Tuesday, August 24, 2010

බලෙන් පෙන්නපු පෙරහැර

මේ පාර පෙරහැර බැලුවද?. නැත්නම් ඔන්න අද රෑ අවසන් රන්දෝලි පෙරහැර මහනුවර වීදි සංචාරය කරනවා. ලංකාවේ පවත්වන අලංකාරම සංස්කෘතික මංගල්‍යය නුවර පෙරහැරනේ. එකෙනුත් ලස්සනම අවසන් රන්දෝලි පෙරහැර. මම ඉස්සර බැලුවෙම දවල් පෙරහැර විතරයි. ඔය කියන්නේ මම හුඟක් පුංචිකාලේ. ඒ කාලේ අද වගේ රෑට පෙරහැර බලල ගෙදර එන්න ප්‍රවාහන පහසුකම් අඩුයි. අනික අපේ නංගිත් ඒ දවසවල හුඟක් පොඩි නිසා රෑ ගිහින් ඉන්නේ නෑ. ඔය නිසා මට රන්දෝලි පෙරහැරක් පළමු වරට බලන්න උනේ අවුරුදු 12 දී විතර. එදා තද වැස්ස දවසක්. හරිම අමාරුවෙන් කොහොම හරි නොතෙමී බලන්න නම් ලැබුනා.
ඔය වගේ කොහොමත් අපට පෙරහැර ලේසියෙන් බලන්න ලැබෙන්නේ නම් නෑ. එහෙනම් වැඩි මුදලකට කලින් සීට් එකක් ගන්න ඕන. නමුත් අපට කවදාවත් එහෙම කරන්න හිතුනේ නෑ. පෙරහැර බලන්න ඕන කියල හිතුනොත් යනවා ඉඩක් ඇතනම් බලනවා, නැත්නම් ආපහු එනවා. හැබැයි කවදාවත් නොබල එන්න උනේ නම් නෑ.
වරක් අපේ ඒදවස්වල හිටපු කොම්පැනියේ බොසා පෙරහැර බලන්න මාළගාව ළඟ ඉඳන්ම පුළුවන් එන්න කියල කීවා. අපේ කොම්පැනියේ පෙට් එකත් කියපු වෙලාවට ගියා. පොර අපිව අස්ගිරි පන්සලට එක්ක ගිහින් හාමුදුරුවන් එක්ක කරන වැඩක් ගැන කතාකර අපෙනුත් විස්තර අහල ටවුමට ඇවිත් මට වෙලා ගියා මම යනව ඕය කට්ටිය පෙරහැර බලල යන්න කියල ගියා. අම්බානක තදවුන අපි ආපහු ගෙවල් වලට ගියා. මොකද ඒවෙන විට වීදි සියල්ල පිරිල ඉවරයි.
මෙකෙන් අද කියන්න ගිය දේ කියන්න බැරි වෙනවා. 2003 දවසක ඒදවස්වල හිටියේ කලින් කොම්පැනියේ නෙවේ. සාමාන්‍යයෙන් මම රෑ ගෙදර එන්න පිටත් වෙන්නේ 7ට විතර. එත් එදා වැඩ ගොඩක් තිබුන නිසා ටිකක් ප්‍රමාද වෙලා ආවේ. එනකොට පෙරහැර පටන් අරන්. පොලීසිය හමුදාව දැඩි රැකවල් දාල. මොකද යුද්දේ යන දවස්නේ. කොහොම හරි මම නුවර ආමි කෑම්ප් එක ළඟට ආවා. එතනින් තමා එදා පෙරහැර උඩට හැරෙන්නේ. පොලිසියෙන් ඇහුවා කොහේද යන්නේ කියා. මමත් කිව්වා ගෙදර යනවා කියා. මෙතනින් එහාට පෙරහැර ඉවර වෙනකම් යන්න දෙන්න බෑ කියපි. දැන් මොකද කරන්නේ. මමත් උඩ බිම බලමින් පාර මැද හිටලෙන ඉන්නවා. පෙරහැරත් ඉදිරියෙන් එනවා පේනවා. එතන ඉන්න හමුදා සොයුරන් ටිකක් පාර මැද ඉන්නවා. එ‍තන්න්නේ පෙරහැර හැරෙන්නේ. ඔවුන් ගෙන් කෙනෙක් මට කතා කරල මල්ලි එන්න මෙතන් ඉඳන් හොඳට පෙරහැරත් බලානම යන්න කීවා. මොනව කරන්නද මමත් ඔහේ එතන ඉඳන් කවදාවත් බලල නැත් තරම් ළඟින් ඉඳන් පෙරහැර බැලුවා. ඒ දවස තමා මම කිසිම අමතර මහන්සියක් නැතිව නිදහසේ පෙරහැර බලපු දවස.
පෙරහැර ඉවර වෙනකම් යන්න බස් වලට දෙන්නෙත් නැති නිසා මට පෙරහැර බැලුවා කියල කිසි කරදරයක් උනෙත් නෑ. කවදාවත් නැති තරම් ළඟ ඉඳන් බලන්නත් ලැබුනා. ඒ වෙලේ මට මතක් උනේ අපේ පරණ බොසා පෙරහැර පෙන්වනවා කියල දීපු ලණුව.
මොනව උනත් මේ පෙරහැර මම බැලුව නම් නෙවේ මට බලෙන්ම වගේ පෙන්නුව.
ප/ලි
ඔන්න මම මේ පාර පෙරහැර බලන්න යන්නේ නෑ. ඒ ඉඩ කවදාවත් පෙරහැර බලන්න බැරි වෙච්ච කෙනෙක් ගත්තාවේ.
මොකද කියන්නේ ඇවිල්ල පෙරහැර බලල යන්න.

16 comments:

  1. හැමදාම යන්නෙ එකම පෙරහැර කිසි අලුත් දෙයක් නෑ

    ReplyDelete
  2. අයියටත් මාර චාන්ස් නේ කඩන් වටෙන්නේ.........

    මම නම් තාම පෙරහර බලල නෑ.......
    තාත්ත ගියසතියේ ගියා මටත් කතා කරා ඒත් ඉතින් මම බෑ කිව්වා. එහේ ඉන්න තාත්තගේ නෑයොන්ට විභාගේ ගැන කියනව ඇරෙන්න මට වෙන වැඩක් නැතිවෙයි කියල හිතුන නිසා...... සහ අවසන් පෙරහැර නොවෙන නිසා.......... :( :(

    ReplyDelete
  3. සමාවෙන්න. කරුණා කරල font එෙක් පාට වෙනස් කරන්න පුළුවන්ද මගේ LCD monitor එකෙන් හරියට ලියල තියෙන අකුරුටික ෙප්න්නෙ නැහැ.

    ReplyDelete
  4. මම නම් ඔය පෙරහැරවල් බලන්ඩ ගියාට ජීවිතේට පෙරහැර නම් දැකලා නෑ...වෙන වෙන එව්වා මිසක...අකුරු හරියට පේන් නැතෝ.....නිල් පාටයි.......:).....

    ReplyDelete
  5. පොලිස් ග්‍රවුන්ඩ් එක පාරෙ යන්න තිබ්බනෙ. නැත්තන් රේල් පාර දිගේ ගියත් හරි.

    ReplyDelete
  6. මේ අකුරු කියවන්න අමාරුයි නේ, මගේ ඇහේ දෝසයක්ද මන්දා?

    ReplyDelete
  7. අම්මෝ... පෙරහැර බලන්ට කන කට්ට මතක් වෙද්දි නම් පෙරහැර එපා වෙනවා... වැස්සේ තෙමීගෙන... තෙරපීගෙන... ඒත් පෙරහැර දකිද්දි නම් ඒ ඔක්කම අමතක වෙනවා... මට හිතෙන්නේ ෂීට් වල ඉඳන් බලනවට වඩා එහෙම බලන එකේ මාර මෙව්වා එකක් තියෙන්නේ...

    ReplyDelete
  8. මම නම් ආසයි පෙරහැර බලන්න.
    :)

    ReplyDelete
  9. මමනම් රූපවාහිනියෙන් විතරයි බලල තියෙන්නෙ පෙරහැර..

    ReplyDelete
  10. font colour එක නිසා මට මේක කියව ගන්න බැරුව හිටියේ. දැන් හරි.
    මටත් ආසයි නුවර පෙරහැර බලන්න යන්න. ඒත් ඉතින් අපි ප්‍රියන්තලා, පුතාලා වගේ කිට්ටුව පාත නෙවෙයි නේ. සජීවී තාක්ෂණයට පිං සිද්ධ වෙන්න ගෙදර ඉඳන් නම් බලනවා,,,

    ReplyDelete
  11. මමනං එකම එක පාරයි පෙරහැර බලන්න ගිහින් තියෙන්නෙ.ඒත් මට ඒ වැඩේ එච්චරම අල්ලලා ගියෙ නෑ!

    ReplyDelete
  12. @ indi
    ඒකනේ හැම පාරම බලන්නේ නැත්තේ.
    @ හා පැටික්කි (MS)
    අපරාදෙනේ කටේ සෙලෝටේප් එකක් අලවගෙන යන්න තිබුනේ.
    @ Hishan Melanga
    සොරි‍ වෙන්න ඕන මම මේක preview කරන්නේ නැතුව ෂෙඩුල් කරල දැම්මේ. දැන් හරි. මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා. ආවට ස්තුතියි.
    @ Shadow/හේමලයා
    ඔවු එක කාලෙකට බැලුවට පේන්නේ පෙරහැර නෙවේ තමා. ඒක පහු වෙනකොට හරි යනවා. ඔන්න අකුරු හැදුවෝ...

    ReplyDelete
  13. @ Chanaka Aruna Munasinghe
    රේල් පාරේ කළුවරයිනේ. මම කළුවරට බයයි. පොලිසියටත් බයයි. එනිසා පෙරහැර ඉවර වෙනකම් ඉන්න උනා. මේ මකරටත් ඕන නැති දෙයක් නෑ.
    ආවට ස්තුතියි. ඇත්තටම උනේ ගියත් බස් යන්නේ පෙරහැර ඉවර වෙලා නිසා ඔහේ ඉඳල ගිය එක.
    @ හරී
    අකුරු හැදුවා ඔන්න. බලන්නේ නැතිව දාල ගිය පොස්ට් එකක්.
    @ පුතා
    ඇත්ත කට්ටක් කාල බලන කොට තමයි වටිනාකම තියෙන්නේ.

    ReplyDelete
  14. @ Ansh Lucky Sri Jay
    ආසයි කිය කිය ඉන්නේ ඇවිත් බලන්නනේ තියෙන්නේ.
    මේ පැත්තට සාදරයෙන් පිළිගන්නවා. ආවට ස්තුතියි.
    @ ``` Outsider```
    වෙලාවක ඇවිත් පොඩි කට්ටක් කාල එහෙම පෙරහැර බලන්න. මේ පාර නම් අදින් ඉවරයි. කතාවට නම් කියන්නේ පළවෙනියට කුඹල් පෙරහැර බලන්න ඕන කියල. මමනම් ඔවගේ ඇත්ත දන්නේනෑ.
    @ blog gadol
    මොකෝ බැලුවම එපා වෙනවද? අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඕක හැම පාරම බලන අයත් ඉන්නවා. ඒත් හැම දාම බලන් එකේ තේරුමක් තියනවාද කියන්න නම් මටත් බෑ. හැමදාම එක වගේ තමා. අනික හැමොම එකම දේට කැමති වෙන්න ඕන කමක් නෑනේ.
    ආවට ස්තුතියි.

    ReplyDelete
  15. බත් මුල් බැදන් ගම්වැසියන් එකතු කරන්
    විත් වන්දනාවක් සේ පෙරහැරද බලන්
    පැත්තක ඇසළ මේලාවේ කඩුලු බිදන්
    සිත් ගත් මතක හැමදාමත් තුරුළු කරන්

    ReplyDelete
  16. @ විහඟ ගීතය
    බක් මුල් බැඳන් ගම් වැසියන් හා එක්ව
    පෙරහැර බැලූ මතකය ඇත නොවෙනස්ව
    යළි එන දිනක මහනුවරට එක් සිත්ව
    පිළිගමු සැවොම පෙළ හිඳ එක්සත්ව...

    ReplyDelete