Sunday, July 3, 2011

Computer Hardware පාඩමට මොකද උනේ......?

Computer Hardware පාඩමට අදාල අන්තිම පොස්ට් එක ලියවුනේ පසුගිය ජූනි 22නේ. මම දිගටම සතියකට පොස්ට් දෙකක් හෝ දුන්නත් එක් වරම දින 10 කින් පමණ පොස්ට් එකක් නැති උනාම කවුරුත් හිතන්න ඇති ප්‍රියන්තටත් ලියන එක ඇති වෙලා කියල. පොඩි පොඩි ගැටළු ජීවිතේ මතුවෙනවනේ. ඒ අතරතුර කලින් භාර ගෙන අවසන් කරන්න නොහැකිවූ කර්තව්‍යයක් අවසන් කර දෙන්න තිබුනා. පසුගිය සතියෙන් දින පහක් පමණ වැය වූයේ ඒ සඳහායි. ඔය හැමදේම බ්ලොග් එකේ ලියන්න බෑනේ. සමීප බ්ලොග් මිතුරන් දෙතුන් දෙනෙක් නම් දන්නවා මට පසුගිය දිනවල තිබුන කරදර.  ඒ විතරක් නොවේ මම හොඳටම ලෙඩ උනානේ. තවම සම්පූර්ණ සුවය නම් ලැබුනේ නෑ. තාම ඇඳේ ඉඳන් මේ ලියන්නේ. එහෙත් පසුගිය කාලෙ පුරාම මම ඊළඟ පොස්ට් සඳහා අවශ්‍ය සූදානම නැවැත්වූවේ නෑ. බොහෝදේ එකතු කළා ඔබ වෙනුවෙන් ලියන මේ සටහන් වෙනුවෙන්. අද මේ ආ අතුර තුර ඒවා ගැන පොඩි දැනුවත් කිරීමක් කරලම යන්නම්කෝ.
මේ පොස්ට් සඳහා හොඳ ෆොටෝ අවශ්‍ය බව ඔයාල දන්නවනේ. ඒ සඳහා කැමරාව අත්‍යාවශ්‍ය බව කියන්න ඕන නෑනේ. මේසඳහා හොඳ කම්පැක්ට් කැමරාවක් මට මගේ සොයුරාගෙන් ලැබුනා. Panasonic Lumix DMC-FX520 මෙය තරමක් පරණ එකක්. 2008 මාදිලියක්. එහෙත් මට හොඳටම ගැලපෙනවා. ඊළඟ අවශ්‍යතාවය සෑම ෆොටෝ එකක්ම අතේ කැමරාව තබාගෙන ගන්න බෑ. විශේෂයෙන් ඉදිරි ලිපි වල කොටස් ගැලවීම් සවිකිරීම් වලදී ආධාරකයක් හෝ සහයකයෙක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම ට්‍රයිපොඩ් එකක් (Tripod) එකක් මිළදී ගන්න තිරණය කළා. Ebay එකෙන් ගත් මෙය ගිය සතියේ තමා මට ලැබුනේ. අපරාදේ කියන්න බෑ. අපේ කස්ටම් එකේ මහත්වරු වෙන්න ඕන අණ්ඩක් කඩලයි එය එවල තියෙන්නේ. ඔන්න මගේ කැමරාවයි ට්‍රයිපොඩ් එකයි.

තනි කැමරාවෙන් හැම දේම කරන්න බෑ නේ. අමතර සහාය මගේ ෆෝන් එකෙන්. (එයත් මල්ලිගෙන් ලැබුන තෑග්ගක් තමා)
මේ ගන්න ෆොටෝ මගේ නෝට්බුක් එකට ගන්නත් ඕනනේ. අනික මේවා ගබඩා කරන්න කැමරාවේ මෙමරිය මදි. ඒනිසා මම ගත්තා කාඩ් රීඩර් එකක් හා අමතර MicroSD එකක් SD Adapter එකක්. ඒත් ඉතින් ebay තමා.

අළුතින් Tools කීපයක්ම ගෙන්වා ගත්තා. ඒවා ඉදිරි ලිපිවල දක්නට ලැබෙයි. තව කීපයක් ඉදිරියේ ගන්නත් තියනවා. මේ මම ගෙන්වාගත් Wrist wrap වලින් එකක්. 

මීට අමකරව තවත් Hardware අමතර උපාංග  ගොඩක් මම එකතු කළා. මේවා බොහොමයක් ක්‍රියාකාරි තත්වයේ පවතින්නේ. මේ සාමාන්‍ය IDE Hard Disk එකක් හා Laptop  IDE Hard Disk එකක්.

Memory හා Expansion Cards කීපයක්.

Desktop Computers නම් ගෙදර දෙකක් තියනවා. තව සේවා ස්ථානයේ දවසකට එකක් අළුත්වැඩියාවට ගලවන නිසා ඒවා ඕන තරම් ෆොටෝ ගන්න පුළුවන්. ඒත් ලැප්ටොප් ගලවා සවිකරන අළුත් වැඩියා කරන ආකාරය කීප දෙනෙක් විමසා ඇති නිසා ඒවා කීපයක් ගලවන්න හිතුවා. ඒත් හොඳ ක්‍රියාකාරී එකක් ගැලවීමේදී මම අනුගමනය කරන ක්‍රම නිසා ෆොටෝ ගන්න තරමක් අපහසුයි. එබැවින් ගත හැකි ඡායාරූප සීමිතයි. මගේ නෝට් බුක් එකත් තාම අන්ඩර් වොරන්ටි නිසා දැන්ම මේක ගලවන්න බෑනේ. ඒ නිසාම මම පරණ PII ලැප්ටොප් එකකුත් ගෙනාවා. මෙය තාම ක්‍රියාකාරි එකක්. අවුල හාඩ් ඩිස්ක් එක ක්‍රියා නොකිරීම.

මේ හැර තවත් ලැප්ටොප් දෙකක් තියනවා හොඳ ක්‍රියාකාරී. ඒවා එකක් දැනටම ඡායාරූප එකතුවේ තියනවා ගලවන අවස්ථාවේ ලබාගත්. මේ ලිපි ලියාගෙන යන විට මගේ නෝට් බුක් එකත් වොරන්ටි ඉවර වෙලා තියෙයි. එහෙම උනොත් අපි ඒකත් ගලවමු.
අවසානයේ කියන්න ඇත්තේ මගේ මේ මොබයිල් බ්‍රෝඩ් බෑන්ඩ් එකත් එක්ක මේක කරන්න බෑ කියල. ඒ නිසා මම ADSL වලට මාරු වෙන්නයි යන්නේ. ඇප්ලිකේෂන් දීලයි ඇත්තේ. හෙට කනෙක්ෂන් ලැබෙයි. මම බොහෝකල් බලා සිටියා ADSL ලබා ගන්න. දැන් තමා අපේ ලයින් අප්ඩේට් කරල තියෙන්නේ. අවශ්‍ය රවුටර් එක ගෙනත් ප්‍රොග්‍රම් කර අවසන්. ඒ නිසා කනෙක්ෂන් එක ලැබෙන්න විතරයි තියෙන්නේ.
(ADSL Routers config කර දෙනු ලැබේ)

එහෙනම් ලෑස්ති වෙන්න ඊළඟ පාඩම් එක්ක. මීළඟ පොස්ට් එක දැන් ලියමින් පවතිනවා. එය හෙට හෝ අඟහරුවාදා වෙන විට දාන්න පුළුවන් වෙයි. 
ප්‍රමාදය ගැන මගේ කණගාටුව.
ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

19 comments:

  1. ඇත්තට මේ ලිපි පෙළ ලියන්න අයියා කොච්චර මහන්සි වෙනවද? බොහොම පිං ඒවට.
    ඉක්මන් සුව පතමි !!!

    ReplyDelete
  2. හලේ ලෙඩත් වෙලා ඉන්න ගමන් පොස්ටුත් ලියනවා.. හලේ බැ බෑ කිය කිය කම්පීතරේ ලගටම වෙලා ඉන්නවා.. ලෙඩ සනීප වෙලා ඇවිත් ලියමු අයියේ... අහා.. ADSL රවුටරේ ගත්ත දවසේ උඩ පැන පැන ගිය හැටි මම දැක්කනේ.. කනෙක්ෂන් දුන්නම කොහොම වෙයිද නේ.. සත්තෝසේ ඉහ වහ ගිහින් ලෙඩත් සනීප වෙයි....

    ReplyDelete
  3. මම නම් හොඳට බැලුවේ ෆෝන් එක දිහා. නොම්මරේ එහෙම පේනවද බලන්ට. හැබෑට තව දවසක් ඉඳලා පෝස්ට් එක දාන්ට තිබුනේ නැද්ද? ඒ මදිවට බසුත් යනවනේ. එන්ටකෝ ආයම අසනීප වෙලා එහෙම. දන්නවනේ මොනවද වෙන්නේ කියලා...)

    පින්තූර ටික ඔක්කොම හරි ලස්සනයි...:D

    ReplyDelete
  4. පෝස්ට් එක වෙනුවෙන් කරන කැපවීම ගැන මගෙත් ස්තුතිය.
    ඉක්මනින් සුව වෙලා ඇවිත් ලියන්න පටංගමුකො.

    ReplyDelete
  5. වැඩේ සිරාවටම කරන්න වගේ හදන්නේ.. ජය!

    ReplyDelete
  6. මමත් මේ බලන් ඉන්නේ ලැප ගලෝන දවස වෙනකන්

    ReplyDelete
  7. ශා... ebay අල්ලලා ගිහිල්ලා වගේ.ලියන්න ලියන්න මාර වෑදගත් මචන්

    ReplyDelete
  8. @ හරී - පිණිපළස
    ස්තූතියි හරි. දැන් නම් සෑහෙන්න සනීපයි. මහන්සියක් නම් දැනෙන්නේ නෑ. ඒක තමා මගේ සතුට.

    ReplyDelete
  9. @ සුදු හංසි
    හරි හරි දැන් සෑහෙන්න සනීපයි. ඒකනේ මේ ලියන්නේ. කනෙක්ෂන් එක නෙවේ නංගි මට සන්තෝස මේවා කන්ෆිග් කරන්න සෙටින්ග්ස් හදන්න. මම ඉතින් මේවා කන්ෆිග් කලාට මගේ කියා එකක් මේ කන්ෆිග් කරනවාමනේ. ඒකයි සන්තෝෂ. ස්තූතියි සුදු හංසිටත් ප්‍රතිචාරයට.

    ReplyDelete
  10. @ පොඩ්ඩි
    බෑනේ කියවන්න එන අයට මොනව හරි දෙන්න ඕනනේ. ඇයි මේ නම්බර් එක හොයන්නේ. දන්නේම නැතුව ඇති නේද?..:D
    දැන් සෑහෙන්න සනීපයිනේ පොඩ්ඩියේ. ඒකයි මේ පොඩි පොස්ට් එකක් ලීවේ. නැතිනම් බ්ලොග් එක පාළුයි වගේ මට හිතෙන්නේ. නෑ බය වෙන්න එපා මට අසනීප වැඩි වෙන්නේ නෑ. මම පරෙස්සමෙන් ඉන්නම්. ඇඳේම හිටිය නිසා කම්මැලි කමට බස් ආවේ. වැඩ ගොඩක් කරන්න තියන ඉරිදා දවසේ මේ පැත්තට ගොඩ උනාටත් ස්තූතියි පොඩ්ඩිට..

    ReplyDelete
  11. @ Praසන්ன
    කැපවීමක් කීවාට ප්‍රසන්න මේක තමා මගේ වෘත්තිය. ඉතින් මම මේක තෝරාගත්තේ හරිම කැමැත්තෙන්. ඉතින් මේවා කරන්නේ හිතේ සතුට වෙන්වෙන්මයි. ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  12. @ තාරක Dilsh@n
    ඔව් සිරාවටම කරන්නයි යන්නේ. ඔයාල ඉන්නවනේ කියවලා සහය දේනන. ස්තූතියි තාරක..

    ReplyDelete
  13. @ ItalyDilan
    හදිසි වෙන්න එපා ඩිලාන්. ලංකාවට ආව දවසක ගලවමු. නැතිනම් මට ඉතාලියට එන්න උනොත්...:D

    ReplyDelete
  14. @ NUWAN"s lane
    නෑ නුවන්. ඔය ebay එකෙන් ගතතේ මාස 6කින් විතර. සමහර දේ මෙහෙන් ගන්න කරදරයි. මට ඕවා හොයන්න කොළඹ යනවාට ලේසියි එහෙම ගෙදරට ගෙන්වා ගන් එක. විශේෂයෙන් වොරන්ටි නැති දේවල්.ස්තූතියි නුවන්ටත්. මම දැක්කා නුවන් ආයෙම ලියල තියනවා. ඒක සතුටක්.

    ReplyDelete
  15. ඒක තමයි මම බැලුවේ මොකද ප්‍රියා පේන්න නැත්තේ කියලා . දැන් සුවයි නේ . ආයේ හාර්ඩ් වෙයාර් පාඩම කරගෙන යමු

    අර රවුටර් එක කන්ෆිග් කරනවා කීවේ . ටෙලිකොම් එකෙන් දෙන රවුටර් එකද නැත්තම් වෙන උසස් ගනයේ රවිටර් එකක්ද ?

    අපේ ඉන්ස්ටිටියුට් එකේ තියන රවුටර් එක කන්ෆිග් කරන්න වෙනවා නිතරම ඉතින් අපි ටෙලිකොමියට කෝල් කරන විතරයි කරන්නේ කිසි කෙනෙක් හදන්න දන්නේ නෑ .. ඒ පාඩමත් මටම කියාපු ..

    ReplyDelete
  16. හප්පේ...අසනීප වෙලා හිටියද? දැන්නේ දන්නේ...ඉතුරු ටිකත් ඉක්මනින් හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒවගේම අයියාගේ ලිපි පෙළත් දිගටම කරගෙන යන්න..ඒක හරිම වැදගත්!!

    ReplyDelete
  17. @ හිස් අහස
    අපොයි නෑ සඳරු ADSL රවුටර් එක. ඒකේ කරන්න දෙයක් නැති තරම්. උසස් යනුවෙන් අපි සාමාන්‍යෙයන් පිළි ග්නනේ Cisco හෝ ඒ සමාන රවුටර්නේ. මේය ඉතා සාමාන්‍ය එකක්. මම නිකමට කිවේ. ඔව් ඔන්න ඊළඟ පොස්ට් එක මම ලියලයි ඇවිත් මේ උත්තර දෙන්නේ. ස්තූතියි සඳරූ.

    ReplyDelete
  18. @ deeps
    දැන් නම් සනීපයි දීපිකා නංගි. සතුටුයි නංගිත් මේ පැත්තට ආව එක ගැන. ඔව් මම මේක දිගටම ලියනවා. අපහසුතා තරමක් පැවති නිසා ප්‍රමාද උනේ. ස්තූතියි deeps ටත් ප්‍රතිචාරයට..

    ReplyDelete