Wednesday, December 1, 2010

අළුත් සගයෙක් සමග ඉදිරියට......

හැමදාම ඉතින් පොස්ට් එක පටන් ගන්නේ පින්තූරයක් දාලනේ. ඒත් අද එහෙම නෑ. 
එහෙනම් මේ අළුතින් පටන් ගන්නවා කියපු පෝස්ට් වල ආරම්භය වෙන්න ඇති.?
අනේ නෑ. ඒ පොස්ට් තාම ලියනවා...
එහෙනම් මේ මොකක්ද කරන්නේ?
ඉන්නකෝ ටිකක් කියනකල්..
අනේ ඉතින් මම අනාදිමත් කාලයක් මේ කොම්පියුටර් එක්ක හැප්පෙන කෙනා වෙච්චි. එත් මට අවුරුදු 5ක් විතර මගේ කියල කොම්පියුටරයක් තිබුනේ නෑ. පස්සේ ලැබුනා පරණ P1 166MHz එකක්. ඒක ටික කාලයක් තිබුනා. පසුව මම P4 2.4GHz එකක් assemble කරගත්තා. කාලෙකට පස්සේ ඒක අප්ග්‍රේඩ් කළා Pentium D 3.4GHz එකකට. ඒ කාලේ ඉඳන්ම ආසාවෙන් හිටියේ Notebook එකකට තමා. ඒත් ඉතින් ජොබ් එකක් කරන නිසා කාගෙන්වත් උදව් ඉල්ලන්නත් බෑ. තියන එ‍ක නිතර අප්ග්‍රේඩ් කරන නිසා සෑහෙන මුදලක් ඒකටත් වරින් වර වියදම්නේ. කොහොම හරි අන්තිමේ හිතුවා ගන්නවාම කියා. ඒ තමා මේක......
බලන්නකෝ.... 
මේක Dell Vostro 3500 එකක්. දැන් ඉතින් වැඩ ලේසියි. බාගයක් ඔෆිස් එකේ, පෙන් එකේ දාගෙන ගිහින් ඉතිරිය ගෙදරදී කරන එක ආයේ කරන්න ඕන නෑ. ඩෙල් බොහෝවිට එතරම් සිත්ඇදගන්නා නිමාවක් නැතත් මේක නම් ලස්සනයි. මෙයා නංගියෙක්ද, මල්ලියෙක්ද මන්දා. යාළුවෙක් නම් කීවේ නංගියෙක්ගේ නමක් දාන්න කියලා. ඉතින් ඒක මෙයාට දුන්නා. මෙයාල මම දෙසක්රියේ (කුෂාන්ගේ වචනයක්) යන බව දැනගෙනමද කොහේද ලේසියෙන් ගෙනියන්න බෑග් එකකුත් දුන්නා. 
බලන්නකෝ ඒකෙත් ලස්සන.....
දැන් ඉතින් මෙයාව කරේ තියන් ඇවිදින එක තමා තියෙන්නේ. නංගි කෙනෙක් නිසා පරෙස්සම් කරන්නත් වෙනවනේ.........
ස්පීඩ් එක අතින් ඉහලයි. හැමදාම අළුත් කොම්පියුටර් ගන්න උපදෙස් දෙන මමත් ඔන්න එහෙනම් මටම කියල නොට්බුක් එකක් ගත්තා. මේ මෙයා එක්ක කරන පළවෙනි පොස්ට් එක. ඉදිරියේදි වැඩිපුරම පොස්ට් කරන්නේ මෙයා එක්ක තමා. 
එතකොට හිටපු යාළුවා???
හා හා එයා ගැන බය වෙන්න එපා. සුපුරුදු විධියට එයා මේසේ උඩ වැඩ වාසය කරනවා. අළුත් අය ආවට පරණ හිතවතා අමතක කරන්න හොඳනෑනේ. අනික ෆිල්ම් එකක් එහෙම බලන්න එයා කොච්චර හොඳද?
එහෙනම් විස්තර ඇති. අද පොඩි පම්පොරියක් ගහන්න හිතුනා. තාම මෙයාට ඇප්ලිකේෂන් දාන්නත් තියනවා. Google chrome browser එක විතරයි තාම දැම්මේ. තව අප්ඩේට් වෙනවා. 
ම්ම්.... restart වෙන්න ඕනලු. එහෙනම් එයා කියන දේත් අහන්න වෙනවානේ. තාම පුරුදු වෙනවනේ..
ගිහින් එන්නම්.
සුභ දවසක්!!! 

ප/ලි
නිකමට වගේ ලියපු පොස්ට් එකක්. කාලය නාස්ති කරන් කියවයි කියා මේ කෙටියෙන් දැම්මේ.

29 comments:

  1. අලුත් සගයටත් එක්ක සුබ පැතුම්.....

    ReplyDelete
  2. නංගි හරි ලස්සනයිනේ. පරිස්සමෙන් බලාගන්න. නම මොකක්ද කියලා කියන එකක් නෑනේ ගෑනු ලමයි තරහවෙයි කියලා.

    ReplyDelete
  3. අනේ අම්මේ නංගීට තියෙන සැප . .

    කරේ තියාගේන් යන්නේ ඈ . .

    එල එල

    ReplyDelete
  4. ආව් ,,ආව් සුභ පැතුම් ආ,,,

    නංගිව හොඳින් බලා ගන්න,,,,,,,,,,,

    ReplyDelete
  5. අපෙනුත් උණුසුම් සුභපැතුම් මචෝ...

    ReplyDelete
  6. ලිනක්ස් ඔපරේටිං සිස්ට්ම් එකක් දාගත්තානං නංගීගේ කෙරුවාව හොදටම බලාගත්ත ඇහැකි. නරකද නංගීගේ හිතේ කොටසකට ලිනක්ස් දැම්මොත්....

    ජයවේවා...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හොඳායි හොඳායි... සතුටූයි සතුටූයි...!!!
    @රනා-- හා හා රනා උඹ නංගිව නරක් කරන්ද යන්නේ... හිතේ කොටසක එකයි. අනිකේ තව එකයි... ප්‍රියන්තයෝ... මුං කියනේවා නාහා නංගිව හොඳට හදා ගනිං, මුං වගේ වෙන්න දෙන්න එපා... :)

    ReplyDelete
  9. නංගිව නාවලා කරලා බලා ගන්න..
    :D :D

    තව නංගිට බොන්න මොනවා හරි දීලා බැලුවනම් හරි, පව් නේ. මම ඔෆිස් එකේ ලැප් මල්ලි කෙනෙක්ට දවසක් කොකාකෝලා එකක් පෙව්වා..

    ReplyDelete
  10. හුරුබුහුටි කෙලි පොඩ්ඩක්නෙ අයියා.. එල එල...

    ReplyDelete
  11. එහෙම තමා දියුණු වෙන කොල්ලො...නියමයි..සුභ පැතුම්..ඉස්සෙල්ලම ආවේ ලස්සන දවසකනෙ

    ReplyDelete
  12. හික් ඔන් මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  13. නංගිට *සිරියාවතී* කියලා නම දාමු බන්

    ReplyDelete
  14. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න...

    ReplyDelete
  15. @ Podi Kumarihami
    නමද?
    දන්නෝ දනිනි.

    ReplyDelete
  16. @ දුකා
    එහෙම තමා ආදරේ තියන අයියලා..
    ස්තූතියි දුකෝ මේ පැත්තේ ආවට.

    ReplyDelete
  17. @ හරී - පිණිපළස
    ඔව් ඉතින් පරෙස්සම් කරන්නත් වෙනවනේ.

    ReplyDelete
  18. @ blog gadol
    ස්තූතියි යාළුවනේ...

    ReplyDelete
  19. @ රනා
    ෆොඩෝරා ලයිව් එකෙන් නම් බැලුවා. අවුලක් නෑ. මේකට 7න් දාල PC එකට ලිනක්ස් දාන්න හිතන් ඉන්නේ. මේකේ හාඩ් එක දෙකම දාන්න මදි වගේ..
    ස්තූතියි රනා මල්ලිට...

    ReplyDelete
  20. @ කුෂාන් ඇස්. වන්නිආරච්චි
    ඔව් ඔව් ඒක තමා ලිනක්ස් නිකන් කො‍ල්ලොවගේ ව්න්ඩෝස් කෙල්ලො වගේ කියනවනේ. නේද?
    ස්තූතියි කුෂාන්..

    ReplyDelete
  21. @ Ansh Lucky Sri Jay
    ඒකතමා මේ දවස්වල වහින විධියට ඉක්මනින්ම දවසක නාවන්න පුළුවන් වෙයි වගේ. ඒ ලැප් මල්ලි සුවෙන් ඉන්නවද??
    ස්තූතියි ආන්ශ්.

    ReplyDelete
  22. @ පුතා
    ඒකනේ මල්ලි මටත් ආස හිතුනේ. දාල ගෙදර එන්නම හිතුනේ නෑ.

    ReplyDelete
  23. @ තරු අහස
    ඕනෑකම ගොඩක් කල් ඉඳන් තිබුනා. නැතුවම බැරි තැනට ආව නිසා ගත්තා. මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා...
    ස්තූතියි මේ පැත්තට ගොඩඋනාටත්..

    ReplyDelete
  24. @ වැප්
    තෑන්ක්ස් මචෝ.
    ස්තූතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  25. @ ම
    ඒ නමත් නරක නෑ බන්. ඒත් ආයේ උල්ලැන්නේ හදන්න පත්තරේ ලියන්න වෙයි නේද.

    ReplyDelete
  26. එල එල..
    මගෙත් තියෙන්නෙ දෙල් ගෙඩියක් තමයි..
    දෙල් නම් නියම ගෙඩිය...!!!

    ReplyDelete
  27. අලුත් කෙනා ඉඳිදිද්දී පරණ කෙනා එක්ක ෆිල්ම් බලන්න!! කැතයි හොඳේ.....
    -කාංචන දිනූක

    ReplyDelete
  28. @ ඉංදික
    ඒකනේ මම මෙයාවම තෝරගත්තේ.
    තවම ටෙස්ටින්. කිසිම අවුලක් නම් නෑ..
    ස්තූතියි ඉන්දික.

    ReplyDelete
  29. @ කාංචන දිනූක
    ඒයාව අමතක කරල කොහොමද? කාලයක් ඉඳන් එකට ඉන්න කෙනොනේ..
    මොකෝ අද මේ ඇනො වෙලා...
    ස්තූතියි කාංචන.

    ReplyDelete