Tuesday, March 22, 2011

Feedjit ඇතුවත් බැරි නැතුවත් බැරි විජට් එකක්....

Live Traffic Feed යන්න අන්තර් ජාලය හා යෙදෙන අතර බ්ලොග් කරණයේදී බහුලවම මෙය යොදාගන්නේ අපේ බ්ලොග් එකට එන ආගන්තුකයන් හඳුනා ගැනීමටයි. මෙවැනි විජට් ගණනාවක් ඇතත් බොහෝදෙනා භාවිතයට ගන්නා Feedjit නමැති වෙබ් සයිට් එකෙන් ලබා දෙන විජට් එකයි. මගේ බ්ලොග් එකෙත් මේ විජට් එක තියනවා කවුරුත් දැකල ඇතිනේ. 
මෙහි Feeds 10ක් පමණ කියවන්න පුළුවන්. වැඩි ප්‍රමාණයක් කියවන්න නම් Real-time view එකට යන්න ඕන. එය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියනවා. පළමු වැන්න අදාල ලින්ක් එක මත මවුස් එකේ වීල් බට්න් එක ක්ලික් කර අළුත් ටැබ් එකකට ගන්න එක. පහල රූපයත් බලන්නකෝ.
මෙහි පහලින් ඇති Real-time view යන්න මත වීල් බට්න් එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. නැතිනම් අදාල වෙබ් ලිපිනය ටයිප් කරන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස මගේ බ්ලොග් එක http://priyantha.blogspot.com නම්, මගේ Feedjit ලිපිනය වන්නේ http://live.feedjit.com/live/priyantha.blogspot.com/0/ යන්නයි. මෙහි රතු පැහැ අකුරු වෙනුවට ඔබේ බ්ලොග් අඩවියේ නම සඳහන් කිරීමෙන් ඔබේ බ්ලොග් අඩවිය සඳහා Feeds ලැබෙන ආකාරය බලන්න පුළුවන්. පහත රූපයත් බලන්නකෝ..
මෙයින් Feeds 50 ක් බලාගන්න පුළුවන්. රූපය මත ක්ලික් කර විශාල කර ගෙන බලන්න බොහෝ විස්තර පේනවා නේද? පැමීනීමක්ද, පිටතට යාමක්ද? පැමිණි රට, භාවිතා කරන බ්‍රව්සරය, Operating System එක, පැමිණියේ කුමන අඩවියක් හරහාද?, විස්තරයක්, පැමිණි හෝ පිටවූ වේලාව ආදිය මෙහි දර්ශනය වනවා. (මෙහි ඇත්තේ snipper tool එකෙන් වෙන්කරගත් screenshot එකක්. සම්පූරණ පිටුව නොවේ)
මේ අනුව ඔබට ඔබේ බ්ලොග් එකට පැමිණෙන අය ගැන අදහසක් ගන්න පුළුවන් නිසා මෙය වැදගත් විජට් එකක් ලෙස භාවිතා කරන්න පුළුවන්. දැන් බලමු ඇයි මේක ඇතුවත් බැරි එකක් කියල මම කීවේ.
ඔබ ගිය ආකාරයටම වෙනත් කෙනෙකුට උනත් මෙය භාවිතයෙන් ඔබේ බ්ලොග් එකේ Feed බලන්න පුළුවන්. එහෙම බැලුවා කියා කරන්න පුළුවන් දේ සීමිතයි. නමුත් මම මෙහිදී කියන්න ගියේ ඔබ කිසියම් පොස්ට් එකක් ලියන විට එය Preview කරනවනේ. එසේ Preview කරන Feed එකත් මෙහි සටහන් වෙනවා. පහත රූපය බලන්න. මම එසේ ටෙස්ට් පොස්ට් එකක් කර ලබාගත් screenshot එකක් පේනවා නේද.
මෙහි මැදින් ඇති “මගේ මතක: Preview "Test Post" යන්න එසේ preview කළ Test Post එකක feed එකයි. එහි preview කළ පෝස්ට් එකට අදාළ ලින්ක් එක තිබෙනවා. එම ලින්ක් එකෙන් ඕනෑම අයෙකුට එම preview එක බලන්න පුළුවන්. එම නිසා විශේෂ පෝස්ට් එකක් කරනවනම් එය වෙනත් අය අතට කලින් පත්වෙන්න පුළුවන්. ඒ වගේම සමහර විට කෙනෙක් මුල් අයිති කරුට කලින් තම අඩවියේ පළ කරන්න පුළුවන්නේ. නමුත් වාසනාවකට පැය කීපයකට පසු එම ලින්ක් එක වලංගු නැති වෙනවා.
දැන් බලමු මෙසේ ලින්ක් එක Feeds වලට එක් නොවන ලෙස preview කරන්නේ කෙසේද කියා. ඒ සඳහා පෝස්ට් එඩිටර් පේජ් එක හා බ්ලොග් එක බ්‍රව්සරයේ ටැබ් දෙකක ඕපන් කරන්න. preview කිරීමට විනාඩියකට පෙර බ්ලොග් එකේ හෝම් පේජ් එක හෝ පරණ පොස්ට් එකක් ලෝඩ් කරන්න. නැතිනම් පවතින පිටුව රිෆ්‍රෙශ් කරන්න. වෙනම ටැබ් එකක Feeds පේජ් එක තබාගෙන බලන්න. රූපයේ ආකාරයටම තත්පර කීපයක කාලයක් සමග Feeds Update වෙයි.

එම අවස්ථාවේ preview කරන්න. බලන්න Feeds එන්නේ නෑ නේද? මෙම Feedjit අපට බ්ලොග් එකට වැදගත් නම් පොස්ට් එකක් කලින් කෙනෙකුට බලන්න බැරි වෙන්න මේ ක්‍රමය අනුගමනය කිරීම හොඳයි කියලයි මට හිතෙන්නේ.
එහෙමනම් තවත් පෝස්ට් එකක් සමග හමුවෙමු. ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

13 comments:

  1. මේක නම් කියලා දුන්නු එක හොඳයි අපිව බය නොකර.

    මේ කොටස නම් තේරුනේම නෑ. ඒ සඳහා පෝස්ට් එඩිටර් පේජ් එක හා බ්ලොග් එක බ්‍රව්සරයේ ටැබ් දෙකක ඕපන් කරන්න. preview කිරීමට විනාඩියකට පෙර බ්ලොග් එකේ හෝම් පේජ් එක හෝ පරණ පොස්ට් එකක් ලෝඩ් කරන්න. නැතිනම් පවතින පිටුව රිෆ්‍රෙශ් කරන්න. වෙනම ටැබ් එකක Feeds පේජ් එක තබාගෙන බලන්න. රූපයේ ආකාරයටම තත්පර කීපයක කාලයක් සමග Feeds Update වෙයි.

    කරලම බලන්න වෙයි.

    ටියුෂන් ඕන වෙයිද දන්නෙත් නෑ. :D

    ReplyDelete
  2. මාත් දාගත්තා.....!!

    ReplyDelete
  3. @ ප්‍රවීනා
    එතරම් අමාරු දෙයක් නම් නොවේ. අපොයි බය කරන්න නම් හිතුවේම නෑ. බය වෙන්නත් එපා. එහෙම නම් ටියුෂන් දෙන්නම්.

    ReplyDelete
  4. බර, සාර ලිපි ගොන්නෙට තවත් එකක් නේද? මම වගේ අයට තමා මේක වැඩියම හොඳ...

    ReplyDelete
  5. උඹේ දැනුවත් කිරීම්නං ඉස්තරම්..
    ඒත් දැනටමත් මං මේ කෑලි බෑලි එල්ලලා වැඩියි වගේ..ඒ හින්දා පුළුවන් තරං කෑලි අඩු කරලා බ්ලොග් එක කරගෙන යාමේ මගේ බලාපොරොත්තුවට හානි කරලා බැහැ...
    නැත්තං මං ඉස්සර මං වගේම අඩු පහසුකම් සහිත පැකේජ් එකකින් නෙට් එන දුප්පතුන්ට බ්ලොග් එක ලෝඩ් වෙන්න තියෙන වෙලාවයි..තව මෙගාබයිට් කිහිපයකටයි කෙලවෙනවා..

    මං දන්නවනේ ඉස්සර මං මොන තරං දුකක් වින්ඳද කියලා බ්ලොග් බලන්න..හනේ හපච්චියෝ..ඒ දුක තව එකෙකුට දෙන්නේ මොන හිතකින්ද..?

    ReplyDelete
  6. /*මෙහි මැදින් ඇති “මගේ මතක: Preview "Test Post" යන්න එසේ preview කළ Test Post එකක feed එකයි. එහි preview කළ පෝස්ට් එකට අදාළ ලින්ක් එක තිබෙනවා. එම ලින්ක් එකෙන් ඕනෑම අයෙකුට එම preview එක බලන්න පුළුවන්. එම නිසා විශේෂ පෝස්ට් එකක් කරනවනම් එය වෙනත් අය අතට කලින් පත්වෙන්න පුළුවන්.
    */

    මං හිතන්නේ මේක වෙන්නේ ඔබ පාවිච්චි කරනවා නම් විතරයි.

    අනික මේ විජට් එකේ ඔප්ෂන් එකක් තියෙනවා තමන්ව ට්‍රැක් නොකර ඉන්න සෙට් කරන්න.

    ආපසු හොයා බලන්න.

    ReplyDelete
  7. මමත් Feedjit බ්ලොග් ලියන කාලෙ ඉඳල භාවිතා කරනව.. අර Preview සීන් එක නම් මටත් වෙලා තියනව.. මෙහෙක කරන්න කල්පනා උනේ නැහැනෙව.. ස්තූතී ලිපියට.. ගොඩක් අයට වැදගත් වේවි.

    ReplyDelete
  8. Edited:

    මං හිතන්නේ මේක වෙන්නේ ඔබ blogger in draft පාවිච්චි කරනවා නම් විතරයි.

    අනික මේ විජට් එකේ ඔප්ෂන් එකක් තියෙනවා තමන්ව ට්‍රැක් නොකර ඉන්න සෙට් කරන්න.

    ආපසු හොයා බලන්න.

    ReplyDelete
  9. @ සෝරෝ
    දැන් ඉතින් පාවිච්චි කරලම බලන්න මල්ලි...

    ReplyDelete
  10. @ හරී - පිණිපළස
    මේවා හොඳයි නම් තමා. ඒත් හරි දැන් මොකද කාලෙකින් පොස්ට්එකක් කලේ නැත්තේ.

    ReplyDelete
  11. @ මාරයාගේ හෝරාව
    ස්තූතියි ප්‍රතිචාරයට. මේක වැදගත් වෙන්නේ කමෙන්ට් හිට්ස් එන්නේ කොහෙන්ද කියල දල අදහසක් ගන්න. අනික කෙනෙක් කරදරයක් වෙනවනම් ඒ කෙනා ගැන අදහසක් ගන්න මෙයින් පුළුවන්.

    ReplyDelete
  12. @ Kathandara
    අපි වැඩක් කරන්න ගියාම ඇතැම් කොටස් අපට මගහැරෙනවා. ඔබ සඳහන් කළ තමන් ට්‍රැක් නොවන Menu function එකත් මට එසේ මගහැරුන එකක්. මම සාමාන්‍යෙයන් එකවර PC 2ක පමණ වැඩ කරනවා. එහෙම වෙලාවක මේ මෙනු එකෙන් දෙකම මගහරිනවාද බලන්න ඕන. මේ අවස්ථාවේ නම් එකයි තියෙන්නේ. ඒකෙ නම් හරියට වැඩ කරනවා.
    දෙවනුව සඳහන් කළ පරිදි blogger in draft භාවිතා කරනවනම් තමා මේ ගැටළුව එන්නේ. ඔබේ උපදෙස් වලට ගොඩක්ම ස්තූතියි කතන්දර.

    ReplyDelete
  13. @ Yohan Kanishka | යොහාන් කණිෂ්ක
    ඔන්න ඒකට විසඳුමක් තියනවා මල්ලි. තව කතන්දර කියපු එකත් මම ආයෙම විස්තර කලා. Feedjit Menu එකෙන් පුළුවන් අපිට ට්‍රැක් නොවී ඉන්න. කරලම බලන්න.

    ReplyDelete