Monday, November 22, 2010

Software දැමීමේදී මේගැනත් සිතන්න.....

පසුගිය ලිපි සියල්ලම ලියවුනේ hardware වලට අදාළව නිසා Software ගැනත් ලියන්න හිතුනා. ඒත් මේවා ගැන බ්ලොග් ගණනාවක් ලියවෙන නිසා ඒදේවල්ම නැවත ලියන එකෙන් වැඩක් වෙයිද?. ඕක තමා මට නිතරම ආපු ප්‍රශ්නය. ඒ නිසා Software ගැන මාදුටු බ්ලොග් වල කාතාකරන දේවල්ම ආයේ නොලියා ටිකක් අඩුවෙන් කියවෙන, එත් අපි එතරම් ගණන් නොගන්නා කරුණු ටිකක් කියන්නයි මේ උත්සාහය.
පළමුව අපි පටන්ගමුකො operating system එකෙන්ම. මෙතනදී බොහෝදෙනෙක් අහන ප්‍රශ්නය තමා මොකක්ද හොඳම operating system එක?. ඇත්තටම මොකක්ද?. දැන් බොහෝ දෙනෙකුට හොඳම එක වෙලා ඇත්තේ Ubuntu. සමහරුන්ට Ubuntu වලට වඩා හොඳ එකක් තවත් මෙලොව නෑ. දැන් මෙහෙම එනකොට තමා ගැටළුව ඇතිවෙන්නේ. ඇයි කෙනෙක් කියනවා Ubuntu හොඳයි කියා. තව කෙනෙක්ට Fedora Linux. තව මොනවද තියෙන්නේ. ඇයි Linux Mint, Debian, Knoppix ඔය ලිනක්ස් ගැනනේ. එතකොට බිල් මහත්තයාගේ Windows. ඒකෙත් versions කීයක්ද? මේවායින් මොකක්ද හොඳ. සරලවම කියනවානම් මේ සියල්ලම හොඳයි. එහෙම නැතිනම් මේවා අප අතර පවතින්න විධියක් නෑනේ. එහෙනම් මොකද මේවායින් කිසියම් එකක් හොඳයි කියන්න හේතුව. සරලවම ගත්තොත් අපි මිනිස්සු වශයෙන් ගත් කල අප එකිනෙකාගේ අවශ්‍යතා විවිධයි විශමයිනේ. ඒ අනුව තමා අපට වඩා යෝග්‍ය  operating system එක වෙන් කර ගන්න වෙන්නෙත්. එහෙම බැලුවම දැනට වැඩියෙන්ම භාවිතා වන්නේ Microsoft Windows XP තමා. නමුත් එහි ජනප්‍රිය භාවය දිනෙන් දින අඩු වෙනවා. ඒ වෙනුවට එන්නේ Windows 7. මේ ගැන සම්පූර්ණ විස්තරයක් W3 Schools වල සඳහන් වෙනවා. පේනවනේ අපි බොහෝ දෙනෙක් මහා දෙයක් ලෙස සලකන ලිනක්ස් පවතින්නේ Mac OS එකටත් පසුපසින් බව. දැනට ප්‍රතිශතයක් ලෙස 4.7% පමණ වෙනවා. ඉතින් ඔය Ubuntu ඇත්තේත් ඔය 4.7 ඇතුලේ. ඇත්තටම මමත් ලිනක්ස් එක්ක හැප්පෙන්න ආසයි. මගෙත් එක හාඩ්ඩිස්ක් එකක්ම වෙන් කර ඇත්තේ Fedora ට. මම ලිනක්ස් පළමුව install කළේ 1998 වසරේ. නමුත් මම දැන් භාවිතා කරන්නේ Windows vista හා Windows XP. නමුත් මගේ අත්දැකීමෙන්ම මම කියන්නේ අළුත් පද්ධති වලින් Windows vista වලට වඩා Windows 7 ඉදිරියෙන් ඉන්නේ. ඉතින් මම කිසිම පැකිලීමකින් තොරවම කියන්නම් මේ දෙකෙන් එකක් තොරගන්නවනම් Windows 7 දාන්න. දැන් මගෙන් අහන්න එපා ලිසිට එකක් දීල මේවායෙන් මට වඩා ගැලපෙන OS එක කුමක්ද කියා. මොකද මමත් ඔය හැම එකක්ම දාල බලල නෑනේ. දන්න එකක් නම් කියන්න පුළුවන්. හරි ඒත් කමක් නෑ මෙතනට තවත් දන්න අය එනවනේ. කවුරු හරි කියයි. ඒ නිසා අහන්න. අපි හොයල බලමු.
මීළඟට මම කියන්න යන්නේ මේවායින් අපට ගැලපෙන එක් සොයන්න තවත් සපුරන්න ඕන අවශ්‍යතා. ඒවා තමා පද්ධතියේ මූලික සුදුසුකම් (System requirement). අවම සුදුසුකම (Minimum requirement) ඇති පද්ධතියකට OS එක දාන්න එපා කියලයි මම නම් කියන්නේ. නියමිත සීමාවේ (Recommended requirement) පවතින එකක වුවත් මගේ මතය අනුව ප්‍රමාණවත් වන්නේ අදාළ OS එකට පමණයි. මෙයට තවත් application software, antivirus software ආදිය එක්වන විට ටික දිනකින් වේගය අඩු වෙන්න ගන්නවා. එලෙස දිනෙන් දින අළුතින් එක්වන application software නිසා නොසිතන තරම් පද්ධතිය slow වෙනවා. මේ අවස්ථාවේ බොහෝ දෙනෙක් මේක දැන් හොඳටම slow වෙලා කියා පිළියම් සොයනවා. බොහො දෙනෙකුට ඇති හොඳම පිළියම format කිරීමයි. දන්නවානේ නිතර format කළාම වෙනදේ. මේ නිසා Recommended requirement වඩා වැඩි යෙන් ඔබේ පද්ධතියේ resources ඇතිනම් පමණක් ඔබ තොරාගත් OS එක ස්ථාපනය (install) කරන්න. නැතිනම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. එය කළ නොහැකිනම් ඊට අඩු වෙළුමක් (version) එකක් ස්ථාපනය කරන්න. 
දැන් කියන්න යන්නේ device drivers ගැනයි. ඔබේ පද්ධතියට අවශ්‍ය device drivers අදාළ OS එක සඳහා ඔබ සපයා ගැනීම කළ යුතු වෙනවා. එසේ නොමැති විට පද්ධතිය නිසි අයුරින් ක්‍රියා කරන්නේ නෑ. එනම් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් (maximum performance) ක්‍රියා කරන්නේනෑ. නමුත් ඔබ ස්ථාපනය කරන OS එක නිකුත් කර ඇත්තේ යන්ත්‍රය නිෂ්පාදනය කළාට තරමක් පසුව නම් බොහොවිට device drivers OS එක තුළම පවතිනවා. (මෙසේ නොවන අවස්ථා ඇත). නැතිනම් ඔබට ඒවා අන්තර්ජාලය භාවිතයෙන් සොයාගන්න පුළුවන්. නමුත් OS එක ස්ථාපනයට පෙර මේ සියල්ල සූදානම් කරගැනීම වඩාත්ම නැණවත් ක්‍රමයයි.
මීළඟට සැලකිලිමත් විය යුත්තේ CMOS (BIOS) settings ගැනයි. මෙම settings නිසි අයුරින් වෙනස් කර ගැනීමට යන්ත්‍රයේ user manual හෝ main-board manual එකෙන් උපකාරයක් ගන්න පුළුවන්. නැතිනම් ඉතින් ගූගල් දෙයියන් ඉන්නෙත් ඒකට තමා. අපි කොහොම කිව්වත් ප්‍රවීනයන් පවා මේවා කිරීමේදී ගූගල් දෙවියන්ගේ පිහිට පතනවා.
තවත් වැදගත් දෙයක් තමා පවතින data වල ආරක්‍ෂාව. අළුත්ම යන්ත්‍රයක් නම් මේ ප්‍රශ්ණය මතුවන්නේ නෑ. නමුත් භාවිතාකරන යන්ත්‍රය අප්ඩේට් කිරීමකදී හෝ අළුතින්ම OS එකක් දැමීමේදී  අතපසුවීමකින් අපේ වැදගත් වටිනා දත්ත මැකී යන්න පුළුවන්. සමහරවිට ඒවා වෙනත් partition එකකට කොපි කර ස්ථාපනය කරන අයත් ඉන්නවා. නමුත් කිසියම් අතපසුවීමකින් මුළු හාඩ් ඩිසික් එකේම දත්ත මැකීයන එක සිදුවන අවස්ථා ඉතා බහුලයි. විශේෂයෙන්ම පළපුරුද්ද අඩු අය ලිනක්ස් වැනි පද්ධතියක් සුථාපන්ය කිරීමේදී මේ වැරැද්ද බහුලවම කරනවා. ඒ නිසා හොඳම දේ වන්නේ CD, DVD, Flash drive, External Hard-disk  වැනි device එකකට අවශ්‍ය වැදගත් දත්ත සියල්ල කොපි කර ගැනීමයි.
ඔන්න අදත් මාතෘකාවෙන් පනින්න යන්නේ. මාතෘකාවෙන් විතරක් නොවේ...
මම මගේ යාළුවෙකුගේ පොස්ට් එකක් දැන් දවස් 5ක් විතර කියනවා. තාම ඉවර කරන් බැරි උනා ඒතරම් දිගයි. එත් වැදගත්. ඒනිසා දවසකට ටිකක් කියවනවා. එත් සමහර විට නවත්වන තැන මතක නෑ. ආයෙ කියවනවා. මේක කරදර වැඩක්නේ. ඕකට හොඳම දේ තමා කොටස් කර ලිවීම.
කොහොමද වැඩේ. සද්ද නැතිව ෂේප් උනනානේ.
ලිපිය ඕනවට වඩා දිගනම් වෙන මොනව කරන්නද?
තවත් කොටසත් බදාද උදේ....කීයටද ඕන?
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

17 comments:

  1. මේක මේ සිංහලෙන්ද ලියලා තියෙන්නේ? මට නම් මේ ලෝකේ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ, Windows ඇර. ඒකත් ගෙදර ඕන තරම් පේන්න තියන හන්දා වෙන්න ඇති.

    යාලුවා හොඳම යාලුවෙක් නම් ඕක කීපාරක් කීවාම මොකෝ ඉතින්?

    ReplyDelete
  2. අනේ මට කියන්න අමතක උනා. මේක ප්‍රියන්තගේ ඉහලම,ඉහල වැඩක්!

    ReplyDelete
  3. CMOS setup එක optimize කරගන්න එක තමා කරගන්න බැරි.. ඒකෙ තියන සමහර ඒව කුනුහරුප වගේ.

    OS එක දානකොටත් අපි software එකක් දානකොට වගේ ඕන ඒව මොනවද කියල අහල ඒව විතරක් install වෙනවනම් කොච්චර ෂෝක්ද නේද. වැඩකට ඇති නැති හැම මඟුලක්ම install වෙනවා හාඩ් එකේ ඉඩ පිරෙනවා. :(

    ReplyDelete
  4. අපිටනං ඉතිං XP තමයි.

    ReplyDelete
  5. WINDOWS 7 rules the world

    ReplyDelete
  6. machan machin eka on karana kota delete obala ena vistara gana poddak danuwath karanna puluwanda?

    ReplyDelete
  7. හ්ම්ම්ම් වැදගත් ලිපියක් ඔය open source software ගැන ටිකක ලියපන් ඒවා windows එක්ක සංසන්ධනයක් කරන්න පුලුවන් නම් හොඳයි

    ReplyDelete
  8. @ Podi Kumarihami
    පොඩි කුමාරි උදේම ඇවිත් තියෙන්නේ. සමහර විට මම ලියන වචන තේරෙන්නේනැතිව ඇති. එහෙම නම් කියන්න. මම ඒවා ආයෙ තේරුම් කරන්නම්. යාළුවා කෙසේ වෙතත් පොස්ට් එක හොඳනම් කියවන්න එපැයි නේද?...
    මම තාම ඒක කියවනවා. අනේ මන්දා කවදා කියවලා ඉවර වෙයිද කියල.
    පොඩි කුමාරිට ස්තූතියි උදේම මාව බලන්න ආවට.

    ReplyDelete
  9. @ කාංචන දිනූක
    අළුත් කොම්පියුටර් වල නම් CMOS setup එකේ එතරම් වෙනසක් කරන්න ඕන නෑ. ඒත් සමහර option හිතාගන්න බෑ නේද?. Branded නම් කිසි දෙයක් කරන්න නෑනේ.
    ඇයි කාංචන OS එක customize කරල install කරල බැලුවේ නැද්ද?
    ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  10. @ Praසන්ன
    ඔව් ප්‍රසන්න XP තාම හොඳට වැඩ කරනවා. මගෙත් ගෙදර කොම්පියුටර් එකේ XP තමා. ඒකට ඊට අළුත් එකක් දාන්න බෑ.
    ස්තූතියි ප්‍රතිචාරයටත්.

    ReplyDelete
  11. ප්‍රියන්ත,

    ප්‍රයිවට් ටියුෂනුත් දෙනවද?

    ReplyDelete
  12. @ Podi Kumarihami
    පොඩිකුමාරි මම තාම ඒකනම් කරල නෑ. ඉගෙනගත්දේ, දන්න දේ පුළුවන් විධියට උනන්දුව ඇති කෙනෙකුට කියල දෙනවා. ප්‍රතිලාභයක් බලාගෙන නම් නෙවේ. දැනටත් යම් ප්‍රමාණයක් මේ ක්‍ෂේත්‍රයට ගේන්න දායක වෙලා තියනවා. ඒනිසා යම් සතුටක් ලබනවා.

    ReplyDelete
  13. මගේ මැසිම මමම ඇසෙම්බ්ල් කරපු එකක්. boot order එක වගේ සුළු ඒව කිහිපයක් ඇරුනම අනිත්වා මොනවත් cmos එකේ වෙනස් කරලා නෑ.
    os එක කොහොමද customize කරල install කරන්නේ?? add or remove windows component කියන තැන තියන ටික විතරයි නේද customize කරන්න පුළුවන්. :(

    ReplyDelete
  14. නියමයි....
    අපි බදාද වෙනකම් ඉන්නම්කො Inatsall නොකර...
    Click Next on බදාද...
    විහිලුවක්...

    සුබදවසක්.....!!!

    ReplyDelete
  15. @ කාංචන දිනූක
    cmos එකෙන් boot order එක os install කළාට පසුව හාඩ් ඩිස්ක් එකෙන් බූට් වෙන්න හදන්න. තව use කරන්නේ නැති on board devices disable කරන්න.
    add or remove windows component ගැන තමා කීවේ. කලින් windows 95/98 වල portable විධියට දාන්න පුළුවන් කම තිබුනා. එත් XP, Vista, 7 වල මට ඒ ගැන බලන්න ලැබුනේ නෑ. මම ඒකත් වෙලාවක බලන්නම්. ඔය add or remove එකෙන් අනවශ්‍ය දේ නොදැම්මම ස්පීඩ් එක් ටිකක් විතර වැඩි වෙනවා. ඔය සියල්ල එක් උනාම තමා සැලකිය යුතු වේගයක් එන්නේ.

    ReplyDelete
  16. @ ඉංදික
    එහෙනම් බදාදා වෙනකල් ඉන්න continue කරන්න.....
    ස්තූතියි ආවට. මම මේකෙන් install කරන්න කියල දෙන්න ගියේ නෑ. මට ඕන උනේ සාමාන්‍යයෙන් වැඩිය කතා නොකරන වැදගත් තොරතුරු ටිකක් දෙන්න.

    ReplyDelete