Thursday, August 5, 2010

E-mail යවන තවත් ක්‍රමයක්


අද කියන්න යන්නේ අර ලු කතාවක්. මොකද මේක මම දන්න එකක් නෙවෙයි මං අහපු එකක්. අදකතන්දර බ්ලොග් එකේ තියන නොදන්නා බව නොදන්න අය ගැන කතාව තමා මට මේ කතාවට පාර කිව්වේ. ප්‍රධන චරිතය එක්තරා ආචාර්ය තුමෙක්. මෙතුමා මම අහල තියන විධියට තමන්ගේ විෂය පිළිබඳ ප්‍රවීණයෙක් හැබැයි වෙනත් දෙවල් වගේම සාමාන්‍ය දැනුම අතිනුත් නිල් කියල තමා කියන්නේ. ඒවගේම තව අමුතු ලක්‍ෂණයක් තියනවා ලු. ඒ තමා නොදන්න දෙයක් නොදන්න බව පෙන්වන්න අකමැති ගතිය.
ඇත්තටම ඒක මහා භයානක ලෙඩක් කියල කියන්නත් පුළුවන්. මේකෙ හොඳම හරිය එතුමා දන්න කෙනෙක්ගෙන් අහන්නත් අකමැති කම. ඉතින් දන්නේත් නෑ. දන්න කෙනෙක් ගෙන් අහන්නෙත් නෑ.
පරිගණක ගැන ගත්තොත් නොදන්න දෙයක් නෑ වගේ තමා කතාව. එහෙම කිව්වට ලේසියකට කෙනෙක් එක්ක කතා කරන්නෙත් නෑලු. කාට හරි බැන්නොත් මිස.
දවසක් මොහු කිව්වලු බලන්නකෝ මම යවපු document file එකක් කියවන්න බෑ කියනවනේ කියල. පොර ගැන දන්න අනෙක් කෙනා කිව්වලු print out එක clear මදිද. කියල. නෑ මම file එක mail කරා. දැන් අනික් පොර කරකවල අතහැරියා වගේ. මොකද ලොක්කගෙ තරම දන්නවනේ. අනික වයිරස් එන නිසා ඉන්ටර්නෙට්, ඊ මේල් පාවිච්චි කරන්නෙත් නෑනේ. හැබැයි ඉන්ටර්නෙට්, ඊ මේල් ඕන දෙයක් දන්නවා. අහල බැලුවම මේක සෑහෙන දුරකට යවල තියෙන්නේ. දැන් අපේ පොරට ලොකු ප්‍රශ්නයක් මේ කතාව මොකක්ද කියල. ඉතින් ඇහුවලු මොකක්ද වෙලා තියනවා කියන්නේ කියල. file එක corrupt වෙලා කියනවා කියල.
බැලුවම ඇත්තටම වෙලා තියෙන්න‍නේ corrupt වෙලා තමා. හැබැයි file එක නෙවේ. file දාල ලියුම් කවරෙක දාල තැපෑලෙන් යවපු floppy diskette එක.
ප/ලි
දැන් මෙතුමා ආචාර්යටත් උඩලු

8 comments:

  1. හික් හික් පිස්සු බුවෙක්

    ReplyDelete
  2. ඇත්තටම ඔය අලුත් අලුත් කියලා කීවට "ඊ මේල්" කියන්නේ මහ පරණ ක්‍රමයක්නේ..මතකනේ අර ඊතලවල ගැටගහලානෙ මුලින්ම ඇරලා තියෙන්නේ....:)....

    ReplyDelete
  3. බුවා ඇත්තනෙ කියලා තියෙන්නෙ mail නෙ කරලා තියෙන්නෙ.....


    Nish

    ReplyDelete
  4. ශැඩෝ කිව්ව වගේ ලෝකෙ මුලින්ම ඇතිවෙච්ච පණිවිඩ යවන ක්‍රමයක් තමයි ඔය ඊ මේල් කියන්නෙ.හික්ස්.....

    ReplyDelete
  5. ඉතින් හරිනේ... මිනිහ ෆයිල් එක මේල් එකේනේ යවල තියෙන්නේ.... ඊ නැති වුනාට මොකෝ නේද..
    හේමලයා කියන එකත් හරිනේ.... බලන් ගියාම පරණම පනිවිඩ ක්‍රමයක් නේ "ඊ" මේල් කියන්නේ ඈ...

    ReplyDelete
  6. @පිස්සා පලාමල්ල
    ඇත්තනේ කියන්න දෙයක් නෑ
    @Shadow/හේමලයා
    ඕව අපිට අළුත් වුනාට වැද්දන්ට එහෙම අළුත් නෑලු
    @Nish
    ඇයි ඇනෝ වෙලා
    @blog gadol
    පුරු පුරුල එහෙම ඊමේල් යවල නැතෙයි.
    අපි නම් යවල තියනවා tuition class වල ඒවට කියන්නේ රොකට් කියල
    @පුතා
    ඕකට සුද්දො ඊමේල් කිව්වට හරි නම හීමේල් වෙන්න ඇති හික්ස්..

    ReplyDelete
  7. ජීවිතේට ඊ මේල් එකක් නොයවා පරලොව ගිය මහාචාර්ය වරුත් මං දන්නවා.

    ReplyDelete
  8. ela...................huuuuuuuuuuuuuuuu

    ReplyDelete