Tuesday, December 21, 2010

රෝද දෙකෙන් කිතුල්ගලට...

ආයෙමත් මාතෘකාවෙන් එළියට. මේදවස් වල ලියමින් හිටියේ අපේ වැඩ අපිම කරගනිමු ලිපි පෙලක්නේ. ඒකට පොඩි බ්රේක් එකක්. අද ලියන්නේ සති අන්තයේ ගිය චාරිකාවක මතකයක්. මේ බ්ලොග් ලියන එකෙන් ඇරඹුනු හිතවත් කම් නිසා දැන් යාළුවෝ ගොඩක්. පුදුම සතුටක් මේ අයත් එක්ක කතාකරන විට ඇතිවෙන්නේ. ඉතින් මේ යාළුවන් පිරිස සංවිධානය කළ ට්‍රිප් එකට මටත් එකතු වෙන්න ලැබුනා. ඒ කිතුල්ගලට. ඒත් මේ චාරිකාව සැලසුම් කර තිබුනේ කොළඹ සිට කිතුල්ගල දක්වා. ඉතින් මම නුවර ඉඳන් කොළඹ ගිහින් එතනින් ආයෙම කිතුල්ගල යනවා කියන්නේ පහසු වැඩක් නම් නෙවේ. අනික 19 බ්ලොග්කරුවන්ගේ සංසදයේ සුහද හමුවට යන්නත් හිතාගෙන හිටියේ. ඒ නිසා මගේ චාරිකාව ගෙදර ඉඳන් කිතුල්ගලට යන්න හිතුවා. ඒ අනුව මම මගේ රෝද දෙකේ ගමන් සගයා එක්ක යන්න තීරණය කළා. කිතුල්ගලින් අපේ මිතුරුකැළ හා එකතු වන්න.
ඒඅනුව මට පළමුවෙන්ම කළ යුතු උනේ මගේ ඉටු මිතුරු ගමන් සගයාගේ සුළු අළුත්වැඩියා කරන්න. මොකද මම සැහෙන කාලයකින් මෙහි දුර ගමනක් ගියේ නෑ. මෙන්න බලන්නකෝ මෙයා ගමනට පෙර සූදානම් වන ආකාරය.

සියල්ල අවසානයේ 18වනදා උදේ මම ගෙදරින් පිටත් උනා. හරිම ලස්සන දවසක්. හොඳින් ඉර පායා තිබුනා. ලා හිරුරැස් සෙමෙන් පොළව මත පතිතවන විට යන්තමින් හමනා සිසිල් සුලං ඇඟ දැවටෙනවා. කොහේදො සිට සුළඟට මුසුව මල් සුවඳක් හමා එනවා. මා පරිසරයේ සෞන්දර්යය විඳිමින් නුවර හැටන් මාර්ගයේ ගිනිගත්හේනට ගමන්ගත්තා. කොළ පැහැයෙන් පිරි තුරුමුදුනින් වැසුන කඳුගැට, කඳුමතිනි ගලනා දිය දහරා, කඳුමත කොළ පැහැති පලසක් අතුරා ඇතිසේ ඈතට පෙනෙන තේ වතු මැදින් ගමනේ කිසිම වෙහෙසක් නෑ. මට තිබුනු එකම ප්‍රශ්නය මේ දසුන් කැමරාවට හසුකරගන්න සගයෙකු නොමැති වීම පමණයි. ඒත් වෙලාවට කිතුල්ගල ඉන්න ඕන නිසා නවත්වා ෆොටෝ ගන්න අපහසුනේ. ඒත් ෆොටෝ කීපයක් නොගත්තාමත් නොවේ. මේ ඒ අතරින් කීපයක්
ඈතින් පෙනෙන කඳුවැටි..
මේ තවත් එකක්. බලන්න කඳුකරයේ මීදුම උදේ 10:30 ටත් අඩු නැති තරම.
දකුණු පසට වන්නට ඈතින් සුදු පැහැයෙන් දිය ඇල්ලක් පේනවා.
මෙහි පහලට වන්නට පෙනෙන ඉරි දෙක ලක්‍ෂපාන බලාගාරයේ සිට ඇති විදුලි රැහැන් පද්ධතියේ කොටසක් වෙන්න ඕන.
මේ අසිරිය විඳිමින් මම කිතුල්ගලට එන විට උදේ 11:00 පමණ වූවා. එවිටම කොළඹ සිට පැමිණි පිරිස එහි ළඟා වූයේ. 
කිතුල්ගල යනු ලංකාවේ ඇති කුඩා නගරයකි. නිතර වැස්සට හසුවන තෙත් දේශගුණික තත්වයක් මෙහි පවතිනවා. මේ අවට ඇති නිවර්තන සදාහරිත වනාන්තර පද්ධතිය හා තෙත් වැසි සහිත දේශගුණික තත්වය නිසා මෙහි සිසිල් පරිසරයක් පවතින්නේ. ඇකඩමි සම්මාන කීපයකට හිමිකම් පෑ ලෝක ප්‍රකට චිත්‍රපටයක් වන The Bridge on the River Kwai රූගත කර ඇත්තේ මෙම කිතුල්ගල ප්‍රදේශයේ. මේ අසලින් ගලා යන්නේ සුන්දර කැළණි නදියයි. මෙම පෙදෙස white water rafting සඳහා වැඩි ප්‍රසිද්ධියක් උසුලනවා. ගලිපර මැදින් ගලායන කැළණි ගඟ දෙස දවසම උනත් බලන්න පුළුවන්. පසුගිය දිනවල ඇද හැලුන මහ වැසි නිසා ගඟේ ජල මට්ටම වැඩියි. ඒනිසා සුදෝසුදු පෙණ කැටි නංවමින් ගලා බසින්නේ එන සැමගේ සිත තමා වෙතම රඳවා ගනිමින්.
බලන්නකෝ කැළණි ගඟේ ලස්සන...
ඔය ඈතින් රාෆ්ටින් කරනවා පේන්නේ අපේ අය තමා

බලන්නකේ වලා වියන යටින් කැළණි ගඟට හිරුරැස් පෙරී එන අපූරුව...
වලාකුළු අතරින් පෙරී එන හිරු කිරණ...
ඉතින් අපිත් water rafting කරල, සිංදු කියල නටල විනෝද වෙලා කැළණි ගඟෙන් නාලම අවසන් හිරු කිරණ බිඳ කිතුලගල වන පෙතෙන් නික්මෙන මොහොතේ තවත් සුන්දර මතකයක් සිතේ ඉතිරි කරගෙන, සුන්දර හදවත් ඇති පිරිසක් දැන හඳුනාගෙන මනරම් කිතුල්ගලින් සමුගත්තා.
අහම්බෙන් ගත් තීරණයක් මත මෙම චාරිකාව සිදු කලත් අපි නොසිතූ තරම් සාර්ථක බවක් තිබුනා. 
ඉතින් මට කියන්න තියෙන්නේ ගිහින් නැතිනම් දවසක කිතුල්ගල පැත්තේ යන්න. පුළුවන්නම් මෝටර් සයිකලයක යන්න ආශ්වාදය කියන්න බැරිතරම් ඉහලයි. මතක ඇතිව water rafting කරන්න.
මේ ඉන්නේ අපේ කාණ්ඩෙ. නම් අහන්න එපා. කියන්නෙත් නෑ. ඔක්කොම නම් ඔතන නෑ....
එහෙනම් ගිහින් එන්නම්. 
සුභ දවසක්...!!!!

19 comments:

  1. කස්ටිය අපිට නොකියා ට්‍රිප් එකකුත් ගිහින් නෙද :D
    යසයි යසයි :D

    ReplyDelete
  2. මමත් ආසම තැනක් කිතුල්ගල...
    මගෙ ප්‍රොෆයිල් පික්ච 1කත් කිතුල් ගල...
    තව තැනක් තියනව... ආයෙත් ගිහාම යන්න...
    එ තමයි බෙලි ලෙන...
    එගැන විස්තර පොඩ්ඩක් කියවලම තැන බලන්න යන්න...
    පොඩි දුරයි හන්දියෙ ඉදල...

    සුබදවසක්...

    ලංකාවට අවම එන්නම් කො නුවර......

    ReplyDelete
  3. macho mage gewal thiyenne kithulgala edan 8km vithara laxapana paththata wenna.oya ape ge laginmane gihin thiyenne.. oya dala thiyena 2nd and 3rd image gaththa thana niyama thana neda, watetama lassanata penawa neda.athanata aathin pena waterfall akata thamy macho "aberdin" waterfall aka kiyanne. A wagema 3rd image ake thiyena power line laxapane edan ana awa nemei, "polpitiya samanala power station" kiyana ake edan ana awa.oyala anawa kiyala dannawa nam kattiyatama ape gedarin lunch akak wath denna thibunane..

    ReplyDelete
  4. ලබන පාර මාවත් එකතු කරගන්න :D

    ReplyDelete
  5. ලස්සන චාරිකාවක් වගේම ලස්සන පිංතූර ටිකක්.

    ReplyDelete
  6. බයික් එක ලස්සනයි. පැත්තත් ලස්සනයි. යාලුවෝ කට්ටියත් හොඳයි. ඒත් මාව ගෙනිච්චේ නැති එක නම් නරකයි.

    ReplyDelete
  7. නියමයිනේ අයියා... මටත් තවමත් යන්ට බැරි වුන තැනක්... ෆොටෝ ටිකත් නියමයි...

    ReplyDelete
  8. @ රවා
    කියල ගියානම් තාම යන්න හිතනවානේ. අපි එහෙමයි. හිතුවා ගියා.

    ReplyDelete
  9. @ ඉංදික
    බෙලිගලත් යන්න හිටියේ. කාලය තමා ප්‍රශ්ණයක් උනේ. ආවම නුවර එන්න. සතුටින් පිළිගන්න බලන් ඉන්නවා.

    ReplyDelete
  10. @ Chamli
    ස්තූතියි මේ පැත්තේ ආවට. කලින් දැනගෙන හිටියනම් එන්න තිබුනා. බලමු ආයේ ආවොත් එන්නම්කෝ. අර පවර් ලයින් ගැන මම දැනගෙන හිටියේ නෑ. අනුමානයක් කලේ. ස්තූතියි ඒ ගැන කීවාටත්.

    ReplyDelete
  11. @ වැප්
    ආපෝ මතක් කරන්න එපා. එක්ක යන්නේ නම් නෑ....:D

    ReplyDelete
  12. @ Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න. හැමදාමත් මේ පැත්තේ එනවනේ.

    ReplyDelete
  13. @ ප්‍රවීනා
    ඔයා මාව හිමාලේ එක්ක ගියා නම් ඔයාව කිතුල්ගල ගෙනියන්න තිබුනනේ. ආව දවසක යමුකෝ. එහෙ තව දෙපාරක් ගියත් ඇති වෙන්නේ නෑ.

    ReplyDelete
  14. @ පුතා.
    ස්තූතියි මල්ලි මේ පැත්තේ ආවට. නිවාඩු ආවම ගිහින් එන්න. වෙලාවක් තිබුනොත් මාත් එන්න බලන්නම්.

    ReplyDelete
  15. අලි බාර දෙයියන්ට පින් දෙන්ට අයියා... එදා ඔය රොද දෙකට මාත් සැට් උනානං ගෙදර නෙමේ එන්න වෙන්නේ කිතුල් ගල ගරාජයක රොද දෙක දාල එන්නයි වෙන්නේ... හිකිස්.... (මට හරි දුකයි හප්පා... මේ කරුම රස්සාවේ නිවාඩු නැහැ නොවැ..)

    ReplyDelete
  16. ෂාහ් හොඳ අයිඩියා එකක් දුන්නේ අයියා. යන්න ඕනේ පුලුවන් වුණු දවසක්

    ReplyDelete
  17. @ සුදු හංසි
    මේ පැත්තේ පළමු වතාවට දැක්කේ. මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා. රස්සා වල හැටි එහෙම තමා. එකක් ලැබෙන කොට තව ගොඩක් නොලැබී යනවා. ස්තූතියි ප්‍රතිචාරයට.

    @ Hasitha
    ඔව් ගිහින්ම බලන්නකෝ. හොඳ සෙට් එකක් එක්ක යන්න රාෆ්ටින් වලටත් එක්කම.
    ස්තූතියි මල්ලි ප්‍රතිචාරයට...

    ReplyDelete
  18. ෂා, නියමයිනෙ.
    ඉස්සර අපි දෙහිඅත්තකණ්ඩියෙ උගන්නන කාලෙ නුවරපාර දිගේ ගිහින් වංගු 17 හරහාමහියංගනය ගිරාඳුරුකෝට්ටෙ ඊට පස්සෙ දෙහිඅත්තකණ්ඩිය යන්නෙ අපේ පොඩි YAMAHA බයික් එකේ, මුළු පවුල පිටින්, සමහර විට ලේනෙකුත් අරන් යනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. පරණ අත්දැකීමක් වෙන්න ඇති නේද. නියමයි. දැන් නම් පාර හදනවා මං හිතන්නේ.
      ස්තූතියි මේ පැත්තේ ආවාට...:D

      Delete