Monday, July 19, 2010

කාරුණික ඉල්ලීමයි.


මේ කියන්න යන්නේ සමහරුන්ට නම් ටිකක් දුක හිතෙන් කතාවක්. ඇත්තම කිව්වොත් මමත් මේක ලියන්නේ කණගාටුවෙන් තමා.
අපි කවුරුත් වගේ සුරතල් සතුන්ට කැමතියිනේ. මමත් බ්ලොග් කීපයකම මේ ගැන සඳහන් වෙලා තියනවා දැක තිබෙනවා. අපේ ගෙදරත් එහෙමයි. මම දන්න කාලෙක ඉඳන් අපේ ගෙදර බල්ලෙක් නොසිටි කාලයක් මට මතක නෑ. ඊට අමතරව බළලුන් හා අතරමං වූ ලේන පැටවුන්, හා පැටවුන් ඇතිකර ලොකු වුනු පසු නිදහස් කර ඇති වාර ගණනක්.
මේ කියන්නේ වෙන කතාවක්. අපි ඇති කරන සතුන්ට අමතරව අවට ගෙවල් වල සිටින සුරතල් සතුන් දිනපතාම වගේ අපේ ගෙදරට එනවා. වැඩි පුරම අපේ ආදරය ලබන්න. තවද මගේ සොයුරියගේ කුඩා පුතුන් දෙදෙනා සමග සෙල්ලම් කිරීමටත්. අප ඔවුන් සුරතල් කර සුළු ආහාරයක්ද ලබාදී ඔවුන් පිටත් කරනවා.
අපේ අසල්වැසි බල්ලෙක් සිටියා. වයස අවුරුදු දෙකක් වත් නෑ. දිනපතාම රාත්‍රි ලිහා දැමූ පසු අපේ ගෙදර පැයක් පමණ ගතකර යනවා. ඌට අපේ ගෙදරත් හරියට ඌගේම ගෙදර වගේ. ඌ තරමක් සැර සපා කන බල්ලෙක් වුවත් කිසිදිනක අපට නම් ගොරවලාවත් නෑ. හරිම අහිංසක විධියට තමා හැසිරෙන්නේ. අප ඒ ගෙදරට ගියත් ආදරය දක්වනවා. ඔවුන්ටත් පුදුමයි මේ සතාගේ හැසිරීම.
දැනට දින කීපයක සිට ඌ ආවේ නැති නිසා සොයා බැලුවාම තමා දැනගන්න ලැබුනේ උ මිය ගිහින් බව. හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටි මෙම සතා පසුගිය සිකුරාදා දිනක මිය ගිහින්. කලින් බ්‍රහස්පතින්දා ඇවිත් සෙල්ලම් කර ගිය සතා මැරුනේ කොහොමද අසන විට තමා නියම සිද්ධිය දැන ගන්න ලැබුනේ.
මීයන්ට දමන පාසානම් කෑම නිසා රොගීවූ බල්ලා ගෙදර පැමිණ වමනය දමමින් සිට සුළු වේලාවකින් මියගොස් තිබුනා. අසල නිවෙසක අයෙක් නිතර මීයන්ට පාසානම් දමන බවත් දැන ගන්න ලැබුනා. මීට වසර ගණනාවකට පෙර අපේ බල්ලෙකුත් මෙලෙසම මියගිය බව මට සිහිවුනේ මේ අවස්ථාවේ. ඌටත් වෙන්න ඇත්තේ මෙවැනිම දෙයක්.
පසුව මා මේගැන මගේ සගයන් සමග කතා කරන වෙලාවක ඔවුන්ගේ අතු දැකීම් මෙයට එක්වුනා. මී පාසානම් නිසා එක් ස්ථානයක ලේනුන් විශාල ප්‍රමානයක් මියගිය කතාවක් ඇසුනේ එය අවස්ථාවේ.
මේ කියන්නන යන්නේ මීයන් විනාශ කරන්න එපා කියා නොවේ. මීයා යනු ලෙඩ පතුරුවන විනාශකාරී සතෙක්. ඌරු මීයන් කර ඇති හානි මා නිතරම දැක තිබෙනවා. ගුල් හෑරීම නිසා නිවාස පවා විනාශ වී තිබෙනවා.
එහෙත් වස යොදා හෝ වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීමේදී මේ සතුන් විනාශ කිරීමේදී මිනිසුන් හා වෙනත් අහිංසත සතුන්ගේ ආරක්‍ෂාව ගැනත් දැඩි අවධානය යොමුකරන්න කියලයි මේ ඉල්ලීම.

9 comments:

  1. මීයන් විනාශ කරනවට වඩා, ඒ සතුන් බෝවෙන්නේ නැතිවෙන්න පරිසරය තියාගැනීම හෝ, බළලෙක් වැනි සතෙක් ඇතිකිරීම හිතකරයි කියලයි මට හිතෙන්නේ.
    දුක හිතෙන වැඩක්.

    ReplyDelete
  2. අපේ ‍ගෙදර හිටපු මීයො ටික ඔක්කොම නැතිකළේ අපේ පූසම තමයි. මම හිතන්නෙ මීයො අල්ලන්න පුලුවන් පූසෙක් තියාගත්තොත් ඔය කෘමිනාශක පාවිච්චි කරන එක නවත්තන්න පුලුවන්.

    ReplyDelete
  3. දුක හිතෙනවා ඒත් මී ප්‍රශනයත් ලේසියෙන් අමතක කොරන්න බෑ නොවැ....සමහර පැතිවල වී ගොවිතැනවත් කොරගන්න බෑ මී උණ හින්ඳ..හෙළයාගෙ කතාව හරි...ඒත් ඒක හරිම අමාරු වැඩක්...විශෙශයෙන් ඌරු මීයන් සම්බන්ධයෙන්.....මේක නම් අත් වැරදීමක් කියමුකො..හැබැයි දැන් මීයන්ට නිර්දේශිත බේත් වල ආසනික් වැනි ප්‍රබල විශ රසායනිකයන් අඩංගු කිරීම තහනම්....ඒත් සමහර බල්ලන්ටත් අන්ත මිනිස්සු බල්ලන්ටත් වහ තියනවා තරහට....:(..

    ReplyDelete
  4. හ්ම්ම් දුක හිතන කාතවක්..මමත් හිතන්නේ හේලයා කියපු කාතව ඇත්ත කියලා.බළලෙක් ඒ මිනිහා හැදුවානම් මියන් විනාස කරගන්න ලෙසියෙන් පුලුවන්..මී පාසනම් නොදා ඒ ක්‍රමය අනුගමනය කරනම් අද එකෙන් තවත් අහිංසක ජිවිත ටිකක් බේර ගන්න තිබ්බා....

    ReplyDelete
  5. දුක හිතෙන කතාවක් සමහරු බල්ලොන්ට් වසදාපු මස් දලා මරනවා.....

    ReplyDelete
  6. බොහොම කණගාටුයි අයියා.........

    මීයන් කරදරයි තමා. ඒත් හෙළය අයියා කිව්ව වගේ කාටත් යහපත් වෙන ක්‍රමයකට මර්ධනය කරන්න පුලුවන්නම් හොඳයි.

    අනේ මංද ඒත් ඒ අයත් ජීවත් වෙන්න ඕනනේ....... ඒක නිසා ගෙදර හොඳට පිරිසිදුව තියා ගන්නව නම් මීයෝ බෝවෙන එක අඩුයි.........

    ReplyDelete
  7. @හෙළයා
    ඇත්ත. පරිසරයත් උන්ගේ බෝවීමට බලපානවා.
    @Praසන්ன
    මේ පැත්තය සාදරයෙන් පිලිගන්නවා.
    හැබැයි උරු මීයන් අල්ලන්න බල්ලෙක් වත් ඕන. සමහර මීයො පූසටත් වඩා ලොකුයි.
    @Shadow/හේමලයා
    ඇත්ත. මම අහල තියනවා ලොකේ ධාන්‍ය අස්වැන්නෙන් ලොකු ප්‍රමාණයක් මීයන් කා දමන බව. (ප්‍රමාණය දැන් මතක නෑ)
    @සෑම්,බිඟුවා,blog gadol
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.
    @ඉලංදාරියා
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. සමහර පළාත්වල අමනාපකම් වලට ඔය වගේ වැඩ කරනවා. හොරුත් බල්ලන් කරදරයක් නිසා මරනවා.
    @හා පැටික්කි (MS)
    හා පැටික්කිත් මේ පැත්තට පැනල ගිහින් තියෙන්නේ. මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා. මට ඔයාගේ කලූ ගැන ලිපිය මේක ලියද්දි මතක් වුනා.

    ReplyDelete