Monday, February 14, 2011

ආදරණීය දවසක්.....


දෙපස මල් පිපුන පොඩි අඩිපාරක් දිගේ තරුණ යුවලක් ඇවිද යනවා. ඔවුන් දෙදෙනාට කිසිදිනක නොපෙනුන ලස්සනක් මල් වල පේනවා. මල් සුවඳින් සිත් මනමත් වෙලා. කුරුළු ගී හඬින් දෙසවන් පිරී ගිහින් කිසි දිනක නොවූ ලෙසින්. තරුණයාගෙන් තරුණියට ලස්සන මල් පොකුරක් ලැබිලා. ඇය ආසාවෙන් එය වැළඳගෙන. ඔවුන්ට මග දෙපස සුන්දරත්වය මිස වෙනත් කිසිවක් පේන්නේ නෑ. ලෝකයම කිසිදිනෙක නොතිබූ අපූර්ව සුන්දරත්වයකින් වෙලී ගිහින්. මේ දේවල කළේ කවුද? වෙන කවුරුත් නම් නොවේ. ඒ තමා ආදරේ......

මේ ලෝකේ ආදරයක් නොලබපු කෙනෙක් නැති තරම්. ආදරය විවිධ ස්වරූපයෙන් අප අතර පවතින දෙයක්නේ. මම මෙතෙක් කිසිම දිනක කතා නොකළ මෙම මාතෘකාව ගැන අද කතා කරන්න හිතුවා. එයට හේතුව අද සුවිශේෂි දවසක් ලොකේ පුරාම ඉන්න ආදර වන්තයින්ට. ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින්ගේ දිනය අදට යෙදෙන නිසා.

අපි විවිධ ආකාරයෙන් ආදරය කරනවානේ. අප ලබන පළමු ආදරය ලබන්නේ අපේ අම්මාගෙන්. ඒ සමග පියාගෙන්. ඉන්පසු සහොදර සහොදරියන්, ඥාතීන් යාළු මිත්‍රයන් විතරක්ම නොවේ අපේ සුරතල් සතුන් පවා අපට ආදරය කරනවානේ. ඒත් අද කියන්න යන්නේ ප්‍රේමය ගැන. එහෙමත් නැත්නම් කවුරුත් කියනවා වාගේ කෙල්ලෙකුයි කොල්ලෙකුයි අතර ඇතිවන ආදරය ගැනයි. ඒත් කොල්ලෙක් කෙල්ලෙක් කීවාට ආදරය කරන්න වයසක් තියනවා කියන්නනම් බෑ. වයසට ගියත් තරණ කාලයේ සිටි ආකාරයටම ආදරය කරන අය නැත්තේ නෑ. මේ ගැන මම කතා කරන්න කොතරම් දුරට සුදුස්සෙකුදැයි කියන එක කියවන ඔබට තීරණය කරන්න කියා මට හිතෙන දේ ලියන්නම්. මේ ගැන ලියන්න මට අදහස දුන් පොඩි කුමාරිහාමි ගැන නොකියා මේ පොස්ට් එක කරන්න බෑ.

ආදරේ කියන්නේ මොකක්ද කියල විවිධ අය විවිධ ආකාරයෙන් අර්ථ දක්වනවා. සමහර අය මෙය විද්‍යාත්මකව පෙන්වා දෙන්න උත්සාහ කරල තියනවා. ඇත්තටම ආදරේ මොන වගේද? ඒය එක් අයෙකුට දැනෙන ආකාරයටම අනික් අයටත් දැනෙනවාද? මම නම් හිතන්නේ නෑ එහෙම වෙයි කියල. එය එකිනෙකා කරන්නේ තමන්ට ආවේණික ක්‍රමයකට බවයි මගේ හැඟීම. ඒ වගේම එය එකිනෙකාට දැනෙන්නෙත් වෙනස් ආකාරයට. හරියට එක් ආහාරයත් අයෙකුට රසවත් වන විට තවත් අයෙකුට වෙනත් ආහාරයක් රසවත්. ඒ වගේ ආදරය කරන විධියත්, ලබන විධියත් එකිනෙකාට ආවේණික බවයි මගේ අදහස. 


ආදරේ පූජාවක්ලු ඇත්තද ඒ කියන්නේ. ඔව් ආදරේ අවංක සිතින්ම දෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ පූජාවක් වගේ එකක්. අපි පූජාවකට දානෙකට ලෑස්ති වෙන්නේ පිරිසිදු වෙලා, පිරිසිදු සිතින්, ලොකු කැපවීමකින්නේ. ආදරේ කරන්නත් ඒ වගේ ලොකු පරිත්‍යාගයක් කරන්න ඕන.

සමහර අය කියන්නේ ආදරේ තියෙන්නේ ලබන්නලු. ඒක ඇත්තද? ඔව් ඒකත් ඇත්ත. ආදරේ ලබන්නත් ඕන. ඒ කියන්නේ දෙන්නෙක් ආදරේ කරනවනම් දෙන්නම ආදරේ කරන්න ඕන. එවිටනේ දෙන්නටම ආදරේ ලැබෙන්නේ. නැතිනම් ඉතින් එක්කෙනෙක්ට විතරයි ආදරේ ලැබෙන්නේ.

ආදරේ කරද්දි ඒ සඳහා යොදවන්න තමන්ගේ කාලයෙන් කොටසක් කැප කරන්න පුළුවන් නම්. අවංකව කටයුතු කරන්න පුළුවන් නම්. සුමට ගතිගුණ පවතිනවානම්. හොඳ සංයමයකින් කටයුතු කරන්න පුළුවන් නම්. පරිත්‍යාගයක් කරන්න පුළුවන් නම්, එය සාර්ථකව පවත්වාගෙන යන්න දෙදෙනාට කිසිම ගැටළුවක් වෙන එකක් නෑ කියා තමා මම හිතන්නේ.

ආදරේ කරන්න ඕන මොළයෙන්ද, හදවතින්ද කියා සොයා බැලුවොත් මම හිතන්නේ ආදරේ කරන්න ඕන හදවතින් බවයි. ආදරේට තර්ක විතර්ක, සංසන්දනයන්, න්‍යායන් වැදගත් වෙන්නේ නෑ. ආදරේට ඕන කරන්නේ ආදරේ විතරයි. ආදරේට ආදරේ කරන්න බැරි නම් එතන ආදරයක් නෑ.

මම කියන්න ගියේ එපමනයි. මගේ පෞද්ගලික අත්දැකීම් මම වැඩිය කතා කරල නම් නෑ. එක් වරක් නැතිවූ ආදරයක් ගැන පෝස්ට් එකක් කළා. ඒත් දැන් එය බ්ලොග් එකෙන් අයින් කරල. මේ පැත්තේ අඳෝනාවන් ලියන්න ඕන නෑ කියා සිතූ නිසා. මට ඇත්තටම ආදරය ගැන කියන්න තරම් අත්දැකීම් ලබන්න නම් අවස්ථාවක් ලැබී නෑ. ඒත් ආදරේ ලැබුන දිනක එය කරන්නේ කොහොමද කියා සිතේ ඇඳුන රූපයක් නම් පවතිනවා. 

ඒය හරිම සුන්දර සිතිවිල්ලක්. හරියට මට දැනෙන්නේ උදේ පින්නේ පිපුන මලක් වගේ. ළඟින් ඉඳන් කතා කරන්න. ලස්සන දවසක ඇවිදින්න. සතුටටත් වැඩියෙන් දුකේදී ළඟින් ඉන්න. ඉඳ හිට දවසක විනාඩි පහකට විතර පොඩ්ඩක් විතර තරහ වෙලා ආයෙම යාළු වෙන්න. ඔය වගේ පොඩි දේවල් තුලින් තමා මම නම් ආදරේ කරන්න කැමති.

ඒත් ඉතින් කවුද දන්නේ එය කෙසේ කවදා වෙයිද කියා. 
එහෙනම් මම ගිහින් එන්නම්. 
ඔබට ආදරණිය දවසක්ම වේවා...
සියලු ආදරවන්තයින්, ආදරවන්තියන්ට ආදරය උතුරා යන දවසක් වෙවා. සියලු ආදර පැතුම් සිතූ ලෙසම ඉටුවේවා..
මම ආදරයට ආදරය කරන
ප්‍රියන්ත....



මේ මට පොඩිකුමාරිහාමි ලිපියට එක් කරන්න කියා සඳහන් කළ කරණු ටික. මම ඇයගේ වචන එලෙසම මෙතන සටහන් කරන්නම්.


ආදරය කියන්නේ හිතේ ඇතිවෙන සුන්දරම හැඟීමට. උදෑසන අවදිවෙනකොටත් , රෑට ඇහැ පියාගන්න යනකොටත් හිතේ ඇතිවෙන මුල්ම හා අවසාන සිතුවිල්ල. ආදරය නපුරු නෑ. ආදරය, ආදරේ කරන කෙනාට දුකක් දෙන්නේ නෑ. ආදරය බොරු කරන්නේ නෑ. ආදරය තරම් උතුම් දෙයක් මේ ලෝකේ කොහේවත් නෑ. ආදරය'පූජාවක්' වෙන්නේ ඒ නිසයි. 

ඒ වගේ ආදරයක් පූජා කරන්න තරම්, ආදරනීය කෙනෙක් ලැබෙන එක මොන තරම් වාසනාවක්ද? 

අපි හැමෝම එකතුවෙලා අද ඒ ආදරයට ආදරේ කරමු. 

ආදරය නොලැබුනු සැමටම ආදරයක් ලැබෙන අන්දමේ සුන්දර වැලැන්ටයින් දිනයක් ඔබ හැමට ප්‍රාර්ථනා කරන්නේ, 

ආදරනීය පොඩි කුමාරිහාමි…


ආදරය ගැන ලියවුනු සින්දු සාගරයක් තරම් ඇති. ඒ අතරින් මම සිංදුවක් තෝරාගත්තා අද දවසේ අහන්න....
මේ රොෂාන් ප්‍රනාන්දු ගයන සුපෙම් සුවඳක් අරන්....

27 comments:

  1. ලස්සනම, ලස්සනම, ලස්සන ආදරේ හිතෙන, ආදරෙන් ලීව පෝස්ට් එකක්. කියවපුවාම හිත ඇතුලේ ආදරේ පිටාර ගලනවා.

    අද දවස ඔයා හිතන, පතන සියලුම පැතුම් ඉටුවෙන ආදරවන්තයිනේ දවසක්ම වේවා.

    ReplyDelete
  2. අද දෙන්නත් එක්ක පෝස්ට් දාලා තියෙන්නේ! ඒකත් 'ජයසිරි මංගලම්' කීවලු. කමක් නෑ. අය්යට බලාපොරොත්තු ඉටුවන සුබ වැලන්ටයින් දිනයක් වේවා.

    ReplyDelete
  3. ප්‍රියන්ත අයියා ආදරේ කරලා තියෙනවද නැද්ද මම දන්නේ නැහැ.ඒත් අදහස් නම් හරිම ආදරණීයයි.කොහොම උනත් ඔයාට ආදරණීය හදවතක් මේ අවුරුද්දේ ලැබෙන්න කියලා මම මේ ආදරවන්තයින්ගේ දිනයෙදි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  4. ආදරේ මළ වදයක් බං.......... :D

    ReplyDelete
  5. ඒකත් ජයසිරි මංගලම්ද මංදා........

    කාලෙකින් මේ පැත්තේ ආවේ..... අතඇරුන ලිපිත් ගොඩක් තියේ මං හිතන්නේ. ජාලේ ජංජාල වෙන නිසා තමා පේන්න නැත්තේ.

    ReplyDelete
  6. මට නම් අද කියලත් විශෙශයක් නැ...
    මට හැම දාම වැලන්ටයින්...
    1ක දවසකට සිමාවුන ආදරයක්නෙමෙයි අපිට තියෙන්නෙ... එක හැම මොහෙතෙම අපිලග තියනව..මම හැම දාම ආදරවන්තයෙක්...
    මෙ වැලාගෙ දවස මම නම් හිතන්නෙ ආදරය ප්‍රකාශකරන්න / ආදරය දන්නන්න වගෙ දෙවල් වලට...
    මට හැම මොහෙතෙම මට ආදරය කරන අයගෙ ආදරය දැනෙනව..

    තැග්ගක් දිල කොහෙහරි එක්කගෙන ගිහිල්ල අවිරුද්දකට සැරයක් ආදරය කරල වැඩක් නැ... එත් තාම මල් කඩන අයටනම් මෙක හොදයි...
    අනිත් 1ක මොනව හරි විකුන ගන්නත් හොද අවස්තාවක් මෙක......

    කියන්න නම් ගොඩක් දෙවල් තියනව... පස්සෙ වෙලාවක ලියමු...
    I love you all....!!!

    ReplyDelete
  7. ප්‍රියන්ත අයියා ඔයාගේ හිතේ තියෙන්නේ හරි ලස්සන ආදරයක් අනේ ඔයාට කවදහරි හොඳ ගෑනු ලමයෙක්ව ලැබේවි.

    ReplyDelete
  8. හැමදාම වැලන්ටයින් නං කොච්චර හොඳද නේද? මං කිව්වෙ තෑගි හුවමාරු කරගන්න නෙවෙයි, ආදරෙන් ඉන්න එක ගැන.
    ආදරේ කරන කාලෙවත් මට මේ දවසෙ විශේෂයක් තිබුණෙ නැහැ. දෙන්නගෙ උපන්දින, මුලින්ම හමුවී කතාකල දවස වගේ දේවල් තමයි සැමරුවෙ. දැන් නම් විවාහ සංවත්සරෙත් ඔය ගොඩට එකතු වෙලා.
    ප්‍රියන්ත අයියාගෙ ජීවන සහකාරිය ඉක්මනින්ම හමුවේවා කියලා පතනවා !!!!!

    ReplyDelete
  9. හම්මේ ප්‍රියෝ ඔළුවත් එක්ක මඤ්ඤං උනා බොල...

    ReplyDelete
  10. ප්‍රවීනා
    කමෙන්ට් එකටත් මේ පොස්ට් එක ලියන්න මට දුන් ශක්තියත් කිසිදා අමතක වෙන්නේ නෑ. මගේ ජීවිතේ මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම ලියන්න පුළුවන් වෙයි කියලා. ඒ තල්ලුව දුන්නේ ඔයයි. අනේ මන්දා තව මොනව කියන්නද කියල...

    ReplyDelete
  11. @ Samanalee
    ස්තූතියි මේ පැත්තේ ආවාට. මොකක් ගැනද දන්නේ නෑ මේ කියන්නේ....

    ReplyDelete
  12. @ neetha
    ස්තූතියි ඒ ප්‍රර්ථනාවට. ආදරේ කියන්නේ කරනවාට විතරක් නෙවේ නේද නීතා. ඒ පමණටම දැබෙන්නත් ඕන නේ. මම තාම ආදරයක් ලබල නම් නෑ. අද දවසේ ඒ ප්‍රාර්ථනාව මම භාර ගන්නේ සතුටින්.

    ReplyDelete
  13. @ සෝරෝ
    එහෙනම් ඒ බොරු ආදරයක් වෙන්න ඇති සෝරෝ මල්ලියේ.මම නම් හිතන්නේ නෑ සැබෑ ආදරයක් වදයක් වෙයි කියල. මම වදයක් වෙමින් වටේ දැවටෙන ආදරයකටයි කැමති.

    ReplyDelete
  14. හා පැටික්කි (MS)
    මොකක් ගැනද මන්දා මේ හා පැටික්කි කියන්නේ....

    ReplyDelete
  15. @ ඉංදික
    ඇත්ත ඉංදික. දවසක් වෙන් කරන් ඒදාට විතරක් ආදරේ කරනවනම් ඒ වංචාවක් නේ. මම අද දවස ගැන හිතුවේ එදාට ආදරේ අළුත් කරන්න ගන්න හොඳයි කියා. නැතුව මගේ ජීවිතේ කවදාවත් දවසකට සීමා වන ආදරයක් පවතින්නේ නෑ. මම මා ගැන ලොකු විශ්වාසයක් තියනවා ඒ ගැන. ස්තූතියි මේ පැත්තේ ආවටත්.

    ReplyDelete
  16. @ Anshu
    ගොඩක් ස්තූතියි අන්ශු මේ පැත්තේ අවටත් කළ ප්‍රාර්ථනයටත්...

    ReplyDelete
  17. @ හරී - පිණිපළස
    මම කලින් උත්තර වල ගොඩක් කීව නිසා ආයේ මොනවත් ටයිප් කරන්නේ නෑ.
    ඒත් ඇවිත් කළ ප්‍රර්ථනාවන්ට ගොඩක්ම ස්තූතියි. ඔයා ආදරේ නිසා රැකියාව පවා හැර ගිය කෙනෙක් එයින්ම ආදරේ වටිනාකම පේනවා.

    ReplyDelete
  18. @ මාරයාගේ හෝරාව
    ආදරය ගැන කියවෙන සිංදුවක් අහන්න. ඔලුවට සහනයක් ලැබෙයි....

    ReplyDelete
  19. ඇනෝට
    ගෙදරට ආ කෙනෙක්ට බැනවැදී එලවන සිරිතක් අපි අතර නෑ. ඒත් ගෙනා දේ අපිට භාර ගන්න බැරි නම් වීසි කර දාන එකයි කරන්නේ කුණු කූඩයට. නමුත් අපේ කුණු කූඩයත් ඔබේ හිතට වඩා සිය ගුණයක් පිරිසිදුයි. තමුන් කරන දේ අනික් අයත් කරනවා කියන කෝණයෙන් ලොකය දෙස බලන්න එපා. තමන්ගේ සිතේ පහත් අදහස් තිබුනට අනික් අය හැමෝම එහෙම නෑ. ඔය ලියා ගිය දේ මට පමණක් හානි කර දෙයක් නම් මම ඕක ටික දවසක් තියනවා මෙහෙමත් අසහන් කාරයෝ ඉන්නවා කියල මගේ රීඩර්සි ලට පෙන්නන්න. ඒත් මම එය පයට පෑගෙන දූවිලි පිඩක් තරම් වත් නොසලකා මකා දැම්මා. ඔයිට වඩා යහපත් ලෙස ලොකය දකින්න පුරුදු වෙන්න. මේ ලොකේ සුන්දර දේවල් පිරිලා. ඒවා දකින්න හදවත සුන්දර තැනක් කර ගන්න පුරුදු වෙන්න. ඔය කැලෑ සතුන් අතරත් නැති දුර් ගති ඉවතලා.

    ReplyDelete
  20. kumarihaami + priyaa

    happy valentine's day 2 both of u

    :-)

    ReplyDelete
  21. @ blog gadol
    happy valentine's day from both of us.:D
    kumarihaami + priya

    ReplyDelete
  22. ආව් ආව් ආව්.....

    නෑ නෑ මං මේ නිකන් ආව් කිව්වේ....හැබැයි ඉතිං තොප්පිය හරිනම් දාගන්කෝ....ෂේප්...

    හැපි හැපි හැපිම වැලන්ටයින් වේවා කිව්වා අයියේ....!!!
    (ප්‍රමාදය ගැන පසුතැවෙමි.‍‍....)

    ReplyDelete
  23. @ ෴ හසියා ෴
    ආව් ආව් ආව්..... මොකද දන්නේ නෑ..
    කමක් නෑ මාත් කියන්නම් හසියෝ ආව් ආව් ආව්.....

    ReplyDelete
  24. අහල නැද්ද මේක?

    උලව් ලව් - මල ඉලව්

    ReplyDelete
  25. ප්‍රියන්ත,

    අදමයි මල්ලි, මේ පෝස්ට් එක දැක්කෙ,Better late than never කියලත් කතාවක් තියන නිසා අවුලක් නැහැ,

    හරිම අපූරුයි, ආදරේ ගැන කියන්න ඕන ඔක්කොම ඔයා අඩුවක් නැතුව ලියල තියෙනවා,ඉතින් හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා! කියල ප්‍රාර්ථනා කරන්න තමයි තියෙන්නෙ,

    Love is always patient and kind. It is never jealous. Love is never boastful or conceited. It is never rude or selfis. It does not take offense and is not resentful. Love takes no pleasure in other people's sins but delights in the truth.It is always ready to excuse, to trust, to hope and to endure whatever comes.

    A Walk to Remember - Nicholas Sparks

    ReplyDelete
  26. @ Ravi
    අයියේ! ඇත්තටම මගේ හිතේ ඇඳිල තියෙන සිතුවම නම් මීට වඩා ගොඩක් ලස්සන එකක්. මම එහි සාමාන්‍යයක් අරගෙන මේ පොස්ට් එක කළේ. එය යම් දිනක එහි උරුමක්කාරයා දකීවි...
    ස්තූතියි මාව බලන්න ආවට අයියාට.

    ReplyDelete