දන්නෙම නැතිව 2010 අවුරුද්දත් අවසානයට ආවා. මේ අවුරුද්ද මට ලොකු වෙනසක් ඇති කරපු වසරක් උනා. ඒ මම බ්ලොග් කරණයට ආවේ මේ අවුරුද්දේ නිසා. මේ නිසාම මට අළුතින් හොඳ මිතුරු පිරිසක් ඇතිවුනා. මට සිතුන බොහෝදේ, පරණ මතක, සිතේ ඇතිවූ සතුට දුක මේ බ්ලොග් පිටුවේ ලියා පලකරා. ඒවාට බොහෝ දෙනෙක් කමෙන්ට් කරා. විවිධ අදහස් දුන්නා. කෙසේහෝ මම අන්තිමට කරමින් සිටියේ අපේ වැඩ අපිම කරගනිමු යන ලිපි මාලාවයි. මේ වසර අවසන් කිරීම ඒ ලිප පෙල සමගම කරන්න ඕන කියා සිතුනා. ඒ කියන්නේ මේක තමා මම 2010ට ලියන අන්තිම පොස්ට් එක. ඒ වගේම අපේවැඩ අපිම කර ගනිමු ලිපි පෙළ මෙයින් අවසන් කරනවා. නමුත් ඉඳහිට මේ කැටගරි එක යටතේ පොස්ට් එකක් වැටෙන්න පුළුවන්.
එහෙනම් දැන් අද කියන්න යන්නේ තවත් වැඩක් ගැන නම් නොවෙයි. කලින් දැමූ ලිපි දෙස ආපසු හැරී බැලීමක්.
මම මුලින්ම හැඳින්වීමේදී කීවා වගේම මේ පොස්ට් වලින් මම බලාපොරොත්තු වන්නේ නිවසේ ඇති සුළු වැඩ කිසිවෙකුගේ සහයක් නොමැතිව කරගන්න පෙළඹවීමක්. ඒ වගේම කමෙන්ට් වලින් මම දැක්ක දෙයක් තමා තවත් බොහෝ දෙනෙක් මේවාට උනන්දුවක් දක්වනවා මෙන්ම ඒ සඳහා යම් හැකියාවක් ඇති අයත් ඉන්න බව.
අප පසුගිය දින වල කතා කළ දේවල් නැවත් සිහි කරන විට මුලින්ම කළේ සීලිමක් ගසා ගැනීමේ මෙහෙයුමයි. කට්ටිය ඒක කොතරම් උනන්දුවෙන් කියවා ඇතිදැයි තේරුනේ SBU සුහද හමුවට ගිය දවසේ සීලින් ගහන්න ආපු අය දැක්කම. ඇත්තෙන්ම මම ඒ පොස්ට් එකෙන් කියන්න හැදුවේ හැමෝම තම නිවසේ සීලිම ගසා ගත යුතු බවක් නම් නොවේ. ඒත් එහෙම කරන්න අවබෝධයක් හා උනන්දුවක් ඇති අයෙක්ට එය කරන්න අපහසු කරැණක් නොවන බවයි.
දෙවනුව අපි නිවසේ විදුලිය හා සම්බන්ධ සුළු අළුත් වැඩියාවන් ගැන කතා කළා. එය කරගන්න පුළුවන් සෑම දෙනෙකුටම වැදගත් වෙයි කියල මම හිතනවා. ඒ නිවසේ හදිසියේ සිදුවන විදුලි පද්ධතියේ දෝෂයක් නිසා මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕන බවක් නොදන්නා සුළු පිරිසක් අපේ රටේ ඉන්න නිසා. අනික දැවී ගිය විදුලි බල්බයක් මාරු කරන්න වගේ සුළු වැඩක් සිට ස්විච් එකක්, ප්ලග් එකක් මාරු කරන්න උනත් විදුලි කාර්මිකයෙකු සොයමින් ගත කරන කාලය අපට ඒ දෙය කරන්න පුළුවන් නම් ඉතිරි කර ගන්න පුළුවන් නිසා. ඒවන් දෙයක් කර ගන්න ගතවෙන්නේ විනාඩි 10 ක් 20ක් වැනි සුළු කාලයක්. නමුත් කාර්මිකයෙකු සොයන්න ඊට වඩා වැඩි කාලයක් යොදවන්න වෙන අවස්ථා බහුලයි.
ඉන්පසු මම කෑම උයාගෙන කන්න සිදුවූ අවස්ථාවක එය කරගත් ආකාරය සටහනක තැබුවා. එය කියවා කී දෙනෙක් දැන් කෑම උයනවාද කියන්න නම් දන්නේ නෑ.
අවසාන සටහන තැබුවේ මෝටර් සයිකලය සඳහා සිදුකළ නඩත්තු හා සේවා කටයුත්තක් පිළබඳව. මෙයත් තරමක සංකීර්ණ කටයුත්තක්. ඒ අප මේ ක්ෂේත්රයේ නිරත නොවන්නන් නිසා සියල්ල නිසි පරිදි කරන්න බොහෝ විස්තර හොයන්න වෙනවා. ඒ වගේම මම මෙයින් කියන්න ගියේ සෑම දෙනාම තම වාහනය සේවා කරගන්න කියල නම් නොවේ. නමුත් එදිනෙදා සිදු කරන තෙල් පරීක්ෂාවන්, බැටරියේ වතුර මට්ටම පරීක්ෂාව (අළුතින් එන සීල් බැටරි සඳහා අවශ්‍ය නොවේ), ටයර් වල හුලං ප්‍රමාණවත්ද යන බව, ඒවාට හැනි සිදුවී ඇතිද යන්න (කැපීම්, පිපිරීමට ආසන්න තත්වයන්, ගෙවී ඇති ආකාරය ආදී), දිරා යාමට ලක් වන්න ඇති ඉඩ (සීරීම් නිසා තීනිත ආවරණය ඉවත්වී ඇති තැන්) සොයා බලන්න අපට බැරි කමක් නෑ.
මේ ආකාරයෙන් මම අපටම කර ගත හැකි බොහෝ දේ අතරින් කීපයක් පමණයි සඳහන් කළේ. නමුත් එකිනෙකාට අනුව මේවා වෙනස් වෙන්න පුළුවන්. ඒ විවිධ අයගේ හැකියාවන් විවිධ ක්ෂේත්රයන් ඔස්සේ පැතිරී ඇති නිසා. ඒ අනුව ඔබට තනිවම කළ හැකි කාර්යය වෙයට වෙනස් එකක් වෙන්න පුළුවන්. ඔබත් ඒ ගැන සිතා බලන්න. ඔබේ හැකියාව ඔබ පළමුව අවබොධ කර ගන්න. ඔබේ එදිනෙදා වැඩ වලින් යම් බාහිර අයෙකු ලවා ඉටු කරගන්නා කාර්යයන් අතරින් එකක් දෙකක් හො ඔබම කරගන්න බලන්න. එය වැඩක් කරනවා, හරි අමාරුයි යන ආකල්පයෙන් නොව සැහැල්ලුවෙන් සලකා විනෝදයෙන් කරන්න. අවසානයේ එම කාර්යය අවසන් කළ පසු සිතට සැනසුමක් දැනේවී. ඒ වගේම සිතේ පීඩාවකින් ඉන්නා අවස්ථාවකත් නිවසේ මල් වැවීම, එළවලු කොටුවක් සැදීම වැනි දෙයක් කරන්න පුළුවන්.
මම අම්මා සමග එක්ව නිවසේ මල් වවනවා, අමු මිරිස්, කොච්චි මිරිස්, තක්කාලි, කහ, අමුඉඟුරු, රම්ප, කරපිංචා , පලා වර්ග කීපයක් ඇතුළු භෝග ගණනාවක් අප ගෙවත්තේ වගා කර තිබෙනවා. මේවා අයත් වන්නෙත් අපේ වැඩ අප කරගැනීමටයි. එයින් අපට විශ්වාසයෙන් ආහාරයට ගන්න එළවලු ලැබෙනවා.
මේ වගේ ඔබම සිතා බලා වැඩකට නැතිව ගෙවනා කාලයෙන් කිසියම් ප්‍රයෝජනයක් ගන්න බලන්න.
එහෙනම් ගිහින් එන්නම්. ලබන නව වසරේ අළුත් පොස්ට් එකක් සමග හමුවෙමු..
සැම දෙනාටම සුභ දවසක්...!!!!
2010 දි හොඳ පෝස්ට් ටිකක් බලා ගත්තා. එන අවුරුද්දෙත් ඔයාගේ රසබර කතා ටිකක් අහගන්න ලැබෙයි කියලා හිතෙනවා. අර හොඳ මිතුරන්ගේ ගොඩට මාවත් වැටෙනවා ඇති නේද?
ReplyDeleteජය සතුට පිරි සුභ නවවසරක්ම වේවා !!!! මංගල සීනුද හැඬවේවා !!!
ReplyDeleteඇත්ත මලේ උඹේ ලිපි ටික සෑහෙන්න ප්‍රයෝජනවත්.
ReplyDeleteඑහෙනම් ලබන අවුරුද්දේ හමුවෙමු.
පොඩිකුමාරිහාමි මොනා කියනවද මන්දා
ප්‍රියන්ත මළයගේ ලැයිස්තුවේ ඔයා නැතිව කොහොමද . .
සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා...!
ReplyDeleteඇත්තම තමා මළේ උඹ කියන්නෙ, මේසෙංල, වඩ්ඩො ඉල්ලන ගනං ඇහුවම මේ රස්සාවල් මොනවද ඒකක් ඉගෙන ගත්තනම් ගොඩ නෙවද හිතෙන වාර අනන්තයි අප්පරමාණයි,
ReplyDeleteහරි, සුබ නව වසරක්, අම්මටත් එක්කම,
රවී සුභ පතල තියෙන්නෙ මටනෙ,ප්‍රියන්ත අයියට නෙවේ :)
ReplyDeleteහරි, හරි, හරි, .....හරී නඟේ, බොටත් එක්ක තමයි, ඉතිං, කාට කාටත් සුබ පැතුවට මක්ක වෙනවයි?
ReplyDeleteඅන්න ඒකනේ,රවීටත් එසේම වේවා !!! ( අයියද,මල්ලිද මන්දා )
ReplyDelete@ Podi Kumarihami
ReplyDeleteඑහෙම නොදා කොහොමද?
ඊටත් වඩා සුවිශේෂ කෙනෙක් කියල කියන්නම්කෝ.....
@ හරී - පිණිපළස
ReplyDeleteස්තූතියි හරී සුභ පැතුමට. බැරිවෙලාවත් එහෙම උනොත් බ්ලොග් එකෙන් සීනු සද්දේ ඇහෙයිනේ....
@ දුකා
ReplyDeleteස්තූතියි දුකා අයියේ. ඔව් ලබන අවුරුද්දේ හමුවෙමු. අයියට ලබන වසර සුභ නව වසරක් වේව පතනවා...
@ Praසන්ன
ReplyDeleteඔබටත් සුභ නව වසරක් ප්‍රසන්න...!!
ස්තූතියි ඇවිත් ගියාට...
@ Ravi
ReplyDeleteඒකත් ඉවසන්න පුළුවන් රවි අයියේ. ඇවිත් ටිකක් කරනවා. දාල යනවා. ආයේ සතියකින් දෙකකින් එනවා. දවසක් දෙකක් කරනවා. ගෙනා සිමෙන්ති ගල් වෙනකල් බාස් නෑ. වෙන කෙනෙක්ට දෙන්නත් බෑ. ඕවනේ ඉවසන්නම බැරි.
අයියටත් සුභ නව වසරක් වේවා..!!
@ හරී,
ReplyDeleteනඟේ කියාල කටපුරා කිව්වටත් පස්සෙ ආයෙ වරහං ඇතුලෙ විචිකිච්චාවක් මොකටදෑ හැබෑටම?
නියමයි අයියේ ලිපි ටික....දිගටම ලියමු...තනියම වැඩක් කරගන්න හදන අපිටත් ගොඩක් වැදගත්....
ReplyDeleteඅහ් මේ.....
සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!
හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!
සෑහෙන්න වැදගත් ලිපි පෙලක් තාම කියවලා ඉවර නැහැ .....
ReplyDeletewadagath lipiyak
ReplyDelete