Sunday, August 15, 2010

හොඳටම වැඩ.....

මිනිස්සු වැඩ අඩු කරගන්න කොට මම කරන්නේ වැඩ වැඩි කරන් අනාගන්න එක. කොහොම හරි යන්තම් බ්ලොග් එකක් පටන් ගත්තා. දඟලල දඟලල පොස්ට් ටිකක් දාගෙන හෙමීට වැඩේ ඇදගෙන යන්න ගත්තා. අමාරුවෙන් සතියකට පොස්ට් එකක් ගානෙ දාගෙන මාසයක් විතර යද්දි කොහොම හරි සතියට දෙක ගානේ දැම්මා. එහෙම ආමරුවෙන් මේක කරද්දිත් ඉන්න බැරි කමට තව කවි ලියන්නත් ගත්තා. ගිය සතියේ බාගෙට ලියපු එකේ දෙවෙනි කොටසත් තව ලියන්න තියනවා. මේ දවස්වල ජොබ් එක කරගන්නෙත් අමාරුවෙන්. ඉතිං ඒවත් එක්ක කාලය බෙදාගෙන මේක කරන් යන එක වෙලාවකට මටත් පුදුමයි. කොහොම හරි මේක ලිව්වේ ඉක්මනට දානවා කියපු Computer එක slow වෙලාද ලිපියේ ඉතුරු ටික වෙලාවට දා ගන්න බැරි උන හින්ද පොඩ්ඩක් ෂේප් වෙන්න.
යන්තම් ඒකෙන් බාගයක් දැනට හදල තියේනනේ. ඉක්මනට ඉවර කරල හෙට අනිද්දම දාන්නම්කෝ.
එහෙනම් අදට ඇති.
සුභ දවසක්!!!
ප/ලි
මේ දවස්වල කව්දෝ කොන්ද පණ නැති එකෙක් බ්ලොග් වල කුණුහරුප දාගෙන යනවා. ඒ නිසා comments moderation on කරල තියෙන්නේ. සිදුවන අපහසුතාව ගැන කණගාටුව පල කරමි. මොකද මගේ බ්ලොග් කියවන්න එන අයට අමිහිරි වින්දනයක් දෙන්න මම කැමති නෑ. අපි ලියන විදිය හරි නැති වෙන්න පුළුවන්. ඒත් ඒක කියන ශිෂ්ඨ සම්පන්න ක්‍රමයක් තියනවා. එහෙම කියන ඕන දෙයක් බාර ගන්න මම සැමදාම කැමතියි.

4 comments:

  1. මට නම් තාම ඔය වැඩේ වෙලා නෑ...ඒත් යන රැල්ල හොඳ නැති නිසා මාත් දැම්ම comments moderation....:(...

    ReplyDelete
  2. මටත් ඕක හම්බෙනකම් තමයි මචන් ඉන්නෙ.... කොහොමහරි කමක් නෑ.. පාඩුවෙ වැඩේ කරගෙන යන්න සුභ පැතුම්

    ReplyDelete
  3. ගනන් ගන්න එපා ප්‍රියන්ත අයියා... පොඩි එවුන්ගේ ආසාවනෙ කියලා ඔන්න ඔහේ මකලා දාන්ට.....

    ReplyDelete
  4. @Shadow/හේමලයා
    මොනව කරන්නද අපේ බ්ලොග් අපිට ඕන විධියට තියා ගන්නත් එපැයි.
    @ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    උපතින් එන දෝෂ වලට අපි මොනව කරන්නද?
    මේ ඉසව්වට සාදරයෙන් පිළිගන්නවා.
    @ පුතා
    මොන පිස්සුද මල්ලි. එන යන අයට බලන්න බ්ලොග් එක පිලිවෙලකට තියා ගන්න මිසක් මම ඕව ගණන් ගන්න එකෙක් නෙවේ.

    ReplyDelete