Monday, November 8, 2010

නෝට්බුක් භාවිතයේදී මේ ගැන සිතුවාද?


පසුගිය මාස දෙකේ අළුතින් පරිගනකයක් ගන්න අයට ලියූ පෝස්ට් කියවන්න ඇතිනේ. අද කියන්න යන්නේ අළුතින් ගන්න එකක් ගැන නම් නෙවේ. Notebook නැතිනම් Laptop කොම්පියුටරයක් භාවිතා කරන අය අතින් සිදුවන ඇතැම් වැරදි ක්‍රියා නිසා ඒවාට වන හානි වලින් කීපයක්.
කලකට ඉහත මේ notebook කොම්පියුටර්ස් ඉතා අධික මිළකට අලෙවි වුවත් දැන් ඒවායේ මිළත් හුඟක් පහල මට්ටමකට ඇවිත්. ඒනිසාම බොහෝදෙනෙක් දැන් දැන් අළුතින් notebook කොම්පියුටර් එකක්ම ගන්න පෙළඹෙනවා. ප්‍රමාණයෙන් කුඩා නිසාත්, පහසුවෙන් එහාමෙහා ගෙන යන්න හැකි නිසාත් පමණක් නොවේ දැන් එය විලාසිතාවක්නේ. මාතෘකාවෙන් පිට පැන්නානේ. ඔන්න එහෙනම් කෙලින්ම දැන්වත් කතාවට යමු.
මෙම notebook කොම්පියුටර් සාමාන්‍යයෙන් ‍desktop වලට වඩා සංවේදී බවෙන් වැඩියි. ඒ මේවායේ ඇති පරිපථ ආදිය සාමාන්‍යයෙන් ඉතා සියුම් ලෙස නිමවා ඇති නිසා. ඒනිසා පළමුව මේ කෙරෙහි දැක්විය යුතු සැලකිල්ල වන්නේ මේතුලට යම් යම් අපද්‍රව්‍ය වැටීම නිසා සිදුවන හානි වලින් ආරක්‍ෂා කර ගැනීමයි. කුඩා ස්ටේපල් කටු, ඇල්පෙනෙත්ති වැනි ලොහමය දේවල් පහසුවෙන් මේ තුලට ඇතුල්වන්න පුළුවන්. එමගින් මෙහි පරිපථ වලට හානි වෙන්න පුළුවන් බව අලුතින් කියන්න ඕන නෑනේ. ඒවගේම බොහොමයක් දියර වල‍ට ප්‍රතිරෝධි නෑ. ඒනිසා අත්වැරැද්දකින් තේ කොප්පයක්, වතුර වීදුරුවක් හැලීම නිසා හානි වෙන්න පුළුවන්. ඇයි ඒ විතරද මේවා portable නිසා රැගෙන යාමේදී වැස්සකට හසුවීමෙන් ඇතුලට වැසි ජලය ඇතුල් වන්න පුළුවන්නේ. මොන දියරය ඇතුල් වුවත් අවසාන ප්‍රතිපලය වන්නේ කොම්පියුටරයට හානි වීමයි.මේ ආකාරයෙන් කිසියම් ආගන්තුක දෙයක් අපේ පරිගනකයට ඇතුල්වීම නිසා එයට හානි වන බව තමා අවසානයේ කියන්න ඇත්තේ.
මීට අමතරව අපගේ නොසැලකිල්ල නිසා සිදුවන හානි රැසක් මා දැක තිබෙනවා. ඒවායින් සුලභව දැක ඇති ඒවා ගැන සඳහන් කරන්නම ඕන කියා මේ පොස්ට් එක ලියන්නත් කලින් හිතුවේ. අප කවුරුත් දන්න ආකාරයට මේවායේ සිසිලන පද්ධතිය එනම් cooling fan හා ventilation holes පිමිටා ඇත්තේ යට පැත්තේ. බොහෝදෙනෙක් තම notebook කොම්පියුටර් එක භාවිතා කරන්නේ නිදන ඇඳ මත තබාගෙන බව මා දැක තිබෙනවා.එවිට සිදුවන්නේ ඇඳමත notebook කොම්පියුටර් එක තදවී ඇති නිසා වා කවුළු (ventilation holes) අවහිර වීම නිසා පරිගනකය අධික ලෙස රත්වීමයි. එය notebook ආයු කාලය අඩුවන්න හේතුවක්. එමෙන්ම මේසයේ වුවද මේස ඇතිරිලල්ක් හෝ පත්තර නැතිනම් පොත් මත notebook එක තබා ක්‍රියා කරනවානම් ඉහත ආකාරයටම වෙන්න පුළුවන්. මේ නිසා notebook එක භාවිතා කරන සෑම විටම එය කෙලින්ම ඝන මතුපිටක (මේසයක/වීදුරු මතුපිටක වැනි)තබා භාවිතා කරන්න. ඒ වගේම පරිගනකය පතුලේ ඇති රබර් පාද ගැලවීයාම නිසා පරිගනකය හා තබන මතුපිට අතර ඇති නිසි පරතරය නැතිවීයාමද සිසිලනය අවහිර වීමට හේතු වන්න පුළුවන්. තවද මකුළු දැල්, දූවිලි, කෙඳි වර්ග නිසා වා කවුළු අවහිර වීමෙන්ද සිසිලන පද්ධතිය (cooling system) නිසි දෙස ක්‍රියා නොකරනවා. එයත් ඔබේ අවධානයට යොමු කළයුතු කරුණක්.
අදට මෙතනින් නවත් වන්න හිතුවා. ඉතිරි කොටස බදාදාට වන ලෙස කොටස් දෙකකට දාන්නයි යන්නේ.
එහෙනම් ලිහින් එන්නම්.
සුභ දවසක්.!!!!!
ප/ලි
සිංහල බ්ලොග් අවකාශයේ පාඨකයන් දැන් දැන් බ්ලොග් කියවන්න විවේකය අඩු බවක් මම දැක්කා. විශේෂයෙන් දිග ලිපි කියවන්නේම නැති තරම්. ඒනිසා මමත් මින්පසු දිගු ලිපි නොලියන්න සිතුවා. මෙයත් දික්වන නිසා කොටස් කරන්නේ. ඒත් එක දිගට කියවන්න හැකි අය අමනාප නොවෙත්වා.

23 comments:

  1. යකෝ දිග ලිපි කියවන්න බැරි අය දෙතුන් පාරට හරි කියවයි..
    එහෙමයි කියලා මෙ අපි වගේ උන්ට අසාධාරණකං කොරන්න එපා..
    මාත් මෙ ඊයේ පෙරෙදා පාවිච්චි කොරාපු ලැපක් ගත්ත එකේ මොනවා හරි දැන කියා ගන්ට කියලා හිතුවා..මෙන්න මෙකා පුදනකොටම කාපි යකා කියලා ලිපිය අහවර කොරළා...
    මොනවා උනත් මට වටින ලිපියක් ස්තූතියි.
    දැන් ලියාපිය ඉතිරි අහ...

    ReplyDelete
  2. හොඳ උපදෙස් ටිකක්, ස්තූතියි දැනුවත් කිරීමට

    ReplyDelete
  3. මමත් ඔය ගැන හිතුවෙම නෑනේ... ඇඳ උඩ තියාගෙනමනෙ පාවිච්චි කරන්නේ... තැන්කූ පිරියන්ත අයියා දැනුවත් කරාට...

    ReplyDelete
  4. ඇද උඩ තියාගෙන වැඩ කරද්දී එකපාරට ම නතර උනා. අධික රස්නය නිසා ​processor එක පිච්චිලා.

    ReplyDelete
  5. digata liyanna apita kiyawanna deyak ona PCW

    ReplyDelete
  6. මම ඇඳේ තියාගන්න ඕනම වුනාම පිළියමක් කරනවා. ෆෑන් එක වැහෙන්නෙ නැති විදිහට කොට්ටයක් තියලා පිටිපස්ස පැත්ත ඉස්සිලා තියන විදිහට තියනවා.
    ඒත් මගේ ලැප නම් කොහොම කරත් රත් වෙනව වැඩියි. ඒක නිසා ටිකක් පරිස්සමින් තමයි පාවිච්චි කරන්නේ.

    ReplyDelete
  7. ඔව් ඔව් මේ දේ මටත් දෑන් ගොඈඩාක් වෑදගත් මාතෘකාවක් ඉතුරුවාත් ඉක්මනටම බලාපොරොත්තු වෙනවා.පොඩි ප්‍රස්නයක් කී බෝර්ඩ් එකේ එහෙම ඉතා කුඩා කෘමියෙක් දකින්න ඉන්නවා.ගොඩක් ඉලෙට්‍රොනික් උපකරන වලත් මේකා ඉන්නවා.හානියක්ද

    ReplyDelete
  8. agree with මාරයාගේ හෝරාව

    ReplyDelete
  9. ප්‍රියන්ත,

    අම්මෝ දන්න දේවල්. ඔයාගේ පෝස්ට් එකේ දෙවනි කොටස එනකොට, ඒකේ උපදෙස් බලන්නේ නැතිව, වැරදි දේවල් කරලා මගේ ලැප්ටොප් එක කැඩිලා තිබුනොත් මොකද වෙන්නේ. නඩු දාන්න වෙයිද?

    විහිලුවට කීවේ හොඳේ. හරිම ප්‍රයෝජනවත් ලිපියක්.
    බොහොම ස්තුතියි මේවගේ දේවල් ලියලා අපිව දැනුවත් කරනවාට.

    ReplyDelete
  10. මම අද මේ බ්ලොග් එකට ආවේ මේක නියමයිනේ !
    මටම වටින පෝස්ට් එක. අනික් කොටස් ටිකත් ඉක්මනට දාන්න

    ජයවේවා !!

    ReplyDelete
  11. ගොඩක් හොද පොස්ට් 1ක්...
    මමත් දැකල තියනව ඇදම් උඩ ලැප් තියාගෙන ඉන්නව...
    කැම කන කොටත් ලග තියන් ඉන්නව....
    @ ප්‍රියන්ත...
    බැටරිය කියන්නෙ ලැපක වැදගත්ම කොටසක්...
    අන්න එක ගැනත් කියන්න කට්ටියට වැදගත් වෙයි..

    ReplyDelete
  12. උඹේ වැඩේනම් හොඳයි මලයෝ.
    උඹ කරාටි පන්තියක් දැම්මොත් කකුල උස්සන හැටි පළවෙනි දවසේ උගන්නවි. ඒක පහත් කරන හැටි අනිත් දවසට කල්දාවි.. හික් හික්.. මොකක් වුනත් මේ ආර්ට්කල් එක හොඳයි

    ReplyDelete
  13. @ මාරයාගේ හෝරාව
    මොනව කරන්නද සමහර අයට දැන් ලොකු පොස්ට් එකක් කියවන්න වෙලාවක් නෑනේ. ඔන්න හෙට උදේ 8:00 ඉතිරිය දානවා. ස්තූතියි මාරයෝ ඇවිත් ප්‍රතිචරයකුත් දාල ගියාට.

    ReplyDelete
  14. @ හරී - පිණිපළස
    ස්තූතියි හරී ප්‍රතිචාරයට.

    ReplyDelete
  15. @ පුතා
    ස්තූතියි මලේ ප්‍රතිචාරයට.මොකද දැන් පොස්ට් ලියවෙනවා අඩු.

    ReplyDelete
  16. @ Anonymous 1
    ඔය සාක්ෂිත් දෙන්නේ.
    @ Anonymous 2
    එකත් ඇත්ත. පොස්ට් කඩන එක හොඳනෑ තමා. එත් දිගට ලියන එවා කියවන අය දැන් අඩුයි වගේ.
    @ Anonymous 3
    හරි ඔන්න ඊළඟ කොටස හෙට උදේ දානවා.
    ස්තූතියි තුන් දෙනාටම.

    ReplyDelete
  17. @ කාංචන දිනූක
    ඒකත් හොඳ පිලියමක් තමා. ඒත් බලන්න කොට්ටෙට යටවන කොටස වැඩියෙන් රත්වෙනවද කියා.
    ස්තූතියි කාංචන වෙනදා වගේම මේ පැත්තේ ඇවිත් ප්‍රතිචාර දක්වා ගියාට.

    ReplyDelete
  18. @ NUWAN"s lane
    සතෙක් ඉන්න එකෙන් හානියක් වෙන්න පුළුවන්. විශේෂයෙන් නෝට්බුක් වැනි සූක්‍ෂම උපකරණ වලට.වඩා හොඳයි ඌ ඉවත් කරන එක. ස්තූතියි නුවන් මේ පැත්තේ ආවට.

    ReplyDelete
  19. @ Podi Kumarihami
    නඩු දාන්න එපෝ. උසාවි යන්න බැරියෝ.ඉක්මනටම ඉතිරිය දානවා.
    පොඩිකුමාරිට ස්තූතියි මාව බලන්න ආවට.

    ReplyDelete
  20. @ හිස් අහස
    මේ ඉසව්වට සාදරෙන් පිළිගන්නවා. ස්තූතියි ඇවිත් ප්‍රතිචාරයකුත් සටහන්කරලම ගියාට.

    ReplyDelete
  21. @ ඉංදික
    ඔව් වැඩ කරන කොට එය උපරිමයෙන් ගන්න ඕන. එත් කන වෙලාවට ඒ දේ නිදහසේ කරන්න ඕන. සියල්ල පටල ගත්තම වැඩ වැඩි වෙනවා හැර වෙන හොඳක් මම නම් දකින්නේ නෑ. ඔන්න හෙට පොස්ට් එකට බැටරිය ගැනත් කෙටියෙන් දානවා.
    ස්තූතියි ඉන්දික.

    ReplyDelete
  22. @ Nadun Dissanayake
    හික්ස්...ඒකනේ මම කරාටේ පංති කරන්නේ නැත්තේ. නදුන්ව මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  23. මේකේ මේ cooling system එක ගැන තියෙන කොටස කිව්වම තමයි මාවත් රත් වුනේ, මමත් ලැප් එක ඇඳ උඩ තියාන වැඩ කරන්නේ, කොටින්ම පැය 24ම මැෂිම දුවනවා..

    ReplyDelete