Thursday, December 16, 2010

නිවසේ විදුලිය...02

කලින් දවසක ඉවර කරන්න බැරිවුන ලිපියේ ඉතිරි කොටස අද ලියන්නේ. අපේ නිවසේ විදුලි පරිපථයේ ස්විච්, සොකට් ගණනාවක් තියනවානේ. ඒවායින් බහුලව භාවිතයට ගන්න සොකට් කීපයක් පහලින් පෙන්වා ඇත්තේ.
වම් පැත්තේ සිට පිළිවෙළට ගත්විට 5A, 13A, 15A ලෙස අම්පියර් ප්‍රමාණ වලින් තමා ලංකාවේ වැඩියෙන්ම භාවිතයට ගන්නේ.
මේ නිවෙස් වල ඇති ස්විච් වර්ග කීපයක්.
තනි ස්විච්, ත්‍රිත්ව, ද්විත්ව හා බෙල් ස්විච් (Single Gang, 3 Gang, 2 Gang, Bell switch.) 4 ගැන්, 5ගැන් වශයෙන් ඇති ඒවා රූපයේ නැතත් නිවාස වල භාවිතයේ පවතී.
දැන් අපි බලමු මොනවද අපට කරන්න පුළුවන් සුළු අළුත්වැඩියා මොනවාද කියා. 
දැවීගිය විදුලි බල්බයක් මාරු කරන්න නම් බොහෝදෙනෙකුට අපහසු වෙන එකක් නෑ. ඒකට මේන් ස්විච් එක ඕෆ් කරන්න ඕන නෑ. විදුලි අග්‍ර ස්පර්ශ නොවෙන්න සවි කරන්න. නමුත් බල්බයට අදාල ස්විච් එක නම් ඕෆ් කර මෙය කරන්න.
දැන් කියන්න යන්නේ ප්ල්ග් එකකට වයර් සම්බන්ධ කර ගන්නා ආකාරයයි.
මෙම ඡායාරූපයේ ඇති ආකාරයට එහි පියවර අනුගමනය කිරීමෙන් මෙය පහසුවෙන් කර ගන්න පුළුවන්. වැඩි හොඳට මේ විස්තරයත් කියවන්නකෝ. මෙහි ඇත්තේ ඇම්පියර් 5 ප්ලග් එකකට වයරයක් සම්බන්ධ කර ගන්නා ආකාරය. මෙවැනි අවස්ථා නිවසේ නිතර ඇතිවන්නේ හීටරයකට, රයිස් කුකර් එක, වැනි බිම් කම්බියක් සහිත උපකරණයකට පලග් එකක් අළුතින් හෝ හානි වූ එකක් අළුත් එකකින් මාරු කරන අවස්ථාවකදී. 
L අකුරෙන් දැක්වෙන්නේ සජීවී කමිබිය සඳහා ඇති කූරයි. N යනු උදාසීන කම්බිය සඳහා ඇති කූර. E යනු භූගත රැහැන සඳහා. මෙහි L සඳහා රතු හෝ දුඹුරු වයරය සම්බන්ධ වේ. N සඳහා කළු හෝ නිල් වයරයත් E සඳහා කොළ හො කොළ කහ මිශ්‍ර වර්ණය සහිත වයරයත් සම්බන්ධ කරන්න. නිසිලෙස ඉස්කුරුප්පු ඇණ තදකකිරීමෙන් පසු ආවරණය යොදා එහි ඉස්කුරුප්පුව සවි කරන්න. (මේ සඳහා මේන් ස්විච් එක ඕෆ් කරන්න අවශ්‍ය නොවේ)

මීළඟට කියන්නේ හෝල්ඩරයකට වයරයක් සම්බන්ධ කරනා ආකාරයයි.
මුලින් පින්තූර ටික දාලම කරන විධිය කියන්නම්.(මෙය මේන් ස්විච් එක ඕෆ් කිරීමෙන් පසුව දුඹුරු හෝ රතු වයරයේ කම්බිය නියෝන් ටෙස්ටරය තබා විදුලිය නැති බව තහවුරු කරගැනීමෙන් පසුව කරන්න)
ඉන්න මේ ටික විතරක් නෙවේ තව තියනවා..

ඔන්න දැන් හරි.
ඔන්න දැන් රූපයේ ආකාරයට වයරයේ කෙළවර පිටත ආවරණය ඉවත් කර ගතු යුතුය. මෙය අපහසු නම් වයරය ලෑල්ලක් මත තබා මිටියකින් සෙමෙන් වටේටම තට්ටු කරන්න. ඉන්පසු පේපර් නයි‍ෆ් එකක් භාවිතයෙන් රූපයේ ආකාරයට මෙය ඉවත් කරගන්න. ඉන්පසු 10mm පමණ පුමාණයක් කම්බි මතුකර ගන්න. එය අඬුවක ආධාරයෙන් අඹරාගෙන තෙවන රූපයේ ආකාරයට නවා ගන්න. පහලින් ඇති පළමු රූපයේ ආකාරයට හෝල්ඩරයේ ඉහල ආවරනය වයරයට ඇතුල් කර හොල්ඩරයට වයර් අවසන් රූපයේ ආකාරයට සම්බන්ධ කරන්න.

දැන් බලමු දෝෂ සහිත ස්විච් එකක් වෙනුවට අළුත් එකක් සවිකරන්නේ කෙසේද කියා.
මෙන්න රූප සටහන්..

පළමුව පේපර් නයිෆ් එක ආධාරයෙන් ඇණ වසා ඇති කවර ඉවත් කරගන්න. ඇණ ගලවා ස්විච් එක ඉවතට ගන්න(වයර් වල දිග අනුව). ඉහල අවසන් රූපයේ ආකාරයට ස්විච් එකට විදුලිය සැපයෙන සජීව වයරය හා ස්විච් එකේ සිට බල්බ වෙත විදුලිය යන වයර් පෙනේ. සජීව වයරය සෑම ස්විච් ගැන් එකකටම සම්බන්ධක වයර් වලින් සම්බන්ධ වන බව පෙනේ. වයර් වෙන වෙනම ලේබල් කර ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මාරු වීමක් සිදුවීමෙන් ක්‍රියාකාරිත්වය අවුල් වන්න පුළුවන් නිසා. අවසානයේ අළුත් ස්විච්එකක් ගෙන (ගැන් ගණන සමාන විය යුතුය) කලින් ස්විච් එකේ පැවති ආකාරයටම වයර් සම්බන්ධ කරන්න.

අවසාන වශයෙන් කියන්න යන්නේ සොකට් එකක් මාරු කිරීමයි.
මෙම රූපයෙන් පෙනෙන ආකාරයටම සජීව කම්බිය රතු (හෝ දුඹුරු), උදාසීන කම්බිය කළු (හෝ නිල්) සහ භූගත කම්බිය කොළ පාටින් ඇති නිසා වෙන් කර හඳුනා ගන්න පුළුවන්. වයරයේ ඇතුලත ආවරනය අදාළ වර්ණයෙන් පෙනෙන්නේ. පිටත ආවරණය බොහොවිට එකම පැහැයක් ගන්නවා. සජීව වයරය L අකුරෙන් පෙන්වන සම්බන්ධකයට සවි කරන්න. උදාසීන වයරය N අකුර ඇති සම්බන්ධකයටත් භූගත වයරය E ලෙස සඳහන් ස්ථානයටත් සම්බන්ධ කරන්න වයර් නිසි ලෙස සම්බනධ වී ඇතිදැයි නැවත බලන්න. වයර් සවිවන ඉස්කුරුප්පු ඇණ හොඳන් සවිවිය යුතුය . ඉන්පසු බේස් එකට නැවත සවිකිරීමේදී ඇණ යන්තම් සවිකර මේන් ස්විච් එක ඕන් කර කිසියම් උපාංලයක් සම්බන්ධ කර ක්‍රියා කරන්නේද යන්න පරීක්‍ෂා කරන්න. සියල්ල නිවැරදි නම් ඇණ සම්පූර්ණයෙන් තද කර ඇණ ආවරණ යොදන්න.
තවත් සුළු සුළු දේ ඇතත් මගේ මේ පොස්ට් එකේ අරමුණ වූයේ සුළු විදුලි අළුත් වැඩියාවක් අපටම කරගන්න පුළුවන් බවට අදහසක් දීමයි. මෙහිදී මම නැවතත් අවධාරණය කරන්නේ ප්‍රධාන විදුලිය සමග වැඩ කිරීමේදී ආරක්‍ෂාවට පළමු තැන දෙන්න. සජීව, උදාසීන, භූගත කම්බි කිසි විටෙක මාරු කරගන්න එපා.
එහෙනම් විදුලිය ගැන ලිපිය අවසන් කරනවා. ගිහින් එන්නම්..
සුභ දවසක්..!!!!

14 comments:

  1. හොදට විස්තර කරල තියෙනවා.

    ReplyDelete
  2. අනේ මට නම් බෑ අනේ! ඔයා අපේ වලව්වේ නතර වෙන්න.

    ReplyDelete
  3. @Praසන්ன
    ස්තූතියි ප්‍රසන්න.

    ReplyDelete
  4. @ Podi Kumarihami
    අපොයි මම දන්නවානේ පොඩි කුමාරිගේ වැඩ ගැන ඒ නිසා ඔය වැඩ කරන්න යන්න එපා. ආයේ දෙකක් නෑ වලව්වට ගිනි තියල තමා නවතින්නේ.

    ReplyDelete
  5. මේ ලිපි ඇත්තෙන්ම හරිම වටිනවා මලේ.

    ReplyDelete
  6. මැක්සා මචං. දිගටම ලියන්නග හරිම වටිනවා. දිගු ගමනකට ආසිරි...

    ReplyDelete
  7. @ දුකා
    ස්තූතියි අයියේ. මේක නම් ගොඩක් මහන්සියෙන් ලියපු පොස්ට් එකක්. වයර් ස්විච් අටවන් ෆොටෝ අරන්.

    ReplyDelete
  8. @ රතී,
    ලියමු ලියමු.....
    ස්තූතියි ප්‍රතිචාරයටත්..

    ReplyDelete
  9. ලිපිය එල...

    මම දන්න මනුස්සයෙක් පන්සලෙ ශබ්දවිකාශනන යන්තරයෙන් 1ක ස්පිකරයක් වැඩකනන්නෙ නැතිව වයර් 1ක මාරුකරන්න ගියා... මිනිහා වයර් සුදිද කරන්නෙ කටින්...
    පිරිතක් දවසක මිනිහා වයර් 1ක මාරුකරන්න ගිහිල්ල... වයර් රොලක්ම කැව...
    මිනිහ ඉන්දියන්කාරයෙක්ද කොහෙද; නම වයර්කන්න..

    හැම දෙටම නිවැරදි උපකරනය බාවිතාකරන්න....

    ReplyDelete
  10. නියමයි අයියේ! ගොඩක් වැදගත් ලිපියක්

    ReplyDelete
  11. @ මම ඔය වයර් කටින් සුද්ධ කරන්න එපා කියන්න හිටියේ. කොහොමහරි ඒක ලියන්න අමතක උනා. හරි වැදගත් ඉන්දික ඒක මතකයට ගෙනා එක. මමත් ඉස්සර ඕක කළා. ඒත් දතක කෑල්ලක් කැඩුන දවසේ තමා නැවැත්තුවේ..
    ස්තූතියි...

    ReplyDelete
  12. @ blog gadol
    ස්තූතියි මල්ලි. පොඩි කරුණු ටිකක් ලීවේ. සමහර දේවල් අපි O/L වලටත් ඉගෙන ගත්තා. මතකයි නේද??

    ReplyDelete
  13. නියමයි මේ වගේ දේවල් දිගටම ලියන්න ..

    ReplyDelete