මතකනේ ජෙනියට කර ගහපු කතාවේ පළමු කොටස. ඔන්න කියවපු නැති අයට මෙතනින් බලා ගන්න පුළුවන්.
අද ඉතුරු කොටස.
දැන් අපි උදේ 6.30 ට නුවරින් යන බස් එකට සෙට් වෙන්න කථා කර ගත්තා. අපේ ඥානෙගේ තාත්තා ඩිපෝවේ නිළධාරියෙක් නිසා බස් එක නුවර ගුඩ් ෂෙඩ් එකෙන් පිටත් වන බස් එක ඔර්ලොසු කණුව ළඟ ස්ටෑන්ඩ් එකේත් විනාඩි 10ක් නවත්වගෙන ඉන්න පුළුවන් කියා පොරොන්දු වුනා. (නුවර බස් ස්ටැන්ඩ් ගැන නොදන්න අයට- නුවර ප්‍රධාන බස් ස්ටැන්ඩ් 2ක් තියනවා. එක්ක ගුඩ්ෂෙඩ්, බොහෝ දුර ගමන් බස් පිටත් වනේ මෙතනින්. අනෙක ක්ලොක් ටවර්. ළඟ පාතට යන බස් තමා මෙතැනින් පිටත් වන්නේ. ගුඩ්ෂෙඩ් බස් සාමාන්‍යයෙන් ක්ලොක් ටවර් ස්ටෑන්ඩ් එකට දාන්නේ නෑ) ඒ වෙලාවට ඔක්කොම ඒම ස්ථානයට එන්නත් පොරොන්දු වුනා. දැන් උදේ 6.30 ට බස් එක වෙලාවටම ස්ටෑන්ඩ් එකට දැම්මා. හැමදාම බස් එකේ යන පිරිසට ටිකක් අප්සේට්. ඒත් කොන්දා වැඩේ ෂේප් කරා විනාඩි 5න් යනවා කියා.
කොහොම හරි ඔක්කොම ඇවිත් ජෙනිය ගේන සෙටි එක නෑ. බස් එකේ කට්ටිය සද්දෙ දානකොට යන්තම් විනාඩි 15 ක විතර සුළු ප්‍රමාදයකින් පස්සේ කට්ටිය ආවා. නිකම්ම නොවේ ඔපරේටර් කෙනෙක් සමගම ජෙනරේටරයත් රැගෙනම. ආයේ සුළු පටුනෑ පළාතෙම බැටරි චාර්ජ් කරන්න පුළුවන් කිලෝවොට් 2ක ජෙනියක්. කොහොමද අපේ කට්ටියගෙ වැඩ. ඕක උදේ පාන්දර බස් එකකට දාගන්න ගිහින් තමා විනාඩි 15 ක් පරක්කු වෙලා තියෙන්නෙත්. ඔය පහල තියෙන්නේත් ඒ වගේ එකක්.
ඔන්න ඉතිං ගමන පිටත් වුනා. ආපදාවක් නැතුවම බස් එකේ මගීනගෙත් ප්‍රශංසා මැද ගමනාන්තයටත් ආවා. මොකෝ අපේ උන්ගේ සද්දෙයි කියන සිංදුයි ඇහුවම කාටද ආදරේ හිතෙන්නේ නැත්තේ. බස් නැවතුමේ තේ කඩයෙන් උදේ ආහාරය ඇරන් කඩේ මුදලාලිගෙන් යන පාරේ විස්තරත් අහගෙන කිලෝමීටර් 15 ක විතර දුර පයන්ම යන්නයි කට්ටිය දැන් ලෑස්ති.
දෙන්නෙක් ජෙනිය උස්සලා බැලුවා. ඉස්සුවාට මීටර් 100 ගෙනියන්නබෑ. ඒතරම් බරයි. දැන් මොකද කරන්නේ. ජෙනිය කඩේ ළඟ තියලා ගිහින් වරින් වර ඇවිත් බැටරි චාර්ජ් කරන් යන්ට පුළුවන් තරම් පොඩි දුරක්යැ. ආයෙත් අදහස් ගලනවා. “අපි ඕක ලී දෙකක ගැටගහලා කරේ තියන් යමු.” වැඩේ නම් හොඳයි. කඩේ මුදලාලිගෙන් ලී දඬු දෙකක් හොයා ගන්න අපහසු වුනේ නෑ.
අතර මග හමුවන කීප දෙනෙක්ගෙන්ම පාර අහන්න අපි අමතක කලේත් නෑ. එහෙට තියෙන්නේ රබර් හැතැප්මද කොහේදෝ. ඇහුවාම තව හැතැප්ම 6ක් විතර ඇති කියනවා. හැතැප්ම 5ක් විතර ගිහින් ආයේ හමුවන කෙනෙක්ගෙන් ඇහුවාම තව 5ක් විතර ඇති කියනවා. ඔහොම හත් අට දෙනෙක්ගෙන්ම අහන්ට ඇති.
අපිට ඇල්ලුවේම නැත්තේ උත්තර දෙන ගමන් අපි දිහාත් අපේ කරමත නැගී අභිමානවත්ව ගමන් කරන ජෙනීරාජයා දෙසත් ඔවුන් අමුතු විධියට බලපු එකයි. අපි හිතුවේ දුෂ්කර ගමක ඉන්න ඔවුන්ට ජෙනරේටරය අලුත්දෙයක් කියයි. ඒත් නියම හේතුව තේරුනේ නැවති ගිමන් හරින විට එතැනට ආ පොරක් අපිත් එක්ක කථා කරමින් ඉන්න විටයි. ඒක වුනේ මෙහෙමයි.
පොර. මේ පුංචි මහත්තුරු කොහේ ඉඳන්ද?
අපි. අපි මේ නුවර ඉඳන්
පොර. මීමුරේ යනවා වෙන්ටෑ මයෙ හිතේ.
අපි. ඔව් මේ ගම ගැන විස්තර හොයන්නට. මේ ඉස්කොලේ තියන ප්‍රදර්ශනයකට.
පොර. මේ ජෙනරේටර් එකකුත් ඇරන් (මළා මුන් ජෙනරේටර් ගැන දන්නවා නේ)
අපි. ඔව් මේ අපේ කැමරා වල බැටරි චාර්ජ් කරන්න. (ඒක නම් තේරුනාද දන්නෑ)
පොර. ඇත්තද (කිංඩියට වගේ සිනාසෙයි)
අපිනම් ජෙනරේටර් එහෙ මෙහෙ ගෙනියන්නේ වැන් එකක පටවගෙන.
ගොහින් ඒඤ්ඤං මහත්තුරුනේ
ප/ලි
වෑන් එකක් තිබුනෙ නැද්ද???
ReplyDeleteමාර කට්ටක්නෙ කාලා තියෙන්නෙ! එල එල!!
ReplyDeleteමාරයි මම ඉස්සර හිටියා පන්විල කියලා ගමක හිටපු පැත්තට පේනවා හුනස් ගිරිය ලස්සනයි එහේ දුෂ්කර නිසා අය හිටපු දිහාටම ගියා මම අනුෂ මම දන්නවා නුවර පැත්තේ අමාරැව එත් නියමයි නුවර
ReplyDeleteඅමුම අමු කට්ටක්.....අම්මෝ..
ReplyDeleteඑල කතාව අයියා...නුවර කොල්ලෙක්නෙ.... අද තම අයියගෙ බ්ලොග් එකට ගොඩ වුනේ.. දැන්නම් මීමුරේට ජෙනි උස්සන් යන්න ඕන නෑ.. පාර හදලා... කරන්ට් එකත් ගිහින් තියෙන්නේ... Guest House එකකුත් තියෙනවා මගෙ හිතේ..
ReplyDeleteඔන්න පොරක් ගෙදර ලොකු බිත්ති ඔරලෝසුවක් රෙපයාර් කරන්න අරං යනවාලු. අර බට්ටා තයෙන පරණ වර්ගය. පාරෙදි කාගේ ද ඇඟේ හැපුණා. මිනිහට රිදිල, ඒ පිටම කේනතියට කිව්වලු මෙහෙම.
ReplyDeleteගන්නවකො ඕයි අත් ඔර්ලෝසුවක්!!!!
@indi
ReplyDeleteවෑන් එකක් තිබුනේ නෑනේ. (පොඩි පැහැදිලි කිරීමක් ඉක්මනට දෙන්නම්)
@Shadow/හේමලයා
කාපු කටු වලින් හොම එකක්
@පුතා
මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. ඔය කියන්නේ දැනට අවුරුදු 16කට කලින්.
@කතන්දරකාරයා
මම කියපු කතාව නියමෙට කේරුම් ඇරන්. ලොකුම ප්‍රශ්නෙ ආවෙ ඔය සද්දන්ත ජෙනිය නිසා තමා.
අනේ වාසනාවන්ත ජෙනියක් හතරදෙනෙක්ගෙ කරපිටින් ගිහින් නොවෑ
ReplyDelete