Friday, November 19, 2010

ඩෙස්ක්ටොප් පරිගනක භාවිතයේදී...


අන්තිම ලිපියෙන් කීවේ නෝට්බුක් කොම්පියුටර් භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකක්නේ. ඒකට අපේ කාංචන, ඉන්දික එහෙමත් කරුණු එකතු කළා. ඒ කාටත් මගේ ස්තූතිය මෙයින්ම පුදනවා. දෙයක් කියන්න ගියාමනේ අපිත් නොදන්න අළුත් දේවල් එකතු වෙන්නේ. ඔන්න අනිත්මට මටත් තවත් දැනුම එකතු උනා. අද කියන්න යන්නේ ඩෙස්ක්ටොප් වලට අදාලට කරුණු ටිකක්.
ඩෙස්ක්ටොප් එකක් භාවිතයේදී එන ප්‍රධාන වශයෙන් සැලකිලමත් වෙන්න ඕන දෙයක් තමා විදුලි සැපයුම. නෝට්බුක් වලනම් බැටරිය නිසා එතරම් ප්‍රශ්න නෑනේ. එත් මේවාට නම් හොඳ විදුලි සැපයුමක් නැතිව භාවිතය එතරම් හොඳ දෙයක් නොවේ. ඒකට හොඳමදේ හොඳ UPS (Un-interpretable Power Supply) එකක් යොදා ගැනීමයි. එය බොහොදෙනා කරනවා නමුත් භාවිතා කරන සැපයුම් වයරය ආදියනම් නිසිලෙස සම්බන්ධවෙනවාද යන්න සොයා බලනවා අඩුයි. මෙය නිසි ආකාරයෙන් සවිවී නැතිනම් ලුහුවත් වීම් නිසා නිතර විදුලි සැපයුමේ ගැස්සීම් ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා නිසිලෙස ඒවා සවි කරන්න. මීට අමතරව බල සැපයුම (Power Supply) එකට ඇති ප්‍රධාන හානිය වන්නේ සතුන්ගෙන්. හූනන්, කැරපොත්තන් වැනි සතුන් මෙයට යෑමනිසා සිදුවන short වීමෙන්, එනිසා මියයන සතුන් පරිපථ මත රැඳී සිදුවන ලුහුවත්වීම්, එම සතුන්ගේ අපද්‍රව්‍ය නිසා වන හානි නිසා බල සැපයුමට හානි සිදුවේ.
පොදුවේ ගත් කල දියර වර්ග නිසා ඩෙස්ක්ටොප් පරිගනක වලටක් නෝට්බුක් වලට වගේම හානි වෙනවා. එත් උඩින් වැටෙන දියර නෝට්බුක් වලට සාපේක්‍ෂව මේවා තුලට ගමන්කරනවා අඩුයි. නමුත් කීබොඩ් එකට හා මොනිටරයට පහසුවෙන් දියර ඇතුල් වෙන්න පුළුවන්. සමහර අවස්ථාවල වහලයෙන් වැසි ජලය කාන්දුවී කීබොඩ් එකට වැටීම නිසා එය ක්‍රියාවිරහිත වූ අවස්ථා තිබෙනවා. කීපයක කීබොඩ් කොන්ට්‍රෝලර් එක පවා අක්‍රියවී තිබුනා. එය බොහොවිට සිදුවන්නේ භාවිතා නොකරන අවස්තාවේ වැටෙන දියර නිසා. භාවිතා කරන විට ඒවා ඇතුලේ ඇතත් නොපෙනී ක්‍රියාත්මක කිරීමෙන් මෙවැනි තත්වයක් ඇතිවෙන්න පුළුවන්. භාවිතා නොකිරීමේදී වසා තැබීමෙන් මෙවැනි අවස්ථා මගහැරගන්න පුළුවන්. සතුන්ගෙන් Power Supply එකට වගේම පරිපථ වලටත් හානි වෙනවා ඉහත ආකාරයෙන්ම.
ඊලඟට කියන්නේ නොසැලකිල්ලෙන් වන හානි ගැනයි. ඇතැමෙක් පරිගනකය භාවිතයේදී ආවරණ නිසිලෙස ඉවත් නොකර භාවිතා කරනවා. එවිට නිසිලෙස සිසිලනය නොවී අනවශ්‍ය ලෙස රත්වීම නිසා සිදුවන හානි. ක්‍රියා කිරීමේදී උපාංග සවිකිරීම හා ගැලවීම (USB හැර)නිසා හානි සිදුවීම. නෝට්බුක් වලදී මෙන්ම අල්පෙනෙත්ති, ස්ටේප්ලර් කටු වැනි සන්නායක ද්‍රව්‍ය ඇතුල්වීමෙන් සිදුවන හානි ආදියත් නොසැලකිල්ලෙන් සිදුවන දේවල්. තවද නිතර කීබෝඩ්, මවුස්, මොනිටරය විසන්ධි කර නැවත සවිකිරීම නිසා එම සම්බන්ධතා දුර්වල වෙනවා. මෙම වර්ග වල පරිගනක නෝට්බුක් තරම් කම්පන වලට ඔරොත්තු දෙන්නේ නෑ. එසේ කම්පන වලට ලක්වීමෙන් හාඩ්ඩිස්ක් එකට හානි වෙන්න අවදානමක් පවතිනවා.
බාල වර්ගයේ හෝ අපවිත්‍ර CD/DVD, DISKETTE ආදිය භාවිතා කිරීමත් දොෂ ඇති කරන්නට හෙතුවක්. මේවායේ ඇති දූවිලි, පුස් ආදිය drive එකේ lens වල තැම්පත් වීමෙන් එවා නිසි ලෙස ක්‍රියා නොකරන තත්වයක් ඇතිවෙනවා. ඇතැම් තත්වයෙන් අඩු CD/DVD drive එක තුල පුපුරා යාමෙන් ඒයට හානි වෙනවා.
මීට අමතරව නිසි දැනුමක් නොමැතිව සිදු කරන්නට යන අළුත්වැඩියාවන්, වෙනස් කිරීම්, CMOS (BIOS) setup වල සිදුකරන වෙනස්කම් ආදිය නිසා ඇතිවන දෝෂ ආදියත් මෙයටම එක්කරන්න පුළුවන්. තවද නිසිලෙස සේවා අළුත්වැඩියාවන් සිදුකර නොගැනීමද නොසැලකිලිමත් බව ලෙස හඳුනවන්න වෙනවානේද?
එහෙනම් අදට ඇති වගේ. ලිපියක් නැතිව යාළුවන් බලන් ඉන්නත් ඇතිනේ. අද මම ලියා ඇත්තේ සාමාන්‍ය කරුණු 
ටිකක්.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!

15 comments:

  1. හොද ලිපියක් අයියේ! දිගටම මේ වගේ ලියන්න

    ReplyDelete
  2. වෙනදාවගේම හොඳ කරුනු ටිකක් කියලා තියෙනවා. ඩෙස්ක්ටොප් පාවිච්චියක් නම් නෑ. ඒත් දැනගන ඉන්න එක හොඳයිනේ. පෝස්ට් එකක් එනකල් බලාගෙන හිටියේ. ඔයිට වඩා ඉක්මන් කරන්න වෙයි ඔයාගේ රසිකාවියෝ සමාවෙන්න රසිකයෝ පෙල ගැහිලා බලාගන ඉන්න හන්දා.

    උදෙන්ම comment එකක් දාන ඕනේ උනත්, මෙන්න blog gadol මට වඩා ඉස්සර වෙලා. මම යාලුවෙකුට ඊමේල් කර, කර හිටපු හන්දා පොඩ්ඩක් පමාඋනා.

    ReplyDelete
  3. පොඩි පොඩි දෙවල් ගොඩක වැදගත්

    ReplyDelete
  4. අය්යේ,

    මගේ ලඟ තියෙන්නේ පරන ඩෙස්ක්ටොප් එකක් හන්දා මට මේක හරිම ප්‍රයෝජනවත්. තැන්ක්යු අය්යා.

    ReplyDelete
  5. බැලුවම මගෙ අතිනුත් ගොඩක් වැරදි වෙනවනේ,ස්තූතියි අයියේ දැනුවත් කිරීමට

    ReplyDelete
  6. @ blog gadol
    ඇවිත් ගියාට මල්ලිලාටත් ස්තූතියි. මේවම ලියන එක තමා ුව්ලකට තියෙන්නේ. ලියන්න දෙයක් මතක් කරන්න බැරි වෙන අවස්ථාවල තමා ඔය වෙනත් දේවල් ලියල යන්නේ.

    ReplyDelete
  7. @ Podi Kumarihami
    එහෙනම් මෙහෙම කියන්න රසික රසිකාවියෝ කියල. සමහර අවස්ථාවල ළඟ ළඟ පොස්ට් දමන අවස්ථා තියනවා. ඒත් පොඩි කුමාරි බොහෝ දෙනෙක් පරණ පොස්ට් කියවනවා අඩුයි. ඒනිසා පොස්ට් එකක් මම දවස් 3ක් වත් තියනවා. හිට්ස් වැටෙන ගණන අඩුඋනාම තමා ඊළඟ එක ්පොස්ට් කරන්නේ. දැනටත් එකක් ඩ්‍රාෆ්ට් කරල තියෙන්නේ. ඊළඟ රකත් කරලෙන යනවා. සතියකට ‍එකක් හො දෙකක් වගේ තමා මම පොස්ට් දාන්නේ.
    විනාඩි 11 ක් පමා උනා කියා මගේ අමනාපයක් නෑ. මාව බලන්න ඇවිත් ගිහින් තියනවානේ. ස්තූතියි ‍කමෙන්ට් වලටත්.

    ReplyDelete
  8. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න ඇවිත් කමෙන්ට් කරලම ගියාට.

    ReplyDelete
  9. @ නිශ්
    ඔව් නිශ් බොහේ අවස්ථාවල අපට අමතක වෙන්නෙත් පොඩ් පොඩි දේවල් තමා. සාමාන්‍ය අය විතරක්නොවේ. ප්‍රවීණයන් පවා මේ වැරදි කරනවා.
    ස්තූතියි ප්‍රතිචාරයටත්.

    ReplyDelete
  10. @ Samanalee
    සමනලී මේපැත්තට පියඹා ආවේ පුළමු වතාවට වගේ මට මතක. ස්තූතියි ප්‍රතිචාරයට. මගේ මතකයටත් සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  11. @ හරී - පිණිපළස
    ඒ නොදැන කරපු වැරදිනේ. දැන් දන්නවනේ. තවත් කරුණු ඉදිරියේදී ලියන්නම්. ස්තූතියි හරී.

    ReplyDelete
  12. අපේ නංගි කෙනෙක්ගේ මැසිමක් ඩොංගාල සද්දයක් එක්ක පුළුටු ගඳක් ඇවිල්ලා. මම psu එක ගලවලා බලද්දී ඇතුලු හූනෙක් රිංගලා Short වෙලා. හොඳ වෙලාවට high voltage තියන පැත්තෙමයි හූනගේ මුළු ඇඟම තිබුනේ. ඒක නිසා අනිත් උපාංග වලට හානියක් වෙලා තිබුනෙ නෑ. නැත්තං ඉතින් sorry.com. psu එකේ fan එක තියන තැන තියන දිග හිල්වලින් හූනෙකුට රිංගන්න පුළුවන්. එතනට අඟල් කාලෙ විතර දැල් කෑල්ලක් ගහගන්න පුළුවන්නම් වටිනවා.

    ReplyDelete
  13. හොදට ලියල තියනව...
    මට උන දෙයක් කියන්නම් කො...
    මගෙ PC 1කෙ tv චර්ඩ් 1ක් ගහල තිබුනෙ...
    tv බලන වෙලාවට හැර අනිත් වෙලාවල් වලට ඇන්ටනාව ගලවන 1ක මම
    පුරුද්දක් විදියට කලා...
    කාලයක් යද්දි ජැක් 1ක බුරුල්වෙනව වගෙ දැනුන...
    මම වයර් 1ක මැදින් ගලවන්න පුලුවන් විදියට හදාගත්ත...

    පරිස්සමට කරන දෙත් සමහරටිට පරහට හිටිනව

    ReplyDelete
  14. ඔය කියපු කාරණා ගොඩකට මම මුණ දීලා තියෙනවා.
    යූපීඑස් එකක් නැතුව මැසිම පාවිච්චි කරද්දි කරන්ට් ෂෝට් එකකින් හාඩ් එකයි බෝඩ් එකයි දෙකම ගියා. ඒ දෙක ගත්තු සල්ලි වලින් මට යූපීඑස් තුන හතරක් ගන්න තිබ්බා.

    පස්සෙ අලුත් මැසිමට අලුත් යුපිඑස් එකක් දා ගත්තා. දැං ආයෙත් යූපීඑස් එක ලෙඩ වෙලා ඒක මාරු කරන්න දුන්නා. දැං මැසිම ආයෙ නිකං වැඩ. වැස්සෙ විදුලි කොටන වෙලාවෙ එහෙම....

    මට දැන ගන්න තියෙන්නෙ මෙහෙම පාවිච්චි කරද්දි බග් ගාලා එක පාර නොපිච්චුනත් දීර්ෂ කාලීන බලපෑමක් ඈති වෙන්න පුලුවන්ද කියන එකයි?

    ReplyDelete