Friday, October 21, 2011

රෑවීලා ඇයි මේ උදේ.........


සති දෙකක් තිස්සේ මකුළුවෝ දැල් බැඳන් හිටිය නිසා මකුළුවෝ එලවන්න කොස්සක් අරන් ආවට බය වෙන්න එපා. මේ කොස්ස ගෙනාවේ මකුළුදැල් කඩල මකුළුවෝ එලවන්න. නැතිව බ්ලොග් එකට එන අයව එලවන්න එහෙම නෙවේ.
පසුගිය සති දෙකේම බ්ලොග් පැත්තේ යන්න බැරි උනා. පෝස්ට් කරල චැට් එකෙන් නැතිනම් ඊමේල් එකෙන් කීව අයට පමණක් කමෙන්ට් කලාට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාගන්නත් බැරි උනා. පසුගිය සති දෙකම ගෙදර වැඩත්, වැඩ කරන ආයතනයේ වැඩත් එක්ක ගොඩක් බිසී උනානේ. අලුතින් බැච් එකක් එන කාලෙට කොහොමත් අපිට වැඩ වැඩි වෙනවා. ඔය අපේ හා පැටික්කි, මධුශාන් එහෙමත් ආවා කියන්නේ. හාවි නම් ආවා කියා කතා කරලත් කීවා. මේවාට අමතරව අපේ ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයක් තිබුන නිසා එයටත් ගොඩක් වෙහෙසුනා. ඒ හා සම්බන්ධ රසවත් සිදුවීම් ගනනාවක් තියනවා. වෙලාවක ඒවාත් බ්ලොග් පෝස්ට් එකකට දාන්න පුළුවන්. 
මේ කියන්න ගියේ එකක් දැන් කියන්නේ වෙන එකක්. මටත් ලියන්න ගියාම මුලක් මැදක් අගක් නෑ නේද?
මේ සින්දුව හදිසියේ ඇයි මතක් උනේ කියලා දන්නවාද? අහම්බෙන් දුටු සිදුවීමක් නිසා. මේකයි කතාව.
මේ වෙඩිම නිසා අපිට රැයක් දවාලක් තිබුනේ නෑ. මොකද උන් දෙන්නා බැඳල හනිමූනි ගියා. අපි එපැයි හෝම් කමින් එකට ගෙවල් ලස්සන කරල තියන්න. කොහොම හරි කට්ටිය රෑ දවල් නැතිව උගේ ගෙදර වැඩ. ඔහොම වැඩ කරලා මහරෑ ගෙවල් වලට යනවා. ආයේ උදේ පාන්දර උගේ ගෙදර. කොහොමත් උදේ තේ එක බොන්නේ උගේ ගෙදරින්ම තමා. නැතිනම් ආයේ බැන්දට පස්සේ වතුර එකක් දෙයිද කවුද දන්නේ..:DD
කොහොම හරි ඔය හෝම් කමින් එක දවසේ උදේම මම රෑ කරපු ඩෙකරේශන් ටික හරියට තියනවද බලන්නත් එක්ක උදේම උගේ ගෙදර ආවා. ඒ එනකොට උදේ අව්ව පායලත් නෑ. ඒත් හොඳට එළිය වැටිල නිසා මම බයික් එකේ හෙඩ් ලයිට් නිවාගෙන ආවේ. මෙහෙම එනකොට මගේ ඉදිරියට එනවා බයික් එකක් හෙඩ් ලයිට් දා ගෙනම. සාමාන්‍යෙයන් අපි එළිය වැටුනම හෙඩ් ලයිට් දාන්නේ ආපදාවක් නැතිනම් අති විශේෂ අවස්ථාවක ඉක්මනින් යන්නනේ. ඒත් මේ පොර මොකද මේ හෙඩ් ලයිට් දාගෙන. කරදරයක්ද? නැතිනම් බයික් එකෙ දෝශයක්ද?
ටිකක් ලඟට ආවමනේ හේතුව දැක්කේ.....

ඔය පින්තූරෙනම් ඇත්තම සිද්ධිය නෙවෙයි. ඒත් මේකත් ඒ වගේ තමයි...
රෑ වීලා ඇයි මේ උදේ.........:DDD

19 comments:

  1. හික්ස් බුවා උදේ පානදරම අවු කන්නාඩි දාගෙනද?

    ReplyDelete
  2. මගුල් ගෙවල්වලට ලෑස්තිවෙන එක හොඳයි!

    ReplyDelete
  3. පේරාදෙනියේ ආ අනිකුත් බ්ලොග් කරුවෝ
    1. පිසාචයා
    2. චතූ

    ReplyDelete
  4. එයාට විශේෂ අවස්තාවක්ද කොහොමද දන්නේ. නිශ් කියනකල් මට තේරුනේම නෑ. හැබැයි එයා ගැන අවධානෙන් ඉන්ට කියන එක තමා එයා ලයිට් දැමීමෙන් කරන්ට ඇත්තේ.

    ReplyDelete
  5. දැන් උඹ ඔය සින්දුව ගැනද කිව්වෙ...නැත්තං ඔය බයිසිකල් බුවාට කියන්ඩනේ තිබ්බේ කන්නාඩි කුට්ටම ගලවං යන්ඩ කියලා...විලිලැජ්ජා නැති වැඩ කොරන්නැතිව

    ReplyDelete
  6. ඇත්තටම මම ටියුබ් ලයිට් උනා, පලවෙනි කමෙන්ට් එකෙන් තමා අවුල ලෙහුනෙ .....

    ReplyDelete
  7. හැබැයි ඔය පොටෝ එකේ තියනවා වගේ බයික් එකක් මම අඳූරන අයියා කෙනෙක්ටත් තියෙනවා. යමහා එක්ද කොහෙද. ඒකේ හෙඩ් ලයිට් එක නිවන්න බෑ. ඒ බයික් වර්ගේ හැටිලු. ප්‍රියා අයියා දැක්කෙත් ඒ ජාතියේ එකක්ද දන්නේ නෑ..

    ReplyDelete
  8. ඔයාට කියන්න අයියේ මේ පැත්තේ පොසොන් මාසෙට් කානිවල් තියනවා ඒ තියෙන්නේ හවස හතෙන් පස්සේ . අපේ ගම්පැත්තේ සමහර කොල්ලෝ මහ රෑ සඟදාලා ෆෝන් කනේ තියාගෙන නිකං ප්‍රබූ ආරක්‍ෂකයෝ වගේ එනවා කානිවල් බලන්න .. අපේ පැත්තේ උන්ට ඉතින් ඕවා දාන්න වෙලාවක් කවුරුත් කියා දීලා නෑ නෙව ..

    සමහරු ඉතින් උන්ට දෙකොනින් හිනා වෙනවා ..

    ReplyDelete
  9. හහ් හහ් හහ් බුවා සන් ග්ලස් දාගෙනද....මමත් මූනු පොතේ ඔය වගේ පිංතූරයක් දැම්මා සන් ග්ලාස් එක්ක ..එකෙක් යටින් කොමෙන්ට් එකක් දාලා...."ආලෝකයෙන් මා ඇයි වෙන්කලේ" කියල......හික් හික් හික් ....

    ReplyDelete
  10. @ නිශ්
    කියන්න ගිය දේ නිශ් එකපාරින්ම දැකල තියේනනේ...:DDD

    ReplyDelete
  11. @ කතන්දර Kathandara
    කතන්දර කියන්නේ පෙර පුහුණුවක් ගැනද?. මං කතන්දරගේ භාශාවෙන් කීවොත් තාම උලුවස්ස හොයනවානේ...:DDD
    ස්තූතියි අනික් කට්ටියත් මතක් කළාට.

    ReplyDelete
  12. @ පොඩ්ඩි
    ඔය මං නිතර දකින මනුස්සයෙක්. එයා අව්කණ්නාඩි දාන්නේ විලාසිතාවකට හැර එයින් ඇස්වලට ලැබෙන ආරක්ෂාව ගැන සිතා නොවේ. මං කියන්න ගියෙත් දෙයක් කරන්න නිසි තැනක් වෙලාවක් තියනවා කියන දෙයයි. සමහර අව් කණ්නාඩි වලින් ආලෝකය අඩු වැඩි වෙන විට එය පාලනයක් නෑ. ඒ නිසා උදේම පොරට එළිය වැටිලා මදි වගේ පේන්න ඇත්තේ.
    ස්තූතියි පොඩ්ඩියේ ප්‍රතිචාරයට...:)

    ReplyDelete
  13. @ Raj
    වැඩේ දැක්කම මට මතක් උනේ ඔය සිංදුව තමා. ස්තූතියි රාජ්...:D

    ReplyDelete
  14. @ පන්සල් හංදිය
    කියන්නේ නැතිව පින්තූරයක් දැම්මා කට්ටියට හිතා ගන්න කියා. ස්තූතියි කල්හාර ඇවිත් ගියාට..:D

    ReplyDelete
  15. @ පූසා
    බජාජ් බොක්සර් එක ඔන්ලයිට් නෙවෙයි මල්ලි. ඔන් කලොත් විතරයි ලයිට් වැඩ කරන්නේ....
    මේ පින්තූරේ තියෙන්නේ මට සයිබරෙන් හොයාගත්ත එකක්. ඇත්ත සිදුවීම ‍ෆොටෝ ගන්න බැරි උනානේ මට..:DD

    ReplyDelete
  16. @ හිස් අහස
    අපි නම් ඕවාට දෙකොණින් හිනා වෙන්නේ නෑ මල්ලි. කරන්නේ ටෝච් එකක් දෙන්නද කියා අහනවා..:DDDD

    ReplyDelete
  17. @ ඔබ නොදු‍ටු ලොවක්.....
    ඒකත් මරු කමෙන්ට් එකක්නේ. ස්තූතියි මේ පැත්තේ ආවාටත්..:DDD

    ReplyDelete
  18. ඉතිං උඹ ස්ලෝ කරලා පොරගෙන් ඇහුවේ නැද්ද . . රෑ වීලා ඇයි මේ උදේ කියලා . . හික් හික් හික්

    ReplyDelete
  19. සිරාවට අපේ පැත්තෙත් ඉන්නවා රෑට සඟ දාගෙන මියුසිකල් බලන එන උන්!හික්ස්!

    ReplyDelete