Friday, August 27, 2010

දූවිලි කඳුද? computer ද?

ඔය වගේ දූවිලි වලින් වැහුන කොම්පියුටර් එහෙම දැකල තියනවද? මම නම් ඕන තරම් දැකල තියනවා. ඔව් ඉතිං කොම්පියුටර් එක්ක හැමදාම හැප්පෙන කොට ඔවා දකින්නේ නැත්තන් නේ පුදුම නේද?.
ඔන්න ඔහොමයි අද කතාව පටන් ගන්නේ. ඔහොමයි කිව්වට තාම පටන් ගත්තේ නෑ. පටන් ගන්න හදනවා. මට නිතරම වගේ ඔය දූවිල්ලෙන් වැහුන කොම්පියුටර් එක්ක හැප්පෙන්න වෙන නිසා මට නම් මේවා අමුතු දේවල් නොවේ. එත් මම දන්නවා කොම්පියුටර් භාවිතා කළාට කවදාවත් ඒක ඇතුලේ තියෙන්නේ මොනවද කියල දන්නේ නැති අයත් ඉන්න පුළුවන් බව. හැබැයි මතක තියාගන්න දන්නේ නැත්නම් මේක ගලවලා බලන්න යන්න එපා. එතනින්ම කොම්පියුටරේ අවසානේ වෙන්න පුළුවන්.
මෙහෙම දූවිලි පිරෙන එක කොම්පියුටර් එකකට ප්‍රශ්නයක්ද? නැතිද?. කවුරු මොන විධියට කිව්වත් එක හොඳනෑ. මොකද කියනවා නම් ඔය දූවිලි නිසා ලෙඩ ගොඩක් එන්න පුළුවන්. මොනවද දූවිලි විධියට එකතු වෙන්නේ?. පස් අංශු, ඉදිකිරීම් ආදිය සිදුවන බිමක් හො අවට නම් සිමෙන්ති, හුණු කුඩු, පාර අයිනේ ස්ථානයක නම් කාබන් අංශු ආදී විවිධ දේ මේ දූවිලි වෙන්න පුළුවන්. තවද විවිධ රසායන ද්‍රව්‍ය මේ දූවිලි එක්ක තිබෙනවා. මේවා නිසා තමා අපේ පරිගනකයට හානි වෙන්නේ. මේ මගින් වෙන හානි මම කීපයක් දක්වන්නම්.
පරිගනකයේ කනෙක්ටර් වල මේව තැම්පත්වීම නිසා නිසි ලෙස සම්බන්ධතා නොවීමෙන් නිතර ක්‍රියා විරහිත වෙන්න පුවවන්. System Board හෝ වෙනත් cards (Memory, Sound card, Video card) ආදියේ තැම්පත් වන දූවිලි වලින් එම පරිපථ වලට වන හානි රැසකි. මෙම දුහුවිලි අංශු හා වාතයේ ඇති වාෂ්ප හා එක්වී විවිධ රසායන ද්‍රව්‍ය හැදෙනවා. ඒවායින් Board එක දිරා පත් වන්න පුළුවන්. ඒ වගේම අග්‍ර අතර තැම්පත් වන මෙම දූවිලි හා ජලය එක්වී සන්නායක ලෙස ක්‍රියා කිරීම නිසා අළුත් පරිපථ සෑදී වැරදි ධාරාවන් නිසා mother board (system board) ඇතුළු අනෙකුත් Board වලට හානි වීමෙන් පරිගනකය නැවත භාවිතා කරන්න බැරි ආකාරයට හානි වෙන්න පුළුවන්. ඒවගේ අවස්ථා මට ගනනාවක් ලැබිල තියනවා. තවත් මෙවන් ලෙඩ ගොඩක් කියන්න නම් පුළුවන්. එත් එකෙන් වෙන්නේ පොස්ට් එක අනවශ්‍යය ලෙස දික් වෙන එක.
දැන් ඉතින් මේකට මොකද කරන්න පුළුවන්. ඔන්න මෙතෙන්දි තමයි අපිට වැඩක් තියෙන්නේ. මොකද අපේ පරිගනකය වෙලාවට සර්විස් කරන්න ඕන. එ සඳහා ප්‍රමාණවත් දැනුමක් හැකියාවක් තමන්ට තිබෙනවනම් තමා විසින්ම කර ගන්න එකේ වරදක් නෑ. හැබැයි වොරන්ටි තියෙනවනම් ඒක වෙනම ප්‍රශ්ණයක්. ඔය වොරන්ටි හා අළුතින් පරිගනක ගන්න එක ගැන වෙනම දවසක කතා කරමු. දැන් ඉක්මනට මේක කියල ඉවර කරන්නම්.
වෙලාවට සර්විස් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් මාස 6කට වරක් වත් කරනවනම් තමා හොඳ. තමන් ඉන්න පරිසරය දූවිලි අධික නම් ඊට වඩා අඩු කාලයකින් කරන් වෙයි. ටික කලක් යනකොට තමාටම ඒ ගැන තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සර්විස් කරන වෙලාවට සර්විස් එකට කලින් ඇතුල කොහොමද කියල පෙන්නන්න කියන්න. එහෙම පෙන්නන්න අකැමති ටෙකිනීෂියන් කෙනෙක් ඉන්නවානම් මම හිතන්නේ ඔහු එතරම් හොඳ අයෙක් වෙන්න බෑ. මම සෑම විටම අයිතිකාරයා ඉන්න තැන කොම්පියුටර් එකක් ගලවන්න මැලි වන්නේ නෑ. ඒ වගේම මම මේ ක්‍ෂේත්‍රයේ ඉන්න අනෙක් අයත් එහෙම කරයි කියල හිතනවා. තවද ඔය කීබෝඩ් එක මවුස් එක මොනිටරේ එහෙමත් දූවිලි ඇතුළු අපද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එවත් සර්විස් එකේදිම ඉවත් කරවා ගන්න. මතකනේ මගේ පරණ ලිපිය.
එහෙනම් අදට ගිහින් එන්නම්. මේක හදිස්සියෙ ලියල ගිය එකක්.
සුභ දවසක් හැම දෙනාටම!!!
ප/ලි
දැන් කතන්දර නිසා මමත් ප.ලි. කෑල්ලක් දාන්න පුරුදු වෙලා. කොහොමත් කසූ මගේ බ්ලොග් ගුරානේ. මේ පොස්ට් එක පබ්ල්ෂ් වෙන කොට මම බස් එකේ මග යනවා ඇති. මම අද අකුරැස්සේ යනවා (මාතර) නිල්වලා පීඨයේ අපේ AGM එක තියනවා. මාතර පැත්තේ අය ඉන්නවානම් උදව්වක්
එහෙම කරන්නනකෝ. කොමෙන්ට් ටික සඳුදා approve කරන්නම්. තරහ වෙන්න එහෙම එපා ඒ ගැන.

17 comments:

  1. වැදගත් ලිපියක්.මගෙ කොම්පියුටරේ උඩ දූවිලි තට්ටුවක්ම තියනවා.ඇතුලෙ කොහොමද දන්නෙ නැ.ගලවල බලන්න ඕනේ

    ReplyDelete
  2. අප්පා දූවිලි ගැන නම් කතාකරන්න එපා....එපාවෙනවා වෙලාවකට....:(((((...

    ReplyDelete
  3. දූවිලි චිතරක් නොවෙයි, ඔය වාහන සර්විස් කරන තැන්වල තියෙන කොම්පියුටර් වල කූලින් සිස්ටම් වලින් ඔයිල් බේරෙනව.

    ReplyDelete
  4. ඉරාක අයියලා කුවෙට් එකට ගහපුවෙලේ මේ වගේ එවා දැක්කා ට පස්සේ දැක්කමයි.එවා තිබුනේ ගෙවල් වලට යටවෙලා පස් පිරිලා අපේ කොල්ලෝ එවා සුදුද කරලා යසට වැඩ ගත්තා හික්....

    ReplyDelete
  5. අපේ එතත් තිබ්බා... දූවිලි නැත්නම් වැඩකරන්නේ නෑ... මොකක් හරි බූට් ෆේලියර් එකක් දෙනවා... ඒ නිසා අපි එක පිහිදන්නේත් නෑ... :ඩී

    ReplyDelete
  6. හම්මෝ...
    දූවිලි ගොඩායි...
    මටත් ආසයි මේ වගේ දූවිලි Computer එකක හිමිකරුවෙක් වෙන්න..

    ReplyDelete
  7. හපොයි මේක දූවිලි විමානයක් නේ.

    ReplyDelete
  8. ලෙඩදුක් හැදුනවිට දොස්තරවම නොබලා
    කළ අත් බේත් නම් විටකදි එගොඩ කලා
    ඔබගේ මතක අපි හැමගෙම මතකවෙලා
    තුන් දොස් කිපුන කොම්පියුටර ගනිමි බලා

    ReplyDelete
  9. හ්ම්...වැදගත් ලිපියක්...
    ජයවේවා!!!

    ReplyDelete
  10. මචං උඹේ "කම්ෆියුටර්ස්" ගැන ලියවුන පොස්ට් ටික වටිනව මාර විදිහට.මට මෙන්න මෙහෙම පුරස්නෙකුත් තියෙනව...
    නෝට්බුක් එකක් උනත් කිසිම අවුලක් නැතිව තිබුනත් සර්විස් කරන්න ඕනද කාලින් කාලෙට? එහෙම ඕනනම් සාමන්‍යයෙන් කොයි තරම් කාලෙකට සැරයක්ද?

    ReplyDelete
  11. @ blog gadol
    බලන්න ඒක හොඳයි.
    @ Shadow/හේමලයා
    කොම්පියුටරේ දූවිලිද? නැත්නම් ඇ‍ඟේ වදින දූවිලිද? නැත්නම් ...?
    @ Praසන්ன
    ඒවා oil cooling system තියන කොම්පිටුටර්. ලේටස් මොඩල් එකක්. මේ පැත්තට සතුටින් පිළිගන්නවා

    ReplyDelete
  12. @ ෂදීශ් ගේ සටහන
    ඒ පැත්තේ ඒ කාලේ හිටියද?
    @ කුෂාන් ඇස්. වන්නිආරච්චි
    දූවිලි සර්කිට් එකක් එකේ ඇති. බැරිවෙලාවත් සුද්ධ කලොත් කියන්න. ඇතුලට දාන්න දූවිලි එවන්නම්.
    @ Gaminda
    කොම්පියුටරේ ගන්න අපි දූවිලි දෙන්නම්.
    කට්ටියම මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  13. @ පිස්සා පලාමල්ල
    සෙට් වෙලා පිහදාමු දූවිලි ටික
    @ විහඟ ගීතය
    අත් බෙහෙතෙන් ගොඩ යන වෙලවෙල් වගේම නැති වෙන වෙලාවලුත් තියනවා.
    @ සම්පත් / jt
    මේ ඉසව්වට සතුටින් පිළිගන්නවා.

    ReplyDelete
  14. @ කංචු
    හරියටම කියන්න බෑ. වොරන්ටි ඉවර නම් මාස 6කට වරක් වත් පොඩ්ඩක් චෙක් කරගන්න එක හොඳයි. අවුරුද්දකට වරක් වත් අනිවාර්යයෙන් සර්විස් කරන්න ඕන. සමහර ඒවායේ CMOS battery එක කාලයක් යනකොට system board එකට leak වෙනවා. ඒකෙන් board දිරා යන්න පුළුවන්. දූවිලි පිරුන නොට් බුක් මම ඇති වෙන්න ගලවල තියනවා. මේක බලන්නකෝ http://priyantha-ab.blogspot.com/2010/06/blog-post_27.html මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා.

    ReplyDelete
  15. ඉතින් වොරන්ටි තියෙන ඒවාට මොකද මචන් කරන්නේ

    ReplyDelete
  16. ඇයි free service තියෙන්නේ. එක කර ගන්න. මොකද වොරන්ට් තියනවනම් වෙන කාටවත් එක් ගලවන්නත් බෑනේ. ස්තුතියි කොමෙන්ටුවට.

    ReplyDelete
  17. පැමිණි සැමට ස්තුතියි. හෙට උදේ අළුත් පොස්ට් එකක්.

    ReplyDelete