Wednesday, November 24, 2010

Software දැමීමේදී මේගැනත් සිතන්න.....2


කලින් පොස්ට් එක කවුරුත් කියවලා එන්න ඇති කියල හිතනවා. එහෙම නැත්නම් පළමුවෙන්ම ඒක කියවලාම එන්නකෝ
අපි කලින් පොස්ට් එකෙන් කතා කරමින් හිටියේ Operating System (OS) එක ස්ථාපනය කරන විට සිතන්න වැදගත් කරුණු ටිකක්නේ. මේ එහි ඉතිරිය. සාමාන්‍යයෙන් අපේ පරිගනකයට පුළුවන් තරම් වැඩි ඉඩක් සහිත හාඩ් ඩිස්ක් එකක් දාගන්න තමා කව්රුත් බලන්නේ. එයට හේතුව අප බොහෝ දෙනෙක් අතට අහුවෙන සෑම software එකක්ම එහි ස්ථාපනය කරන නිසා. නැතිනම් අවම වශයෙන් කොපියක් වත් තබා ගන්න අය තමා බහුලව සිටින්නේ. ඊට අමතරව තව සිංදු, චිත්‍රපට, වීඩියෝ, ගේම්ස් කොපමණක් ඔය හාඩ්ඩිස්ක් එකට කොපි කරන් ඉන්නවද? කොතරම් වැඩි ඉඩක් සහිත හාඩ්ඩිස්ක් එකක් තිබුනත් එය පිරී යන්න වැඩි කාලයක් ගත නොවන්නේ අපේ බොහෝදෙනා ලඟ ඇති සියල්ල එකතු කරන ස්වභාවය නිසාම වෙන්න ඕන. ඒ කෙසේ වෙතත් පරිගනකයක ඇති ෆයිල් සහ ෆෝල්ඩර් ප්‍රමාණය වැඩි වෙන විට එහි වේගය අඩු වෙනවා. ඒ නිසා කිසියම් පිළිවෙලකට සකස් කර ගැනීමෙන් එහි වෙගය වැඩි කරගන්න පුළුවන්. මෙහිදී බොහෝ දෙනා කරන්නේ හාඩ් ඩිස්ක් එක කොටස් වලට (partition) වෙන් කරගැනීමයි. මේවායින් පළමු කොටස (බොහො විට drive C) වල Microsoft Windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරන්නේ. මෙයටම application software රැසක් දැමීමට ඇති නිසා බොහො දෙනෙක් එයට වැඩි ඉඩ ප්‍රමාණයක් වෙන් කරනවා. නමුත් මෙහි ඉඩ ප්‍රමාණය වැඩිවී අඩංගු ෆයිල් ප්‍රමාණය වැඩිවන විට නැවත පද්ධතිය slow වෙනවා. ඒ නිසා C partition එක සඳහා ප්‍රමාණවත් ඉඩක් වෙන් කර  application software වෙනම partition එකක ස්ථාපනය කිරීමෙන් වැඩි වෙගයක් ගන්න පුළුවන්. ඒ system එක install කැ ඇති සක්‍රිය partition එක (active partition ) තුල ඇති ෆයිල් ප්‍රමාණය වේගය හා සෘජුවම සම්බන්ධ නිසා.  ඊට අමතරව තවත් partition එකක්, දෙකක් පමණ (D, E partition වශයෙන්) දත්ත ගබඩා කිරීමට යොදා ගන්න පුළුවන්. 
Linux Operating System එක සඳහා  මීට වෙනස් ආකාරයක් අනුගමනය කරන්නේ. මෙහි අනිවාර්ය partition 3ක් තිබිය යුතුයි. ඒවා නම් boot, root( / ), swap වශයෙන්. අමතරව home, var, usr, tmp වගේ  partition වෙනම හදන්නත් පුළුවන්. නැතිනම් ඒවා / (root)  එකේම සෑදෙනවා. Linux වල boot සඳහා MB -MB පමණ ඉඩ ප්‍රමාණයක් ප්‍රමාණවත්. මෙය primary partition එකක් වීම අනිවාර්යයි. swap සඳහා පෙර භාවිතා කළේ memory (RAM) එක මෙන් දෙගුණයක්. නමුත් දැන් අළුත් පරිගනක වල RAM එක 2GB පමණ ඇති නිසා ඒම ප්‍රමාණයම ගන්න පුළුවන්. / (root) සඳහා අවශ්‍ය උපරිම ප්‍රමාණය ගන්න පුළුවන්. දැන් OS Installation එක ගැන කියා ඇති ප්‍රමාණය ප්‍රමාණවත් කියා හිතනවා. 
මීළඟට මම කියන්න හිතුවේ application software ගැන පොඩි කතාවක්. මේවාට නම් recommended system requirements ප්‍රමාණවත් වෙනවා. වැඩියෙන් තිබේනම් හොඳයි විශේෂයෙන් graphic, 3D animation වැනි software සඳහා. නමුත් recommended system requirements යටතේ බොහෝ applications හොඳින් ක්‍රියා කරනවා. Application software දැමී‍මේදී තමන්ට අවශ්‍ය ඒවා පමණක් ස්ථාපනය කිරීමට සැලකිලිමත් වන්න. අනවශ්‍ය ඒවා මගින් හාඩ්ඩිස්ක් එක පුරවන්න එපා. මේ ගැන කලිනුත් පෝස්ට් එකක කියා ඇති. සමහර අය පරිගනකය ගන්නකොට ඒ දිනවල පවතින ජනප්‍රිය applications සියල්ල අළුත්ම වර්ශන් වලින් දා ගන්නවා. නමුත් ඒවායින් බොහොමයක් කිසි දිනක භාවිතා කරන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය ඒවා පමණක් දාගෙන අනෙක්වා අවශ්‍ය වූ විට ස්ථාපනය කිරීම තමා සුදුසුම.
තවද අතට හසුවන සෑම software එකක්ම පරීක්‍ෂාකරන්න පරිගනකය භාවිතා කරන්න එපා. එය අනවශ්‍යනම් එසේ කිරීම තේරුමක් නැති ක්‍රියාවත්. 
මෙය hardware හා සම්බන්ධ වූ දෙයක් වුවත් මෙතනම ලියන්න වෙනවා. එනම් ඔබේ පරිගනකයට අළුතින් කිසියම් component එකක් (hardware device එකක්) මිළදී ගන්න, සවිකරන් අවශ්‍යනම් එය ඔබේ OS එක හා ගැලපෙනවාදැයි බලන්න. එසේ නොමැති නම් ප්‍රශ්ණ ගණනාවක් ඇතිවෙනවානේ.
එහෙනම් මේ කතාව දැන් ඇති වගේ. මේ නිසා තවත් කතා කීපයකටම කරුණු එකතු වෙනවා. ඒවාති ඉදිරියේදී ලියන්නම්.
අදට නවතිනවා එහෙනම්..
ගිහින් එන්නම්.
සුභ දවසක්!!!

12 comments:

  1. ප්‍රියන්ත,

    අනේ මේ ඔයා ඇවිල්ලා කරන්න තියන වැඩ ටික කරලා දීලා ගියා නම් ලේසියි වගේ. නැත්නම් ඉතින් ටියුෂන් ගන්නම වෙනවා. දෙකෙන් කෝකද හොඳ?

    හැබැයි පෝස්ට් එක නම් ඉස්තරම්!

    ReplyDelete
  2. හ්ම්ම්ම් බොහොම වැදගත් උප්දෙස් ටිකක් ස්තූතියි බන්..............

    ReplyDelete
  3. කාලෙකින් මේ පැත්තට ආවෙ, මඟ හැරුන පෝස්ට් 4ක් විතර තිබිලානේ. ඇත්තටම සෑහෙන්න වටින ලිපි පෙළක්..

    ReplyDelete
  4. @ ප්‍රවීනා
    ඉක්මනටම ටියුෂන් පටන් ගන්නම්කෝ.
    ලොඩක් ස්තූතියි උදේම මගේ මතකයට ගොඩවැදිල කමෙන්ට් එකකුත් දාලම ගියාට. උදේම හොඳ කෙනෙක් එන එක හොඳයිලුනේ.....

    ReplyDelete
  5. @ නිශ්
    ස්තූතියි නිශ් මගේ මතකයට ඇවිත් ගියාට..

    ReplyDelete
  6. @ Ansh Lucky Sri Jay
    කියවලාම බලන්නකෝ ආන්ශ්.
    ස්තූතියි මේ පැත්තේ ඇවිත් ගියාටත්.....

    ReplyDelete
  7. @ ලාංකීය බ්ලොග් කියවනය
    එළ එළ මේ පැත්තේ ආවටත්....

    ReplyDelete
  8. මචන් ලෑප් සර්විස් කරන විදිය ගෑනත් ලියපන්කො

    ReplyDelete
  9. එල පොස්ට් 1ක...
    ඉතිරි කරුනුත් ඉක්මනට දාන්න..

    සුබ දවසක්...!!!

    ReplyDelete
  10. @ NUWAN"s lane
    මචන් එකනම් එකින් එකට වෙනස් කාලෙන් කාලෙටත් වෙනස් වෙන දේවල් තියනවා. ඒත් ඉදිරියෙදී ඒගැන සරලව විස්තරයක් දාන්නම්. නමුත් තව සති කීපයක් යනකල් ටෙක්නිකල් ලයින් එකේ පොස්ට් ලියන එක කරන්නේ නෑ. වෙනත් පොස්ට් ටිකක් ඩ්‍රාෆ්ට් කරනවා. පසුව නැවත මේවාට එනනම්.
    ස්තූතියි...

    ReplyDelete
  11. @ ඉංදික
    මේ ලිපිය මෙතනින් ඉවරයි. අළුත් ලිපි ඉදිරියේදී දානවා.
    ස්තූතියි ඉන්දික.....

    ReplyDelete