Saturday, August 7, 2010

Computer එක slow වෙලාද?

ඔය උඩින් තියන රූපෙ පෙන්වනේ. ඕක Microsoft Windows එක්ක වැඩ කරන අයට නම් අමුතු දෙයක් වෙන් බෑ. වෙනත් ඔපරේටින් සිස්ටම් වලත් error message එන්නනේ නෑ කියල එහෙම නෙවේ මම කියන්නේ. මට මේක මතක් වුනේ පසුගිය දිනක බ්ලොග් ලියන හිතවතියකට ආපු error message එකක් මට එවල තිබුන වෙලාවෙ. මේ පොස්ට් එක දාන්න එදා ඉඳන් හිතන් හිටියත් අද තමා නිදහසේ ලියන්න ලැබුනේ.
ඔය කලින් කියපු error message කොම්පියුටරයේ Firefox browser එකෙන් ආපු එකක් වෙන්න ඕන මට එවල තිබුන message එකට අනුවනම්. කියල තිබුන විධියට නම් මට හිතෙන්නේ Firefox වල cache එක පිරිල වෙන්න ඕන. කොහොම හරි එක එක කතා වලින් කියන්න ගිය එකෙන් පිට පැන්නා නේද. ඔන්න එමෙනම් ආයෙත් ට්‍රැක් එකට.
කට්ටිය දැන් දන්නව ඇති කොම්පියුටරයක virtual memory එක ගැන. කමක් නෑ මම නොදන්න අයට දැනගන්න පොඩ්ඩක් කියන්නම්. ඔය virtual memory සංකල්පය Windows වල එකක් නෙවේ. ඕක එන්නේ Linux/Unix වල swap memory වලින්. කොහොම හරි මේකෙන් කරන්නේ memory එකේ ඉඩ මදිවෙනකොට hard disk එකේ memory එකක් හදාගැනීම වගේ දෙයක්. මේකට hard disk එකේ ඇති වෙන්න ඉඩ තියෙන්න ඕන. කලක් යනකොට computer එක slow වෙන්න එක හේතුවක් තමා ඔය virtual memory හදා ගන්න ඉඩ අඩුවීම. ඒකියන්නේ hard disk එකේ free space එක අඩුවෙන එක. මෙහෙම වෙන්න හේතු ගොඩක් තියනවා. එවා නම් අපි save කරන files වලින් working partition එක පිරෙන එක, තව එකක් temporary files හැදීම. වැඩ කරන හැම විටම temporary file හැදෙනවා. ඒවා ඉබේම මැකීගියත් සමහර ඒවා ඉතිරි වෙනවා. තවත් ඔය වගේ එකතු වෙන එකක් තමා check file හා cross file. මේවා හැදෙන්නේ checkdisk හා scandisk වලින්. ඔය හදිස්සියේ shutdown නොකර off කරාම, නැත්නම් කරන්ට් ගිහින් off වුනාම මෙහෙම වෙනවා. කොහොම හරි මේ හැම දේකම අවසාන ප්‍රතිපලය තමා computer එක කාලයත් එක්ක slow වෙන එක. ඒ විතරක් නොවේ. දවසින් දවස අපි මේකට අලුත් applications install කරනවා. පරණ ඒවා අයින් කරනවා. එකෙන් working partition එකේ තියන files ප්‍රමාණයත් දවසින් දවස වැඩිවෙනවා. වැඩි files ප්‍රමාණයක් එක්ක වැඩ කරන්නෙත් කලින් තිබුන memory එක හා processor එක නිසා slow වෙන එක අහන්නත් දෙයක් නොවේ නේද?.
දැන් අපි මේවාට කරන්න පුවවන් මොනවද බලමු.
සාමාන්‍යයෙන් computer එකේ speed එකට කෙලින්ම බල පාන්නේ working partition එකේ පුමාණය හා free space එක. මේක ගොඩක් ලොකු එකක් වෙන්නත් හොඳනෑ. ඒ උනත් අවම වශයෙන් physical memory (RAM) එක වගේ දෙගුණයක් වත් free වෙන්න ඕන. මේ සඳහා අපේ applications වෙනත් partition එකක තියා ගන්න පුළුවන්. save කරන files උනත් වෙනත් partition එකක තියන්න පුවවන්. නැත්නම් අවම වශයෙන් පරණ files වත් වෙන partition එකකට දාන්න. දැන් temporary files වලට මොකද කරන්නේ. ඒවා පරෙස්සම් කරල තියාගන්න හේතුවක් නෑනේ. මකල දාන්න. ඒක පහත දක්වා ඇති ආකාරයට කරන්න පුළුවන්.
Programs වල Accessories වල ඇති Command Prompt එකෙන් හෝ Run යටතේ ඇති box එකේ cmd type කිරීමෙන් Command Prompt එකට යන්න පුළුවන්. එහි C:\****(ඔබේ working ඩිරෙක්ටරිය) යනුවෙන් පෙන්වයි. එයට ඉදිරියෙන් අප වැඩ කරන folder (directory) එකේ cursor එක පවතිනු ඇත. මෙයින් පළමුව C:\ වලට යන්න CD\ විධනය මගින් එය තළ හැක. රූපයේ දක්වා ඇති ආකාරයටම. ඉන්පසු C:\ වල සිට මෙම විධානය ටයිප් කරන්න del *.tmp/s මෙහි *.tmp නිරූපනය වන්නේ සියලුම tmp extension එක සහිත files delete කරන්න කියා. "." වලට පසුව අනිවාර්යයේන්ම tmp යන්න යොදන්න. නැත්නම් සියලුම files delete වෙන්න පුළුවන්. මෙ මගින් අනවශ්‍ය temporary files ඉවත් කළ හැක.

දැන් speed එක සැලකියයුතු ප්‍රමාණයකින් වැඩීවනු ඇත. Internet browser එකේ cache එකේ ඇති අනවශ්‍ය files වලින් ඇතිවන බලපෑමද විශාලයි. නමුත් පොස්ට් එක ගොඩක් දිග වැඩි නිසා ඒ ගැන වෙනම පොස්ට් එකක් දමන්නම්.
computer එක slow වෙන්න තවත් හේතුවක් තමා ෆයිල්ස් කිසිම පිළිවෙලක් නැතිව පැවතීම. නිකං හිතල බලන්න ෆයිල් කබඩ් වල පිළිවෙලකට අසුරා ඇති ෆයිල්ස් වලින් කිසියම් ලිපියක් හොයාගන්න එතරමි අපහසුවක් නෑ නේද?. එත් ඔය ෆයිල්ස් මේසයක් පුරා ගොඩගසා ඇත්නම් ඔය වැඩේ කරන්න කොච්චර වෙලා යනවද. අපේ කොම්පියුටර් එක උනත් එහෙම තමා. hard disk එකේ file එකක් එක කෙළවරක සිට දිගටම අනෙක් කෙළවර දක්වා පිළිවෙලට නෑ. තැන් තැන් වල කොටස් වශයෙන් තියෙන්න පුළුවන් එවිට මෙය assess කරන්න ගතවන කාලයක් වැඩියි. නමුත් මුලින්ම windows install කළ අවස්ථාවේ මෙම files බොහෝ පිළිවෙලකට පවතිනවා. කල් යත්ම ඒ පිළිවෙල නැතිවෙනවා. මේ නිසා මේවා නැවත පෙලගස්වා ගතහැකිනම් එය වේගය වැඩි කරගන්න හෙතුවක් වේවි. මේසඳහා ක්‍රමයක් ඇත්තටම තිබෙනවා. ඒ තමා disk defragment. මෙය පහසුවෙන්ම කර ගැනීමට My computer වෙතට ගොස් අදාල drive එක මත right mouse button එක click කර disk properties වලට යන්න. මෙහි tools වල ඇති defragment now button එක click කරන්න. මුලින් analyze කර අවශ්‍යනම් පමණක් defrag කරන්න.
මෙම ක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට hard disk එක format කිරීමකින් තොරව දිගු කලක් computer එකේ speed එක පවත්වා ගත හැක.
අද පොස්ට් එක මම හැකි තරම් සරල ලෙසයි ලියා ඇත්තේ. මේවා දන්න බොහෝ අය මේ බ්ලොග් අවකාශය තුල ඇති. නමුත් නොදන්න අයත් ඉන්න බව සමහර තැන්වලදී මට වැටහුන නිසා මෙය ලියන්න හිතුවේ. මීට තවත් කරුණු එක් කරන්න ඔබටත් පුළුවන්. ඒ වගේම මෙය Microsoft Windows එක්ක වැඩ කරන අය ඉලක්ක කරගෙන පමණයි ලියා ඇත්තේ. මෙහි අපැහැදිලි තැන් හෝ මෙයට අදාල වෙනත් ගැටළු ඇත්තම් comment කර අහන්නත් පුළුවන්. නැත්නම් මට email කරන්නත් පුළුවන්. මම හිතනවා මෙයින් යම් කෙනෙකුට ප්‍රයෝජනයක් වෙයි කියා.
සුභ දවසක්!

14 comments:

  1. දුන්න temp ෆයිල් වලට වැඩේ....ස්තුතියි......

    ReplyDelete
  2. අප්පා නොදන්න අය ඉන්නවා නේන්නම්... මමත් දැන්තමා Command Prompt එකේ සීන් එක කරලා බැලුවේ...
    තැන්කූ....
    ඉක්මනට අනික් පෝස්ට් එකත් දාන්න...

    ReplyDelete
  3. බොහොම ස්තූතියි..

    ReplyDelete
  4. ඩිස්ක් ක්ලීන් අප් වලින් බැරිද මේක කරන්න ?

    ReplyDelete
  5. ඔන්න මම දන්නෙ නැහැ. කමාන්ඩ් එක රන් කරා. සර බර ගාලා මොනාද ආවා... වගකියන්න වෙයි.....

    ඒ මැසේජ් එක ආවාට පස්සේ firefox ඕපන් වුනේ වත් නැහැ. ඊට පස්සෙ ආයේ අන්ස්ට්‍රෝල් කරල ඉන්ස්ට්‍රෝල් කරා දැන් නම් හරි. ඒත් දැන් මේ ඔයාගේ පෝස්ට් එකේ සිංහල මට පේන්නෙ නැහැ හරියට...

    කොහොම වුනත් හොද පෝස්ට් එකක් මම වගේ අයට.

    ReplyDelete
  6. @Shadow/හේමලයා
    දැන් කොහොමද? සිපීඩ්ද
    @චමිදේවා
    දාන්නම් පොඩ්ඩක් වෙලාමදි. ඒකේ ඒතරම් දෙයක් නෑ.
    @dinesh
    මම හිතන්නේ පළවෙනියට වෙන්න ඕන මේ පැත්තේ ආවේ.

    ReplyDelete
  7. @ ඉලංදාරියා
    මමත් ට්‍රයි කරල බලන්නම්. මේක මට ‍පුරුදු ක්‍රමේනේ. අපි වින්3.1 වලින් පටන් ගත්ත අයනේ
    @Ansh Lucky Sri Jay
    ආවට ස්තුතියි.
    @පිස්සා පලාමල්ල
    හොඳටම පුළුවන්. මේක මට ඉක්මන්.

    ReplyDelete
  8. @වත්
    අයියෝ බය වෙන්න එපා. වගකීමෙන් කියන්නේ.
    අන්වාර්යයෙන්ම වගකියනවා.
    අපරාදෙ ඇයි අන්ඉන්සටෝල් කලේ. firefox සේෆ්මූඩ් එක බලන්න තිබුනේ. firefox අවුල් නම් Google Crome දාගෙන බලන්න. firefox වලට වඩා හොඳයි දැනට. හරි යන්නෙ නැත්නම් මට මේල් එකක් එවන්න.

    ReplyDelete
  9. මේ සටහන කලින් දැක්කට නිදහසේ කියෙව්වේ අදයි,, ස්තූතියි දැනුවත් කළාට,,

    ReplyDelete
  10. දැන සිප් සතර පුහුදුන් බොහො දනන් නොදත්
    වෙන බ්ලොග් වගේ නොවේ මෙහි ඇති ගතිය අලුත්
    යන එන අතර කියවා දැන ගතිමි මමත්
    මොනවා වුනත් ඔබ මේ ගැන බොහොම සමත්

    ReplyDelete
  11. @හරී
    මේ පැත්තෙ ආවට ස්තුතියි. ඔය වගේ කතා මතක් වෙන වෙලාවට එක එක දාන්නම්. කොහෙද මතක් වෙන්න මොනවහරි සිද්ධියක් වෙන්නම ඕනනේ.

    ReplyDelete
  12. @විහඟ ගීතය
    කවියෙන් අපේ සිත් සන්සන්න
    විහඟ ගිතයක් වී අප ලඟ ඉන්න
    දවසින් දවස අලුතින් කවි ලියවෙන්න
    විහඟ සොයුර ඔබටත් ජය සෑදෙන්න

    ReplyDelete