Friday, September 16, 2011

Audacity සවුන්ඩ් රෙකෝඩ් කරන්න නොමිලේ සොෆ්ට් වෙයාර් එකක්

ඔබේ විවිධ අවශ්‍යතා සඳහා පරිගනකයට ශබ්ද රෙකෝඩ් කරන්නත්. ඒවායේ අඬ අඩු වැඩි කරන්න, මිශ්‍ර කරන්න සිදු වෙනවා නේ. ඒ සඳහා විවිධ ඇප්ලිකේෂන් භාවිතා කරනවා. මම අද කියන්න යන්නේ එසේ භාවිතා කරන් පුළුවන් නොමිලේ ලබා දෙන ඇප්ලිකේෂන් එකක් පිළිබඳවයි. මේ දිනවල බස් රේඩියෝව සමග කටයුතු කරන නිසා මටත් මෙයින් ගොඩක් ප්‍රෙයෝජන ගන්න පුළුවන් වුනා. මෙය හඳුන්වන්නේ Audacity නමින්. මෙය Windows, Linux මෙන්ම Mac OS සමගත් භාවිතා කරන්න පුළුවන් http://audacity.sourceforge.net/ වලින් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙත් මම ඔයාලගේ පහසුව වෙනුවෙන් මෙය මීඩියාෆයර් වලට දැම්මා. අවශ්‍ය අයෙකුට අදාල සියලු ෆයිල් මෙතනින් ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. lame_enc නමැති ෆයිල් එක පහසුවෙන් සොයා ගන්න නම් මගේ මීඩියා ෆයර් ලින්ක් එකෙන්ම ගන්න. එය MP3 ලෙස ඕඩියෝ ෆයිල් සදා ගැනීමට අවශ්‍ය වේ.
ඉන්ස්ටෝල් කිරීම පහත ආකාරයට කළ හැක.
පළමුව audacity-win-1.2.6 මගින් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරගන්න. ඉන්පසු ඉතිරි සපෝට් ෆයිල්ස් ඉන්ස්ටෝල් කරගන්න.

සාමාන්‍යෙයන් මෙය ඔබේ C:\ ඩ්‍රයිව් එකටයි ඉන්ස්ටෝල් වන්නේ. අවශ්‍ය නම් ඉහත වින්ඩෝ එකේදී ඩ්‍රයිව් එක මාරු කරන්නත් පුළුවන්. 
 ඉන්පසු ඉතිරි සපෝට් ෆයිල්ස් ඉන්ස්ටෝල් කරගන්න.
දැන් Audacity ලෝඩ් කර බලන්න. පහත ආකාරයට පෙනේ.

මෙයින් කරන්න පුළුවන් වැඩ ගොඩයි. එහෙත් මම අද කියන්න යන්නේ ඔබේ හඩ මයික් එකෙන් රැගෙන මෙයින් රෙකෝඩ් කරගන්නා ආකාරයයි. ඉන් පසු අපි එය MP3 ලෙස සේව් කරගන්නා ආකාරයත් බලමු. මෙසේ රෙකෝඩ් කරන්න Windows වලම Sound Recorder වලින් හැකියාව ඇතත් එයින් උපරිම තත්පර 60ක් පමණයි පටිගත කරන්න පුළුවන්. ඒ නිසයි මම මෙය තෝරාගත්තේ.
හොඳයි අපි දැන් කරන විධිය බලමු.
පරිගනකයට මයික්‍රෆෝනය සවි කර Audacity ලෝඩ් කරගන්න.  ඉන්පසු Record button එක ක්ලික් කරන්න.
රූපයේ ආකාරයට රෙකෝඩ් වනවා ඔබට පෙනෙයි.

 

රෙකෝඩ් කර අවසන් වූ පසු Stop button එක ක්ලික් කරන්න.

දැන් රෙකෝඩ් කර අවසන්. දැන් අපිට මෙය MP3 ලෙස Export කල යුතුයි. මෙහිදී  lame_enc නමැති dll ෆයිල් එක ( lame_enc.dll) අවශ්‍ය වන නිසා කලින්ම ඉහත Audacity ඉන්ස්ටෝල් කල ෆෝල්ඩර් එකට මෙම ෆයිල් එක කොපි කරගන්න. සාමාන්‍යෙයන් C:\Program Files\Audacity වලට යන්න. මෙය ඔබ වෙනත් ඩ්‍රයිව් එකක ඉන්ස්ටෝල් කලානම් අදාල තැනට කොපි කරගන්න. (එහෙත් මෙය මෙම ෆෝල්ඩර් එක තුලම තිබීම අවශ්‍ය නැත. ඔබට අවශ්‍ය ඕනෑම ලෝකල් ඩිස්ක් එකක තබා ගත හැකිය.
දැන් File මෙනු එකට ගොස් Export As MP3 තෝරන්න. එවිට අදාල ෆයිල් එක සේව් කිරීමට ලොකේෂන් එකක් හා ෆයිල් නේම් එක දෙන්න. ඉන් පසුව ප්‍රථම වරට පමණක්  lame_enc.dll ෆයිල් එක සොයයි. දැන් ඔබ අදාල ෆයිල් එක ස්ථාපනය කළ ලොකේෂන් එක සොයා ෆයිල් එක සිලෙක්ට් කරන්න. දැන් සියල්ල හරි. අවශ්‍ය නම් ෆයිල් ඩීටේල්ස් ලබා දෙන්න.

දැන් ක්ලිප් එක ප්ලේ කරල බලන්නකෝ. 
මෙයින් ගන්න පුළුවන් තවත් ප්‍රයෝජන නම් ගණනාවක් තියනවා. ඒවා එකින් එක උත්සාහ කර බලන්න. තවද මෙයටම අවශ්‍ය නම් Project--> Import Audio මගින් පසුබිම් සංගීතයක් මුසු කරන්න පුළුවන්. අනවශ්‍ය කොටස් කපා දමන්න. වෙනත් කොටස් එකතු කරන්න. ගොඩක් වැඩ කරන්න පුළුවන්. 
ඔන්න මම පොඩි වැඩක් කියනවා. කැමතිනම් මේ ඉරිදා අපේ බස් රේඩියෝවේ ආදරණීය නිශාන්තයට ඔබේම හඬින් ගීත ඉල්ලීමක් කරන්න පුළුවන්. මේ ආකාරයට MP3 ක්ලිප් එකක් සාදා request@buzzradio.lk වෙතට යොමු කලොත් අපි එය ආදරණිය නිශාන්තයෙන් විකාශය කරනවා.
එහෙනම් අදට ගිහින් එන්නම්.
සුභ දවසක්...

24 comments:

  1. නොමිලේ දෙන හොඳම ශබ්ද පාලක මෘදුකාංගය Audacity තමයි... හහත් ගොඩක් කැමති වුනාට වැඩිපුරම පාවිච්චි වෙන්නේ නම් adobe Audition... නම් දෙකත් ටිකක් එක වගේ නොවැ...

    ස්තුතියි අයියේ මේ තොරතුරු බෙදාගත්තට ...!

    ReplyDelete
  2. හ්ම්...එහෙනම් ඉතින් සර්ට පිංසිද්ද වෙන්ට, අනෙක් අයටත් අපේ ලස්සන කට හඬවල් ලඟදිම අහන්ට පුලුවන්ව්යි...:D

    ReplyDelete
  3. //Windows වලම Sound Recorder වලින් හැකියාව ඇතත් එයින් උපරිම තත්පර 30ක් පමණයි\\

    වින් 7 වල අසීමිතයි

    ReplyDelete
  4. එදා බස්රේඩියෝ කතාබස් එකේ වැප්නි මාමා මයික් එක කණපිට හරෝගෙන කතාකරපු කෑලී හැදුවෙත් ඕකෙන් මයි. හොඳවෙලාවට චුටිමහත්තයත් මේ පැත්තෙ ඉදං ඒක රෙකෝඩ් කර ගත්තෙ...

    ReplyDelete
  5. නියම සොෆ්ට්වෙයාර් එකක්. ස්තුතියි ප්‍රියන්ත.

    ReplyDelete
  6. මගෙත් ප්‍රියතම එකක් තමයි ඔය Audacity. අපේ එවුන් ටිකක් ඔය සොෆ්ට්වෙයාර් එකෙන් සිංදුවක් රෙකෝඩ් කරලා තිබ්බා... හිතාගන්නවත් බෑ මේකෙන්ද කලේ කියලා....

    පොඩි එකක් හන්දා ගොඩක් මැෂින් වල වැඩ... Adobe Audition, Sony Sound Forge එහෙම ඉතිං ගොඩක් හොදවුණාට වැඩකරන්න මැෂිමේ හොද පර්ෆෝමන්ස් ඕනි....

    ස්තූතියි අයියා දැනුම බෙදාගත්තාට.....

    ReplyDelete
  7. බොහොම වටිනවා අය්ය ස්තූතියි

    ReplyDelete
  8. හප්පච්චියේ ප්‍රියෝ.. ඔන්න මට ඕනම කරලා තිබුන ගැජමැටික් එකක්...තැන්කූ...
    දැන්නං ඉතිං හෙට අනිද්දට සංගීතෙත් එක්කම මගේ සුමිහිරි බෙලෙක් වොයිස් එකෙන් අළුත්ම අළුත් ගීතයක් අනිත් අයට අහන්ට දෙන්ට ඇහැකි වෙයි.. හිටිංකෝ..
    (කන් අඩි පැළුන උන් උඹව හොයන් ආවට මට කරන්න දෙයක් නැහැ..)

    ReplyDelete
  9. මං ළඟත් තිබ්බා පුස් කකා..... කාට සිංදු කියන්නද........

    හපොයි මාර ගී එකයි ගිහින් තිබුනේ දැන් තව කමින් සූන් වෙයි වගේ.......

    ReplyDelete
  10. ආ... නියමයිනෙ. ස්තූතියි අයියා..

    අහ් එහෙනං
    මාර ගී කියල හැරෙන තැපෑලෙන් කන් අඩි සෙට් එකකුත් එවන්ට මාරයියෙ..

    ReplyDelete
  11. @ චතුරංග පෙරේරා | chathuranga Perera
    ස්තූතියි චතුරංග මේ පැත්තට ඇවිත් කමෙන්ට් කලාට. මට නම් මේ සොෆ්ට් වෙයාර් එකෙන් හරිම ලේසියෙන් වැඩ ගන්න පුළුවන්.

    ReplyDelete
  12. @ පොඩ්ඩි මෙන්න කට්ටිය කටහඬ අහන්න ඇවිත්. කෝ බලන්න කට හඩ දැන් එවන්න...
    ස්තූතියි පොඩ්ඩියේ ...:D

    ReplyDelete
  13. @ වැප්
    සමාවෙන්න තත්පර 60 විය යුතුයි. මම නිවැරදි කළා. ඔබ හරි වින් 7 අසීමිතයි. එහෙත් කළ හැකි දේ සීමිතයි...:D

    ReplyDelete
  14. @ බුද්ධි
    චූටි මහත්තයා ඒකත් මතක තියාගෙන නේද?...:DDD
    ස්තූතියි බුද්ධි....

    ReplyDelete
  15. @ Praසන්ன
    බලන්නකෝ මේක එක්ක වැඩ කරලාම. කෝ ප්‍රසන්න පටන් ගත් බ්ලොග් එකේ මොනව හරි ලියමුකෝ...

    ReplyDelete
  16. @ ෴ හසියා ෴
    ඔව් මල්ලි. මාත් ඕක දාගත් පසුව තමා තියන වැඩ ගොඩ දැක්කේ....
    ස්තූතියි මල්ලිට..

    ReplyDelete
  17. @ නදී
    ස්තූතියි නදී මේ පැත්තේ ඇවිත් ගියාට..

    ReplyDelete
  18. @ මාරයාගේ හෝරාව
    උන් ළඟත් දැන් ඕක ඇතිනේ සද්දේ අඩු කරල හදාගයි යන්තම් ඇහෙන ගානට...:DDD
    ඕකෙන් සද්දේ වැඩි නම් අඩු කරන්න අඩුනම් වැඩි කරන්න එහෙමත් පුළුවන්.

    ReplyDelete
  19. @ හා පැටික්කි (MS)
    සිංදු රෙකෝඩ් කරල යවන්න හාවට. වැඩක් නැති වෙලාවට අහන්න.

    ReplyDelete
  20. @ හිම කුමාරි
    ඔන්න මම නෑ ඕවට. කන් ගැන මාරයා එක්ක බලා ගන්න. මම දුන්නේ සොෆ්ට්වෙයාර් එක විතරයි.
    ස්තූතියි හිම කුමාරිට..

    ReplyDelete
  21. ඔන්න මමත් බාගත්ත... බලමුකො අතපත ගාල :D

    ReplyDelete
  22. ඩවුන් කරගත්තා.. බලමුකෝ කරලා....

    ReplyDelete
  23. @ පොඩි මෑන්
    ඔව් කරල බලන්නකෝ. හරිම ලේසියි අනික් ඒවා එක්ක ගත්තම.

    ReplyDelete
  24. @ තාරක Dilsh@n
    ඔව් තාරක වැඩක් අරන්ම බලන්න ...

    ReplyDelete