Sunday, February 6, 2011

ලංකාවේ මුහුදු සර්පයෝ.

ලංකාව අවට මුහුදු තීරයේ මුහුදු සර්පයින් වර්ග 13ක් දක්නට ලැබේ. වාලක්කඩියන් ලෙස හැඳින්වෙන මොවුන් සියල්ලම උග්‍ර විෂ සහිත සර්පයින්වේ. මොවුන් අයත් වන්නේ හයිඩ්‍රොපිඩේ (Hydrophidae) යන කුලයටයි.

බඩ කහ මුහුදු නයා
Yellow-bellied Sea Snake යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මකව Pelamis platurus නම්වේ. අප දන්නා නයා, කරවලුන් අයත්වන ඉලැපිඩේ (Elapidae) කුලයට අයත් මෙම සර්පයා Pelamis ගනයට අයත් ලොව වසන එකම විශේෂය වේ. බහුලවම මන්නාරම් බොක්ක ආශ්‍රිතව වාර්ථා වී ඇති අතර නිවර්තන උනුසුම් ජලය ඇති මුහුදු ප්‍රදේශ වල වාසය කරයි. දිග සෙන්ටිමීටර් 72 සිට 80 ක් පමණ වෙයි. ගැහැණු සතුන් සාපේක්‍ෂව දිගින් වැඩිය.
උග්‍ර විෂ සහිත වුවද මෙම සර්පයින් දෂ්ඨ කිරීම නිසා මරණ වාර්ථා වන්නේ නැති තරම්ය. 
ලංකාව අවට ජීවත් වන අනෙකුත් මුහුදු සර්පයින් වර්ග 12 ගැන ප්‍රමාණවත් තොරතුරු නොමැත. නමුත් මේ සියලු විශේෂ උග්‍ර විෂ සහිත වේ.

මේ සමගම සියලුම සර්පයින් ගැන ලියන්න ආ කරුණු ලියා අවසන්. විෂ රහිත සර්පයින් විශේෂ 61 සිටින බැවින් ඒ සියලු දෙනා ගැන ලිවීමෙන් වන්නේ කාලය නාස්ති කිරීමක් පමණයි. 
සර්පයින් ගැන ලියවෙන අවසන් පොස්ට් එක සමග හමුවෙමු.
ගිහින් එන්නම්...
සුභ දවසක්..!!!

11 comments:

  1. අපි ඉතිං මුහුදු යන්නෙ නෑනෙ...

    ReplyDelete
  2. එල එල...මැක්සා පොස්ට් එකක්...ජය!!!

    ReplyDelete
  3. විෂ නැති සර්පයන් ගැනත් ලියන්න. මොකද එතකොට උන්ව නිකරුනේ මරල දාන එක නවත්තන්න පොඩි හරි උදව්වක් වේවි.

    ReplyDelete
  4. මම මේක දැක්කෙත් නෑ. විස නැත්නම් දැන නොගත්තත් කමක් නෑ නේද? මිනිස්සු සර්පයෝ දැක්ක හැටියේ ගහලා මරනවද?

    ReplyDelete
  5. 1940 වගේ කාලෙක මේ වර්ගයේ සර්පයෙක් සපා කෑමෙන් ලංකාවෙදි මරණයක් වාර්තාවෙලා තියෙනව මං දන්න විදියට. මාලුදැලක පැටලුනු එකෙක් ගලවලා විසි කරද්දි ඌව තව කෙනෙකුගෙ ඇඟට වැටිලා. එතකොට සිද්ද වුන දෂ්ඨ කිරීමෙන් තමයි ඒ කෙනා මැරිල තියෙන්නෙ. කොච්චර විෂ වුනත් මේ සර්පයා ලේසියෙන් හපාකන්නෙ නැති වගත් ඒ නිසාම මාලු දැල්වල මෙවුන් පැටලුනාම ධිවරයො මුන්ව අතින් අරන් ආපහු විසි කරන බවත් මං අහල තියෙනව. මේ සේරම කරුණු මං දැනගත්තෙ පාසල් කාලෙ පරිසර නියමු දේශනයකට සහබාගිවෙච්ච නිසා..

    ReplyDelete
  6. @ Praසන්ன
    මුහුදු යන්නම ඕන නෑ. වෙරළෙත් ඉන්න පුළුවන්.ඔය ෆොටෝ එකේ තියෙන්නෙත් වෙරළේ ඉන්න එකෙක්නේ.

    ReplyDelete
  7. @ රත්ගමයා
    මැක්සා කෙසේ වෙතත් මගේ කෙටිම පොස්ට් එක...:D

    ReplyDelete
  8. @ Anonymous
    විෂ සර්පයෙක් වත් මරන්න එපා කියලයි මම කියන්නේ. විෂ රහිත සර්පයින් 61ක් ඉන්නවා. සමහර උන් ගැන කිසි විස්තරයක් නෑ. ඒ නිසයි ලියන්න හිතුවේ නැත්තේ. දැන් මේ පේස්ට් සියල්ල ඉවර කරලයි තියෙන්නේ. පබ්ලිශ් වෙන්න විතරයි තියෙන්නේ.

    ReplyDelete
  9. ප්‍රවීනා
    ඒක තමා ගැරඬියෙක් මරලත් වීරයෝ වෙන්න හදන අය ඉන්නවනේ. උදේ සවස පන්සිල් ගත්තත් සර්පයෙක් දැක්කම පොලු අරන් එන පිරිසකුත් ඉන්නවා. හරියට අර ඔයා කියන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ යන ඇත්තන් වගේ. අපි අතරම ඉන්න අය තමා.
    ඒක නෙවේ. හදිස්සියකට මම නැති උනොත් කමෙන්ට් වලට උත්තර දෙන්න පුළුවන් වගේ. අර ඇනෝට නිවැරදිම උත්තරය දීල තියෙන්නේ.

    ReplyDelete
  10. @ ..ChAnDiKa..
    හරියටම හරි චන්දික. ඔය සිද්ධිය මමත් අහල තිබුනා. දින වකවානු නැතිව. ඔය වගේ සිදුවීම් කීපයක්ම ඉන්දියාවෙන් වාර්ථා වෙලා තිබෙනවා. ස්තූතියි චන්දික එකතු කළ කරුණු වලටත්..

    ReplyDelete
  11. sarpayo gena thawath visthara one nam,,,,,
    http://www.srilankanreptiles.com/SriLanka.html

    ReplyDelete