තාක්ෂණ ලිපි ලියන එක දැන් මාස තුනක් විතර ඉඳන් එක දිගටම කෙරෙනවානේ. දැන් ඉතින් ලයින් එක ටික කාලෙකට මාරු කරන්න හිතුවා. ඒ කියන්නේ තාක්ෂණ ලිපි ලියන එක නවත්වනවා නොවේ. තාලයක් හිතේ තිබුන අදහසක් තමා මේ කරන්න යන්නේ. තව දෙයක් තමා මගේ මතකය ලියවෙන්නේ තාක්ෂණික ලිපි සඳහාම නොවේනේ. වෙනත් මතක ලියන්නත් ඕනනේ.
එහෙනම් මේකයි අද පටන් ගන්න යන කතාවල ආරම්භය. හැබැයි මේවා තාක්ෂණ කතා තරම් ගොඩක් නෑ. කතා ටිකයි තියෙන්නේ.
අපේ ගෙදර අපි පුංචි කාලේ ඉඳන් බිත්ති පේන්ට් කරන එක කළේ අප්පච්චි. හැබැයි අපිටත් බුරුසුව අතට අරන් බිත්තියේ තීන්ත ගාන්න පුළුවන් වෙනකොට ටික ටික ඒවා කරන්න දුන්නා. අපිත් ඒවා හරිම ආසාවෙන් කළේ. වැඩේ ඇනුවේ නැතුවා නොවේ. එත් වරදින තැන් වලදී අප්පච්චි කියලා දෙනවා. අන්තිමට අපිත් ඒ වැඩේ හොඳට කරන්න පුරුදු උනා. මුල් කාලේ අම්මගේ නම් මේව කරනවට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ඇයි ඉතින් අපි ඇඳුම් වල තීන්ත ගාගත්තාම, ඇඟේ තීන්ත ගෑවෙන ඒවා පිරිසිදු කරන්න වෙන්නේ ඇයටනේ. එත් ටිකින් ටික අපිත් මෙවාට හවුල් වෙන එක අම්මාටත් හොඳක් කියල තේරුනා. දැන්නම් ඉතින් ගෙදර පේන්ට් කරන්නේ, පොලිෂ් කරන්නේ ඔක්කොම අපිම තමා.
ඒ විතරක් නොවේ. මගේ සොයුරිය පවා මේ වැඩ වලට හවුල් වෙනවා. ඔය විධියටම තමා මමත් කුස්සියට වැදිල අම්මට උයන්න අදව් කරන්න පටන් ගත්තේ. එයින් මටත් උයන්න ටිකක් පුළුවන් කම ලැබුනා. ගෙදර කිසිවෙකු නැති වෙලාවක තේ එකක් සදා ගන්න පමණක් නොව කෑම සදා ගන්නත් මමයි මල්ලියි ඉගෙන ගත්තේ ගෙදරින්. ඇයි හදිස්සියකට කමිසයක බොත්තමක් ගැලවුනොත් නැවත් මසා ගන්න. ඔය වගේ කොපමන දෙවල් එදිනේදා ගෙදරදී කර ගන්න වෙනවද?
කාලයත් එක්ක තවත් බොහො දේ අපි තනිවම කරගන්න ඉගෙන ගත්තා. ඒ ගැන වැඩි විස්තර කියවන්න. කරන තැන්වලට වෙලා බලන් ඉන්න, ඒ තුලින් එදිනෙදා නිවසේ කරන බොහෝ දේ ඉගෙන ගත්තා. මේනිසා මම වාහන අළුත් වැඩියා කරන තැන්වල සිට ඒවා කරන ආකාරය බලාගෙන ඉඳල තියනවා. යාළුවෙකුගේ, ඥාතියෙකුගේ වාහනයක අළුත් වැඩියාවක් වෙනව නම් කොහොම හරි ඒක බලන්න යනවා. ඒ විතරක් නොවේ වඩු වැඩ, මේසන් වැඩ කරන අවස්ථා පවා බලන් ඉන්නවා. සමහර අය කියලත් දෙනවා. මේ ආකාරයට ලබාගත් දේවල් මතක වලින් මම සමහර ඒවා ටික ටික අත්හදා බලන්න ගිහින් තියනවා. නාගත්ත අවස්ථා නෑ කියන්නත් බෑ.
අප රටේ බොහො දෙනෙක්ට ගෙදර බිත්ති පේන්ට් කරන එක, වතු පිටි සුද්ධ පවිත්ර කරන එක, වාහනයක් ටයරයක් මාරු කිරීම වගේ දෙයක් විත්රක් නොවේ හදිස්සියකට බිත්තියකට ඇණයක් ගහන්නත් බාස් කෙනෙක් ඕන තත්වයක් තියනවානේ. නමුත් දියුණු යැයි අප විසින් පිළිගන්නා රටවල විදේශිකයින් පවා තම නිවසේ බොහෝ කාර්යයන් කරගන්නවා මම වීඩියො වලින් දැක තිබෙනවා. එම රටවල යන අයගෙන් අසා තිබෙනවා.
ඉතින් එහෙනම් ඇයි අපි මෙසේ අපේ ගෙදර අපට පුළුවන් දෙයක් කර ගන්න ලැජ්ජ වෙන්නේ. අනික කාගෙවත් වැඩ කරනවා නෙවේනේ.
එහෙනම් දැන් තේරුනානේ මම ලියන්න යන්නේ මොන වගේ දේවල්ද කියල. ඉදිරියේදී ලිපි පෙලකින් ඒවා එකින් එක ලියන්නම්. සමහර අයනම් මේවා ලියනවාට කැමති වෙයිද කියන්නත් බෑ. මොකද මගෙන් පරිගනක තාක්ෂණය ගැන පමණක් ඉල්ලන පිරිසක් ඉන්නවා. පරණ තාක්ෂණ ලිපි වල ගැටළු ඇතිනම් ඒවායේ කොමෙන්ටු දාන්නත් පුළුවන්. ඒවාට දිගටම උත්තර දෙනවා.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!
ප/ලි
මෙසේ ලියන මාතෘකාව වෙනස් කිරීමට අදහස හා දිරිය දුන් කුෂාන් මිතුරාටත් පොඩිකුමාරිහාමි මිතුරියටත් මගේ ස්තූතිය පිරි නමන්නත් මෙතනම ඉඩක් ගන්නවා....
මාතෘකාව වෙනස් කළ එක හොදයි. මොකද පරිගණක ගැන ලියන්න ගොඩ දෙනෙක් හිටියත් ඔය වගේ දෙයක් ගැන ලියන්න වැඩි දෙනෙක් නැහැ.
ReplyDeleteමාත් ඔය වගේ බලාඉදල ගොඩක් දෙවල් ඉගෙනගෙන කරල තියෙනවා.
දිගටම ලියන්න.
මේක හොද කතාවක්.. අත්තටම අපි අපේ වැඩ කරගන්න ඕන.. පරිඝනකෙට පුරුදු අය ඒකට ඇබ්බැහි වෙලා ඉන්න එක තමයි මම හිතන්නෙ මේක නැති වෙන්න ප්රධානම දේ... අපිත් එහෙමදෝ කියලත් වෙලාවකට හිතෙනවා නේද මචන්...
ReplyDeleteඅපිත් කැමතියි ප්රියන්ත සහෝ මේ වගේ ලිපි ලියනවට.පරිගණක ගැන ලියන්න තව කට්ටිය ඉන්නවා නොවැ!
ReplyDeleteඅයියේ මේක තමයි විය යුතු දේ....ගොඩාක් හොද වැඩක්...
ReplyDeleteඅලුතින් දෙයක් හිතන්න බැරි සමාජයක් බිහිවෙලා වැඩක් නෑ කොච්චර බුද්ධිමත් වුනත්....විය යුත්තේ බුද්ධිමත් අලුත් දෙයක් හිතන්න පුළුහන් සමාජයක් ඇති කිරිමයි....
මගේන් උණුසුම් සුභ පැතුම් අලුත් වැඩේට සහෝ....
ප්රියන්ත,
ReplyDeleteස්වයංවරය හන්දා ඔලුව උස්සන්න බැරි තරමට වැඩ ගොඩයි. ඒකයි මේ පැත්තේ එන්න පරක්කු උනේ. මේක නම් හොඳම, හොඳ අදහසක් ප්රියන්ත. අපේ වැඩ ටික අපිටම කරගන්න. හැබැයි ඉතින් මගේ වැඩක් තිබුනොත් මම කරන්නේ ඔයාට කෝල් එකක් දීලා ඔයාව ගෙන්නන එක.
නියමයි තමන්ගෙ වැඩ කරගන්න අපිට පුලුවන් වෙන්න ඔනි.
ReplyDeleteකන්න ටිකක් උයා ගන්න එක තේ එකක් හදා ගන්න එක වත්තෙ පිටියෙ වැඩ ගෙදර දොරේ පොඩි පොඩි අළුත් වැඩියා වාහනෙ පොඩි පොඩි අළුත් වැඩියා ඔව කරන්න අමාරු වැඩ නෙවෙයි
කොහෙද අපෙ උන්දෑල හිතන්නෙ ඒක මදිකමක් කියල නෙ. වෙන එකක් තියා අපෙ මෙ ස්ත්රී පාර්ශවයෙ උන්දැලත් දැන් හරි උජාරුවෙන් නෙ කියන්නෙ තමන්ට උයන්න බෑ කියලා. හොඳ ලිපි පෙලක් බලාපොරොත්තු වෙනවා ප්රියන්ත.
සා.... හොඳ ළමයෙක්නේ ඔයා... කිලුටු රෙදි ගැන බයවෙන්න එපා කියන්න අම්මට. ඒවා ගැන සර්ෆ් එක්සෙල් බලා ගනියි :)
ReplyDeleteකාලින මාතෘකාවක්..
ReplyDeleteවිවිදත්වයකින් ලිපිලියන 1ක හොදයි...
මටත් බැරිවැඩක් නැ...
පුලුවන් වැඩකුත් නැ..
බැරිවෙනකොට උපදෙස් ගන්නව..
බරිනම් පුලුවන් කෙනෙක්ව හොයාගන්නව...
ගොඩක් අය කියල දෙනව....
මගෙ පියට අපෙ දෙ අපිම කරමු කියන 1ක හොදට පිහිටල තියනව...
ඉතින් පුතා ගැන අහන්න ඔන නැනෙ....
පුරුදුවෙන කලෙනම් මගෙ රෙකොඩ් 1ක කැසට් රෙඩියො 8යි...
මම හදන්න කලින් එව හොදට තිබුන...
සුභ දවසක්...!!!
තාක්ෂණික දේවල්නම් ඉතින් ගූ දෙයියොන්ගෙන් අහපුගමන් කියයි. ජීවිතය ගැන ලියන අය අඩුයිනේ. මට උයන්න බැරි එක නම් මම ලොකු අඩුවක් විදිහට දකිනවා. ඉක්මනටම ඉගෙනගන්න ඕන ඒක
ReplyDeleteමේකත් එක්කම තවත් දෙයක් මිනිස්සු බෙදාගෙන ඉන්නවා මේවා ගෑණු වැඩ මේවා පිරිමි වැඩ කියලා. උදාහරණයක් විදිහට ගේ අතුගාන එක, ඇඳුමක් හෝද ගන්න එක ගෑණු වැඩ පැත්තට දාලා තියෙන්නේ
ReplyDeleteඒ බේදය හැකිතාක් අඩු කරන්න ඕනේ. එකිනෙකාට පුලුවන් විදිහට අපි උදව් කරන්න ඕනේ. පංගු පේරුවක් නැතිව................
අන්න හරි මෙහෙම තමයි ඉන්න ඕනෙ,,, ප්රියන්ත් අයියත් හොඳ ළමයෙක් වෙන්න පටන් අරන්,:D
ReplyDelete@ Praසන්ன
ReplyDeleteඒකමත් නෙවේ ප්රසන්න. මතකයට එන වෙනත් දේවල් වලටත් මේකේ ඉඩක් වෙන් කරන්න හිතුවා. අනික මම ලියන්නේ තාක්ෂණික දේ උනත් අනෙක් බ්ලොග් වලට වෙනස් වැඩි දෙනෙකුට මාතෘකා නොවන දේ.
ඔව් එහෙම බලන් ඉඳල ගොඩක් දේ ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඔබ කළාට සමහර අය මේවා කරන්න හිතන්නෙවත් නෑ. ස්තූතියි.
@ අභීත
ReplyDeleteඇත්තටම ඔව් අභීත. අපට වෙලා තිබෙන වැරැද්දත් දැන් දවසම පරිගනකයට කොටුවී සිටීම. ඒකෙන් මිදෙන්න පුළුවන් අපටම තමා. ඉතින් මොනවා හො වෙනත් වැඩත යෙදීම හොඳ වෙනසක්.
ස්තූතියි අභීත....
@ blog gadol
ReplyDeleteමීකතුරක් හදන හැටි ලියන්නත් හිතුවා. පූසන්ට අවාසියි කියල හිතල නොලියා ඉන්න හිතුවා.
ස්තූතියි යාළුවනේ අදහස් රැගෙන උදෙන්ම ආවාට....
@ ෴ හසියා ෴
ReplyDeleteහසි මල්ලි ඒක තමා අපට වෙලා තියෙන්නේ. අපේ බොහෝ දෙනෙක්ට තමන්ගේ දෙයක් කර ගන්න අමාරුයි දැන්. ඒකට සහයකයෙක් ඕන. ඇතිතටම මට මේ අදහස එන්න මල්ලිගේ ලිපි වලිනුත් මේ අදහසට දිරියක් ආවා.
ස්තූතියි හසිතටත්...
@ ප්රවීනා
ReplyDeleteමදැයි කරගත්ත දෙයක්. මම මේ දන්න වැඩ ඔක්කොම දාල පොස්ට් එකක් දානවා. එත් ඔයාගේ වැඩ කරල දෙන්න එන්නලු. අපෝයි....
දැන් ස්වයංවරයේ වැඩ එහෙම කොහොමද? අපටත් එදාට එන්න පුළුවන් වෙයිනේ. අයදුම් පත එදාට අතේ ගෙනාවට කමක් නැද්ද?
සුභ දවසක්...ස්තූතියි ප්රතිචාරයට..
@ නිශ්
ReplyDeleteඒවගේ හේතූන් නිසා තමා මම වැඩියෙන්ම මේ ලිපි පෙළ ලියන්න හිතුවේ. සමහර විට කිසිවෙක් මේවා අපට කරන්න පුළුවන්ද? මේවාට පුහුණු අයෙක් ඔන් නේද කියන වැඩ පවා මම කරල තියනවා. ඉවුම් පිහුම් උනත් අද කාන්තාවට සීමා කරන්න බෑ නේද. දෙදෙනාම රැකියා කරනවානම් සවස එකම වෙලාවට ගෙදර එනවනම් බිරිඳ උයනතෙක් සැමියා රූපවාහිනිය නරඹන එක කරනවාට වඩා දෙදෙනාම එක්ව උයන් පුළුවන් වගේ අදහසක්..උයන එක ගැන නම් ලියන්නේ නෑ.
ස්තූතියි....
@ කුෂාන්
ReplyDeleteදැන් ඒ වැඩ වලට වෙනම ඇඳුම් තියනවා. (මජං කිට් එකක්)
ඒ කාලේ සර්ෆ් එක්සෙල් තිබුනද මන්දා???
ආයි චාරිකාවක් ළඟදි කියවන්න ලැබෙයිද?
ස්තූතියි..
@ ඉංදික
ReplyDeleteමොනවත්ම කියන්න දෙයක් නෑ. අපේ ගෙදරත් කඩපු තරමක් ඉලෙත්ට්රොනික් බඩු කඩන්න ඇත්තේ මම තමා..
ස්තූතියි ඉංදික....
@ කාංචන දිනූක
ReplyDeleteඒක නම් හොඳ අදහසක් කාංචන. හදිස්සියකට කන්න යන්තමට කෑම ටිකක් හදාගන්න පුළුවන් උනත් ඇතිනේ. අනික දැන් තියන මෙවලම් එක්ක උයන එකත් ඒතරම් දෙයක් නෙවේනේ. එකම දේ තියෙන්නේ ලුනු, ඇඹුල් ආදිය යොදනවිට අඩුවෙන් දාන්න. රස බලා මදිනම් තව එකතු කරන්න. ට්රයි කරල බලන්නකෝ..
ස්තූතියි...
@ Hasitha
ReplyDeleteමං හිතන්නේ එක වැරදියි. ඇයි එක්කෙනෙකුට උයන එක සීමා වෙන්නේ. අපි එකතු වෙලා ගෙදර වැඩ කරන්න ඔන නේද?
ස්තූතියි හසිත...
@ හරී - පිණිපළස
ReplyDeleteහරි මම කවදත් හොඳයි.....
ස්තූතියි. ඇයි සති 4කින් විතර පොස්ට් එකක් නැත්තේ?
මාත් ඒක තමා කියන්න උත්සහ කරන්නේ එකිනෙකා අතර සහයෝගයෙන් වැඩ කටයුතු බෙදා හදා ගෙන කරන්න ඕනේ කාලේ ඇවිත් තියෙන්නේ...............
ReplyDeleteමේ වගේ වෙනස් ලිපියක් ලීව එකනම් හොඳයි. කම්පියුටර් ගැනනම් මට මෙලෝ දෙයක් තේරෙන්නැහැ. ඒවට කොමෙන්ට් කරන්නත් මොකද්ද වගේනෙ නොදන්න දේවල් ගැන:-D
ReplyDeleteතමන්ගෙ වැඩ තමන්ම කරගන්නෙකනම් අන්තිම හොඳ වැඩක්. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ... ගෑණු ළමයිනම් හැමෝම වගේ තමන්ගෙ වැඩ තමන්ම කරගන්නවයි කියල මටනම් හිතෙන්නෙ. ඒත් මේ ගොඩක් කොල්ලො වස කම්මැළියො :-D
@ Hasitha
ReplyDeleteඔව් ඒක තේරුම් ගන්න පුළුවන් හසිත වගේ පිරිසක් ඉන්න එකත් සතුටක්.
@ මගේ ජීවිතය
ReplyDeleteඇත්තටම මම ඒ පොස්ට් ටික කලේ මම හිතන විධියට උපරිම සරල කරල. ඒත් සමහර අයට නොතේරෙන්න පුළුවන්. ඒක මේ යොදාගන්න තාක්ෂණික වචන නිසා. නමුත් ඒ ඕන එකක් කමෙන්ට් එකකින් අහන්න. තව විස්තර කරන්නම්.
මගේ ජීවිතය කියල තියන දේ හරියටම හරි. ගොඩක් කොල්ලෝ වැඩ කරන්න කම්මැලියි තමා. ඒත් ඕන වැඩක් කරන්න පුළුවන් කොල්ලොත් ඉන්නවා.
ස්තූතියි ප්රතිචාරයට..
ඔයාගේ බ්ලගර් එක ලස්සනයි. මම පළමු වතාවටයි. මේකට ආවේ. ඉදිරියේ දී මමත් ඔබගේ මෙම සයිට් එකට කමෙන්ට් දාන්නම්.
ReplyDeleteපහත ඇති මගේ සයිට් එකටත් ඇවිත් බලන්න මගේ වැඩ හොදද කියලා
http://lakshanpainting.blogspot.com
පෝස්ට් එක දාල නම් ගොඩක් කල්. ඒත් තවම කියවන්න අය එන එක ගැන සතුටුයි. ප්රතිචාරයට ස්තූතියි..
ReplyDelete