒ වියදමින් මාසයක් දුගී, මගී යාචකයින් වෙනුවෙන් දන්සල් දෙන්න පුළුවන් වෙයි නේද. මේ පොසොන් සමයේ ඔබත් ටිකක් හිතන්න. ඔබේ අවංක තිරණය තවත් අහිංසකයෙකුගේ කුසගින්න නිවීමක් වේවි.
ගිහින් එන්නම්. Computer Hardware පාඩමේ ඊළඟ පොස්ට් එක ළඟම එනවා..

පින්තූරය ගත්තේ http://www.mirisawetiya.org/images/06-dansala.JPG

23 comments:

  1. ඒකනම් ඇත්ත තමා. ගමේ කට්ටිය එකතු වෙලා ‍ගමේ අයට දීලා වැඩක් නෑනේ. ඇත්තටම දන්සැල් වලින් නියම විදිහට දන්සැල් දෙන්නේ කීයෙන් කී දෙනාද ?. සමහරු දන්සැල විවෘත කරන්නක් ආරාධනා කරනවා නේද ?.

    ReplyDelete
  2. ප්‍රියන්ත,

    පුරාන රජ කාලේ ඉඳන් 'දන්සැල්' පවත්වාගන ගියබවක් ඔයා සඳහන් කරලා තියනවා. ඒ දන්සැල් පැවැත්වීමට හේතු මොනවාද?

    ගමේ අය සල්ලි එකතු කරලා ගමේ අයම ගිහින් කෑම කන එක නම් පෙනෙන්නේ වැරදි විදියට තමා. ඒකෙන් තේරෙන්නේ මේ දන්සැලෙන් පිට පලාත්වල අය සංග්‍රහ වින්දේ නෑ කියන එකද?

    මම දැන් ප්‍රශ්නයක් අහනවා. දන්නේ නැති නිසයි අහන්නේ. දානයකදී, ඒ දානය අප දෙන අයගේ දුප්පත්, පොහොසත්කම මත අපට ලැබෙන පින් ප්‍රමානය වෙනස් වෙනවද?:D

    තවත් ප්‍රශ්නයක්: නිතරම දානය නොවරදවාම ලැබෙන හාමුදුරු නමකට දෙන දානයට වඩා දුප්පතෙකුගේ බඩගින්න නිවන එක පින් වැඩි ක්‍රියාවක්ද?

    ReplyDelete
  3. පොඩි කුමරිහාමිගෙ අන්තිම ප්‍රශ්නෙට දෙන්න පුළුවන් මට මෙහෙම උත්තරයක්.අපි කෙනෙක්ට ඇඳුම් හරි සල්ලි හරි පොත් පත් හරි පිනට දුන්නට ඒ අයට ඇති වෙන් නෑ.ඉතින් කවුරු හෝ වේ වේවා බඩගින්නෙ ඉන්න කෙනෙක්ට කෑම වේලක් බඩ කට පිරෙන්න දුන්නොත් එයින් අපට ලැබෙන්නෙ මාරම පිනක්.මොකද මිනිහෙක්ට මොනම දෙයක් උනත් කොච්චර දුන්නත් මදි.කෑම විතරයි කාපුවම ඇති හිතෙන්නෙ.ඉතින් මොනම පුද්ගලයෙකුට හරි කන්න කෑම වේලක් අරන් දෙනව කියන්න ඒක අපි කර ගන්න ලොකුම ලොකු පිනක්.

    ReplyDelete
  4. @පුබුදු,

    අන්තිම ප්‍රශ්නයට දුන්නු උත්තරේ ඒක නම්, ඒකෙන් තේරෙන්නේ බඩගින්නේ ඉන්න කෙනෙකුට කෑම වේලක් දෙන එක පින් වැඩි දෙයක් බවයි. එහෙමනම්, හාමුදුරුවෙක්, පෝසතෙක්, දුප්පතෙක්, සතෙක් මේ මොන දේකවත් වෙනසක් තියෙන්ට බෑනේ. බඩගින්න නිවන එක තමා වැදගත්ම නේද?

    කල්පනා කරලා බලනකොට ඒක තමා ඇත්ත.
    ඔයාට ගොඩාක් ස්තූතියි.

    ReplyDelete
  5. @පොඩ්ඩි අක්කා:

    "දානයකදී, ඒ දානය අප දෙන අයගේ දුප්පත්, පොහොසත්කම මත අපට ලැබෙන පින් ප්‍රමානය වෙනස් වෙනවද?"
    මම අහලා තියන විදිහට දානයේදී පින් ලැබෙන්නේ දානය ලබන කෙනා මත නෙමෙයි දානය දෙන කෙනාගේ සිතිවිලි මත. කාට දානය දුන්නත් තමන්ගේ සිතිවිල්ල නරකනම් ඒකෙන් පිනක් අත් වෙන්නේ නෑ.

    දෙවෙනි ප්‍රශ්නෙදිත් ඒක එහෙම්මම තමයි. ඒත් ඉතිං නොවරදවාම හාමුදුරුවන්ට දානේ ලැබෙනවනම් කන්න නැති අසරණ දුප්පතෙක්ට දානේ දෙන එක හොඳයි නේද?

    ReplyDelete
  6. @පූසා මල්ලි,

    ගොඩාක් ස්තූතියි පූසා මල්ලියේ. දැන් ඔය විදියට බැලුවොත් සමහර දන්සැල් දෙන අයගේ චේතනාව නොදැන අපිට එයාලාව judge කරන්ට බැරි ප්‍රශ්නයක් එනවා නේද? සමහරු දන්සැල් දෙන්නේ හොඳ හිතින්ම වෙන්ට පුලුවනි. මම කියන්නේ සමහරු විතරයි.

    මල්ලි බන දහමුත් දන්නවනේ. කොච්චර එකක්ද?

    ReplyDelete
  7. @පොඩ්ඩි අක්කා,

    ඔව් ඇත්ත, ඔය සමහර තැන් වල ඡන්දේ ඉල්ලන උදවිය එතකොට ගම් වලනම් සමිති සමාගම් වල සභාපති වරු තමන්ගේ තනි වියදමින් දන්සැල් දෙනවා. ඒත් එයාලගේ චේතනාව මොන වගේ එකක්ද කියන්න අපි දන්නේ නෑ. කවුරු කළත් තම තමන්ගේ පින් තම තමන්ට ලැබෙයි. ඒ වගේ අයගේ චේතනාව අපි හරියටම දන්නේ නැති නිසා එයාලා ගැන සැකෙන් බැලුවොත් අපි වැරදියිනේ මොකද එයාලා දන්සල දෙන්නේ යහපත් සිතිවිල්ලකින් වෙන්නත් පුළුවන්නේ.
    මොන කාරනේදී වුනත් කාදිහාවත් සැකෙන් බලන එකනම් හොඳ නෑ කියලයි මම නම් හිත්න්නේ.

    ඔව් ඔව් බණ දහමුත් ඉතිං පොඩ්ඩ පොඩ්ඩ දන්නවා :D

    ReplyDelete
  8. අපිත් දුන්නා සුප් දන්සලක් . ගමටම සුප් පෙවුවා . කට්ටිය මාරම රහයි කිය කිය බිවුවා . මේ පාර සුප් දන්සල දුන්නේ 7 වෙනි වතාවට

    මමනම් දන්සැල් වඳින්න මාරම ආසයි.. කන්න බොන්න පෙරේත කමටම නෙවේ එතන වෙන මොකක් හරි අමුතු දෙයක් තියනවා .

    ReplyDelete
  9. ප්‍රියන්ත කියල තියෙන ඔය දේ ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නෙ ලොකු නගරවල තියෙන දන්සල් වල තමයි.

    ReplyDelete
  10. අයියා කියන කතාව ඇත්ත...

    ReplyDelete
  11. පොඩ්ඩි මතු කරල තියෙන දේ තව කවුරු හරි පැහැදිලි කරොත් හොඳයි. පුසා මල්ලි කියන්නා වගේ සිතිවිල්ලද මූලික වෙන්නෙ ? ඔවු නේ ඒක ඇත්ත වගේ.

    ReplyDelete
  12. @ සුපර්
    ස්තූතියි යාළුවා ප්‍රතිචාරයට. ඒ වගේම මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  13. @ පොඩ්ඩි.
    මම දන්නා තරමින් දන්සලක් පවත්වන්නේ දුගී මගී යාචකාදීන් වෙනුවෙන්. අතීතයේ සිටම එය තමා හේතුව.
    මෙතනදී ගමේ අයගේ සල්ලි වලින් දෙන්න ඕන ගමේ අයටද නැතිනම් පිටතින් එන අයටද යන්න අදාල නෑ. අදාල වන්නේ එයින් යමක් ගන්නා තැනැත්තා සැබැවින්ම එය ලබන්න සුදුස්සෙක්ද යන්නයි.
    පොඩ්ඩිගේ අවසාන ප්‍රශ්නයට මම මගේ හිතෙන් එන අදහසක් කියන්නම්. මම දානයක් දෙන්නේ ඒ අරමුණෙන්. එනම් දානයක් දීමෙන් මම කිසිම අවස්ථාවක පින් හෝ ඊළඟ ආත්මයේ වැඩි වැඩියෙන් ලැබෙන්න ප්‍රාර්ථනා කරන්නේ නෑ. මගේ අරමුණ තෘශ්ණාව අඩු කරගැනීමයි. අපිට එය එක්වරම නැතිකරගන්න නම් බෑ තමා. ඒත් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම එය ලබන්නාගේ මුහුණේ ඇතිවන සතුට තෘප්තිමත් බව දකින මගේ සිතේ ඇතිවන්නේ විස්තර කරන්න බැරි තරම් සැනසීමක්. එය ලබන්නයි මම දානයක් දෙන්නේ. එහිදී මගේ සිත දන්නවා එය ලැබූ තැනැත්තා එයට සුදුසුද නැද්ද යන්න. සුදුසු නැති අයෙක්ට දුන්නොත් මට හිතනෙවා මෙයින් වැඩක් උනේ නෑ නේද කියා.
    දානයක් දෙන්න ඕන නැති කෙනෙක්ට නේද. ඒ කනො හාමුදුරුනමක්ද නැතිනම් වෙනත් කෙනෙක්ද ඒත් නැතිනම් සතෙක්ද යන්න බලනවාට වඩා එය අවශ්‍යයද නැද්ද යන්න නේ වැදගත්. ඒසේ දීමෙන් නේද අපේ සිතට ලබන්න බලාපොරොත්තු වන නිරාමිස සුවය ලැබෙන්නේ.
    ගොඩක්ම ස්තූතියි ඔයාට මේතරම් වැදගත් කරුණ මතක් කළාටත් මම නැති වෙලාවේ මේ පැත්ත බලා ගත්තටත්..:D

    ReplyDelete
  14. @ පුබුදු ලක්ෂිත අදිකාරම්
    පළමුවෙන්ම මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. ආ මුල්ම දවසේම දුනු සහයටත් ස්තූතියි. කතාවනම් ඇත්ත. මිනිස්සු සතුටු කරන්න පුළුවන් කන්න දීල විතරයි තමා මමත් දැකල තියන විධියට.

    ReplyDelete
  15. @ පූසා
    මල්ලිත් පොඩි දන්සලක් දීල තියෙන්නේ. තමන් දන්න දේ කියා දෙන එකත් දානයක් තමා. ස්තූතියි මල්ලි.

    ReplyDelete
  16. @ හිස් අහස
    කිව්වනම් අපිත් එනවනේ ඒ පැත්තේ පොසොන් වඳන්න. අපි එහෙම ආවම මගීන් නිසා දන්සලෙන් සුප් බොන්න වරදක් නෑනේ. දානය කියන්නේ උතුම් ක්‍රියාවක් සඳරූ. ඔයාල වගේ ලාබාල අය එවැන්නට පෙළඹීම සතුටක්. 7 වරක් නේ. දිගටම කරන්න. ස්තූතියි ආවටත්.

    ReplyDelete
  17. @ Praසන්ன
    ඒකත් ඇත්ත. ඒත් නගරේ දන්සලට ගම්වලින් කට්ටිය එනවනේ නගරයට වන්දනාවේ යන. එයාලට කෑම ලබාගන්න අපහසු නිසා දන්සලෙන් මුල් අරමුණක් ඉටුවෙනවා. ඒත් ගම්වල නම් කන්න නැති අය අඩුයි. තව දෙයක් මම දැකල තියනවා බොහෝවිට ගම්වල දුප්පත් අය දන්සලකින් කන්න යන්නේ අඩුවෙන්. ඒ මම හිතන්නේ ලැජ්ජාව වෙන්න ඕන. ඒ අය පෙන්වන්න කැමති නෑ තමන්ට කෑම ලැබෙන්නේ අඩුවෙන් යන්න.

    ReplyDelete
  18. @ prasanna86k
    ස්තූතියි ගෝල්ඩ්ෆිෂ් ප්‍රතිචාරයට. දන්සැල් එහෙම තිබුනේ නැද්ද ඒ පැත්තේ?

    ReplyDelete
  19. @ හරී - පිණිපළස
    ඔව් හරී අනිවාර්යයෙන්ම. ඕනම දේකට මුල් වෙන්නේ සිත තමයි. ධම්ම පදයේ එන "මනෝ පුබ්බංග මා ධම්මා" ගාථාව අසා ඇති නේද?

    ReplyDelete
  20. මම දැන් තමා මේ ලිපිය දැක්කෙ එල .......

    දන්සැල දෙන අයගේ චේතනාව වෙන්න ඕන කාගේ හෝ කුසගින්න නිවීම, ඉතිං ඒකට දුප්පත්ද, පෝසත්ද, දුගීද, මගීද කියන එක අදාල වෙන්නෙ නැහැ මම හිතන්නෙ, අදාල වෙන්නෙ එතනට එන පුද්ගලයා කුසගින්නේ ද කියන එක සහ දෙන බත් එක පිරිසිදු චේතනාවෙන් දෙනවාද කියන එක විතරයි .....

    අනික මම නං කියන්නෙ දන්සැල්වලට එන්න කියලා කොටසකට විතරක් ගෙවල්වලට ගිහිං ආරාධනා කරන එක අනුමත කරන්න බැහැ, අන්න එහෙම උනොත් නම් ඇත්තටම දන්සැල දෙන එකේ පරමාර්ථය ඉෂ්ඨ වෙන්නෙ නැහැ ...

    "දන්සල් දෙන්නන් කෙසේ වෙතත් කන්න යන ඔබ හිතට එකඟව හිතන්න ඔබට එයින් වේලක් කන්න ඇත්තටම අයිතියක් තියේද කියා."

    ඇත්තටම අපි පොසොන් බලන්න යනකොට අපි බත් එකක් ඔතාගෙන යන්නෙ නැහැනෙ, ඉතිං අපි දන්සැලකින් කෑවට වැරැද්දක් වෙන්නෙ නැහැ, මොකද කුසගින්නෙ ඉන්දැද්දි පිනට දෙන දන්සැලකින් බත් වේලක් කාලා පින් දුන්නාම ඒකේ ඇති වැරැද්ද මොකක්ද? හැබැයි ඉතිං දන්සැල්වලට ගිහිං පෙරේත කමට බෙදාගෙන බත් මාලු පිනි අහක දාන එකනම් වැරදියි, මොකද එහෙම අහක නොදැම්මනං ඒවා තව කෙනෙක් කනවනේ .....

    "එහෙම හිතුවොත් ඒ වියදමින් මාසයක් දුගී, මගී යාචකයින් වෙනුවෙන් දන්සල් දෙන්න පුළුවන් වෙයි නේද."

    ඕක ප්‍රායෝගිකව කරන්න පුලුවන් නම් සෑහෙන්න වටිනවා, හැබැයි පොසොන් දවසට සියයට අනූවක් අය දුගී, යාචක කෙසේ වෙතත් මගී ගණයට වැටෙනවා. මොකද එදාට හුඟක් අය පොසොන් බලන්න හැම තැනම යනවනේ. හැබැයි ඉතිං පොසොන් දවස නැතුව සාමාන්‍ය දවසක ඔය වගේ දන්සැලක් දුන්නොත් හරියටම හොයලා දූගී, මගී, යාචකයන්නට දෙන්න පුලුවන් වෙයි .......

    එලම ලිපියක් හොඳ අදහසක් ......

    ReplyDelete
  21. මම මෙන්න මේ වගේ දේකුත් දැකල තියෙනවා :
    “අපිත් සල්ලිදුන්න අපි අසවල් දේ දුන්න , ඒ නිසා ඒකට හරියන්න හොඳට කන්න ඕන.
    අපි දීපු නිසා අපට පෝලිමේ ඉන්න බෑ.
    දුන්නු නැතිඅයත් කද්දි අපි තමයි පෝලිම්වල ඉන්න ඕ“
    මේ වගේ දේවල් කියන අයත් ඕන තරම්

    ReplyDelete
  22. මන් දන්න විදිහට නම් දන්සල් දෙන්නේ සහ දන්සල් වලින් කන්නේ යන දෙකම කරන්නේ ආතල් එකට
    නැතුව මේ පින් ලැබෙන වැඩක් කරන චේතනාවෙන් නම් නෙමෙයි

    ReplyDelete