Monday, December 27, 2010

මේසන් වැඩක්......

අද ලියන්න යන්නේ මම කරපු පොඩි මේසන් වැඩක් ගැන. හැබැයි මේක තාම සම්පූර්ණයෙන්ම ඉවර කර නෑ. පොඩි කොටසක් කරන්න තියනවා. මේකත් මුල සිටම ෆොටෝ ගත්තේ නෑ. මොකද අතේ සිමෙන්ති බදාම තියාගෙන කැමරාව භාවිතා කරන්න ගියොත් කැමරාවට සොරිනේ.
එහෙනම් මේකයි කළ වැඩේ.
අපේ මුළුතැන්ගෙයි සින්ක් එක (නැතිනම් වොෂ් බේසින් එක) කෙළවරේ සිට බිත්තිය දක්වා අඩි 2 1/2ක පමණ හිස් කොටසක් තිබුනා. නමුත් මේ කොටසින් කිසිම ප්‍රයෝජනයක් නැති නිසා සින්ක් එක සවිකර තිබූ කොන්ක්‍රීට් ස්ලැබ් එකට අළුතින් කොටසක් එක් කරගන්න අම්මාට අවශ්‍ය උනා. බාස් කෙනෙක් හොයන්නේම නැතිවම මම මේ වැඩේ භාර ගත්තා. හැබැයි මේක නොදන්න දෙයක් උනත් බොහෝ තැන්වලදී බාස්වරුන් කරනවා බලා සිට ඇති දෙයක්. නමුත් සිමෙන්ති කොන්ක්‍රීට් ආදියේ මිශ්‍රණ අනුපාත හිතවතෙකුගෙන් අහගන්න පුළුවන් වුනා.
මේ ඒ සඳහා යොදාගත් උපකරණ.
මේසන් හැන්ද, ලෙවල් එකක්, මිටියක්, අඬුවක්, මුළු මට්ටම, ඈන්ගල් ග්‍රයින්ඩරය, මට්ටම් ලීය වෙනුවට ඇලුමීනියම් බොක්ස් බාර් කැබැල්ලක්.
මේ තියෙන්නේ ඒවායින් ටිකක්.
පළමුව කළේ ෂටරිමක් සකස් කර ගැනීම. මෙය සවිකිරීමට බිත්තියේ කපරාදුව ඉවත්කර කම්බි ඇතුල් කර ගත්තා. ඉන්පසු ෂටරිම සවිකරගත්තා. එය ලෙවල් කළා. අවසානයේ අඟල් 2ක් ඝනකම සිටිනසේ සිමෙන්ති:වැලි:මැටල් 2:4:6 අනුපාතයේ කොන්ක්‍රීට් මිශ්‍රණය පිරෙව්වා. 
මෙය සවිවීමට දින 14ක්ම තැබීමෙන් පසු මතුපිට හා පැත්තක් සිමෙන්ති 1:වැලි (හලාගත් වැලි) 5ක් සිටින සේ කපරාදු කළා. මෙය ලෙවල් කර මට්ටම් ලීයේ හා මේසන් හැන්දේ ආධාරයෙන් සමතල කර ගත්තා.
අවසානයේ සිමෙන්ති දියකර සාදාගත් බදාමයේ ආධාරයෙන් ටයිල් සවිකලා. මේවා අතර පැවති හිදැස් ග්‍රවුට් බදාමයෙන් පුරවා දැමුවා.
මේ බලන්නකෝ...

 
මෙය තවම සම්පූර්ණයෙන් නිමකර නැත. මේ දැනට මාසයකට පමණ පෙර අවසන් කළ දවසේ පැවති ආකාරයයි. (තවමත් එලෙසමයි)
ආරක්‍ෂක පිළිවෙත්.
සිමෙන්ති සමග වැඩ කිරීමේදී ඒවා ඇස් වලට නොවැටීමට සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම සිමෙන්ති, බදාම, කොන්ක්‍රීට් ආදිය සමේ තැවරුන විට සුළු පිලිස්සීමකට ලක්වන නිසා අත් ආවරණ පැළදීම වඩා හොඳයි.
ඈන්ගල් ග්‍රයින්ඩරය භාවිතයේදී මීට කලින් ලිපියේ සඳහන් ආරක්‍ෂක පිළිවෙත් අනුගමනය කිරීම අනිවාර්යයි.
මේ ලිපිය මම ඉතා කෙටියෙන් දැමූ එකක්. මෙම ක්‍ෂෙත්‍රය් භාවිතා වන වචන නිවැරදිව නොදන්නා නිසා මට ඇසී ඇති ආකාරයට ලියා ඇත්තේ. තව දන්න අය ඉන්නවානම් ඒ කරුණු මෙයට එක්කරනු ඇතැයි බලා පොරොත්තු වෙනවා.
මෙම ලිපි මාලාවේ තවත් ලිපියක් සමග තවත් දිනක හමුවෙමු.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක් !!!!

12 comments:

  1. අපි නං ඇන්ගල් ග්‍රයින්ඩරේ ගන්නෙ චාටර් වැල්ඩිං පොලිෂ් කරන්න :D

    ReplyDelete
  2. අපේ ගෙදරත් පොඩි වැඩ වගයක් තියෙනවා .මොකද කියන්නෙ?

    ReplyDelete
  3. මෙයා මාර වැඩ කාරයෙක් වෙලානේ! බලන, බලන වෙලාවට අලුතෙන් වැඩක් කරලා.

    ReplyDelete
  4. ape gedarath wadak thiyenawaa ....

    ReplyDelete
  5. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න ප්‍රතිචාරයට...

    ReplyDelete
  6. @ Kanishka | කණියා
    ඔව් ඕක වැඩි දෙනෙක් ගන්නේ වෑල්ඩින් වැඩට තමා. ඒත් මම ඕක ගොඩක් වැඩ වලට ගන්නවා. අළුතින් ටයිල් 5ක් 6ක් කපන්න කටර් එකක් ගන්නවාට ලාබයිනේ ග්‍රයින්ඩර් එකෙන් කපන එක.
    ස්තූතියි ප්‍රතිචාරයට....

    ReplyDelete
  7. @ සුධාරක
    කියන්න. ඇවිත් කරල දෙන්නම්. හැබැයි ගාන වැඩියි...:D
    ස්තූතියි ප්‍රතිචාරයට ...

    ReplyDelete
  8. @ Podi Kumarihami
    ප්‍රවීනා
    වැඩ කාරයාට බොරු බෑ කියනවනේ. ඔන්න අන්තිම එක අද දැම්මා.

    ReplyDelete
  9. @ හරී
    කරල දෙන්නම් හරි. හැබැයි කොම්පියුටර් පැය වලින් තමා අය කිරීම....

    ReplyDelete
  10. අඩේ, මාත් ඔය කිට්ටුවම නෙව ඉන්නෙ, අනික මේ දවස්වල පොඩිවට ගෙයක් දොරකුත් හදාගෙන යනව, කලිං දන්නවනම් බොටමයි මල්ලි ටයිල් වැඩේ බාර දෙන්නෙ, අනෙ අම්මප,

    ReplyDelete
  11. @ Ravi
    කලින් කියන්න එපැයි අයියේ. බාර අරන් කරල දෙනවනේ.
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා....

    ReplyDelete