අපේ වැඩ අපිම කරගනිමු යටතේ පෝස්ට් වැඩි ප්‍රමාණයක් ලියන්න හිතුවේ නෑ. ඒත් මේ පෝස්ට් එක දමා මේ ලිපි මාලාව අවසන් කරන්න හිතුවා. ඒ කියන්නේ සදහටම අවසන් කරනවා නෙවේ. ආයෙත් යමක් එකතු උනොත් මේ යටතේ පළ කරනවා. නමුත් ඉදිරි වසරට අළුත් ලිපි පෙළක් ලියන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. දැනට ඒ සඳහා අවශ්‍ය විස්තර පින්තූර එකතු කරනවා.
එහෙනම් අද කියන්න යන්නේ මගේ ඉටු මිතුරා වන මගේ ගමන් සගයාට කරන සත්කාරයක් පිළිබඳ. මේ පැත්තේ එන බොහෝ අය දන්නවත් ඇති මම ඉතින් කොහේ ගියත් වැඩියෙන්ම යන්නේ බයික් එකේ බව. ඉතින් අපි මේවායෙන් නිසි සේවයක් ගන්න නම් ඒවායේ නඩත්තුව අළුත්වැඩියා නිසි පරිදි කරන්න ඕනනේ. ඉතින් මමත් කාලයක්ම මෙහි අළුත් වැඩියා බලයලත් සේවා නියෝජිතයෙකුගෙන් තමා කරගත්තේ. නමුත් මට ඒ සේවා ගැන නිසි පැහැදීමක් තිබුනෙම නෑ. එයට හේතුව තමා මම කොම්පියුටර් වලට පස්සේ ආසම ක්ෂේත්රය මෝටර් මිකැනික් වීම. පොඩි කාලෙනම් ආසම මෝටර් මිකැනික් වලට. ඒත් අහම්බෙන් වගේ මේ කොම්පියුටර් අස්සට වැටුනට පස්සේ ස්පැනර්, යතුරු ආදිය දෙවැනි තැනට වැටුනා. ඒත් තවමත් මෝටර් මිකැනික් සම්බන්ධ ලිපියක් ලැබුනොත් මුල සිට අගටම කියවනවාමයි. ඒ නිසාම සැලකියයුතු තරමේ කාර්මික දැනුමක් මට තියෙනවා. මගේ සොහොයුරා මෙන්ම කිට්ටුම ඥාතීන් කීපදෙනෙක්ම මේ ක්ෂේත්‍රෙය් නිරතවන නිසා මට ප්‍රායෝගිකව යමක් කර ගන්න ප්‍රළුවන් කමක් තිබෙනවා. නමුත් වඩා හොඳ නිවැරදි පුහුණුවක් ලැබූ සේවා නියෝජිතයෙකුගෙන් ලබා ගන්නා සේවා නිසාත්, වගකීමේ කාලයේ ඔවුන්ගෙන් සේවා ලබා ගැනීම අනිවාර්යය නිසාත් දිගටම අදාල ආයතනයකින් සේවා සිදුකළා. නමුත් එවායේ ඇතැම් සේවකයන් ගේ දැනුම අඩු බව මම නිතර දුටු දෙයක්.
නමුත් මට දැඩි කලකිරීමට හේතුවූයේ දිනක් මෙහි බෙයාරින් මාරු කරගැනීමට ගිය අවස්ථාවේ. එහිදී එය සිදුකළ සේවකයා අදාළ උපකරණය (bearing puller) භැවිතා නොකොට කටුවක් හා මිටියකින් එය ගලවා තිබුනේ. රිම් එකට පවා කටුව නිසා සීරීම් සිදුවී තිබුනා. අනෙක් කාරණය බෙයාරින් එකේ ඇති ග්‍රීස් සීල් කඩා වෙනත් ග්‍රීස් එයට පුරවා තිබුනා. සීල් එක කොහේ දැමුවාද යන්න පවා නොදනී. මම එය ඔහුගෙන් ඇසුවත් ඔහු Puller එක ගැන දැන සිටියේ නෑත ඒවගේම සීල් ආකාරයේ බෙයාරින් වල ඇති නිෂ්පාදකයා යොදන ග්‍රීස් හා පසුව ඔහු යෙදූ ග්‍රීස් අකර වෙනසක් ඔහු දන්නේ නෑ. කොයි ග්‍රීස් දැම්මත් වෙනසක් නෑ සර් කියා තමා ඔහු කියන්නේ. මෙවන් නිසි අවබොධයක් නැති අයට මගේ බයිසිකලය සේවා සඳහා දෙනවාද නැද්ද යන්න මට දෙවරක් සිතන්න මේ හේතුවත් තවත් මෙවනි බොහෝ සිද්ධින් ගණනක් හේතු උනා.
අවසානයේ විදේශයක සිටින මගේ සොයුරා නිවාඩුවක් සඳහා පැමිණි අවස්ථාවේ ඔහු සමග එක්ව මෙහි නඩත්තු සේවා කළා. ඒ අවස්ථාවේ ලබා ගත් දැනුම හා පුහුණුව මත පසුගිය දිනක තනිවම මෙහි සේවා කටයුතු කර ගත්තා.
එදින මා සිදුකළ සේවාවන් සියල්ලම කියන්නයි යන්නේ.
පළමුව එන්ජිමේ තෙල් (Engine Oil) සියල්ල ඉවත් කළා. ඒ සඳහා පැයකට වැඩි කාලයක් ගතවෙනවා. ඒ අතරතුර පාලන කේබල් (Control cable) සියල්ල පිරිසිදු කර නැවත ස්නේහනය (Lubrication) කරන්න ඕන.
රෝද ගලවා තිරිංග (Brake) පද්ධතියේ තත්වය පරීක්ෂා කළ යුතුයි.
Final Drive System හෙවත් ධාවනය කරන දම්වැල හා දැතිරෝද පරීක්ෂා කර ගලවා භූමිතෙල් වලින් සොදා නැවත සවිකරා. ඉන්පසු SAE90 තෙල් යොදා ස්නේහනය කළා.
එයාර් ෆිල්ටරය ඉතා දුර්වල තත්වයක පැවති නිසා අළුත් එකක් යෙදුවා. පැරණි ප්ලග් (Spark plug) ගලවා අළුතින් ඒවා සවිකළා.
මේ තිවෙන්නේ එහෙම සේවා කරන අතරතුර ගත් පින්තූරෙකුත්.
අවසානයේ නැවත එන්ජින් ඔයිල් 1L වලින් එන්ජිමේ තෙල් දෙන (Oil sump) පුරවා පියන වැසුවා. ඉන්පසු සියලු ඇණ මුරිච්චි නිසි ලෙස සවිවී ඇති දැයි පරීක්ෂා කළා. මේවනවිට මෙහි විමොචන වායු පරීක්ෂාවට(Vehicle Emission Test) කාලය පැමිණ ඇති නිසා පිටාර පද්ධතියේ දුම් බටය (Excuse System) ගලවා කාබන් ඉවත්කර නැවත සවිකළා.
තිරිංග නැවත නිසි ලෙස සීරුමාරු කළා.
අවසානයේ පරීක්ෂණ ධාවනයක යොදවා සියල්ල නිවැරදි බව තහවුරු කර ගත්තා.
සියල්ල අවසානයේ බයික් එක Emission test එක සඳහා යොමුකළා.
මේ පහලින් ඇත්තේ එසේ ලබාගත් සහතිකයයි. කලින් සේවා නියොජිතයා මගින් සේවා කර ලබාගත් සහතිකය හා මගේ සේවා වලින් පසු ලබා ගත් සහතික (වසර 2කදී) අතර වෙනස බලන්න. පසුව ඇති මගේ සේවාවෙන් පසු ලබාගත් සහතිකයේ අගයන් වඩා හොඳ තත්වයක පවතිනවා පේනවා නේද?
එහෙනම් ගිහින් එන්නම්. මම එක ලඟ දවස් දෙකක පොස්ට් දෙකක් දැමූ මුල්ම අවස්ථාව මේක වෙන්න ඕන. මෙයින් එක පෙලට ලියාගෙන ගිය අපේවැඩ අපිම කරගමු පොස්ට් ඉවර කරනවා. මේ ගැන පසු විපරමක් මීළඟ පොස්ට් එකෙන්..
සුභ දවසක්..!!!!
ප/ලි
මෙම පොස්ට් එකට අදාල අවසන් ඉමේජ් දෙක වශයෙන් දැමීමට තිබූ Emission Test Report දෙක ස්කෑන් කර ගැනීමට අද නොහැකි විය. එය ඇතුලත් කර පොස්ට් කරන්න සිතුවත් ෂෙඩුල් කර තිබූ නිසා මෙය පබිලිශ් වී ඇත. ඒ ගැන කණගාටුව පළ කරන අතර හෙට දිනයේ ඒවා මෙයට එක් කරන්න පොරොන්දු වෙමි.
ප/ලි
මෙම පොස්ට් එකට අදාල අවසන් ඉමේජ් දෙක වශයෙන් දැමීමට තිබූ Emission Test Report දෙක ස්කෑන් කර ගැනීමට අද නොහැකි විය. එය ඇතුලත් කර පොස්ට් කරන්න සිතුවත් ෂෙඩුල් කර තිබූ නිසා මෙය පබිලිශ් වී ඇත. ඒ ගැන කණගාටුව පළ කරන අතර හෙට දිනයේ ඒවා මෙයට එක් කරන්න පොරොන්දු වෙමි.
ලංකාවෙ ගොඩක් වාහන සේවා ස්ථානවල තත්ත්වය ඕක තමයි.
ReplyDeleteවැදගත් ලිපියක්.
Mamath free service 2 yi thawa eka full service ekakuyi witharyi service agent gen kale. 8 wathaawak kale mama thaniyama. mata dadu aduwak nathi nisaa thamyi full service ekakata danna wune
ReplyDeleteනියම පෝස්ට් එකක්! බයික් ගැන තව තවත් ලිපි දානවනම් හොඳයි.
ReplyDeletethanks for this post
ReplyDeletegodak watina deyak mee pili badaa danuwath karataa mee pili badaa idiriyatath post dannaaa
yakadooo uba maara porakne bam. . .
ReplyDeleteela ela . . niyamai Mr. all rounder . ..
බයික් එක ඉතින් මට යන්න තියන හන්දා හොඳට සර්විස් කරලා තියාගත්තට කමක් නෑ.
ReplyDeleteම්........කුමාරිහාමි සූදානම් පිටමයි ඉන්නේ...........
ReplyDeleteහොඳ පෝස්ට් එකක්.
@ Praසන්ன
ReplyDeleteඒක කණගාටුවට කරුණක්. ඒත් ඉතින් අපේ බොහොමයක් තැන්වල තත්වය ඕක නම් අපි කරන්න වෙන්නේ මේවගේ දෙයක් තමා.
ස්තූතියි අදහස් දැක්වීමට.
@ X-man
ReplyDeleteමං වගේම තව සගයෙක්.
මේ ඉසව්වේ කලින් දැකල මතකයක් නෑ. මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා...
@ මහේෂ්.ඩී.ජය
ReplyDeleteතව ඉදිරියට කරන දේවල් ඒ වෙලාවට දාන්නම්. මේ ඉසවව්වට සාදරයෙන් පිළිගන්නවා මහේෂ්ව......
@ kg
ReplyDeleteඉදිරියටත් කරන දේවල් දාන්නම් kg.
ඔයාවත් මගේ සතකයට සාදරයෙන් පිළිගන්නවා..
@ දුකා
ReplyDeleteස්තූතියි අයියේ. අයියගේ වචන ටිකනම් හිතට තදින්ම වැදුනා. ඉදිරියට තව මොනවහරි කරන්න බලන්නම්කෝ...
@ Podi Kumarihami
ReplyDeleteඔව් ප්‍රවීනා. මේ අලුතින් සීට් එකකුත් දාන්න ඉන්නේ. තව අළුත් හෙල්මට් එකකුත් ගන්න ඕන. තව මොනවද..මතක් කරන්නකෝ...
@ dinesh
ReplyDeleteඔව් ඒ වගේ..
ස්තූතියි දිනේශ් ප්‍රතිචාරයට.
ඔයාවත් මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා...
ඇයි අර සින්දු....එතකොට අර ලස්සන මල්. ඒවත් හොඳේ!!!
ReplyDelete@ ප්‍රවීනා
ReplyDeleteඒවා සියල්ලම සමගයි...
ඇයි මද සුලං...ලා හිරුරැස්...මල් සුවඳ...
ඉතින් අපට නොපෙනෙන තරම් දුර ඈතට, ඈතට යන්න විතරයි තියෙන්නේ නේද?
ReplyDeleteඈතින් ඈතට නොපෙනෙන තරම් ඈතට....කාටවත්ම හොයන්න බැරි තරම් ඈතට....පාවෙලා.....
ReplyDeleteme report 2 wenasak na.CO2 wadi wela O2 adu wela
ReplyDeleteHC , CO adu wunata