Saturday, December 4, 2010

හද පතුලෙන් ලියා පල කරමි

ආදරණීය බ්ලොග් මිතුරනි.......
මගේ බ්ලොග් සම්ප්‍රාප්තිය වූයේ මේ වසරේ මැයි මාසයේ බව මතකය කියවන ඔබ සැම දන්නවා. මට මේ අදහස ඇතිවූයේ කතන්දරගේ බ්ලොග් අඩවියෙන් බව නොදන්නා අය ඇත්නම් ඔවුන්ගේ දැනගැනීම සඳහා මෙසේ නැවත සිහි කරමි. 
කවුරු දැන සිටියත් නැතත් මගේ දවස ඇරඹෙන්නේ උදේම කතන්දර අඩවියෙන් බව නොකියාම බෑ. මා මෙන්ම තවත් විශාල පිරිසත් දිනපතා උදේම ඒ පැත්තට යන්නේ කතන්දරයක් අසා සිත් උද්දාමයෙන් යුතුව දවස අරඹන්න. ඒහෙත් පෙරදා උදෑසන එහි ගිය මා නෙත ගැටුනේ ඉතා සංවේගී ආරංචියක්. අපේ කතන්දරගේ පියා මෙලොව හැර ගොස් ඇත. ඔහු පසුගිය කාලයේ රෝගාතුරව සිටි බව දන්නා කරුණක්. එහෙත් මෙසේ ඔහු යනු ඇතැයි අප නොසිතුවෙමු. 
නමුත් දැන් එය සිදුවී අවසන්. කතන්දර තම පියාට දැඩිව ආදරයෙන් සලකන අයෙක්. ඔහු තම පියා ගැන ලියා ඇති පොස්ට් ගණනාවකින් එය පැහැදිලි වෙනවා. එවන් අයෙකුට මෙම දුක්බර අවස්ථාවේ වුවත් සැනසෙන්න පුළුවන්. ඒ තම යුතුකම් තම දෙමාපියන් වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකර ඇති බැවින්. 
ඇත්තෙන්ම අප කවුරුත් අද මේ තත්වයෙන් ඉන්නේ දෙමාපියන්ගේ උපරිම කැප කිරීම් නිසානේ. ඉතින් අපි ඔවුන්ට ණයක් ඇති. එය ගෙවන්න ඔවුන් පැතූ ලොකය අප ගොඩ නගන්න වෙනවානේ. ඒ අතින් කතන්දර විශිෂ්ඨ මෙහෙයක් කර ඇත්තෙක්. ඒ අනුව එම තාත්තා මොන ආකාරයේ අයෙක්ද යන්න හිතාගන්න අපහසු නොවනු ඇත. ලොවටම වැඩදායි දරුවන් පිරිසක් ලොවට දායාද කළ ඒ ආදරණිය පියා අද නිසලයි. එහෙත් ඔහු පැතූ සිතුම් සපඵල වී ඇති බව මට දැනෙනවා.
ඉතින් මගේ බ්ලොග් ආගමනයේ ගුරුතුමා ලෙස මම ගෞරවයෙන් පිළගන්නා කතන්දරගේ පියාට උපහාරයක් ලෙස මේ සටහන මෙසේ තබමි.
මගේ මතකයේ මිතුරු කැල සමග එක්ව ඒ ආදරණිය පියාණන්ට නිවන් සුව පතමු!
ප/ලි
එම දේහය දැන් පිළයන්දල මකුළුදූවේ අංක 3/14 දරණ නිවසේ තැම්පත් කර ඇති බව දන්වා ඇති අතර අවසන් කටයුතු දෙසැම්බර් 06 වන සඳුදා සිදුකිරීමට නියමිතය.

සමාවන්න. සඳුදාට පළකිරීමට බලාපොරොත්තුවෙන් සිටි ලිපිය ඔහුට දක්වන් ගෞරවයක් වශයෙන් එදිනට පළ නොකරන බව දන්වා සිටිමි.

5 comments:

  1. ඔහුට නිවන් සුවම අත්වේවා...!!!

    ReplyDelete
  2. ඉතින් පියාණනි ඔබට නිවන් සුව!!

    ReplyDelete
  3. ඔබ හරි සොයුර..
    කතන්දර ආදර්ශමත් පුත් රුවනක් විදියට මා දකිනව..
    අප සහොදර කටන්දරගෙ පිය තුමා වෙනුවෙන් කරන්න පුලුවන් දෙ
    එතුමාට නිවන්සුව පැතිම..
    මෙම අවස්තාවෙ කතන්දරත් එක්ක ලගට වි සිටිමට නොහැකි විම ගැන කනහා‍ටු වෙමි..

    අප කරන කුසල කර්ම වල පින් එතුමාටත් අනුමොදන් වෙවා...!!

    ReplyDelete
  4. ප්‍රියන්ත,

    කතන්දරගේ පියාට නිවන් සුව ලැබේවා කියලා මමත් ප්‍රාර්තනා කරනවා. මම එන්න කලින් කතන්දරගේ අම්මට ෆෝන් එකෙන් කතා කලා. අම්මා මගෙන් ඇහුවා මම 'සමන්තිකා'ද කියලා. කතන්දර ගෙදර ආවාම කියමු නේද?
    අද අපි මහන්සි අරිනවා. හෙට තමා තාපසයෙක්ව හොයන්න පටන්ගන්නේ. හම්බ උනාම කියලා එවන්නම්කෝ.

    ReplyDelete
  5. සියලු දෙනාටම ස්තූතියි ඇවිත් ගියාට. ඇත්තටම මට ඕන කලේ කතන්දරගේ පියා වෙනුවෙන් යම් ඉඩක් වෙන් කරන්න. ඔබත් ඒ සඳහා එක්වීම ගැන ස්තූතිය පල කරමි.
    @ ප්‍රවීනා.
    වෙහෙසකර ගමනකින් පසු ඔබේ අඩවියේ පිළිතුරු ලියන්නත් නොගිය ඔබ මගේ මතකයට ගොඩ වැදුන එකට ගොඩක් ස්තූතියි.

    ReplyDelete