
මදැයි ලිපියක් ලියන්න ගිහින් අහගත්ත දේවල්. දැන් දැන් කියවන්න එන අය ඉක්මනින් කියවන්න පොඩි දෙයක් හොයනඑක වැඩිවෙලා නිසයි කලින් පොස්ට් එක කොටසක් දැම්මේ. එත් ඒකට කැමති නැති අයත් ඉන්නවානේ. මාරයාගේ හෝරාව ගියන අපේ මාරයා තමා කලින්ම කිව්වේ මේක දිගට ලියන්න කියා. දීකිරට බළල්ලුත් සාක්කි කියනවා වගේ Anonymous මිතුරන් දෙදෙනකුත් පොඩිකුමාරිහාමිත් මේක මගින් නැවැත්තුවාට නඩුත් දානවා කිව්වේ. අම්මෝ උසාවි ගානේ යන්න උනොත් ආයේ බ්ලොග් ලියලා ඉවරයි. එහෙනම් ආයේ මොකටද කතාව දික් කරන්නේ. මෙන්න එතැන් සිට....
මේකත් තාක්ෂණයට බර නැතත් මම දැක ඇති සැලකියයුතු පිරිසක් කර ඇති දෙයක්. ඒ නෝට්බුක් එකට අමතරව තව පෑන්, පැන්සල්, යතුරු ආදිය එකම මල්ලේ දමාගෙන යාම. මේවායින් නොට්බුක් එක සීරීමට ලක්වෙනවා. බාහිර පෙනුම ඉක්මනින් දුර්වල වෙනවා. යතුරු ආදිය සිරවීම නිසා ප්ලාස්ටික් කොටස් වලට හානි වෙන්න ඉඩ තිබෙනවා. එපමණක් නොව මේවායේ ලෝහ කොටස් පරිගනකයේ ඇති සිදුරු අතරින් පරිපථ මත ගැටී හානි වෙන්න පුළුවන් බව බොහෝ දෙනෙක් හිතන්නේ නෑ. ඒ නොට්බුක් එකක් සෑම විටම බැටරිය නිසා standby තත්වයේ පවතින නිසා.
මේ සමානම තවත් දෙයක් තමා නෝට්බුක් එක මත පෑනක්, පැන් ක්ලිප් එකක් හො එවැනි කුඩා දෙයක් තබා ගෙන සිට පරිගනකය වසා දැමීම. මෙයින් සිදුවන්නේ LCD Screen එක බිඳීයාමයි. මෙසේ Screen එක හා යතුරුපුවරුව අතරට යම් දෙයක් සිරවීමෙන් Screen බිඳීයාම සිදුවේ. මෙහි හානි කීපයක්ම තිබෙනවා. මෙසේ බිඳුනු Screen එක අතරින් එහි ඇති රසායන ද්‍රව්‍ය පිටතට වෑස්සෙන්න ඉඩ තිබෙනවා. මේවා ශරීරගතවීම ඉතා විශ සහිත වේ. මේවායේ පිළකා කාරක පවා අඩංගු වන බව සඳහන්. තවද මේවා ගලා ගොස් පරිපථ විනාශ වෙන්නත් පුළුවන්.
මීළඟට කියන්නේ විදුලිය සැපයීම ගැන. මගෙන් කීපදෙනෙක්ම අසා තිබෙනවා නොට් බුක් එකට අවශ්‍ය වන්නේ කොපමණ ධාරිතාවක් ඇති UPS එකක්ද කියා. නොට්බුක් වලට UPS අවශ්‍ය නෑනේ. බැටරියක් ඇති නිසා. එහෙත් අප මෙය භාවිතා කරන ස්ථානයේ නිතර විදුලි අඩුවැඩිවීම සිදුවනවා නම්, එය බලසැපයුමේ (power pack) සීමා ඉකමවනවානම් power guard එකක් භාවිතය වැඩි කල් power pack එක ආරක්ෂාකාරීව තබා ගන්න හේතු වේවි. එමෙන්ම මල්ටි සොකට් ආදිය මගින් විදුලියට සම්බන්ධ කිරීමේදී ලුහු සම්බන්ධයක් (loose connection) ඇත්නම් එයත් එතරම් හොඳ දෙයක් නොවේ. මේ හා සම්බන්ධ තවත් වැදගත්ම දෙයක් වන්නේ බොහෝ දෙනෙක් power pack එක සජිවී (power on) තත්වයේ පවතින විට පරිගනකයට සම්බන්ධ කිරීම හා ගැලවීම. මේ නිසා සම්බන්ධ වන පරිගනකයේ අග්‍ර spark වීම නිසා හානියට පත්වෙනවා. වගකීමේ කාලසීමාවේ නම් මෙය නොසැලකිලිමත් බව නිසා ඇතිවූවක් ලෙස සලකා අළුත්වැඩියා කිරීමට යන මුදල ඔබෙන් අය කරගන්නත් හේතු වේ. කාලයක් මෙය සිදුවූ නොට්බුක් වල දිගටම spark වෙමින් පවතින අවස්තා ඇත. එවිට ඒවායේ මුද්‍රිත පරිපථ පුවරු විනාශවූ අවස්ථා මම දැක ඇත.
මෙයට අමතරව ඕනෑම උපකරණයක් භාවිතාකිරීමේදී විශේෂයෙන් විදුලියෙන් ක්‍රියාකරන උපකරණ භාවිතයේදී අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත් ඔබේ නොට්බුක් එක කෙරෙහිත් අනුගමනය කළ යුතු වෙනවා. අකුණු ආදිය පවතින විට භාවිතා නොකිරීම. නිෂ්පාදකයා විසින් සඳහන් කර ඇති උෂ්ණත්ව පරාසය, ආර්ද්‍රතාවය, මුහුදු මට්ටමේ සිට ඇති උස පරාසය ආදිය ගැනත් සැලකිලි මත් වන්න. විශේෂයෙන් වැඩි උෂ්ණත්වය නෝට්බුක් එකට වගේම එහි බැටරියේ පැවැත්මටත් හානිකර වෙනවා. අසම්පූර්ණ ලෙස වරින වර ආරොපණය (charging) බැටරියේ ආයු කාලය අඩු වීමට තවත් හේතුවක්. හැකි සෑම විටම ප්‍රධානි විදුලියෙන් ක්‍රියා කරවීමෙන් බැටරිය වැය වීම අඩු කරන්න පුළුවන්. මේවා සියල්ල හිතේ තබාගෙන වැඩ කරන එක පහසු නෑ. අමතක වන්න පුළුවන්. එත් වරකට එක් පියවර බැගින් පුහුණු කිරීමෙන් ලොකු මුදලක් වැය කර මිළදිගත් ඔබේ නෝට්බුක් පරිගනකය බොහෝ කාලයක් කරදරයකින් තොරව භාවිතා කරන්න පුළුවන්.
මෙයටම තවත් දෙයක් එකතු කරන්න තිබෙනවා. මේවා යන්ත්‍ර. යන්ත්‍රයක් ක්‍රියා කිරීමට නිසි කඩත්තුවක් අවශ්‍යයි. ඒනිසා මාස 6කට වරක් වත් නිසි නඩත්තුවක් (අපහසුමනම් වසරකට වරක්) කර ගැනීමෙන් කරදර අඩු පරිගනකයක් ඔබට ලැබෙයි.
මේ කියන්නේ මෙයට අදාළ දෙයක් නම් නොවේ. එත් සමහර අයට ඇති ප්‍රශ්ණයක් නෝට්බුක් හා ලැප්ටොප් යනු කුමක්ද කියන එක. HP (Hewlett Packard) Toshiba වැනි නිෂ්පාදකයන් තම නිෂ්පාදන සඳහා නෝට්බුක් (Notebook) යන්න භාවිතා කරනවා. Dell තම නිෂ්පාදනය ලැප්ටොප් (Laptop) ලෙස හඳනුවනවා. එකම සැකැස්ම විවිධ නිෂ්පාදකයන් හඳන්වන් ආකාර තමා මේ.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්!!!!!
ප/ලි
මාරයාට උඩින් කියපු එකට අමනාප නොවනු ඇතැයි සිතනවා. ඔබලාගේ ප්‍රතිචාර නිසා තමා මම මේ සටහන් දිගටම ලියන්නේ. පොඩිකුමාරිහාමිත් නඩු නොදමනු ඇතැයි හිතනවා...
ඔන්න පොරොන්දු උන දවසේ කොහොම හරි පොස්ට් එක් දැම්මා. තව එකතු කරන් දෙයක් තියනවානම් ඒවාත් යටින් ලියල යන්න කිසිම බාධාවක් නෑ.



