Monday, December 31, 2012

ලෝක විනාසෙන් පසු.......

හරියටම දෙසැම්බර් 21 වෙනිදා කලින් දන්වා තිබූ පරිදිම ලෝක විනාසය සිදුවිය. ඒත් කළ පවු ඉවර නැති නිසා මට මැරෙන්නට නොහැකි විය. පොඩ්ඩක් මිදුලේ ඇවිදලා ගෙට එනවිට අම්මා උදේම තේ සාදමින් සිටියාය. ඒ කියන්නේ අම්මත් බේරිලාය. ටිකකින් අප්පච්චිත් ආවා. පූමාත් දුවගෙන ඇවිත් ඇඟට පැන්නා. වටේ ගෙවල් වල අයත් ලෝක විනාශයට අසුවී නැත. විනාස වූ ලෝකයක ජීවත් වෙන්න ලේසි නැත. ලෝක විනාසයට ගමේ කඩටික අසුවෙලානම් කන්න දෙයක් වත් ගන්න තැනක් නැත. එහෙත් පොඩ්ඩක් ඇවිදලා බැලුවම කඩ සියල්ල හොඳින් පවතී. ඇති යාන්තම්. මොනවා හරි කාලා ජීවත් වෙන්න පුළුවන්. 
ටිකකින් ජංගමය නාද විය.....

අම්මෝ ලොකු දෙයක් ෆෝන් වැඩ කරන එකනම්. නැතිනම් ලෝක විනාසෙනුත් බේරිලා පාළුවෙන් තමා මැරෙන්න වෙන්නේ. කෝල් කල මගේ යාළුවත් බේරිලානේ. දන්න අය හැමෝම වගේ බේරිලා. ලයිට් තියෙන නිසා කොම්පියුටරේ පොඩ්ඩක් ඕන් කරලා බලන්න හිතුනා. 

අම්මේ ඇති යාන්තම් ඉන්ටර්නෙට් වැඩ. කට්ටියම ඔය ෆේස්බුක් එකේ පිස්සු නටන්නේ. බැලුවාම නෙට් ඉන්න අයත් ලෝක විනාසෙන් බේරිලානේ. 
දන්න කියන හැමෝම වගේ ලෝක විනාසෙන් බේරිලා. ඒත් අති සාර්ථකව ලෝක විනාසේ නම් වෙලාලු. විනාස වෙනවා කියන්නේ සම්පූර්ණයෙන්ම විනාස වෙලාලු. දැන් ඉතින් මොනාවා කරන්නද. බේරුනානම් ජීවත් වෙන්නත් වෙනවානේ. සික් අපරාදේ මැරෙන්නනේ හිතන් හිටියේ. දැන් ඉතින් මැරෙනකල් ජීවත් වෙන්නත් වෙනවා. ආපසු වැඩට යන්න වෙනවා. කන්න, නාන්න, අඳන්න හැමදේම කරන්න වෙනවා. අපොයි කලාතුරකින් උදාවුන අනගි අවස්තාවෙන් ප්‍රයෝජනයක් අරන් මැරෙන්න බැරි උන නිසා වෙච්ච කරදර.
මෙච්චර දවසක් කලේ උදේම නැගිටලා සතියේ දවසක් නම් වැඩට යනවා. වැඩ ඉවර කරලා ගෙදර එනවා. පොඩ්ඩක් එහෙට මෙහෙට කැරකිලා පොඩි වොශ් එකක් දාගෙන තියන දෙයක් කාලා නෙට් එක පැත්තේ රවුමක් දාලා නිදාගන්න එකනේ. නිවාඩු දවසක්නම් සමහර විට දවසම ගෙදර. නැතිනම් පොඩි රවුමක් ගහලා ඇවිත් මොනවා හරි වැඩක් කරලා රෑට දොයි. 
ඔය විධියට ගිහින් මේ අවුරුද්දත් ඉවර උනා. ඔන්න අද අවුරුද්දේ අන්තිම දවස. අදින් 2012ත් ඉවරයි. ලබන අවුරුද්දත් ආවා. ඒ අවුරුද්දේ ලෝක විනාසයක් තියනවාද දන්නේ නම් නෑ.

 ඒ මොනවා උනත් ලබන අවුරුද්ද හැමෝටම වාසනාවන්ත සුභම සුභ නව වසරක්ම වේවා....!!!

17 comments:

  1. ඇයි දෙයියනේ... 21 න් පස්සෙ ප්‍රියන්ත ඇහැරුනේ අදද...හි හි හී

    අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු එක්ක...අලුත්ම පෝස්ටුවකුත් එක්ක අන්න ආයෙම... සුබ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  2. අර ළිහිණි ඇහුව එකම තමා මටත් අහන්න හිතුනේ .
    …නව වසර සියලු බලාපොරොත්තු මල්පලගන්වන වාසනාවන්ත වසරක් වේවා ඔබ ඇතූලු සියලුම දෙනාට .

    ReplyDelete
  3. නෑ...නෑ... මොන ලෝක විනාසයක්ද...! ඒවට තව කල් තියෙනව.
    අපි මේ රතිඤ්ඤා පත්තු කරන්න බලන් ඉන්නව අවුරුද්දට..!

    ReplyDelete
  4. අඩේ උඹත් ලෝක විනාසෙට අහු උනාද..? මාත් අහු උනානේ... කෙලින්ම ඒක විනාස වෙද්දී මේකට ඇවිල්ලා... ඒ ලෝකේ වගේමයි බං... කිසි වෙනසක් නැහැ.. උදේට ඉර පායන්නෙත් නැගෙනහිරින්මයි...

    ReplyDelete
  5. ඒ ලෝකෙ විනාස උනා ප්‍රියන්ත අයිය. අපි දැං ඉන්නෙ සමාන්තර විශ්වයක.

    ප්‍රියන්තටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  6. මැරෙන එකත් පන යන වැඩක් වගේ නේද ප්‍රියන්ත. ඔන්න මාත් බේරිලා. එහෙනම් සුභ නව වසරක් වේවා!!!

    ReplyDelete
  7. අයියේ ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා...........!

    ReplyDelete
  8. තව හෝරා දෙකකින් අලුත් අවුරුද්දක්.ලබනවා ඒ කියන්නේ ගෙවෙන හැම මොහොතකම ලෝකය විනාශ වෙනවා. අපි වයසට යනවා. ඇත්තටම හිතල බැලුවොත් අපි ලෝකය විනාශ වෙන්න කටයුතු කරනවා මිස රැකෙන්න මොනවද කළේ.

    ReplyDelete
    Replies
    1. එසේම.. සුබ අලුත් අවුරුද්දක් වේවා...

      Delete
  9. 2013 සුභ වේවා ! රේල්ලු චාරිකා වැඩි වේවා !

    ReplyDelete
  10. ලෝක විනාස උනේ කොයි කාලෙද? :)

    දැන් 2013 ත් ලබලානේ.

    මේ අවුරුද්දේ ඔබේ සියලු පැතුම් සියල්ල, ඒ අයුරින්ම ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රියන්ත. :D

    ReplyDelete
  11. සුබ අළුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  12. සුභ අලුත් අවුරුද්දක් වේවාස්!!1

    ReplyDelete
  13. දවසෙන් දවස තව තව ලිපි ලියවේවා
    ලිපියෙන් ලිපිය හිට්ස් වැඩි වැඩියෙන් ඒවා
    මසුරන් වගේ ප්‍රතිචාරත් හිමිවේවා
    ලැබූ නව වසරෙ බ්ලොග් ලෝකේ වැජඹේවා!

    ReplyDelete
  14. මේ දෙසැම්බර් 31 වත් පෝස්ට් එකක් දාමු නෙහ්.

    ReplyDelete
  15. මේ දෙසැම්බර් 31 වත් පෝස්ට් එකක් දාමු නෙහ්.

    ReplyDelete
  16. oyage wede nam supiriy. mata loku udawwak ona. oyawa cantack karaganna widiyak kiyannako. phone ho fb

    Aruna Sampath

    ReplyDelete