Wednesday, November 10, 2010

නෝට්බුක් භාවිතයේදී මේ ගැන සිතුවාද 2


මදැයි ලිපියක් ලියන්න ගිහින් අහගත්ත දේවල්. දැන් දැන් කියවන්න එන අය ඉක්මනින් කියවන්න පොඩි දෙයක් හොයනඑක වැඩිවෙලා නිසයි කලින් පොස්ට් එක කොටසක් දැම්මේ. එත් ඒකට කැමති නැති අයත් ඉන්නවානේ. මාරයාගේ හෝරාව ගියන අපේ මාරයා තමා කලින්ම කිව්වේ මේක දිගට ලියන්න කියා. දීකිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ Anonymous මිතුරන් දෙදෙනකුත් පොඩිකුමාරිහාමිත් මේක මගින් නැවැත්තුවාට නඩුත් දානවා කිව්වේ. අම්මෝ උසාවි ගානේ යන්න උනොත් ආයේ බ්ලොග් ලියලා ඉවරයි. එහෙනම් ආයේ මොකටද කතාව දික් කරන්නේ. මෙන්න එතැන් සිට....
මේකත් තාක්‍ෂණයට බර නැතත් මම දැක ඇති සැලකියයුතු පිරිසක් කර ඇති දෙයක්. ඒ නෝට්බුක් එකට අමතරව තව පෑන්, පැන්සල්, යතුරු ආදිය එකම මල්ලේ දමාගෙන යාම. මේවායින් නොට්බුක් එක සීරීමට ලක්වෙනවා. බාහිර පෙනුම ඉක්මනින් දුර්වල වෙනවා. යතුරු ආදිය සිරවීම නිසා ප්ලාස්ටික් කොටස් වලට හානි වෙන්න ඉඩ තිබෙනවා. එපමණක් නොව මේවායේ ලෝහ කොටස් පරිගනකයේ ඇති සිදුරු අතරින් පරිපථ මත ගැටී හානි වෙන්න පුළුවන් බව බොහෝ දෙනෙක් හිතන්නේ නෑ. ඒ නොට්බුක් එකක් සෑම විටම බැටරිය නිසා standby තත්වයේ පවතින නිසා.
මේ සමානම තවත් දෙයක් තමා නෝට්බුක් එක මත පෑනක්, පැන් ක්ලිප් එකක් හො එවැනි කුඩා දෙයක් තබා ගෙන සිට පරිගනකය වසා දැමීම. මෙයින් සිදුවන්නේ LCD Screen එක බිඳීයාමයි. මෙසේ Screen එක හා යතුරුපුවරුව අතරට යම් දෙයක් සිරවීමෙන් Screen බිඳීයාම සිදුවේ. මෙහි හානි කීපයක්ම තිබෙනවා. මෙසේ බිඳුනු Screen එක අතරින් එහි ඇති රසායන ද්‍රව්‍ය පිටතට වෑස්සෙන්න ඉඩ තිබෙනවා. මේවා ශරීරගතවීම ඉතා විශ සහිත වේ. මේවායේ පිළකා කාරක පවා අඩංගු වන බව සඳහන්. තවද මේවා ගලා ගොස් පරිපථ විනාශ වෙන්නත් පුළුවන්.
මීළඟට කියන්නේ විදුලිය සැපයීම ගැන. මගෙන් කීපදෙනෙක්ම අසා තිබෙනවා නොට් බුක් එකට අවශ්‍ය වන්නේ කොපමණ ධාරිතාවක් ඇති UPS එකක්ද කියා. නොට්බුක් වලට UPS අවශ්‍ය නෑනේ. බැටරියක් ඇති නිසා. එහෙත් අප මෙය භාවිතා කරන ස්ථානයේ නිතර විදුලි අඩුවැඩිවීම සිදුවනවා නම්, එය බලසැපයුමේ (power pack) සීමා ඉකමවනවානම් power guard එකක් භාවිතය වැඩි කල් power pack එක ආරක්‍ෂාකාරීව තබා ගන්න හේතු වේවි. එමෙන්ම මල්ටි සොකට් ආදිය මගින් විදුලියට සම්බන්ධ කිරීමේදී ලුහු සම්බන්ධයක් (loose connection) ඇත්නම් එයත් එතරම් හොඳ දෙයක් නොවේ. මේ හා සම්බන්ධ තවත් වැදගත්ම දෙයක් වන්නේ බොහෝ දෙනෙක් power pack එක සජිවී (power on) තත්වයේ පවතින විට පරිගනකයට සම්බන්ධ කිරීම හා ගැලවීම. මේ නිසා සම්බන්ධ වන පරිගනකයේ අග්‍ර spark වීම නිසා හානියට පත්වෙනවා. වගකීමේ කාලසීමාවේ නම් මෙය නොසැලකිලිමත් බව නිසා ඇතිවූවක් ලෙස සලකා අළුත්වැඩියා කිරීමට යන මුදල ඔබෙන් අය කරගන්නත් හේතු වේ. කාලයක් මෙය සිදුවූ නොට්බුක් වල දිගටම spark වෙමින් පවතින අවස්තා ඇත. එවිට ඒවායේ මුද්‍රිත පරිපථ පුවරු විනාශවූ අවස්ථා මම දැක ඇත.
මෙයට අමතරව ඕනෑම උපකරණයක් භාවිතාකිරීමේදී විශේෂයෙන් විදුලියෙන් ක්‍රියාකරන උපකරණ භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂක පිළිවෙත් ඔබේ නොට්බුක් එක කෙරෙහිත් අනුගමනය කළ යුතු වෙනවා. අකුණු ආදිය පවතින විට භාවිතා නොකිරීම. නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උෂ්ණත්ව පරාසය, ආර්ද්‍රතාවය, මුහුදු මට්ටමේ සිට ඇති උස පරාසය ආදිය ගැනත් සැලකිලි මත් වන්න. විශේෂයෙන් වැඩි උෂ්ණත්වය නෝට්බුක් එකට වගේම එහි බැටරියේ පැවැත්මටත් හානිකර වෙනවා. අසම්පූර්ණ ලෙස වරින වර ආරොපණය (charging) බැටරියේ ආයු කාලය අඩු වීමට තවත් හේතුවක්. හැකි සෑම විටම ප්‍රධානි විදුලියෙන් ක්‍රියා කරවීමෙන් බැටරිය වැය වීම අඩු කරන්න පුළුවන්. මේවා සියල්ල හිතේ තබාගෙන වැඩ කරන එක පහසු නෑ. අමතක වන්න පුළුවන්. එත් වරකට එක් පියවර බැගින් පුහුණු කිරීමෙන් ලොකු මුදලක් වැය කර මිළදිගත් ඔබේ නෝට්බුක් පරිගනකය බොහෝ කාලයක් කරදරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.
මෙයටම තවත් දෙයක් එකතු කරන්න තිබෙනවා. මේවා යන්ත්‍ර. යන්ත්‍රයක් ක්‍රියා කිරීමට නිසි කඩත්තුවක් අවශ්‍යයි. ඒනිසා මාස 6කට වරක් වත් නිසි නඩත්තුවක් (අපහසුමනම් වසරකට වරක්) කර ගැනීමෙන් කරදර අඩු පරිගනකයක් ඔබට ලැබෙයි.
මේ කියන්නේ මෙයට අදාළ දෙයක් නම් නොවේ. එත් සමහර අයට ඇති ප්‍රශ්ණයක් නෝට්බුක් හා ලැප්ටොප් යනු කුමක්ද කියන එක. HP (Hewlett Packard) Toshiba වැනි නිෂ්පාදකයන් තම නිෂ්පාදන සඳහා නෝට්බුක් (Notebook) යන්න භාවිතා කරනවා. Dell තම නිෂ්පාදනය ලැප්ටොප් (Laptop) ලෙස හඳනුවනවා. එකම සැකැස්ම විවිධ නිෂ්පාදකයන් හඳන්වන් ආකාර තමා මේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!

ප/ලි
මාරයාට උඩින් කියපු එකට අමනාප නොවනු ඇතැයි සිතනවා. ඔබලාගේ ප්‍රතිචාර නිසා තමා මම මේ සටහන් දිගටම ලියන්නේ. පොඩිකුමාරිහාමිත් නඩු නොදමනු ඇතැයි හිතනවා...
ඔන්න පොරොන්දු උන දවසේ කොහොම හරි පොස්ට් එක් දැම්මා. තව එකතු කරන් දෙයක් තියනවානම් ඒවාත් යටින් ලියල යන්න කිසිම බාධාවක් නෑ.

33 comments:

  1. මට පොඩි ගැටලුවක් තියනවා. එකක් නෙවෙයි කීපයක්ම. පළවෙනි එක තමයි අර සතා. ඇත්තටම ඌ ඉලෙක්ට්‍රොනික්වලට ආස සතෙක්ද මන්දා. ගොඩක් වටින කියන ඉලෙක්ට්‍රොනික් බඩුවල ඌ ඉන්නවා. උන් අයින් කරන්න ඉතින් ලැප ගලවලා හෝදන්න තමයි වෙන්නේ :D
    අනික තමයි power adapter කතාව. ඕකෙ තියෙන්නෙ smps එකක්නේ. වෝල්ටේජ් එක settle වෙන්න ටික වෙලාවක් යනවා. ඒ සුළුකාලය තුල spikes එහෙම එන්න පුළුවන්. හොඳ ඒවයෙ නම් මේවගේ ලෙඩ නැතිවෙන්න ඕන. කොහොම වුනත් මගේ පුද්ගලික අදහස නම් power adepter එක විදුලයට සම්බන්ධකරලා දෙවනුව පරිගනකයට සම්බන්ධ කිරීම වඩා සුදුසුයි කියලා.

    ReplyDelete
  2. මට කියන්න බැරි උනා ඇත්තටම ලැප්ටොප් කියල තමා මේවා මුලින් ආවේ. ඒත් දැනටත් dell ලැප්ටොප් නමින් තමා එන්නේ. සාමාන්‍යයෙන් මේවා තරමක් විශාලයි. උකුලමත හො ්මේසයක් මත තබා ක්‍රියාකරවන්න ඕන. දැන් තිබෙන නෝට්බුක් අතේ තබාගෙන උනත් භාවිතා කරන්න පුළුවන්නේ. මෙක් මතක් කළාට රවා සොයුරාටත් ස්තූතිය.

    ReplyDelete
  3. ඕකනේ අපි ඔය ලැප් පාචිච්චි කරන්නෙ නැත්තෙ. :d
    වටිනා ලිපිපෙළක් දිගටම ලියන්න.
    @කාංචන
    ඔය සතා මාත් දැකල තියෙනව. නමුත් උගෙන් ලොකු හානියක්නං වෙන්නෙ නෑ. ඒත් උං ඕනිවට වැඩිය වැඩි කරගන්න එපා.

    ReplyDelete
  4. හොඳ වෙලාවට මේක පලකලේ. නැත්නම් නඩු දාන්නම කියලා හිතාගෙන හිටියේ. ඇත්තටම මම එහෙම කරයි කියලා හිතනවද? කොහොම උනත් ඔච්චර බය තිබුනහම හොඳටම ඇති.

    මම හිතාගෙන හිටියේ ලැප්ටොප් ගැන මම හැමදේම දන්නවා කියලා. දැනුයි තේරෙන්නේ මුකුත්ම දන්නැති විත්තිය. ප්‍රියන්ත ඉන්නකම් හොඳයි නේද ප්‍රියන්ත, දන්නේ නැති දේවල් අහගන්න. ගොඩාක් ස්තුතියි.

    ReplyDelete
  5. කාන්චන මල්ලී කිව්වා වගේ ඒ සතාව එහෙම අයින් කරන්න බෑ බන්.එකෙක් මරණ කොට තව දහයක් උඩට එනවා.සුදු පාටයි ඩොට් එකක් වගේ.ඈහෑට පේන නොපෙනෙන සයිස් එකේ එකෙක්.මම කපුරුරු බෝල එහෙමත් බෑග් එකට දෑම්මා එහෙමවත් පාලනය වෙයිද බලන්න ඒත් නෑ මචන්.තාම මාස 3 විතර වෙන්නේ ලෑප අරගෙනත්.මොකද කරන්නේ මාර ගෑටලුවක්

    ReplyDelete
  6. නෝට් බුක් එකක් ගන්න ආසාවෙන් ඉන්නෙ, ඒත් අපේ කෙල්ල ටිකක් ලොකු වෙනකම් ඉන්නෙ... මට නම් මේ විස්තර හරි වැදගත්,,,,,,,ස්තූතියි

    ReplyDelete
  7. හොදට තෙරෙනව...
    ගොඩක් වැදගත් දෙවල් එත් එච්චර ගනන්ගන්නෙනැති කොචර තියනවද?

    තවදෙයක්..
    මෙවගෙ උපකරන පිරිසිදු කිරිම..
    උදා: ස්ක්‍රින් 1ක්
    වගෙ දෙවලුත් වැදගත් වෙයි..

    සමහර අහනම් හදිසියට කෙලවලිනුත් පිහිදනව මම දැකල තියනව..

    ReplyDelete
  8. මට තාම ලැපක් නෑ. ඒත් ලබන සතියේ එකක් ගන්නවා. ගොඩාක් ස්තූතියි.
    මට තියෙන ගැටළුව කොහොමද නිවැරදි ක්‍රමයට බැටරිය ආරෝපණය කරන්නේ? නිතරම මේන් කරන්ට් එකින් (පවර් කෝඩය මගින්) භාවිතය සුදුසුද?

    ReplyDelete
  9. හම්මෙ ඇති යාන්තං..

    මෙ පුළුහං නං තව උදව්වක් කොරහංකෝ..
    මෙ කී බෝඩ්එක අපේ අර පරණ ඒවා වගේ නෙවෙයිනේ..මටනං මෙලෝ හසරක් වැටහෙන්නේ නැතුවා..අර එෆ්1 එෆ්2 කී වල තියෙන අමුතු ගැජමැටික්ස් එහෙම මොනවැයි..
    අනික මෙකේ බයෝස්සෙටප් වලට යන්නේ කොහොමෙයි..?
    මට පුරසන ගොඩයි අඩා...

    ReplyDelete
  10. @ කාංචන දිනූක
    ඔය සතා ගැනනම් මට කිසිම අදහසක් නෑ. ඒ කියන්නේ මම ඔය වගේ සතෙක් තවම දැකල නෑ. ඒත් එහෙම ඉන්න බව මම පිළිගන්නවා. ඔය කාවෝ, කැරපොත්තන් වැනි සතුන් ද ඉලෙක්ට්‍රොනික් උපකරණ වල ඉන්න නිසා.
    දෙවැන්න ගැන කියන්න ඇත්තේ මගේ ඉලෙක්ට්‍රොනික දැනුම එතරම් උසස් එකක් නෙවේ. නමුත් මේ power adapter වල තත්වය නම් හුඟක් උසස් මට්ටමේ තියෙන්නේ. ඒනිසා මේවායේ spikes ඇතිවෙයි කියන්න (නෝට්බුක් එකට හානිකර තත්වයේ) හිතන්න අමාරුයි. මම ඔය ස්පාර්ක් වෙන අවස්ථාව දැක තිබෙනවා. එයින් වූ හානියත් දැක තිබෙනවා. ඒත් ඔබ කියූ දේ ගැනත් හොයා බලන්නම්.
    ස්තූතියි කාංචන ඔබේ අදහස් වලට. මට අළුතින් හොයන්න දෙයකුත් දුන්නට..

    ReplyDelete
  11. @ Praසන්ன
    හා හා බලාගෙන. ඩෙස්ක්ටොප් වලත් ඕවම නැතත් අපට වරදින අවස්ථා තියනවා. ඔය සතා පුළුවන් කෙනෙක් ෆොටෝ එකක් වත් අරන් එවන්නකෝ. මටත් බලන්න මොකෙක්ද කියා.
    ස්තූතියි ප්‍රසන්න. මගේ මතකයට සාද‍රයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  12. @ Podi Kumarihami
    යන්තම් ඒ නඩුවෙන් නම් බේරුනා. දැන් ඊළඟට මොනවට නඩුවක් දායිද දන්නේ නෑ. කමක් නෑ ඔන්න කොහොමහරි කියපු දවසට පොස්ට් එක දුන්නා.
    පොඩි කුමාරි තියා මමත් නෝට්බුක් ගැන නොදන්න දෙවල් තව තියනවා.
    ගොඩක් ස්තූතියි මාව බලන්න ආවට..

    ReplyDelete
  13. @ NUWAN"s lane
    බලමු මමත් මේ සතා මොකාද කියල හොයන්නේ. බලමු මට හොයාගන්න පුළුවන් උනොත් කියන්නම්.
    ස්තූතියි නුවන් මේ පැත්තේ ආවාට.

    ReplyDelete
  14. @ හරී - පිණිපළස
    ඉදිරි කාලයේ එන නෝට්බුක් වලට මීට වෙනස් දේවල් කරන්න වෙයි. එහෙම උනොත් ඒවටත් පොස්ට් දාන්නම්කෝ.
    ස්තූතියි හරී ප්‍රතිචාරයට.

    ReplyDelete
  15. @ ඉංදික
    කොම්පියුටර් පිරිසිදු කිරීම ගැනත් පෝස්ට එකක් ඉදිරියේදී දාන්නම්.
    ස්තූතියි ඉන්දික ප්‍රතිචාරයට. කොහොමද දැන් ඔය පැත්තේ රස්නය එහෙම අඩුඇති නේද?....

    ReplyDelete
  16. @ Anonymous
    සාමාන්‍ය power adapter එක භාවිතා කරන්න. අමුතුවෙන් දෙයක් කරන්න ඕන නෑ. පළමු වර සම්පූර්ණයෙන් ආරෝපණය කරන්න. කඩින් කඩ චාජ් කරන්න වෙන අවස්ථා හැකි උපරිමයෙන් අඩු කරගන්නත එය බැටරියේ ආයු කාලය වැඩි කරගන්න හේතුවේ.
    ස්තූතියි ඇවිත් ගියාට.

    ReplyDelete
  17. ඔය කියන සතාට වඩා පික්සෙල් එකකුත් ලොකුයි මයෙ හිතේ. මේ වෙලාවෙනම් එකෙක් පේන්න නෑ නැත්තං බලන්න තිබ්බා සතාද පික්සෙල් එකද ලොකු කියලා. 4to ගැහුවට වැඩක් නෑ. දූවිලි කෑල්ලකට වඩා වෙනසක් පේන එකක් නෑ. අඳුර ගන්න තියන එකම ක්‍රමේ තමයි චලනය වෙන එක
    මම power adapter එක ගැන කිව්වට මටත් ෂුවර් නෑ හරියටම. මොකද ඔරිජිනල් එන එකනම් කොලිටියට තියෙන්න එපැයි. කැම්පස් එකේ වැඩ කරන කාලේ මම ඕක බලන්න හිටියා කොහොම හරි අයින් වෙනකංම බැරි වුනා.

    ReplyDelete
  18. @ ප්‍රියන්ත
    ඔව් රස්නයන්ම් අඩුයි.. කොහොමත් මම එලියට යනව හරිම අඩුයි..
    ගියත් ‍රැට තමයි... 15 ඉදල නිවාඩු..
    16 ‍රැනම් එලියෙ BBQ 1ක කට සෙට් වෙන්න තමයි ඉන්නෙ...
    හැකි උනොත් මල්ලිවත් බලන්න යන්නම්..

    @කාංචන
    ඉලෙක්ට්‍රොනික් වලට හානි නොවන ටිකවෙලාවකින් වාශ්පවෙන කෘමි නාශක තියනව.. මුලු ගෙදරටම ගහන්න වෙයි...
    මමත් දැකල තියනව ඔයවගෙ 1ක්.. අල්ලන්නත් බැ පෙඩිවෙනව...


    කවුරිහරි දන්නවනම් ලංකාවෙ apple mac book air 1ක ක ඇඩප්ටරෙ ගාන මට කියන්න..
    මගෙ 1ක චුස්වෙලා...

    මෙහෙ ගාන RS 15,000 විතර වෙනව..
    ebay 1කෙ &10යි..


    @ ප්‍රියන්ත & කාංචන..
    මම ටික්කක් ඉලෙක්ට්‍රොනිච් ගැන දන්නව..
    SMPS 1ක කින් power දුන්නට out put 1ල රෙගියිලෙට් වෙනව.. තව fuse 1ක ක්ත් තියනව...
    හානියනම් අවමයි.. එවගෙ උපාන්ගත් උසස් තත්වයෙ එව... තව ලැප්ටොප් 1කෙ හරි පරිගනකයෙ හරි main bord 1කෙ Regulators සහ fuse
    තියනව.... මෙ fuse හරියට resisters වගෙ සමහර එව අදුර ගන්නත් බැවගෙ..
    සාමාන්ය්‍යන් මෙව f1,f12 වගෙ නමිවලින් තියනව....
    මෙවගෙ 1ක් ගිහාම වැඩකරන්නෙම නැ... සමහර සෙවා සපයන අය මෙවගෙ 1ක් හදල ලොකු ගානකිත් ගන්නව..
    සමහර අය ඇත්තටම එ බොඩ් 1කම මාරුකරනව...
    සමහර දෙවල් හදාගන්න පුලුවන් උනත් උපකරන නැ... අමතර කොටසුත් නැ...
    තව කඩෙ තියනව හැම 1කකටම හරියන universal ඇඩප්ටර්... ගොඩක් ලෙඩ වලට මෙවගෙ එවනම් බලපානව...
    එත් ගන්නවෙනෙ මෙව තමයි... එතකොටනම් මෙන් කරන්ට්1කට ගහල ලැපට ගහන1ක අනිවා කරන්න...
    නැත්නම් ස්පාක් වෙන්න ඉඩ තියනව..

    දිගට ලියන්න නම් හිතුවෙ නැ...... එත් ලියුව ඔන්න ඔහෙ...


    සුබදවසක්

    ReplyDelete
  19. කරුණාකරලා කියන්න පුලුවන්ද
    කැඩුණු නෝට්(නෝටි ) බුක් එකක් අලුත්වැඩියා කරගන්න පුලුවන් වගකීමක් සහිත සාධාරණ විශ්වෂවන්ත ස්ථානයක් ගැන
    මගේ පරිගණකයේ වෙන්ඩර්ස්ලාගේ ලංකාවේ නඩත්තු කරන සේවා ස්ථානයක් නැ.

    ReplyDelete
  20. @ V
    මම ඉන්නේ නුවර ප්‍රදේශයේ. මේ අවට නම් එවන් විශ්වාසනීය ආයතනයක් ගැන් කියන්න නෑ. නෝට්බුක් එකේ වර්ගය කුමක්ද? ඒ අනුව තමා හොයන්න වෙන්නේ. නොට්බුක් විස්තර දෙන්න පුළුවන් නම් හොයල බලන්නම්.

    ReplyDelete
  21. @ ඉන්දික, කාංචන
    අළුතින් එකතු කළ කරුණුවලට ස්තූතියි. මේවායින් අපි කාගෙත් දැනුමට අළුතින් දේ එකතු වෙන බව දැක්කම මටත් සතුටුයි.
    ඉන්දිකගේ apple mac book air power adapter එක ගැන මට අදහසක් නෑ. දන්න අයට කිය් තිබෙන්නේ. සතුටු දායක පිළිතුරක් බලාපොරොත්තුවෙන් මම ඉන්නේ. ලැබුනොත් කියන්නම්.

    ReplyDelete
  22. ප්‍රියන්ත මම සම්පුර්ණ කියුවා ඔයාගේ ලිපිය නමුත් ඔයා ඒ හැම දේයක්ම හරි වෙන්න පුළුවන් නමුත් ඔයා බැටරිය ගැන කියලා තිබුන දේය නම් සම්පුර්ණ වැරදි. ඒ ගැන ඔයා මිට වඩා හොයලා දේයක් කිව්වා නම් තමයි හොද. මොකද මම ඔයාගේ ලිපියේ විශේෂයෙන් බැලුවේ ඔයා මොකද්ද බැටරිය ගැන කියන්නේ කියලා. ඒ ගැන ඇත්තටම ඔයා විතරක් නෙමෙයි ගොඩක් අය දරණ මතය වැරදි බව නම් කියන්න පුළුවන් මට. මම ඒ ගැන කියන්නේ මම ලබපු ප්‍රායෝගික අත්දැකිමෙන්.

    ReplyDelete
  23. @priyantha.ඒබී

    Fujistsu Seimen !

    ReplyDelete
  24. @ V
    Fujistsu Seimen ලංකාවේ කළේ Informatics එකෙන්. දැන් ඔවුන් නම වෙනස් කරල ඇත්තේ Visual Computing Systems ලෙස. ඔවුන්ගේ සේවාවල තත්වය හොඳයි.

    ReplyDelete
  25. @ sinhalamac
    මම බැටරිය ගැන කියා ඇත්තේ මම අත් දැක ඇති දේ. එනම් මගේ පෞද්ගලික අධීක්‍ෂනය යටතේ නඩත්තු කළ කීපයක.තවද ඒ ගැන මට ඇත්තේ නෝට්බුක් විශාල ගණනක් එක්ක වැඩ කළ මතකයක් නොවේ. ඒ නිසයි විස්තර අඩුවෙන් කෙටියෙන් ලියා ඇත්තේ. මට මතක ආකාරයට නෝට් බුක් 100ක පමණ බැටරි ගැන හිතල තමා මේ ටික ලියා ඇත්තේ. ඔබට මේ ගැන වැඩි යමක් කියන්න පුළුවන් නම් ඔබේ ප්‍රායෝගික අත්දැකීම් මේ අපත් එක්ක බෙදාගන්න ඔබට පුළුවන්. ඒගැන දීර්ඝ කමෙන්ට් එකකින්. එය වැදගත් නම් ඔබේ අදහසක් ලෙස වෙනම පොස්ට් එකක් දාන්න උනත් මට පුළුවන්. නැතිනම් ඔබේ බ්ලොග් එකක් ලියනවනම් මම මගේ පාඨකයින්ටත් ලින්ක් එකක් දෙන්නම්. ස්තූතියි වැරදි පෙන්වා දුන්නට.
    ඒ වගේම මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා

    ReplyDelete
  26. "අසම්පූර්ණ ලෙස වරින වර ආරොපණය (charging) බැටරියේ ආයු කාලය අඩු වීමට තවත් හේතුවක්. හැකි සෑම විටම ප්‍රධානි විදුලියෙන් ක්‍රියා කරවීමෙන් බැටරිය වැය වීම අඩු කරන්න පුළුවන්."

    ඕන්න ඔය ටිකෙන් ඔයා මොකකද් අදහස් කරලා තියෙන්නේ. මම කියන්නේ ඕන්න ඔය ටික ගැන. මොකද හැකි සැම විටම විදුලිය ක්‍රියාත්මක් විමෙන් මොකද වෙන්නේ කියලා ඔයා දන්නවාද නැද්ද කියනන් නම් මම දන්නේ නැ.

    ReplyDelete
  27. A gollange web advisiye me gena kisima sadhanak mata hoya ganna bari una

    ReplyDelete
  28. @ sinhalamac
    මට මේ කමෙන්ට් එක මගහැරී තිබුනා. අවුරුද්ද අවසානයේ පිළිතුරු නොදුන් කමෙන්ට් හොයද්දි මේක නැවත දැක්කේ.
    මම මෙයින් අදහස් කරන්නේ ඕනෑම ආරෝපණය කරන බැටරියකට Recharging cycles සංඛ්‍යාවක් තියෙනවා. මෙම LiIon බැටරි වරින් වර ආරෝපණය වීමෙන් ඒවායේ ආරොපණය කළ හැකි වාර ගණන අඩුවන නිසා ඉක්මනින් දුර්වල වෙන්න ඉඩ තියෙනවා. මගේ නෝට්බුක් එකේ ඒ සඳහා වෙනම පහසුකමක් සලසා තියෙනවා. නැවත reboot කරන තුරු බැටරිය ආරෝපණය නොවී පවත්වා ගන්න. එයින් බැටරි ආයු කාලය වැඩිකරගන්න හැකියාව ලැබෙනවා මෙම dell නොට්බුක් එක සඳහා. ඔබ මීට වෙනස් දෙයක් දන්නවානම් එය නිවැරදි බව කියනවානම් සාධක සහිතව පෙන්වන්න. එතෙක් මගේ ප්‍රකාශය නිවැරදි බව මම කියනවා. මොකද මම මේ ක්‍ෂේත්‍රෙය් වසර 13ක පමණ සිට ලැබූ පළපුරුද්ද මත සිට මේවා ලියන්නේ. ගලවා අළුත්වැඩියා කර ඇති, දෝෂ නිරාකරණය කර ඇති ලැප්ටොප් සංඛ්‍යාව දහස් ගණනක්. ඒනිසා මගේ ලිපියේ කරුණු ගැන මට සැකයක් නෑ.

    ReplyDelete
  29. @ V
    ඔබේ ගැටළුවට පිළිතුරු දෙන්න බැරි වීම ගැන සමාවන්න. තවම ඔබ මේ ගැටළුව සමග නම් මට මේල් එකක් එවන්න. ඊමේල් ලිපිනය profile එකේ ඇත.

    ReplyDelete
  30. ඒ කියන්නේ හැකි සෑම වෙලාවටම (බැටරිය සම්පූර්ණයෙන් චාජ් වෙලා තිබුනත්) විදුලි සැපයුම ඒ කීවේ චාජරේ සම්බන්ධ කරන් වැඩ කලාට කමක් නැද්ද??? සමනලී එහෙමයි ලැප්ටොප් එක පාවිච්චි කරන්නේ... ඒකෙන් over charge වීමක් වෙලා හානි වෙන්නේ නෑනේ??

    ReplyDelete
  31. @ punchisamanalee
    ලැප්ටොප්, මොබයිල් ෆෝන් වැනි උපකරණ අදාළ නිෂ්පාදකයා අනුමත කරන චාජරයෙන් ආරෝපණය කරන කිසිම අවස්ථාවක over charge වීමක් සිදු නොවේ. නමුත් තෙවන පාර්ශවයක් නිෂ්පාදනය කරන ලද චාජරයක් මගින් මෙසේ නොවීමට ඉඩ ඇත. සතියකට වරක් පමණ බැටරිය බැස යාමට සලස්වා නැවත ආරෝපණය කරන්න. විශේෂ යමක් කරන්න අවශ්‍ය නොවේ බැටරියෙන් පමණක් ක්‍රියා කර බැටරිය අවසන් වන බවට අනතුරු හඟවන අවස්ථාවේ නැවත විදුලිය සම්බන්ධ කරන්න.

    ReplyDelete
  32. මම පරිගණකය භාවිතකරන්නේ 100% බැටරිය චාජ් විමෙන් පසුව විදුලි සැපයුම විසන්දිකර නැවත 15%ක් වූ විට නැවත ආරෝපණය කරනවා මෙය නිවැරදිද?

    ReplyDelete
  33. හැකි සෑම විටම ප්‍රධානි විදුලියෙන් ක්‍රියා කරවීමෙන් බැටරිය වැය වීම අඩු කරන්න පුළුවන්

    මෙකෙන් කියවෙන්නේ හැකි සැම වෙලාවෙම විදුලියට සම්බන්ධකර භාවිතා කළ යුතුද යන්නද?

    ReplyDelete