Friday, July 9, 2010

ජෙනියත් රැ‍ගෙන මීමුරේට- පසුවදනක්

මතකනේ අපි ජෙනරේටරයක් කරතියන් මීමුරේ ගියහැටි. අමතක වෙන්න ඒ හැටි කාලයක්ය නේද? කොහොම හරි ඔය කතාවේ සමහරුන්ට පොඩි අපැහැදිලි ගතියක් තබුන බව ආපු comment කීපයකින්ම මට හිතුනා. අර දවසක් comment කරන්න බැරුව තිබුන දවසේ ආපු මේල් එකකත් තිබුනා. ඒ නිසා ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් මේ.

එකක් ජෙනරේටරය. ඕක ගේන්න භාරගත් අය වැඩේ අනාගෙන තමා කිලෝවොට් 2 ක එකක් ගෙනාවේ. මොකද ඒ දවස්වලත් වොට් 600 විතර පෝටබල් ජෙනරේටර් ඕන තරම් තිබුනා. බැටරි චාර්ජ් කරන්න ඒකක් හොඳටම ඇති. ඒක එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට පහසුවෙන් ගෙනියන්න තිබුනා.

අනෙක වෑන් එකේ කතාව ගැනත් කියන්න එපැයි. අපි දැනගෙන හිටියේ නැති වුනාට ඒ කාලේ මීමුරේ පැත්තේ වෑන් කීපයක්ම තිබුනා. ඒවා මේ පරණ 34ශ්‍රී මොඩල් එකේ කිරි කිරි ඩෙලිකා වෑන්. ඒ කිව්වේ ඔය පරණ මොඩල් එකේ වෑන් එක පාරෙ යනකොට කිරි කරි ශබ්දයක් එනවා. ඔය පහල තියෙන්නේ ටිකක් ඒ වගේ එකක්.

එහෙ කඩ වලට ඕන කරන බඩුබාහිරාදිය ගෙන්නේ ඒවායේ. ඒ ගමන්ම ජෙනරේටරයක් හෙම තිබුනොත් එහෙ මෙහෙ ගෙනියනවා. ඒ ගමෙත් සමහර ගෙවල් වල ජෙනරේටර් තිබුනා. හැබැයි ඔය වෑන් එකක් නගරයට එන්න වෙනම සටනක් කරන්න තියනවා. සාමාන්‍යයෙන් ගමේ ශක්තිමත් තරුණයන් කිප ගෙනෙක් හවුල් කරගෙන, උදලු අලවංගු, කඹ පටවගෙන තමා එන්නේ මොකද මගදි වලකට වැටුනොත් ගොඩගන්න. මඩවෙලා ලිස්සන තැන් වලදි අදින්න වගේ දේවල් කරන්න වෙන නිසා. පාරෙ නොදන්න කෙනෙකුට නම් ෆෝවීල් ඩ්‍රයිව් නැති වෙන කිසිම වාහනයක් ගෙනියන්න ඒ කාලෙ පුළුවන් කමක් තිබුනේ නෑ. දැන් නම් පැර හදල කියල පුතා මට comment කරල තිබුනා.

තව ටිකක් තියනවා ඒකත් කියලම අදට යන්න හිතුවා. අපි එහෙ දවස් 3ක් නැවතී හිටියා. අපට ගමේ අය හුඟක් උදව් කරා අපේ අරමුණ කරා යන්න.

ජෙනරේටරේ නිසා නැවතී හිටිය පාසලේ ශාලාවට ලයිට් දා ගන්නත් ලැබුනා. රෙකොඩින් වලට ඕන ආලෝකය ගන්න අපි ලයිට් ඇති වෙන්න අරන් ගියේ. එන දවසට කලින්දා රෑ අතරමග තියන කයිකාවල (මාතලේ කයිකාවල නොවේ) කියන ගමේ නවතින්න තීරණය කලා මොකද උදේම මීමුරෙන් ආවොත් සවස 2ට පිටත්වන අන්තිම බස් එක අල්ලන්න අමාරු නිසා. රෑ එන ගමනටත් ජෙනිය පිහිට වුනා. අපි ඕක ස්ටාර්ට් කරල ෆ්ලෑෂ් ලයිට් පත්තු කරන් ඒ එළියෙන් තමා ආවේ.

කොහොම වුනත් අපේ මහන්සිය අපතේ නොගිය බව දැනුනේ ලබාගත් අත්දැකීම්, සොඳුරු මතක නිසා විතරක් නොවේ. Exebition එකෙන් අපට ෆස්ට් ප්ලේස් එකත් ලැබුන නිසා.
කොහොමද? එල කොල්ලො ටිකක් නේ.
එහෙනම් අදට ගිහින් එන්නම්.

5 comments:

  1. කාපු කට්ටට හරියන්න ලැබිච්චි වටිනාම දේ අර ලැබුනු පළමු ස්ථානයටත් වඩා අමිලවු ජීවන අත්දැකීම කියලයි මට හිතෙන්නේ...ජය!!....:)

    ReplyDelete
  2. මටත් ලොකු ආසාවක් නම් තියෙනවා ඒ පෑත්ත බලන්න යන්න.බලමු ඉස්සරහට.

    ReplyDelete
  3. කොහොම හරි අන්තිමට කප් එක ඉස්සුවනෙ... එල එල... කිරි කිරි ඩෙලිකා....... මරු නම නේද ඒක.... හිකිස්..... අපේ පාරෙත් ගොඩක් ඉස්සර ඔය ජාතියෙ ඩෙලිකා දිවුවා වගෙ මතකයි.. අපි චූටි කාලේ..

    ReplyDelete
  4. දැන් මතක් වුනා එකක්... අපේ පාරේ දිව්වා බස් එකක් ඒකට කිව්වේ ඉන්ගම්මාරුව කියලා.. එකේ සද්දේ නැත්තේ Horn එක විතරයි...

    ReplyDelete
  5. @Shadow/හේමලයා
    සහතික ඇත්ත ඒකෙන් පස්සෙ අපිට ඕන වැඩක් ඇදගෙන යන්න හොඳ මොරාල් එකක් ආවා.
    @NUWAN"s lane
    මටත් ආපහු පාරක් එහෙ යන්න ලොකු ආසාවක් තියනවා.
    @පුතා
    නියම කප්එක එක්ස්පීරියන්ස එකනේ.
    බස්එක ගැන කියනකොට මට හිතෙන්නේ ඕකට හොන් එකක් ඕනම නැතිව ඇති නේද?
    @කියවපු සැමට
    ආවට ස්තුතියි. ආයෙත් මේ පැත්තෙ එන්න.

    ReplyDelete