Wednesday, July 28, 2010

Kekulé ගේ හීනය සහ මගේ හීනය

අද මට විශේෂ දවසක්. ඒ නිසාම අද මට විශේෂිත දෙයක් පෝස්ට් එකක් විධියට දාන්න හිතුනා. මේක වෙනකොට මම කොම්පියුටර් ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 3ක් විතර ඇති. ඒ වෙනකොටත් මට පැවරෙන වැඩේ ගොඩ දාගන්න අවශ්‍ය හැකියාව හා වාසනාව මට නොඅඩුව තිබුනා. පම්පෝරි ගහනවා නෙවේ ඇත්තම ඇත්තයි මේ කියන්නේ.
ඔහොම ඉන්නකොට දවසක් මට සෙට්වුනා අවුලක් තියෙන ප්‍රින්ටරයක්. මේකෙන් ප්‍රින්ට් කරන්න බැරිලු. අළුත් එකක්. මේ HP Laser Jet 6MP වර්ගයේ එකක්. තියෙන්නේ ලඟ පාතක එහෙම නෙවේ. අපේ ඔෆිස් එකේ ඉඳන් ගත්තොත් කිලොමීටර් 30කට වැඩි ඇති. අයිති කාරයා පොඩි ප්‍රෙස් එකක් කරන පොරක්. අප ආයතනයේ ටයිප් සෙටින් කළ පොතක් ඒ දවස්වල පොරගේ ප්‍රෙස් එකේ ප්‍රින්ට් වෙනවා. මම වත් අපේ කවුරුවත් ලියපු එකක් එහෙම නොවේ. කොහොම නමුත් ඔය මොකක් හරි සම්බන්ධයකින් මෑන් දැනගෙන තියනවා අපේ ආයතනය රෙපෙයාර් කරන්න expert ල කියල.
ඔය උඩ තියෙන්නේ ඒ වගේ ප්‍රින්ටරයක් තමා. දැන් මම ඔය ප්‍රින්ටරය ඇහැටවත් දැකල නෑ. මම ඒ වෙනකොට ඒ වර්ගයේ එකක් වත් දැකල නෑ HP Laser Jet 4L වගේ ඒව තමා දන්නේ. ඕන එකක් කියල මම දවල්ට කාල පොරත් එක්ක ගියා. ගියෙත් බස් එකේ. පැය 2 1/2 ක විතර සුළු වෙලාවකින් වැඩිය වංගු නැති නයා ගියා වගේ පරක බස් එකේ ගිහින් පොරගෙ ඔෆිස් එකට ගියා. යනකොට නිකං පාන් කියාගන්නත් බැරි ගානයි. බඩගින්නට නෙවේ බස් එකේ තියෙන සනීපෙට හරියටම කියනවනම් අර කතන්දර කාරයාගේ නුවර පැත්තේ කතාවක තියෙන බස් එකේම කොට මොඩල් එක. ඕවගේ ගියපු අය දන්නවා තියෙන ආතල් එක. අමාරුවට අනික් හේතුව අපි ඒ දවස්වල බස් එකේ එච්චර දුර යනනේ කලාතුරකින්. හැමදාම යන්නේ කිලෝමීටර් 8ක් 10 විතර.
කොහොම හරි විනාඩි 15ක් විතර රෙස්ට් කරල තේ එකක් බීල වැඩේ පටන් ගත්තා. බැලුවම ප්‍රින්ටර් එක on වෙනවා initialize වෙලා paper jam එකක් indicate කරනවා. Toner එක ගලවා බැලුවත් paper jam එකක් නෑ. සොෆ්ට්වෙයා අවුලක්ද බලන්න සො‍ෆ්ට්වෙයා එකත් ගලවල ආපහු දැම්මා වෙනසක් නෑ. සැකේට කරාට මේක කොහොමවත් සොෆ්ට්වෙයා ප්‍රශ්ණයක් වෙන්නත් බෑනේ. මේකේ memory module එකක් තියනවා. අමතරව post script font වලට module එකකුත් තියනවා. Side cover එක ගලවා ඒ module දෙක ගලවා දූවිලි ආදිය පිස දමා බැලුවා. වයර් ක්ලිප් තද කරල බැලුවා. කිසි වෙනසක් නෑ. පොරගේ කොළඹ ඉන්න නෑයෙක් අරන් එවපු එකක් නිසා පොරට වොරන්ටිය ගැන අදහසක් නෑ. ඥාතියා contact කරන්න බැලුවත් බැරිවුනා ටික දවසකට විදේශ ගතවෙලාලු. ඒ නිසා ගලවන්නත් බෑ. කොහොම හරි හොයල බැලුවම කිපදෙනෙක්ම ඇවිත් මේකට අත ගහල බැරිව දාල ගිය එකක්. පොර ඒක කීවෙ පස්සෙ. දැන් හවස් වේගනත් එනවා. වැඩේ ඉක්මනට කරන්න පුළුවන් පාටකුත් නෑ.
මේ අතර පොර එක පාරටම අහනවා තව වෙලා යයිද කියල. මම කිව්වා කියන්න බෑ. පැය දෙකක් විතර යයි කියල. මොකද මට මේකෙ manual එක කියවන්න යන වෙලාවත් එකතු කරල. පොර කියනවා එහෙනම් පොඩි රෙස්ට් එකක් ඇරන් වැඩේ කරන්න කියල. මම ඇහුවා ඇයි කියල. දැන් තව පැය බාගෙකින් නුවරට අන්තිම බස් එක යනවා. දැන් මේක ඉවර වෙලා එකේ යන්න වෙලා නැති නිසා අද ඉඳල වැඩේ ඉවර කරල හෙට යන්නලු. කිසි අවුලක් නෑ ඉන්න පුළුවන් කෑම, නාන්න ඇඳුම් ඔක්කොම දෙන්නම් ඉන්න කියල. ඕක කරන්න පුළුවන් වැඩක්ය. අනික ගෙදරට කියන්න විදියකුත් නෑ. ගෙදරට ඒ දවස්වල ෆෝන් නෑ. ඔය 99 විතර කාලේනේ. Loop නැති කාලේ. ගෙදරින් call කරන්නේ office එකට. දැන් බලනකොට එහෙත් කවුරුත් නෑ. ඒ නිසා ගෙදරින් හොයනවානේ මම ගෙදර ගිහින් හෙට ඇවිත් ඉතුරු ටික බලන්නම් කීවා. පොර එහෙනම් ඉක්මනට බස් එකට යන්න කීවා. මමත් කියවන්න manual එකත් අරන් ගෙදර ආවා. කොහොම හරි රෑ 10:30 ට විතර ගෙදර ආවා.
මොන manual කියවිල්ලක්ද? ඒ වෙනකොට ඇඟට හොඳ ගනන්. ඉක්මනට කාල නිදාගත්තා. ඔන්න රෑ මැද මට හීනයක් පෙනෙනවා හරියට අර බෙන්සීන් ආකෘතිය හොයාගත්ත Kekulé ට වගේ මටත්. අර ප්‍රින්ටරේ කොළයක් හිරවෙනවා. හැබැයි ඒක පේන්නෙනෑ. ඒවුනාට sensor එකේ ඒක තියනවා. මොකක්ද දෙයියනේ මේ කොලේ කියල මම ගන්න බලනවා. බලන කොට ඒක පොඩි කොල කෑල්ලක්. එතකොටම මාව ඇහැරුනා. මම අර manual අරන් paper jam එකක් recover කරන්නේ කොහොමද බැලුවා. ඔය ලස්සනට තියෙන්නේ විස්තර ඇතුවම.
මමත් ඉතින් උදේම පුරුදු විධියට office එකට ගිහින් field book එකේ note එකක් දාල අර බස් එකේ වැනි වැනී අර පොරගේ ප්‍රෙස් එකට ගියා. ගිහින් ඔහේ ටිකක් වෙලා ප්‍රින්ටරේ පෙරල පෙරලා හිටිය. එක පාරට දෙයක් මතක් වුනා වගේ Toner එක ගලවා බැලුව එක කොට තමා දැක්කේ යට සෙන්සර් එක ලඟ පොඩි කොල කෑල්ලක් වගේ දෙයක් තිබෙන බව. හෙමින් ඇරන් බැලුවම paper jam වෙලා අදින විට කොලයකින් ඉරි ගිය කුඩා කැබැල්ලකින් සෙන්සර් එක වැහිල. මමත් අයියා වගේ ඒක අයින් කරල මගේ වැඩේ ඉවර කලා.
දැන් පොරටත් පුදුමයි කොහොමද මේක හොයා ගත්තේ, ඇයි කලින් දවසේ හොයාගන්න බැරි වුනේ කියල. මමත් ඔහේ කිව්වා ඊයේ දවල් බස් එකේ ඇවිත් හරි අමාරුවෙන්නේ හිටියේ. අද ඉතින් උදේම ආපු නිසා වැඩි මහන්සියක් නෑ. එතකොට ටිකක් කල්පනා කරල වැඩේ කරන්න ලේසියි කියල. පොර කියනවා අපරාදේ මම කලින්ම ඔයාට කිව්වනම් මේක මෙච්චර දවසක් යන්නේ නෑනේ කියල. වැඩේ කියන්නේ කලින් හදන්ට ගිය අයට මට වගේ හීන පේනනේ නැතිව ඇති.

ප/ලි
මේ සිද්ධිය මම ගොතපු කතාවක් එහෙම නෙවේ. සහතිකම ඇත්ත. ගොඩක් කාලෙකට කලින් වෙච්ච දෙයක් නිසා එකිනෙක ගලපන්න අතින් කෑලි දෙක තුනක් දැම්මා. ඒත් මට අදටත් තියෙන ප්‍රශනෙ කොහොමද ඔය හීනෙ පෙනුනෙ කියල. ඊට පස්සෙත් ඔය වගේ වෙලාවල එක පාරටම මට මෙහෙම කරොත් හරිනේ කියල හිතිල හරි ගිය දේවල් තියනවා. නමුත් මේක නම් සම්පුර්ණයෙන්ම වෙනස්. සමහර විට අපිට අපේ විද්‍යාවන්ගේන් විස්තර කරන්න අමාරු දෙයක් කියලත් මට හිතෙනවා.
මගෙ අම්මෝ හොඳටම වෙලා ගියා. ගෙදර කට්ටිය අර අවුරුද්දකට සැරයක් කපන කෙක් එක කපන්න මම එනකම් බලන් ඉන්නවා. කටට හුලං එකක් පුරවාගෙන මම දුවනවෝ!!!!!

11 comments:

  1. තැනේ හැටියට එපාය ඇනේ ගහන්න....නැද්ද?.........:D

    ReplyDelete
  2. අයින්ස්ටයින්ගෙ ඔළුව උඩට ඇපල් ගෙඩියක් වැටුන වගේ.

    ReplyDelete
  3. ඔහොම ඒවා වෙනවා. එහෙම වෙන්න වැඩේට සිරාවටම බහින්න ඕන. ඔයා වැඩක් කරනකොට සිරාවටම ඒකට බැහැලා කරනවා ඇති. :)

    ReplyDelete
  4. සුභ උපන්දිනක් වේවා අයියේ !!!!!!!
    මම හරි නේද?!

    ReplyDelete
  5. සුභ උපන්දිනයක් කිව්වා එහෙනම්...

    ReplyDelete
  6. සුභ උපන්දිනක් වේවා !!
    මටත් ඔය වගේ ලෙඩක් තියනවා , හැබැයි මෙහෙමයි ... , මට නම් වැඩක් කරලා කරලා එපා වෙලා (*අම්මපා හොඳටම මල පැනලා) නිකන් ඉඳලා , ටික වෙලාවකින් පොඩි ඇලට් එකකට දාලා හරි , ෆිල්ම් එකක් බලනකොට හරි මෙන්න පේනවා අවුල , ඊට හේතුව , මොකක්ද විසඳුම කියලා ලස්සනට ... ඒ වේලාවට මට නම් ඉතින් මඤ්ඤං වගේ .... (ඕක් ගොඩක්ම එන්නේ ගනන් හදනකොට තමා) ......

    මම හීන පේනවා නම් අඩුයි ...

    ReplyDelete
  7. අම්මපා මට මීටර් වුනේ නැහැ නොවැ. මම අන්තිම ඡේදේ දුවන ගමන්නේ කියෙව්වේ. එහෙනම් ඕං මාත් සුබ පැතුවා. සුබ උපන් දිනයක් වේවා!! :)

    ReplyDelete
  8. Wish u many happy returns of da day bro! nice story!! can't type in sinhala coz I'm not @ home now

    ReplyDelete
  9. සුභ උපන් දිනයක් වේවා(පහුවෙලා උනත්.........)ඔය වගේ දේවල් මටත් වෙනවා බන්.කොහොම උනත් උබ කරලා තියෙන්න්නේ වෙන කිසි එකෙකුට ඊට කලින් නිවරදි කර ගන්න බෑරි උන ලෙඩක්නේ...

    ReplyDelete
  10. @Shadow/හේමලයා
    හේමලයාත් හැමදාම මෙහෙ එනවනේ ස්තුතියි. එතන වුනේ තැනේ හැටියට ඇණේ ගහනවට වඩා නොහිතපු විධියකට ලෙඩේ හොයාගත්ත එක.
    @Hishan Melanga
    මගේ මතකයට සාදරයෙන් පිළිලන්නවා.
    @කාංචන දිනූක
    ඇත්ත. එහෙම නැත්නම් කිසිම දෙයක සාර්ථකත්වයක් දකින්න බෑනේ. ස්තුතියි සුභ පැතුමට.
    @හරී
    හරි හරියටම හරි. තෑන්කස් විෂ් කළ එකටත්
    @පුතා
    තෑන්කස් මචං
    @Unknown_User/හිඟන්නා
    මගේ මතකයට සාදරයෙන් පිළිලන්නවා. මටත් ඉඳ හිට තමා හීන පෙන්නේ. ඕක තමා මට පෙනුන වටිනාම හීනේ (මේ දක්වා හීන වලින්)
    @sriniranjana
    Thank You bro and welcome to මගේ මතක
    @blog gadol
    Thank You very much bro. එකට මොකද පුසනුත් නිතර මෙහෙ එන අයනේ.
    @NUWAN"s lane
    ඒකෙ අවුලක් නෑ. වෙන කෙනෙකුට කරන්න බෑ කියන්නේ හරියට කෙනෙක් වැඩේට යොමු වුනේ නැතිනිසා. හරියටම වැඩේට අවධානය යොමු කලොත් උත්තරේ කොහෙන් හරි එනවා. ඒක මම හොඳට දැකල තියනවා. ආවට ස්තුතියි.

    කියවා ගිය සැමටමයි මේ ස්තුතිය.

    ReplyDelete