Wednesday, May 9, 2012

වාහිණි වාහිණි වාහිණි...........


ටයිටල් එක දැක්කාම මොකක්ද මේ යන්නේ කියා හිතාගන්න බැරි වෙන්න ඇති කියලා හිතනවා. ඒත් මේ උඩ පින්තූරේට සමාන පින්තූර නම් ඔයාලා ඕනි තරම් දකින්න ඇති මේ දවස් කීපයේ රූපවාහිනී නාලිකා වලින්. ඒ පසුගිය 6 වෙනිදා කොරියාවේ කැරෝකේ සමාජශාලාවක ඇතිවූ ගින්නක් පිළිබඳ පුවතත් සමගින්. 
මම සෑම දිනකම නොවරදවා ප්‍රවෘත්ති බලන කෙනෙක් නෙවෙයි. ඒ වගේම හැම නාලිකිවකම පුවත් බලන්නෙත් නෑ. වැඩක් නැති උනාම ගෙදර අය බලන නාලිකාවක ඇති ප්‍රවෘත්ති බැලීමයි මා කරන්නේ. සාමාන්‍යෙයන් මා පුවත් දැනගන්නේ අන්තර්ජාලය හරහා. නැතිනම් පුවත්පත් වලින්. මා ලංකාවේ නාලිකා වල පුවත් නැරඹීම නිසා ඇතිවූ ආකල්ප ලියන්න තරම් හිතුනත් මොනාවාටද මේවා ලියන්නේ, අනික ලංකාවේ කී දෙනාද බ්ලොග් බලන්නේ කියා සිතුන නිසා ලීවේ නෑ. ඇත්තෙන්ම අපි ලියන දේ හා ඒවා කියවන සුළු පිරිසක් සැලකූ විට ඇත්තෙන්ම අපිට සමාජයේ මතවාදයක් ඇති කරන්න බෑ. එහෙත් පසුගිය දා ඇතිවූ ගින්න පිළිබඳ පුවත මා නැරඹු චැනලයෙන් විකාශය වූ ආකාරය මගේ සිතට කිසිසේත්ම සෑහීමකට පත් වන්න බෑ.
එම පුවත ලංකාවට ලබාදුන් ජාත්‍යන්තර මාධ්‍ය එය වාර්ථා කිරීමේදී එහිදී අනතුරට පත් අයට ප්‍රථිකාර කිරීමට පිටතට ගෙනයන දසුන්, එහි සිට පිටතට එන අය, මියගිය අය පෙන්වීමේදී අනුගමනය කළ පිළිවෙත වූයේ ඔවුන්ගේ මුහුණ හඳුනාගැනීමට නොහැකි ආකාරයෙන්. නමුත් ලංකාවේ මා දුටු රෑපවාහිනී සේවාව ඔවුන්ගේ නම් ගම්, ඡායාරූප, පවුලේ අයගේ හා නිවෙස්වල වීඩියෝ පවා පෙන්වූවා. මං හිතන්නේ දුන්නේ නැත්තේ ටෙලිෆෝන් නම්බර් එක විතරයි. 
මොකක්ද මෙහි ඇති ප්‍රශ්නය. 
ලංකාවේ සමාජ ශාලාවකට ගියා කීවාම ගම්වල සලකන්නේ සල්ලාලයෙක් වශයෙන්. එමෙන්ම සමාජ ශාලාවකට යන අයට පිළිකුලක් එල්ල වෙනවා තවමත් මේ සමාජයේ. එවැන්නක සේවය කරන තාක්‍ෂණ ශිල්පියෙකුට පවා ගමට ඇවිත් කියන්න බෑ තමන් සේවය කරන්නේ සමාජ ශාලාවක කියා. මේ නිසා මෙම මියගිය අයට තමන් සිටි පරිසරයෙන් පිළිකුලක් එල්ල වෙනවා. ගෙවල් වල අය පවා තම පවුලේ සාමාජිකයා ගැන හිතන්නේ පහත් තත්වයෙන්. එමෙන්ම එම පවුල් වල අයට ගමට මුහුණ දෙන්න අපහසු වෙනවා. සමහර විට මේ අයගේ දෙමාපියන් දරුවා නැතිවීම පිළිබඳ ශෝකය සමග සමාජයට මුහුණ දෙන්න ඇති අපහසු තාව නිසා දැඩි මානසික පීඩනයකට ලක්වෙනවා. සමහර විට දුර්වල මානසික මට්ටමක් ඇති අයෙක් සියදිවි නසා ගන්න පවා පෙළඹෙන්න පුළුවන්.
මෙය ප්‍රවෘත්තියක් වශයෙන් කියන්න ඇත්තේ වචන කීයද?
"කොරියාවේ සමාජශාලාවක ඇතිවූ ගින්නක් නිසා ශ්‍රී ලාංකිකයන් 3දෙනෙකු මිය ගොස් තිබෙනවා. මොවුන් ගින්නට අසුවූයේ සේවා කාලයෙන් පසුව එහි ගොස් සිටියදී. මොවුන් අහවල් ස්ථානවල පදිංචි කරුවන්."
මීට වඩා ප්‍රවෘත්තියකට අවශ්‍ය මොනවාද. මැරුණේ කවුද? ඔවුන් කොහේ අයද? ඔවුන්ගේ ඥාතීන් කවුද? ගෙවල් කොහේද වැනි විස්තර අපට වැදගත් නෑ. අපට අවශ්‍ය මිය ගියේ ශ්‍රී ලාංකිකයන් බ පමණයි.
අනෙක් කාරණාව සමාජශාලාවක් යනු නීති විරෝධි තැනක් නොවේ. එහි යෑම නීතියෙන් තහනම් නෑ. 

අපේ රූපවාහිනී සේවා පුවත් විකාශය කරන්නේ තමන්ට කැමති ආකාරයටයි. ඔවුන් සිතා සිටින්නේ තමන්ට ඕනි දේ ජනතාව නැරඹිය යුතු බවක්. මෙම නාලිකාවම රිය අනතුරක් ගැන පුවතක් පෙන්වන්නේ ගෙදර 5ක් හිටියා. ළමයි පොඩියි, කට්ටිය සතුටින් හිටියා, විනෝද ගමනක් යන්න තීරණය කළා එක්කෙනෙක් යන්න බෑ කියා නෑ ගෙදරක නැවතුනා. 4යි ගියේ. ගියේ ත්‍රිරෝද රථයක. එය පහසු ගෙවීමේ ක්‍රමයට ගත් එකක්. වේගයෙන් ආව බස් එකක එය හැපුනා. බස් එකේ 60ක් හිටියා. රියදුරු උසයි, එච්චර වයස නෑ, වැරදි පැත්තෙන් බස් එක ආව නිසයි වැදුනේ. වැනි ආකාරයකට. මෙය ඔවුන් නලු නිළියන් යොදා රඟ දක්වා පෙන්වනවා. මුළු සිද්ධිය පෙන්වන්න විනාඩි 5කට වඩා ගන්නවා. එහෙත් සැබෑවට අනතුරට ලක්වූ රථය පෙන්වන්නේ තත්පර කීපයයි. ලේ වැගිරෙන තුවාල කරුවන් වැනි සංවේදී අයට බලන්න අපහසු දර්ශන නම් විනාඩි ගණන් පෙන්වනවා. මෙවන් පුවත් කීපයක් පෙන්වූ විට වෙලාව අවසන්. මේ නිසා වැදගත් පුවත් ගණනාවක් පෙන්වන්න අවස්ථාවක් නෑ.
තමාට හිතවත් කලා කරුවෙක් මියගිය අවස්ථාවක ලොකු කාලයක් වෙන්කල මෙම නාලිකාවක් ජනතාවට සමීප වෙනත් කලා කරුවෙකුගේ මරණය රටතොට කෙටියෙන් වලට පෙන්වූ අවස්ථාවක් මට මතක් උනේ මේ වෙලාවේ.
මාධ්‍ය වලට හිමි නිදහස ගැන අහස උසට කතා කරන මෙම මාධ්‍යවල ඇත්තම මාධ්‍ය සදාචාරය මෙයනම් මම මේවා නොබලා සිටීම හැර වෙන කුමක් කරන්නද?

නිකන් ඉන්නවාට ලියවුන පෝස්ට් එකක්. මාස 8ක් තිස්සේ නැවතී ඇති හාඩ්වෙයාර් පාඩමට අදාළ පෝස්ට් එකක් හෙට පළ කරන්න බලා පොරොත්තුවෙන් ඉන්නවා. නොවැරදීම හෙට මේ පැත්තට ගොඩවෙන්න අමතක කරන්න එපා.
අදට ගිහින් එන්නම්..
සුභ දවසක්...!!!!

36 comments:

  1. සජීව ධන්දුධරMay 9, 2012 at 8:47 AM

    හපොයි ඔය වාහිනිය ගැන කතාකරනවාට වඩා හොඳයි කක්ක ගොඩක් ගැන කතාකරන එක. එච්චරටම අප්පිරියා සහගත වැඩ තමයි ඔය වහන්තරාවෙ තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත. බලන්න ගියාම නිකන් ඇඟේ ලේ පිච්චෙන එක විතරයි වෙන්නේ. ස්තූතියි මේ පැත්තට ආවාට.

      Delete
  2. ගොඩාක් කාලෙකින් හරි පෝස්ට්ටුවක් දාන්ට හිතුනු එක ගොඩක් හොඳයි. වැදගත් ලිපියක්.

    මට පේන විදියට මෙතන අපේ ආකල්ප උඩ තමා හැමදේම තීරණයවෙන්නේ. අපේ රටේ කෙනෙක් හිතන හැටිත් බටහිර රටක කෙනෙක් හිතන හැටිත් සම්පූර්නයෙන් වෙනස්. ඉතින් ඔයවගේ දේවල් විශේෂයෙන් අපේ රටවල, රූපවාහිනියේ පෙන්නන කොට තමන්ගේ රටේ අය ගැනත් හිතලා ඒ විදියට කලා නම් හොඳබව තමා හිතෙන්නේ.

    පින්තූරය දැකලා මට නම් අනිවාර්යයෙන් හිතුනේ, මෝටර් සයිකල් ගැන ලියලා කියලා. :D:D:D

    ReplyDelete
    Replies
    1. ඔව් කාලෙකින් තමා ලියන්න හිතුනේ. හිත නිදහස් උනාම ලියන්න පුළුවන්නේ පොඩ්ඩියේ.
      අපොයි ඒ මොකද මම වැඩිය මෝටර්සයිකල් ගැන ලියලා නෑනේ...:D

      Delete
  3. Replies
    1. මම වැඩිය ඕක බලන්නේ නෑ. ඉඳහිට ගෙදර අය දාලා තිබුනොත් තමා බලන්නේ. ඇත්තෙන්ම ඒ පුවත් කලාව මට නම් අප්‍රසන්නයි.

      Delete
  4. මමත් දවසක් දෙකක් ඕවා බැලුවා,සික් ඒවා කියන කැතට මටම එපා උනා,,,

    ReplyDelete
    Replies
    1. දවස් දෙකක් බලලා එපා උනාද.
      බලන් ගියාම ඒකත් සාධාරණයි කියා හිතෙනවා.

      Delete
  5. ඕනෑම සංවේදි වූ දුක හිතෙන දෙයක් රස කරලා, මල් වැල් එල්ලා, පද වැල් ගැට ගහලා, නළු නිළියෝ දාලා පෙන්වන එක තමයි කරන්නේ. ඉඳුනිල් කියපු කථාව මාත් දැක්කා. ඒකේ ළමයාගේ දර්ශන පවා පෙන්නුවා. හරිම ජරා චැනල් එකක්. අනිත් චැනල් එක සිරස. පටන් ගත්ත වෙලේ ඉඳන් අග වෙනකම් වැඩි හරියක් කියන්නේ, රට පුරා වෙච්චි ඇක්සිඩන්ට්. මැරිච්ච ගාණ, තුවාල ගාණ, ඒවායේ සමීප දර්ශන, පැයෙන් පැයට යන නිව්ස් එකෙත් පෙන්වන්නේ ඒ පැයේ හරි පැය දෙක තුනේ හරි වෙච්චි ඇක්සිඩන්ට්. මට ලඟදි ජාතික රූපවාහිනියේ නිව්ස් අහම්බෙන් බලන්න ලැබුනා. කා වෙනුවෙන් හරි වෙළඳපලට යෑම :D වුනත් සංයමයෙන් යුතුව හොඳම වචන තෝරාගෙන කරනවා අපරාදේ කියන්න බැහැ. ඒ වගේම ඇක්සිඩන්ට් ගැන පවා කිව්වා. හොඳින් වදන් තෝරාගෙන තිබුනා ඒ නිව්ස් වලත්. මට මතකයි කොහේ හරි ඉගෙන ගන්න කොට ඒ ගුරුවරයෙක් කිව්වා, දත්ත සහ තොරතුරු කියන්නේ දෙකක්, ගොඩක් පුද්ගලික නාලිකා වල කරන්නේ දත්ත දෙන එක මිසක් තොරතුරු සංනිවේදනයක් නොවෙයි කියලා. එදා ඒක හරියට නොවැටහුනාට පහු පහු වෙනකොට හොඳට වැටහුනා.

    ReplyDelete
    Replies
    1. මේවා බලනවාද නැද්ද යන්න තීරණය කරන්න වෙන්නේ අපිටම තමා රන්දිකා. අපි නොබැලුවාට මේවා ජනප්‍රියම නාලිකාව කියන්න පිරිසක් ඉන්නවානේ.

      Delete
  6. තරහ ගන්න දෙයක් නෑ බන් ඔවුවා ඔහොම තමා දැන් ප්‍රවෘත්ති වල ප්‍රවෘත්තිමය වටිනාකමක් ඇති දේවල් නැහැ...

    අර දුරස්ත පාලකය කියලා කියන එක හොයා ගත්ත එකාට නම් මල් තියල වදින්න ඕනි.

    ReplyDelete
    Replies
    1. //අර දුරස්ත පාලකය කියලා කියන එක හොයා ගත්ත එකාට නම් මල් තියල වදින්න ඕනි.//
      අද දවසේ හොඳම කමෙන්ට් එක...:D

      Delete
  7. කාරණාව ඇත්ත. තාමත් අපි ආකල්ප අතින් නම් ඉන්නේ යුග ගණනාවක් පසුපසින්. මට හිතාගන්නවත් බැහැ එම පවුල්වල අයට වූ නිගරුව. ජනමාධ්‍ය අතින් විය යුත්තේ පුරෝගාමී සේවාවක්. නමුත් අපේ ජනමධ්‍ය හරිම පසුගාමි බව මමත් පිළිගන්නවා. ඇන්ජලා සෙනෙවිරත්න සිද්ධියත් එකක්. අනේ මන්ද කවදා හැදෙයිදැ?

    ReplyDelete
    Replies
    1. එච්චර දුරට ඔවුන් හිත්නනේ නෑ. ප්‍රවෘත්තියක් විකුණාගන්න විතරයි ඔවුන්ට අවශ්‍ය.
      ස්තූතියි වෙදනාට.

      Delete
  8. කොහොමටත් news විකිනීමේ කාලයක් තමයි මේ. ඉස්සර නම් පොලීසියෙන් පුවත් විදියට දවල් 12ට විතරක් දාපු news දැන් විනාඩි 55න් 55ටත් දානවා රටෙ අපරාධ වැඩි වෙන්නත් මෙවා බලපානව.

    ReplyDelete
    Replies
    1. ඔව් ජෝන් හරි.
      නිවුස් දෙනවාට වඩා දැන් කරන්නේ නිවුස් විකුණන එකයි.

      Delete
  9. ඔබේ අදහසත් සමඟ එකඟ වෙනවා . මාත් මේ සිද්ධිය නැරඹුවා රූපවාහිනියෙන් , ඒ අවස්ථාවේ එක තරුණයෙක්ගේ පියෙක් ප්‍රකාශ කලා තම පුතා මොනවහරි බොන්න යන්න ඇති කියා ඒ අවස්ථාවේ . නමුත් පසුව දැන ගන්න ලැබුනා ඔවුන් රැකියා කරන ආයතනයේ අයත් සමඟයි මෙයට සහභාගී වෙලා තියෙන්නෙ .
    …කොහොම උනත් මෙවැනි ප්‍රකාශ කිරීමේදී සැලකිලිමත් විය යුතුයි පවුලේ අන් අයගේ ජීවිත වලටද බලපාන නිසා .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් කියන එක මාත් දැක්කා. ඒ පියාගේ මුහුණේ දුකට වඩා පරාජිත බවක් මට පෙනුනේ. ඒ වගේම ඔබ කියන රැකියා කරන ස්ථානයේ අය සමග සහභාගී වූ කතාව මාත් කොහේ හෝ දැක්කා. හරියටම මතක නම් නෑ.

      Delete
  10. ඈක්කා.....කක්කා වාහිනිය.....සෝමාගේ

    ReplyDelete
  11. වාහිනී- විදුලි- පත්තර ඔක්කොම එකයි. කාව හරි විකුණන්න පුළුවන් නම් එච්චරයි. මම රූපවාහිණී ගැන දාපු පෝස්ට් දෙකකට වැටුනු කොමෙන්ටු අනුව අන්තර්ජාල භාවිතා කරනන්නන් ගෙන් බහුතරය මේ මාධ්‍යන් බලන්නෙ නෑ. ඇත්තටම බ්ලොග් අඩවිවල තියන දේවල් කොච්චර හොදද කියල හිතෙනව. මාත් ටික ටික ටීවී බැලිල්ල නවත්තල තියෙන්නෙ. බලන්නෙ විනෝදාත්මක වැඩ සටහන්-ක්‍රීඩා තරග වගේ දේවල් විතරයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රාජ්. ඒත් දැන් හඬ කවන කාටූන් උනත් අපි පොඩිකාලේ බලුව කාටූන් වගේ නෙවෙයි. කිසිම වැදගැම්මකට නැති විධීයට හඬකැවීමේදී වචන යොදන්නේ.
      ඔව් ක්‍රිඩා තරඟ විතරයි බලන්න පුළුවන්. ඒකත් ස්ක්‍රීන් එකෙන් 1/4යි බලන්න දෙන්නේ. වටේට ඇඩ්...:D

      Delete
  12. ඔය ප්‍රවෘතිය මමත් බැලුවා, ඔය වාහිනිය අයිති තුමියටත් බො‍රැල්ල නගරයෙම සමාජ ශාලාවක් තියෙනවා....සමහර විට ඔබලා එය දැකලත් ඇති.. දැන් මාධ්‍ය සල්ලි වලට නොකරන දෙයක් නැහැ...ඒ නිසා දැන් පෙර සිටිය මාධ්‍ය කරුවන්ට තිබුන ගෞරවයත් නැහැ

    ReplyDelete
    Replies
    1. මම ඒක නම් දැන සිටියේනෑ. තමන්ට ඕනි දෙයක් අනික් අය කලොත් තමා නරක වගේ පේන්නේ.

      Delete
  13. පුවත් තිත්ත කරපු නාලිකාවක් තමයි ඔය වාහිනිය! පොඩි උන්ට කතා කියනවා වගේ

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව්. බලද්දි හිතෙන්නේ බාල ටෙලියක් බලනවා කියලා ඇතැම් වේලාවට.

      Delete
  14. කියල වැඩක් නෑ ලංකාවෙ ටීවී චැනල් නං.

    ReplyDelete
    Replies
    1. මටත් ටීවී බැලිල්ල එපාම වෙලා තියෙන්නේ.

      Delete
  15. මේ කියපු කාරණානම් ඇත්ත.. මමත් මුලින් ඕකේ ප්‍රවෘත්ති තමයි බැළුවේ.. ඒත් දැන්නම් බලන්නේ නෑ...

    ReplyDelete
    Replies
    1. මම නම් එකකවත් ප්‍රවෘත්ති බලන්නේ නෑ දැන්.

      Delete
  16. ඔය කියන වාහිනිය මිනිසුන්ගේ කඳූලු මාකට් කරනවා දැක්කාම ඇත්තටම දුක හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. මොනවා මාකට් කළත් කඳුළු විකුණන් කන එකනම් ඉතාම හිරිකිතයි.

      Delete
  17. චික්කේයියා........

    ReplyDelete
  18. සහතික ඇත්ත අයියා..........

    ReplyDelete