Wednesday, February 9, 2011

කම්මැලිකමට බලන්න මල් ටිකක්.....

කාලයක් එක දිගටම ලියා ඇත්තේ සර්පයන් ගැන නිසා කට්ටියට මාව ඇති වෙලාද දන්නේ නෑ. සර්පයෝ නිසා මම නපුරු වෙලා කියල චෝදනාවකුත් තිබුනා. රෝස මල් ගැන ලියන්න කියලත් තිබුනා. මම ඔය ටීවී එකෙන් බලල එලවළු පැල හිට වන්න ඉගෙන ගත්තට මල් වගාව නම් කරන්නේ අම්මා. මමත් උදවු කළාට පොස්ට එකකට ලියන්න දෙයක් නම් දන්නේ නෑ. ඉතින් කම්මැලි කමටත් එක්ක මම නිකන් ඉන්න වෙලාවට ගත්ත මල් වල ෆොටෝ ටිකක් අද පොස්ට් එකට දාන්න හිතුවා. හැබැයි ෆොටෝ නරකයි කියල කියන්න එපාත මම කවදාවත් ඡායාරූපකරණය ඉගෙන ගෙන නෑ. දන්න කෙනෙක් උපදෙස් දෙනවනම් සතුටින් පිළිගන්න සූදානම්. මේ සඳහා මම කැමරා කීපයක් භාවිතා කළා. වැඩියෙන්ම අරන් තියෙන්නේ Panasonic DMC-FX520 compact digital කැමරා එකෙන්. ඉතිරිය මගේ 6120 ෆෝන් එකෙන්. මේ ෆොටෝවල අයිතිය මගේ කියල කියන්නේ නෑ. මොකද මේ කැමරා හදල තිබුන නිසානේ මට මේවා මේ තරම් පහසුවෙන් ගන්න පුළුවන් උනේ. කැමති කෙනෙක්ට තමන්ගේ අවශ්‍යතාවයකට මෙයින් ෆොටෝ ගත්තට මගේ අමනාපයක් නෑ. හැබැයි කවුරුහරි ඇහුවොත් ප්‍රියන්ත ගත්ත එකක් කියන්න හොඳේ.
වල් සූරියකාන්න (තිත්ත) මලක් Camera FX520

Camera FX520

Camera FX520

Camera FX520

Camera FX520

බලන්නකෝ මෙයාටත් කන්න ඕන දේ Camera FX520

Camera FX520

Camera FX520

කැමරාව නොකියා 6120
බිනර මල කැමරාව නොකියා 6120
වතුසුද්ධ මලක් Camera FX520
සමන් පිච්ච මල් දෙකක් Camera FX520
සුදු රෝස මල් දෙකක් Camera FX520 (කෘතිම ආලෝකයෙන්)
කැම්පස් එකේ කහ මල් Camera FX520
කියන්න පුළුවන්ද මේ මොනවද කියා Camera FX520
වැස්සට තෙමුණ කූඬළු මල් Camera FX520
තවත් මේ වගේ ෆොටෝ නම් ගොඩක් තිබුනා. ළඟදී කොම්පියුටරේ මාරු කළ නිසා ඒටික තාම පරණ හාඩ්ඩිස්ක් එකේ. තිබුනනම් ඒවත් මේකට දාන්න තිබුනා. ඔන්න කමිමැලි කමට වගේ පොඩි පොස්ට් එකක් දැම්මා. කැමති කෙනෙකුට මේ ෆොටෝ තමන්ගේ වැඩකටත් ගන්න පුළුවන්. ඔය උඩම තියෙන වල්සූරියකාන්ත මල මම Wide Screen එකට හරියන්න 16:9 ගත්තේ මගේ ලැප්ටොප් එකේ වෝල් පේපර් එකට.
පින්තූර අපැහැදිලි නම් ඒමත ක්ලික් කර ලොකු කරලම බලන්නකෝ..
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!

27 comments:

  1. ඇත්තට මොනවද අර ගෙඩි ජාතිය? අර බිනර මල තිබුණෙ කොහෙද? මමත් ආසාවෙන් ඉන්නවා බිනරමලක් හැබැහින් දකින්න.

    ReplyDelete
  2. මල් ටික ඔක්කොම හරිම ලස්සනයි. මම ආසම මල මොකක්ද කියලා දන්නවද? සුරියකාන්ත. ඒක පිපෙන්න ඉර එලිය ඕනි. ඉර හැරෙන, හැරෙන පැත්තට මලත් හැරෙනවා. ඒ මලෙන් ලොකු එලියක්, ප්‍රීතියක් හිතට දැනෙනවා.

    හැබැයි අර මල් දෙක, දෙක පිපිලා තිබුනු පින්තුරත් හරිම ලස්සනයි. ප්‍රියන්ත හරිම දක්ෂයෙක්නේ!

    ReplyDelete
  3. Photos ඇත්තෙන්ම හොදයි.

    ReplyDelete
  4. අනේ ඒ මල් දෙක, දෙක දකිනකොට මට කවුදෝ දෙන්නෙක් මතක් වෙනවනේ.

    ReplyDelete
  5. නරකයි කියන්නෙ කොහොමද? ලස්සන පොටෝ ටික.

    ReplyDelete
  6. මොනවද කියල ඇහුව ගෙඩි තමා කළුකම්බේරිය....

    ReplyDelete
  7. උබ දැන් මල් ගහනවා නේ
    ඕවා වේලාලා ගහපන් බන් :-D

    ReplyDelete
  8. සිරා ෆෝටෝස් ටික. ඔය කැම්පස් එකේ මල් පිපෙන දවස්වලට මමත් එනවා බලන්න. ඊළග පාර ආවම හම්බවෙමු

    ReplyDelete
  9. මැක්සා.....ඇස් වලට පේන්නේ නැති ලස්සනක් පෙනුනා

    ReplyDelete
  10. ane mewwa epa..apita one nai polongu witharai..

    go ahead machan..great job

    ReplyDelete
  11. ලස්සන ෆොටෝ ටික. කොයි මලත් ලස්සනයි මටනම්.
    අර ගෙඩි ජාතිය තක්කලි වගේ මට පේන්නෙ. අපි ඒවට කළු තක්කලි කියමු :D

    ReplyDelete
  12. මල් කොල්ලා............ :D

    ReplyDelete
  13. කෝ යකෝ මේකා මගේ ෆොටෝ එක දාලා නෑනේ....මාත් මල්ක් වගේ පුංචි බබෙක්.....හික්ස්

    ReplyDelete
  14. @ හරී - පිණිපළස
    කලින් දැකල නැද්ද. ඒ තමා කළුකම්බේරිය ගෙඩි. අපි පොඩිකාලේ ඕවා කඩාගෙන කනවා. ඒ ගස්වල කොළ රසවත් මැල්ලුමක්.
    බිනර මල ගත්තේ රිවර්ස්ටන් වලදී. සෙ. මී. 15ක් පමණ පැලෑටියක්. මමත් දැක්කේ පළමු වරට.

    ReplyDelete
  15. ප්‍රවීනා
    සාමාන්‍යෙයන් ගැහැණු ළමයි කැමති රෝස මල් වලටනේ. මම සූරියකාන්ත මලට ආස ගෑණු ළමයෙක් දැක්කමයි. ඇත්තම කියනවනම් මටත් සූරියකාන්ත මල් හිටවන්න පොඩිකාලේ ඉඳන් ලොකු ආසාවක් තිබුනා. මම පාත්තියක්ම හිටවන් හිටියා. දැන් නම් එක පැළයක් නෑ. ඉර හැරෙන පැත්තට හැරෙනවා බලන්න හරි ආසයි. අනික පිඟානක් විතර ලොකු ලස්සනම මලක්. මගෙත් ප්‍රියතම මල.
    මල් දෙකේ ෆොටෝ ගැන කතා කර නිසා ඒ ගැනත් කියන්නම්. ඔය සුදු රෝස මල් හරිම ලස්සනයි. ඕක මම රෑ ෆ්ලෑෂර් එකේ එළියෙන් ගත්තේ. රෝස මල් කොතරම් ලස්සන උනත් නටුවේ කටු තියනවනේ. ඒකනේ කියන්නේ රමණීය රෝස මලේ මරණීය කටු ඇත කියා. ඒත් මේ රෝස මල් දෙකේම නයුවේ කටු නෑ. අහිංසක මල්.
    මම හිතන දේවල් ඔයාට දැනෙන්නේ කොහොමද? ඔය සමන් පිච්ච මල් වල ෆොටෝ ගත්තේ ඒ හේතුව නිසාම තමා.

    ReplyDelete
  16. @ දිනේශ් දීපාල්
    ස්තූතියි දීපාල්. ෆොටෝ වලින් ටිකයි දැම්මේ.

    ReplyDelete
  17. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න. අවශ්‍ය නම් මෙතන තියෙන ඕන ෆොටෝ එකක් ගන්න. කොපි රයිට් නෑ.

    ReplyDelete
  18. @ සහන්
    නිවැරදි උත්තරේ. දැන් ඕවා දැකල නැති අය ගොඩක් ඉන්නවා. ඒකයි මල් මැදින් ඕකත් දැම්මේ. ස්තූතියි මේ පැත්තේ ආවටත්.

    ReplyDelete
  19. @ ම
    වහිනවනේ බන් වේලන්න බෑ.....:D

    ReplyDelete
  20. @ blog gadol
    සාමාන්‍යෙයන් අප්‍රේල් වලට තමා ඔය මල් පිපෙන්නේ. මේ දවස්වල ඒ මල් වැල් තියනවද කියලවත් පේන්නේ නෑ. එන්න ආ දවසක කතා කරමු.

    ReplyDelete
  21. @ රත්ගමයා
    ඔන්නේ රත්ගමයෝ තුන්වෙනි ඇසකින් පෙනෙන ඒවනේ.
    ස්තූතියි ඇවිත් ගියාටත්.

    ReplyDelete
  22. @ Priyanka
    සර්පයෝ එලෙව්වා...
    ස්තූතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  23. @ මගේ ජීවිතය
    කළු තක්කලි වල නියම නම දකින්න ඇතිනේ. ඔය පළ වල කොළ රසවත් මැල්ලුමක්. කලුකම්බේරිය කාල නැද්ද?

    ReplyDelete
  24. @ සෝරෝ
    හිකිස් ...:D

    ReplyDelete
  25. @ ෴ හසියා ෴
    මකාගේ යලක්.....

    ReplyDelete
  26. අපෝ ඇති යන්තම් සර්පවිමානෙන් ගොඩ ආවා,වැදගත් ලිපියක් උනත් හරිම අමාරුවෙන් බැලුවේ.ඔන්න බලන්න මල් ටිකේ ලස්සන මටනම් ආසාවෙ බැහැ.බොහොම ස්තූතියි මේ ලිපිය පලකලාට.

    ReplyDelete
  27. ස්තූතියි නීතා ප්‍රතිචාරෙට. ආයෙත් දවසක මේ වගේ පොස්ට් එකක් දාන්නම්..

    ReplyDelete