Wednesday, March 16, 2011

බ්ලොග් එකේ බැකප් එකක් ගමු නේද (How to backup blog)

බ්ලොග් අඩවි ගණනාවක්ම හැක් වෙලා කියල මේ දවස් වල සිංහල බ්ලොග් අවකාශය පුරාම ලොකු ආන්දෝලනයක් ඇති වෙලා. සමහර අයට බ්ලොග් එක හැක් කරනවා කියල තර්ජන ඇවිල්ලත් කියනවා. තවත් අය කියන්නේ මේවා හැක් වෙලා නෑ තමන් විසින්ම මකා දමා ඇතැයි කියා. මේවායින් ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නෙ කවුද යන්න තෝරා බේරා ගන්නත් අමාරුයි. සිතට එකඟව කතා නොකරන, සිතට එකඟව ක්‍රියානොකරන මිනිසුන් සිටිවා අපේ සමාජයේ මේවායේ හරි වැරදි හොයනවා කියන්නේ නිකරුනේ කාලය කා දැමීමක් නිසා අපි ඒ ගැන කතා නොකර ඉමු. 
ඇත්තටම hacking යනු කුමක්ද? මෙම ලිපියේ අරමුණ හැකින් ගැන කතා කිරීම නම් නොවේ. ඒත් මගේ මේල් එක, නැතිනම් බ්ලොග් එක හැක් කරලා කියන ඇතැම් අය, එහෙම නැතිනම් මම ඔයාගේ මේල් එක, බ්ලොග් එක් හැක් කරනවා කියා බොරු තර්ජන කරන අයත් හැකින් යනු කුමක්ද කියා දන්නෙත් නැතුව ඇති.
Hacking යනුවෙන් පරිගනක ආශ්‍රිතව භාවිතා වන යෙදුමෙන් අර්ථ දක්වන්නේ කිසියම් පරිගනකයක්, පරිගනක ජාලයක්, ඊමේල් ගිණුමක්, බ්ලොග් එකක් වැනි යමක් පිටත සිට එහි අයිතිකරුගේ අවසරයකින් තොරව සම්පූර්ණ පාලනයට තමන්ට නතුකරගැනීමයි (administrative privileges). 
අද මම කියන්න යන්නෙ හැක් වීම හෝ වෙනත් ක්‍රමයකින් තම බ්ලොග් අඩවියට හානියක් වෙන අවස්ථාවක නැවත ස්ථාපනය කර ගැනීමට එහි ආරක්‍ෂිත පිටපතක් (backup) තබා ගන්නේ කෙසේද කියායි. 
මේ සඳහා විවිධ ක්‍රම ඇති. ඒත් මම කියන්නේ ඕනම කෙනෙකුට පහසුවෙන්ම කරන්න පුළුවන් බ්ලොගර් වල ඇති ක්‍රමයයි. ඉතිරිය කියන්න කලින් කියන්නම් මේ ක්‍රමය වලංගු වන්නේ blogger වල ඇති බ්ලොග් සඳහා පමණයි.  Wordpress සඳහා පසුව විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා.
හරිම ලේසියි. ඒත් මම පියවරෙන් පියවර කියන්නම් නවකයින්ටත් පහසුවෙන් තේරුම් ගන්න.
පළමුව blogger dashboard එකට යන්න. ඔන්න ලින්ක් කරලම තියෙන්නේ.
පහත ආකාරයේ මෙනු එකක් ලැබෙයි.
මෙහි මගේ නම් බ්ලොග් 2ක් තිබෙනවා. ඔබේ මෙය වෙනස් ඇති. එයින් backup කරන්න අවශ්‍ය බ්ලොග් එකේ settings වලට යන්න.
මේ වගේ පේජ් එකකට යයි.
මෙහි basic යටතේ ඇති Blog Tools වලින් Export Blog වලට යන්න. එහි පේජ් එක පහත දැක්වේ.
දැන් Download Blog මත ක්ලික් කරන්න. .xml ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වනු ඇත. උදාහරනයක් ලෙස අද දවසේ මෙය කරනා විට blog-03-16-2011.xml නමින් අදාළ ෆයිල් එකක් ඔබට ලැබේ. මෙය ආරක්‍ෂාකාරි තැනකට කොපි කර තබා ගන්න. මෙම ෆයිල් එක මගින් නැවත ස්ථාපනය කළ හැකි වන්නේ අවසන් වරට බැකප් කළ දවසේ ඇති බ්ලොග් පොස්ට් හා කමෙන්ට් පමණයි. ඊට පසු ඒවා ලබා ගත නොහැක. එනිසා හොඳම දේ පොස්ට් එකකට පසු බැකප් එකක් ගැනීමයි.
දැන් බලමු යම් ලෙසකින් බ්ලොග් එක හැක් කිරීමකට හෝ වෙනත් හානියකට ලක්ව ඇතිනම් නැවත ස්ථාපනය කරන්නේ කෙසෙද කියා.
මෙහිදී කළ යුත්තේ දෙවන රූප සටහනේ ඇති පේජ් එකේ කලින් ගිය Export Blog වෙනුවට Import Blog යන්න. පහත පිටුව ලැබේ.
මෙහි Choose File මගින් කලින් සේව් කළ .xml ෆයිල් එක තෝරා ගන්න. පහල ඇති අකුරු හඳුනාගෙන ඒවා ඊට පහතින් කොටුවේ ටයිප් කරන්න. ඉන්පසු සියලු පොස්ට් අප්ඩේට් කිරීමට අවශ්‍ය නම් Automatically publish all imported posts ලකුණු කර Import Blog මත ක්ලික් කරන්න. නැතිනම්  Import Blog පමණක් ක්ලික් කර පසුව දෙවන රූපයේ ඇති Posting වල Edit වලින් අවශ්‍ය පොස්ට් පමණක් Publish කරන්න.
මෙය පොස්ට් නැතිවූ කලින් පැවති බ්ලොගයට මෙන්ම අළුත් එකවුන්ට් එකක් මගින් සාදාගත් බ්ලොග් එකක් සඳහා වුවද  Import කළ හැකිවේ.
අද නම් පොඩි පොස්ට් එකක් ලීවේ. ඒත් මෙය නවක බ්ලොග් කරුවන්ට වැදගත් වෙයි කියා හිතනවා. කෙසේ වෙතත් ඔබේ බ්ලොග් එක හැක් කිරීමකට ලක් නොවේවා කියා ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

33 comments:

  1. වටින ලිපියක්....බොහොම ස්තුති....

    ReplyDelete
  2. මම හිතන්නේ මගේ බ්ලොග් එක වැඩකට නැති එකක් කියලයි... ඒත් බැරිවෙලාවත් මොකෙක්ගෙ හරි තියෙන අසමජ්ජාතිකමකට මොනවාහරි කලොත් කියලා මේ උපදෙස් පිලිපදින්න තරයේ ඉටා ගත්තා....

    ස්තූතියි ප්‍රියන්ත.

    ReplyDelete
  3. ගොඩක් තැන්ක්ස් අයියා

    ReplyDelete
  4. මොනවත්ම දන්නේ නැති අපි වගේ අයට හොඳ ලිපියක් ප්‍රියන්ත. හොඳ ගුරුවරයෙක් වගේ ලස්සනට, සරලව කියදීලා තියනවා.

    ස්තූතියි.

    ReplyDelete
  5. වැදගත් ලිපියක්..

    ReplyDelete
  6. මේක මේ දවස් වල ගොඩක් වටින පෝස්ට් එකක් වෙයි. හැක් කලත් නොකලත් බැක්අප් එකක් තියාගන්න එක කෝකටත් හොඳයිනෙ....

    ReplyDelete
  7. වැදගත් ලිපියක් අයියා. මට ප්‍රශ්නයක් තිබුනා බැකප් එක ගත්තම ඊට පස්සේ අපි දාන පෝස්ට් නෑ නේද කියලා. ඒකටත් උත්තර ලැබුනා. බෝම් ස්තූතියි අයියා.......

    ReplyDelete
  8. තැන්ක්ස් අයියා

    ReplyDelete
  9. හොඳින් පැහැදිලිව සරළව කියා දීල තියනවා. ආසාවට ඒක අත්හදා බලන්නෝනි :-D

    ReplyDelete
  10. මේ කාලෙට වැදගත් තමා.මගේ මේ දැන් දුවන්නේ බැකප් එකක් තමා....කලින් බ්ලොග් එකට බඩු හම්බුනා..
    මේ බැකප් එකෙන් එන්නේ අපි ලියපු ලිපි විතරයි...
    ෆලෝවර්ස් ලා,පේජ් විව්ස් වගේ එව්ව එන්නේ නෑ...
    මුල ඉදලා පට ගන්න ඕනා එව්වා...
    මම මාසෙකට කලින් පටන් ගත්තෙත් එහෙමයි

    ReplyDelete
  11. බොහෝම ස්තූතියි ප්‍රියා..උඹ මට මේ පාඩම කලින් කියා දුන්නනේ..
    ඇත්තටම උඹ කරන මේ පාඩං ටිකනං රත්තරං වටිනවා...

    ReplyDelete
  12. බොහෝ දෙනෙකුට උපකාර වෙන වැදගත්, සරළව ඉදිරිපත් කල පොස්ට් එකක්.

    ReplyDelete
  13. @ අසoක
    අළුත් මිතුරෙක් වගේ. මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා...

    ReplyDelete
  14. @ අභීත
    එහෙම හිතන්න එපා. අභිතගේ බ්ලොග් එක කියවා සතුටු වන පිරිසක් ඉන්නවා. මමත් කමෙන්ට් නොකලත් ඒ සටහන් කියවනවා. ඒවා අපට වගේම ඔබටත් දවසක ආයෙම කියවා සතුටු වන්න හේතු වෙනවා. ඒ නිසා බැකප් එකක් ගන්න එක හොඳයි..

    ReplyDelete
  15. @ මෝල්ඩර් ෆයිල්ස්
    අළුත් මිතුරෙක් වගේ. මල්ලිවත් මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  16. @ ප්‍රවීනා
    මොකවත් දන්නේ නෑ කියල තමන්ටම කියාගන්න එපා. ඔයා දන්න බොහෝ දේ හිතන්නත් අපි දන්නේ නෑ. කොහොමත් ඔයා වගේ හොඳ ගෝලයෝ ඉන්නවානම් මට හොඳ ගුරුවරයෙක් වෙන්න අමාරු නෑ. සරල බව නම් කොහෙදිත් වැදගත් දෙයක්නේ. ජීවිත උනත් සරල වූ තරමට ලස්සනයි නේද.
    මාව බලන්න උදේම එනවට පොඩ්ඩිටත් ස්තූතියි..

    ReplyDelete
  17. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න වෙනදා වගේම මේ පැත්තට ගොඩවෙලාම ගියාට. මොකද කියන්නේ පොඩියට මොනවම හරි ලියමු?

    ReplyDelete
  18. @ බුද්ධි
    ඔව් හැක් නොකලත් බ්ලොග් එකට හානි වෙන්න පුළුවන් අවස්ථා ඕන තරම් තියනවා. ඒ නිසා බැකප් එකක් ගන්න එක නම් වටිනවා. කොහොම උනත් එදා බකමූණා අල්ලන්න ගිහින් වෙච්ච දේ කීවේ නැති එකනම් හරි දුකක්......:D

    ReplyDelete
  19. @ හා පැටික්කි (MS)
    දැන් දන්නවනේ. හාවිටත් ගොඩක් ස්තූතියි මේ පැත්තටත් පැන්නට. අවුරුද්දක් තිස්සේ බ්ලොග් අවකාශේ පැන පැන යන හාවිට තව බොහෝ කාලයක් මේ ගමන යන්න වාසනාව ලැබේවා කියලත් පතනවා.

    ReplyDelete
  20. danagana heteya nathi dayak bohma stuthi.....

    ReplyDelete
  21. @ මගේ ජීවිතය
    ඕව් අතහදා බලන්නකෝ. මම නම් අත්හදා බලල තමා පොස්ට් එක දැම්මේ...

    ReplyDelete
  22. @ රත්ගමයා
    මේක දන්න අයත් ඇති. ඒත් නොදන්න අයට දැම්මේ. ඔයා හරි මේකෙන් කරන්න පුළුවන් පොස්ට් හා කමෙන්ට් බැකප් කරගන්න තමා. ෆලෝවර්ස්ලා ටික නැතිවෙනවා. පේජ් විව් එක එහෙම නම් HTML එක අරන් තියා ගන්න පුළුවන්නේ. ඒත් කවුන්ටර්ස් එහෙමත් නැතිවෙනවා.

    ReplyDelete
  23. @ මාරයාගේ හෝරාව
    මේවා ප්‍රායෝගිකව යොදා ග්නවානම් තමා හොඳ

    ReplyDelete
  24. @ ගල්මල්-Coral
    ස්තූතියි අයියේ මේ පැත්තට ආවට. අයියවත් මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  25. @ ADMIN | Harsha Prabath
    ස්තූතියි මේ පැත්තට ආවට. ඔබත් මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  26. @ indika dissanayake
    ස්තූතියි මේ පැත්තට ආවට. ඔබත් මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  27. මේකනම් හොද පොස්ට් එකක් අයියා මොකද මේ යන විදිහට බඩු බනිස් උනොත් එහෙම කාට කියන්නද නේ ..

    ජයවෙවා!!!!!

    ReplyDelete
  28. @ ඉලංදාරියා
    ස්තූතියි මල්ලටත් ප්‍රතිචාරයට. අපි මහන්සියෙන් ලියන ඒවා කොහොමත් අපිට වටිනවනේ. අද උපන්දිනේ නේද.
    සුභ උපන්දිනයක් කියලත් මෙතනම කියන්නම්,,!!!

    ReplyDelete
  29. @ All
    මම මේ පොස්ට් එක දැම්මේ දෙතුන් දෙනෙකුට හරි වැදගත් වෙයි කියලයි. ඒත් කමෙන්ට් වලින් හා හිට්ස් වලින් පේන්නේ බොහොදෙනෙක්ට මෙයින් ප්‍රයෝජනයක් වෙන්න ඇති බවයි. ආගිය සැමට ස්තූතියි. අළුත් පොස්ට් එකක් සමග හෙට උදේ හමුවෙමු.

    ReplyDelete
  30. බොහොම ස්තූතියි මල්ලී, මම වගේ අලුත් අයට මේ දේ ඉතාම වැදගත්. අපි තවම බොලොග් වල 'අ' යන්න කියවන නිසා මොනව හරි උනාම ඒක ආපසු යථාතත්වයට ගන්න අමාරුයි. ඔබට ජයම පතනවා. ම් ඩීන් මල්ලී මට මෙය එවා තිබුනා. එයාටත් තුති පුදනවා.

    ReplyDelete