Wednesday, December 8, 2010

අපේ වැඩ අපිම කරගමු....01 සීලිම

අපේ වැඩ අපිම කරගමු ලිපි පෙළ ලියන්න ගත්තා විතරයි. එක පොස්ට් එකක් දැම්මේ නෑනේ. යන්තම් පොස්ට් එකකට ඉඩක් ගත්තේ අද තමා. මේ පොස්ට් එකෙන් මම කියන්නේ අපි හැමෝටම එතරම් පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් නම් නොවේ. මේකත් මම ඉගෙන ගත්තේ බලාගෙන සිටීමෙන්. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන යාමෙට කිව්වට මම නම් කරපු අමාරුම වැඩකින් තමා මේ ලිපි පෙළ පටන් ගන්න යන්නේ. 
දැනට වසර කීපයකට පෙර අප නිවසේ සීලිම නොමැති කොටසක සීලිම ගැසීමට වඩුකාර්මිකයෙකු ගෙන්වා ගත්තා. මම ඒදවස්වල නිවාඩු දාගෙන ගෙදර හිටියේ ඇණ, තීන්ත ආදි විවිධ දේ වරින් වර ගෙන්න ඔන නිසා. ඒ අතරම වැඩේ කරන ආකාරයත් බලා ගත්තේ අර කලින් කීවා වගේම නොබලා ඉන්න බැරි නිසාමයි. බලන් ගියාම මෙහිදී භාවිතා කරන්නේ සරල මූල ධර්ම ටිකක්. නමුත් පළ පුරුද්ද තමා වැඩියෙන් යොදාගත්තේ. මට නම් ඉතින් ලෑලි කෑල්ලකට බිත්තියකට ඇණයක් ගහන්න පුළුවන් කම තමා තිබුනේ. නමුත් කරන ආකාරය හොඳින් මතක තිබුනා.
නැවත සීලිමක් අළුතින් ගැසීමේ අවශ්‍යතාවය ඇතිවූයේ අළුතින් නිවසට එක් කළ කාමරයට. මේ සඳහා කලින් වඩුකාර්මිකයාට කතා කළත් ඔහුට වැඩ අධික නිසා එන්න බෑ කියා පවසා සිටියෙන් වෙනත් අයෙකු සොයන්න සිදුවූවා. නමුත් දැන් පොඩි වැඩකට බාස් කෙනෙක් හොයන්නම බෑනේ. අවසානයේ මම තීරණය කළා මේ වැඩේ මම කරනවා කියා. 
මේ අනුව මගේ අදහස උනේ ඇස්බැස්ටෝස් 4x4 තහඩු භාවිතයෙන් මෙය නිම කිරීමටයි. මුලින්ම කලේ අදාළ කාමරයේ දිග පළල මැන සීලින් තහඩුවක දිග පළල (4x4) ප්‍රමාණය සලකා සැලසුමක් ඇඳගැනීමයි. හරියටම දිග පළල නොගැලපෙන නිසා මැදින් කුඩා තීරුවක් යොදන්න තීරණය කළා. ඒ අනුව අවශ්‍ය සීලින් තහඩු ඇතුළු ද්‍රව්‍ය ප්‍රමාණය තීරණය කළා.
මේ සඳහා යොදාගත්තේ මේවා.
සීලින් තහඩු (අඩි4x4) , අඟල් 2x2 ලී දඬු, අඟල් 2x1 ලී දඬු(ආධාරක සඳහා), ඇණ අඟල් 1, 1 1/2, 2, 2 1/2, 3 යන ප්‍රඹාණයෙන්, අඟල් 1 1/2 බීඩින් පටි (සීලින් තහඩු අතරට යෙදීමට), අඟල් 1 1/2 මොල්ඩින් පටි (බිත්තිය හා සීලිම සම්බන්ධ වෙන තැනට) වෝල් ෆිලර්, සීලින් වයිට් ඉමල්ෂන් තීන්ත, මැහොගිනි ස්ටෙයින් පවුඩර්, වාර්නිෂ්.
උපකරණ වශයෙන් යොදා ගත්තේ 
අත්කියත, අඬු මිටිය, නියන, ලෙවල් ටියුබ් එක, තීන්ත ගෑමට රෝලර් බ්‍රෂ් එකක්, අඟලේ තීන්ත බුරුසුව හා වාර්නිෂ් ස්ප්‍රේ කිරීම සඳහා ස්ප්‍රේ ගන් එකක්. ඈන්ගල් ග්‍රයින්ඩරය (angle grinder) සීලින් තහඩු කැපීමට.
පළමුව සිදුකළේ සීලිම සඳහා ලෙවල් කර ගැනීම. (මෙම කාමරය උසින් අඩු නිසා වහලයේ හැඩයට ආනතව සීලිම නිම කිරීමට මමත් අප්පච්චිත් තීරණය කළා.) ඒ අනුව ලෙවල් බටයක් (Water level) භාවිතයෙන් මට්ටම් දෙකකට  උස ලබාගත්තා. වහලයේ උස අඩු පැත්තට අඩු උසක් හා උස වැඩි පැත්තට වැඩි උසක් ලෙස. එනම් ආනත හැඩයකට තමා මෙය නිම කරන්න තිරණය කලේ
මේ තියෙන්නේ ලෙවල් ටියුබ් එකක්. මෙහි ජල මට්ටම සමාන කිරීමෙන් තමා ලෙවල් කරන්නේ.


දෙවන පියවර වන්නේ අඟල් 2x2 ලී දඬු භාවිතයෙන් සීලිමේ සැකිල්ල නිම කිරීම. මෙහිදී දැව ආරක්‍ෂක ආලේප කළ ලී වල මැදින් සලකුනක් යෙදුවා. ඒ දෙපසට අඟල බැගින් දෙකට බෙදෙන ලෙස. ඉන්පසු අඟලකින් 1/8 ක පමණ පරතරයක් සිටින සේ සීලින් තහඩු සවිවීමට නම් ලී දෙකක් අතර පරතරය කොපමණ අවශ්‍යදැයි සොයාගත්තා. එම ඉඩ ප්‍රමාණ වෙන් කර ගැනීමෙන් පසුව සැකිල්ල සවි කිරීම පටන් ගත්තේ. එකම වර්ගයේ සීලින් තහඩු ගැනීමෙන් මෙම මිනුම් අනුව දුර යොදා ගැනීම පහසු වෙනවා. නැතිනම් සීලින් තහඩු සියල්ල එකම ප්‍රමාණයකට කපා ගන්න වෙනවා. පහත රූපයේ ආකාරයට සැලසුම් කළේ.

මෙම සාධක වලට ගැලපෙන ආකාරයට සම්පූර්ණ සැකිල්ලම සදා අවසන් කරන්නට මට දින 2ක් ගතවූවා. මෙය වඩුවෙක්ට නම් පැය 4ක් පමණ ගතවෙන දෙයක්. මෙහිදී ඇතැම් ස්ථාන වලින් බිත්තිය ඇතුලට හාරා ලී ඇතුල් කළ අතර සමහර ඒවා ආධාරකයක් යොදා  රෝල් ප්ලග් (වෝල් ප්ලග්) මගින් සවිකළා. එසේ සකස් කළ සැකිල්ල තමා ‍පහත රූපයේ පෙන්වා ඇත්තේ.(ඔය පේන wiring එකත් මම ම තමා කළේ.)
  
මේ සඳහා යොදාගත්තේ අඟල් 2x2 ලී දඬු. ආධාරක වශයෙන් අඟල් 2x1 ලී කැබලි යොදා ගත්තා. අඟල් 2, 2 1/2, 3 ප්‍රමාණයේ ඇණ වලින් ලී සම්බන්ධ කර ඇත්තේ. දෙපස ලී ලෙවල් කළ සලකුනු හා සමපාත වනසේ සකස් කීරීමෙන් පසු දෙක යාකර ඇදගන්නා නූලක් මගින් මැදින් ඇති පොලු සවිකිරීමට සමමිතික කරගන්නේ. එනිසා සියල්ල එක කෙලින් පවතිනවා. ඉන්පසු යොදාගත් පරාල වල ශක්තිමත් බව පරීක්‍ෂාකලේ එහි අතින් එල්ලි සිටිමින්.
(වාසනාවට කඩන් වැටුනේ නෑ. එහෙම උනානම් සීලිමත් ඉවරයි, බ්ලොග් ලිවිල්ලත් ඉවරයි)
සියල්ල නිවැරදි බව තහවුරු කරගත් පසු සීලින් තහඩු සවිකිරීම පටන් ගත්තා. මේ සඳහා ආධාරකයක් යොදා ගැනීම වඩුවන් විසින් කළත් මෙහි ආනත හැඩය නිසාත්, ප්‍රමාණයෙන් කුඩා ස්ථානයක් නිසා සීලින් තහඩු කැබලි අඩු සංඛ්‍යාවක් සවිකිරීමට ඇති නිසාත් එවැන්නක් භාවිතා කළේ නෑ. මමත් අප්පච්චිත් අතින් අල්ලාගෙන ඉහලට ඔසවා නොසෙල්වෙන සේ තබාගෙන ඇණ මගින් සවි කළා. මෙහිදී එක් දාරයක් සඳහා ඇණ 6ක් පමණ බාවිතා කළා.  මේ සඳහා යොදා ගන්නේ අඟලේ යකඩ ඇණ. එහෙත් සීලින් තහඩු සවිකිරීමට පෙර බිම තිබියදී එවායේ වෝල් ෆිලර් ආලේප කළා. තීන්ත ආලේප නොකළේ අතින් ඇල්ලීමේදී කිලිටි වන නිසා. මේ සඳහා අපට දින 2ක් ගත වූවා. එයට හේතුව යට සිට ඉහලට ඇණ ගැසීමට පළපුරුද්දක් නොමැති නිසා ඉකිමනින් වෙහෙසට පත් වීම හා උරහිස වේදනාවක් ඇතිවීම. මෙය මගහැරීමට එක් සීලින් තහඩුවක් සවිකිරීමෙන් පසු විවේකයක් ගන්නවා.
මේ සියලු සීලින් තහඩු සවි කිරීමෙන් පසුව ගත් ෆොටෝ එක...

හොඳින් බැලුවොත් පෙනෙයි සීලින් තහඩු අතර පරතරය අක්‍රමවත් බව. ඒයට හේතුව මගේ පළපුරුද්දක් නැති කම. මා එය වසා ගැනීමට යොදා ගත් උපක්‍රමය පසුව කියන්නම්. 
මේ තවත් ෆොටෝ එකක්..

මීළඟ පියවර වූයේ සීලිමේ තීන්ත ආලේප කිරීමයි. මේ සඳහා මම යොදා ගත්තේ සීලින් වයිට් ඉමල්ෂන් පේන්ට් එක. නමුත් අවශ්‍ය අයෙකුට වෙනත් ලා පැහැති ඉමල්ෂන් පේන්ට් එකක් භාවිතා කර්නන පුළුවන්. රෝලර් බ්‍රෂ් එකක් භාවිතා කරමින්, ඇ‍ඟේ හලෙන්නේ නැතිව, බිම හලන්නෙත් නැතිව මෙය කිරීම ඉතා අසීරු කාර්යයක් උනා. නමුත් අවසානයේ බිම සෝදන්න සිදුවුනා. ඒ බිමට තීන්ත හැලීම පාලනය කළත් නවත්වන්න නොහැකිවූ නිසා.
අවසාන පියවර වූයේ බීඩින් පටි හා මොල්ඩින් පටි සවිකිරීමයි. (මේ නම් නිවැරදිද යන්න මම නොදනිමි. ලී වෙළඳ සල් හිමියා හා කලින් බාස් උන්නැහේ භාවිතා කළ වචන තමා මමත් ලියන්නේ) මෙයින් කිසියම් අලංකාරයක් එක් කරන්න මම මගේම අදහසක් යෙදුවා. එනම් මේවායේ තීන්ත ආලේප කිරීම වෙනුවට මා මැහොගිනි ස්ටෙයින් පවුඩර් (Mahogini stain powder - ලීවල ආලේප කරන ඩයි වර්ගයකි. ජලයේ දියකර බුරුසුවකින් ආලේප කළ හැක) ආලේප කළා. බෝතලයේ සඳහන් ප්‍රමාණයට වඩා අඩු ජල ප්‍රමාණයක දිය කිරීමෙන් තද පැහැයක් ගන්න පුළුවන්. මම යොදාගත්තේ මගේ සිතුන පාටයි. එය තද රතු-දුඹුරු පැහැයක්. නමුත් මේවා ජලයේ දිය වෙනවා. මේ නිසා වැස්සකදී සීලිමේ ජල කානුදුවක් සිදුවීනම් මෙහි වර්ණක දිය වෙන්න පුළුවන්. එයට ආවරණයක් ලෙස මම යොදා ගත්තේ සාමාන්‍ය වාර්නිෂ් එකක් (polyurethane varnish) ඒ සඳහා මම බ්‍රෂ් එකකින් ආලේප කිරීම වෙනුවට ස්ප්‍රේගන් එකකින් ආලේප කිරීම සිදු කළා. එමගින් වඩා හොඳ නිමාවක් ගන්න පුළුවන්. මෙ‍හිදී කලින් සඳහන් කළ පරිදි මම අඟල් 1 1/2 බීඩින් හා මෝල්ඩින් පටි භාවිතා කළේ සීලින් තහඩු අතර ඇති පරතරය අවිධිමත් බව වසා දැමීමට. අවසානයේ අඟල් 1 1/2 ඇණ බාවිතා කරමින් බීඩින් හා මෝල්ඩින් පටි සවි කර සීලිමේ වැඩ අවසන් කළා. 
මේ එසේ අවසන් කළ සීලිම..


පින්තූර පැහැදිලි මදිනම් ඒමත ක්ලික් කර (right click or middle click) වෙනත් ටැබ් එකක සම්පූර්ණ ප්‍රමාණයේ එකක් ගන්න.
මේ සඳහා මට විශාල වෙහෙසක් යෙදවීමට සිදු වූයේ පළපුරුද්ද නැති නිසා. බොහො දේ ගැන අප්පච්චිට තිබුන දැනුම මෙහිදී මට ලොකු උදවුවක් වූවා. මුළු කාර්යය සඳහා මාසයක් පමණ ගතවූයේ මට මෙහි නිරත වීමට ලැබුනේ සති අන්තයේ දවසක් හෝ දෙකක් වීම නිසා. එසේ නොවුනා නම් වෙනස් වන්න තිබුනා. නමුත් දිනක් වැඩ කිරීමෙන් පසු උහරිස් වලින් වේදනාවක් දැනෙනා නිසා දෙවන දවසක් වැඩක් කරන්න පුළුවන් කම නෑ. ඒයට හේතුව යටිකුරුව ඇණ ගැසීම නුපුරුදු අයෙකුට අසීරු දෙයක් වීමයි. නමුත අවසානයේ මම මෙය මේතරම් අලංකාර ලෙස අවසන් කිරීම මටම අදහා ගන්න බැරි දෙයක් උනා. ඇත්තටම මේක දකින සෑම අවස්ථාවකම මට ඇතිවන්නේ ලොකු සතුටක්. මින් පසු ඉදිරිපත් කරන කිසිම දෙයක ඡායාරූප මා සතුව නෑ. ඒ අතේ විවිධ දේ ගෑවී ඇති විට ඡායාරූප ගැනීමට ‍නොහැකි විමයි. 
**ආරක්‍ෂක පියවර**
මෙය ඉතා වැදගත්. අප කිසියම් කාර්යයක නිරත වන විට ආරක්‍ෂාවට මුල් තැන දෙන්න ඕන. ඕකට වෙන්න ඇති සිංහලෙන් Safety First කියන්නනේ. විශේෂයෙන් විදුලියෙන් ක්‍රියා කරන ඈන්ගල් ග්‍රයින්ඩරය භාවිතයේදී අත් ආවරණ, ඇස් ආවරණ, ආරක්‍ෂක ඇඳුමක්, අධික ශබ්දය නිසා කන් ආවරණයක් යොදා ගැනීම අනිවාර්යයෙන් කරන්න වෙනවා. අමතරව සීලින් කැපීමේදී පිටවන ෆයිබර් කෙඳි සහිත දුමාරය ඉතා අහිතරකර එකක්. ඒ නිසා dust mask එකක් භාවිතා කළා. විදුම් උපකරණය (Electric Drill)  භාවිතයේදී අත් ආවරණ හා ඇස් ආවරණ භාවිතා කළා. කන් ආවරණත් අවශ්‍ය විට භාවිතා කළා. අනෙකුත් බොහෝ අවස්ථාවල අත් ආවරණ හා උඩ බලාගෙන වැඩ කරන විට අමතරව ඇස් ආවරණ භාවිතා කළා. අමතරව ඉතා කල්පනාකාරීව මේ වඩ වලදී උපකරණ හසුරන්න ඕන. නැතිනම් පහසුවෙන් අනතුරු සිදු වෙන්න පුළුවන්.

මම මෙය කියවන ඔබට කියන්නේ ඔබත් සීලිමක් ගසන්නට යන්න කියා නම් නොවේ. මේ වගේ කුමන හෝ දෙයක් ඔබටත් කළ හැකිව ඇති. එය ඔබම කර ගන්න බලන්න. නිමාව උපරිමයෙන් නැතත් ඒ දෙස බලන සෑම වාරයකදීම ඔබේ සිතට ලොකු සතුටක් දැනේවි. මේක කළේ මම නේද කියා. 
ඒහෙන්ම් අද දවසට මම යනවා. ආයෙත් දවසක මේ වගේ පොස්ට් එකක් අරන් එන්නම්.
සුභ දවසක් !!!

ප/ලි
දවසේ උපදේශය
ඇණ ගන්න ගිහින් ඇන ගන්න එපා (හාඩ්වෙයාර් එකකින් උපුටා ගන්න ලදී)


32 comments:

  1. හේ හේ... ඇත්තටම වැදගත් බං... වැඩ ගොඩයි. හරියට කියෙව්වේ නෑ... ආයේ කියවලා මගේ අදහස කියන්නම්. :)

    ReplyDelete
  2. ලස්සනට වැඩේ කරල තියෙනව වගේම ලියලත් තියෙනවා.
    ඔය ෂීට් අතර ඉඩ ඇතිවෙන්න හේතුවක් තමයි ෂීට් එක ගානට නොතිබීම. ඒ නිසා අනිවාර්යෙන් එක පැත්තක් කපල ලෙවල් කරගන්න වෙනව. එහෙම තමයි අපේ ගෙදර පස්සෙ සීලිම ගහපු බාසුන්නැහේ ‍කලේ.
    දක්ෂ බාස් කෙනෙකුට කොච්චර ලොකු සිවිලිමක් උනත් වහලෙ ‍එල්ලන් නැතිව ගහන්න පුලුවං ලී ටික තදවෙන්න බස්සල. (ඒ වැඩේනං අපට කරන්න බෑ.)

    ReplyDelete
  3. hodai. loku wadak masak giyath wade hoda


    PCW

    ReplyDelete
  4. sira wade...eelaga paara.........try karanna...malasiyan sivilima......mama 10*10 room ekak thaniyama gahuwa dawasin....balan idala thamay :p...mara leesiy...habay tools thiyenne oni hariyata

    ReplyDelete
  5. අනේ ප්‍රියන්ත,

    මේ හොඳ ලමයා වාගේ අපේ ගෙදර සීලිම ඔයාම ගහලා දෙන්න. (සීලිම් ගහලා තියෙන්නේ) ඔයාට ඔනෑ නම් ආයම ගලවලා ගහමු.) මට නම් බෑ අය්යො! ඒකට ඔලුව දාන්න. අපරාදේ කියන්න බෑ, ලස්සනට ලියලා නම් තියනවා.

    ඒ ඔයාගේ කාමරේද?

    ReplyDelete
  6. ශුහ් උඹ මාර වැඩ කාරයෙක්නේ මලේ.

    හැබැයි මේ විදිහට හමෝම අනුන්ගේ රැකියා තමන්ම කර ගන්න ගියෝත් ඒ වෘත්තිකයන්ගේ වෘත්තියට මොකද වෙන්නේ . .

    හි හි හි . .

    විහිලුවට කිව්වේ

    උඹ කලින්ම කිව්වනේ වැඩේ පොඩි නිසා වඩු බාස් කෙනෙක් හොයා ගනන් අමාරුයි කියලා.

    ReplyDelete
  7. නියමයිනෙ අයියා... සිරාවටම තියෙනවා....

    ReplyDelete
  8. ෂහ් මරුනෙ, ප්‍රියන්ත අයිය හරි වැඩ කාරයෙක්නෙ,,,

    ReplyDelete
  9. එල මචං දිගටම ලියන්න්. කවුරැත් දැනගන්න කැමති මාතෘකාවක්..එල

    ReplyDelete
  10. ෂැක්... ඔය තියෙන්නේ එළ කිරි වගේ ප්‍රියන්ත බාසුන්නැහේ ගේ වැ​ඩ... හිහ් හිහ් හිහ්..

    සිවිලිමේ තීන්ත ගාන කොට බිම වැටෙන එක නවත්වන්න බෑ.. කොහොමත් බිම හෝදන්න වෙනවා... ඒක නිසා බිමට වතුර පාරක් දාල තියාගෙන තීන්ත ගාන්න... සිවිළිමේ විතරක් නෙවෙයි බිත්ති වල ගාද්දී වුනත් එහෙම කරන්න... එතකොට බේරිච්ච තීන්ත බින්දු වේලෙන්නේ නෑ... යවන්න ලේසියි.. (අත්දැකීමෙන් කියන්නේ..)

    ReplyDelete
  11. @ වන්නි
    තෑන්ක්ස් මචං .....

    ReplyDelete
  12. @ Praසන්ன
    වෙන්න ඇති. අපි ඉතින් බලන් ඉඳල කරන දේවල්නේ. හැබැයි ඉවර උනාම නම් වෙනසක් හොයන්න බෑ.
    සුතූතියි ප්‍රසන්න ඇවිත් දුන්න ප්‍රතිචාරයට..

    ReplyDelete
  13. @ Anonymous
    ස්තූතියි. ඔව් මාසයක් කිව්වට වැඩ කළේ දවස් 5ක් 6ක් විතර.

    ReplyDelete
  14. @ kkroxc
    ස්තූතියි ඒ අදහසට. මම ඔය සීලිම ගැන නම් දන්නේ නෑ. හොයල බලල එකත් කරන්න බලන්නම්. එත් දැන් නම් තියන එකක් ගලවල තමයි ගහන්න වෙන්නේ.

    ReplyDelete
  15. @ Podi Kumarihami
    ප්‍රවීනා.
    ඔයාට පහල ඉඳන් සපොට් එක දෙන්න වෙනවා ඒකට. ඉනිමග අල්ලන් ඉන්න, වෙලාවට තේ එක ගෙනත් දෙන්න, වැටෙන ඇන අහුලන්න, තව වැඩ ගොඩයි. තව මාව ඇදගෙන වැටුනොත් බෙහෙත් තෙල් ගාන්නත් වෙනවා....
    ඒක මගේ කාමරේ නෙවේ ළමයෝ..

    ReplyDelete
  16. @ දුකා
    ඔව් අයියේ. ඒත් දැන් නම් බාස් කෙනෙක් හොයාගන්න එක පුදුම අමාරු වැඩක්. ටික දවසයි වැඩේ බාගෙට කරල යනවා. ආයේ වෙන කෙනකේ ගේන්න ඕන. ඒ හින්දමයි මටම මේ වැඩේ කරන්න උනේ. එකෙන් ගොඩක් දේ ඉගෙන ගත්තා.
    ස්තූතියි දුකා ප්‍රතිචාරයට..

    ReplyDelete
  17. @ පුතා
    තෑන්ක්ස් මල්ලි.....

    ReplyDelete
  18. @ හරී - පිණිපළස
    ස්තූතියි හරී.....

    ReplyDelete
  19. එළ එළ ජයවෙවා හෙ හේ නියමයි...

    ReplyDelete
  20. sorry .. oyaata dala thiyenne wena kenekuta dann ahitapu comentuwakda..

    ReplyDelete
  21. @ රතී,
    තෑන්ක්ස් මචං. මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා....

    ReplyDelete
  22. @ සෝරෝ
    ස්තූතියි මල්ලි අළුත් අදහසට. මම කලින් කළේ පරණ පත්තර ගොඩක් එලන එක. එත් ඒ අතරින් තීන්ත කාන්දු වෙනවා..

    ReplyDelete
  23. @ ඉලංදාරියා
    අවුලක් නෑ. කමෙන්ට් එකේ නොගැලපීමක් පෙන්න නම් නෑ.
    ස්තූතියි ප්‍රතිචාරයන්ට....

    ReplyDelete
  24. කියන්න තියෙන්නේ ඉතිං වැඩේ මැක්සා දිගටම අපිට වැඩ උගන්නපන් කියන එකතමයි අයියේ....ඔය දේ වෙන්න ඕනි අපේ පාසැල් අධ්‍යපනයෙන් එහෙම නේද....
    ලියන්න අයියේ දිගටම....හදවතින්ම සුභ පැතුම්....

    ReplyDelete
  25. අත් උදව්වට ගිහිල්ල බාස්ගෙ බඩට ගැහුව නෙද?

    නියමයි ප්‍රියන්ත...
    අපෙ ඓයත් ගෙදර උලුවහු පොලිශ් කරන කෙනාට උදවු උනා...
    යාලුවො කියුවෙ කොන්තරාත් දුන්නනම් මොකටද යන්නෙ කියල..
    එත් ඉතුරු තට්‍ටු 2කෙම වැඩෙ කලෙ මිනිහ..

    මෙ ලිකෙ බැරි දෙවල් බොහොම අඩුයි..

    ජය ශ්‍රි...!!

    ReplyDelete
  26. @ ෴ හසියා ෴
    මල්ලිටත් ස්තූති කරන්න ඕන. මල්ලිගේ පොස්ට් කීපයක් හින්දා තමා මේටික ඉක්මනට ලියන්න හිතුනේ.

    ReplyDelete
  27. @ ඉංදික
    ඔව් ඉන්දික. මේ ලෝකේ කරන්න බැරි වැඩ අඩුයි. අවශ්‍ය වෙන්නේ කරන්න ඇති කැමැත්ත සහ කැපවීමයි.
    ස්තූතියි ඉංදික...

    ReplyDelete
  28. mmmm මට මතක් වුනේ චූටි මහත්තයගෙ යාළුවා කුමාර.. එයාට ඕන දෙයක් බලං ඉඳන් කරතහැකිනේ.. :D ඇයි චූටි මහත්තයා.. පොරටත් ඒවගේමනේ.. දැන් බැලුවම ප්‍රියන්ත අයියත් ඒ වගේ පොරක් තමා.. :D

    අපේ ගෙදර නම් ඔය කියපු විදුලි උපකරණ එකක්වත් නෑ.. ඉතින් සොරි.කොම් තමයි. හැබැයි කොච්චර වුනත් බාස්උන්නැහේ කෙනෙක්ට කියල කරනකොට හිතට හරියටම හරි යන විදිහට කරගන්න අමාරුයි.. ඉතින් අපිම වැඩේ කරගන්න ඕන. මමත් හරි කැමතියි ඔය වගේ වැඩ කරන්න. වුවමනා උපකරණ නැති වුන වෙලාවක ඇරෙන්න අනිත් හැම වෙලාවකම මම තමයි ඉතින් ඔය බාස් වැඩ කරනේ.
    -කාංචන දිනූක

    ReplyDelete
  29. @ කාංචන
    මටත් තියෙන්නේ ඔය අවුලමයි. බාස් උන්නැහේ කෙනෙක් වැඩක් කරොත් මට ඒකේ වැරැද්දක් පෙනවමනේ. දැන් අපේ ගෙදරත් බාස් උන්නැහේ ගහපු සීලිමේ බිත්තිය අතර හිදැස් තියනවා. ඒවායින් කැරපොත්තන් හූනන් වැනි සතුන් යනවා. නමුත් මම ඒ අඩුව මගහැර මගේ සීලිම සැදුවේ.
    ස්තූතියි කාංචන..

    ReplyDelete
  30. මට සෑහෙන්න හිතට වැදිච්ච පෝස්ට් එකක් ......... වැඩි දවසක් නොගිහින් මම මේ පෝස්ට් එකෙන් වැඩක් ගන්නවා ........

    ReplyDelete
  31. @ කල්හාර දිසානායක
    අහන්නත් සතුටුයි කල්හාර. දැන් මාස 6ක් විතර මේවා දාල. තාම මේවා කියවන අය ඉන්න එක ගැන සතුටුයි..

    ReplyDelete
  32. ප්‍රියන්ත අද මම මේ පෝස්ට් එක බැලුවේ. නියමයි. මගේ අළුත් ගෙදර තාම සිවිලිම් ගහලා නැහැ. මම මැගේසියන් සිවිලිම ගහන්න හිතාගෙන ඉන්නෙ. ඒක මමම කරනවා. ඒක ඔබෙන් ගත්ත උත්ප්‍රේරකයක්. දිගටම මේක ලියන්න. ස්තූතියි.

    ReplyDelete