Tuesday, August 10, 2010

සෙත් කවි

පළමුව බුද්ධං සරණ යමි.
දෙවනුව ධම්මං සරණ යමි
තෙවනුව සංඝං සරණ යමි
මේ තුන් සරණේන් ජය පතමි

දවසින් දවස අලුතින් බ්ලොග් ලියවේවා
ඒ හා සමග කියනවන්නන් වැඩිවේවා
ලස්සන කෙමෙන්ට් ඒහා එකමුතු වේවා
සිංහල ‍බ්ලොග් අඩවි සැමදා සැරදේවා

අකුරෙන් අකුර සිංහල පද ඇමිණේවා
කවියෙන් කතාවෙන් රස ගැන්වේවා
නොඅඩුව විහිලු තහලුත් මෙහි පැතිරේවා
සිංහල ‍බ්ලොග් අඩවි සැමදා සැරදේවා

අයියල අක්කලා සැම පැමිණේවා
නංගිල මල්ලිලා කවුරුත් පැමිණේවා
කියවා කොමෙන්ට් දා සිත් සැනසේවා
සිංහල ‍බ්ලොග් අඩවි සැමදා සැරදේවා

උදයට පායන හිරු දෙවියන්නේ
සවසට පායන සඳු දෙවියන්නේ
බ්ලොගයට අධිපති බ්ලෝග් දෙවියන්නේ
සිංහල බ්ලොග් සැමදා සුරකින්නේ


11 comments:

  1. ප්‍රියන්ත ලොක්කත් කවි කාරයෙක්නේ. එල එල.

    ReplyDelete
  2. "බ්ලොගයට අධිපති බ්ලෝග් දෙවියන්නේ, සිංහල බ්ලොග් සැමදා සුරකින්නේ"......නියමයි......

    ReplyDelete
  3. සිංහල බ්ලොග් අඩවි වාගේම , බ්ලොග් ලියන්නන්ටද තුණුරුවන් සරණ ලැබේවා !!!!

    ReplyDelete
  4. ෂාහ්... ප්‍රියන්ත මහත්තයත් නියම කවිකාරයෙක්නේ ඈ... සෙත් වේවා කිව්වා එහෙනම්...

    ReplyDelete
  5. හැමදා ලියන හුරු විරු කම වලට පිටින්
    හඳුනා නොගත් කවියෙක් ඉද ඇතිය සිතින්
    අඟනා මැණික ඔපනැංවෙන විලස තුටින්
    වෙනදා පුරුද්දට මෙන් මඟ බලමු ඉතින්

    ReplyDelete
  6. ඔබේ බ්ලොග් කවිගැන නම්
    කීමට නැත දෙයක් මට නම්
    බ්ලොගයට දෙවියන් සිටි නම්
    රැක දේවා මේ මහා කවි කම්

    ReplyDelete
  7. ෂා...නියමයිනෙ.සෙත් කවි, වස් කවි එහෙමත් දන්නවා වගේ!!

    ReplyDelete
  8. @කාංචන දිනූක
    තැන්කු කිව්වා එහෙනම්
    @Shadow/හේමලයා
    ඔව් ඉතින් බ්ලොග් ලියන අපටත් දෙවියෙක් ඉන්න එපාය නේද?
    @හරී
    අපි කාටත් එහෙම වේවා නේද?
    @ඉලංදාරියා
    ඔබටත් ජයවේවා
    @blog gadol
    කියමුද වස් කවියත් බ්ලොග් වලට පනින යක්කුන්ට

    @සනා
    සනාටත් ජය පතමි. අලුතින් පටන් ගත් බ්ලොග් ගමන සාර්ථක වේවා.

    @විහඟ ගීතය
    කවි ලියන්නම උපන් ඔබටත් තුති මේ ඉසව්වට ආවට

    @පුතා
    ඔන්න කවි දැන් වෙනම ලියනවා. ඒ පැත්තෙත් වෙලාවක් තිබුනොත් එන්න.
    @කතන්දරකාරයා
    Thank you very much ඔබත් මට ලොකු ශක්තියක් උනා.
    @බුද්ධි
    තැන්කු බුද්ධි. මොකද මේ දවස්වල පොස්ට් ලියවෙනව අඩු?
    බුද්ධිත් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

    ReplyDelete