
නිවී සැනසිල්ලේ ගතවන හෝරාවක යලි උපදින මතක, තාකෂණය හා බැඳුනු අත්දැකීම්, හිතට දැනෙන අදහස් ඔබ සැම හා බෙදා ගන්නයි සයිබරයේ මා වෙන් කරගත් ඉසවුව. This blog is written by sinhala unicode.
Friday, August 27, 2010
දූවිලි කඳුද? computer ද?

Tuesday, August 24, 2010
බලෙන් පෙන්නපු පෙරහැර

Wednesday, August 18, 2010
Computer එක slow වෙලාද? 2 Internet temporary files ඉවත් කිරීම
පොරොන්දුවක් දුන්නොත් කොහොම හරි ඉටු කරන්න ඕනනේ. එදා computer එක slow වෙලාද? පොස්ට් එක දිග වැඩි උන නිසා මගින් නවත්වන්න සිදුවුන බව දැන් කවුරුත් දන්නවනේ. බලපු නැති අය ඉන්නවනම් ඔය උඩ තියන ලින්ක් එකෙන් ගිහින් බලලම එන්නකෝ.
ඔය හැදෙන temporary files සියල්ල එදා කියපු del *.tmp/s මගින් ඉවත් කරන්න අමාරුයි. විශේෂයෙන්ම Internet browser එකේ cache එක ලෙසින් විශාල files ගොඩක් පවතිනවා. අපි Internet browse කරන සෑම විටම මෙහි අළුතින් files එකතු වෙනවා. ඒ කියන්නේ ඔය වෙබ් පේජ් වල තියෙන පින්තූර, වීඩියෝ/සවුන්ඩ් ක්ලිප් විතරක් නොවේ xml files වගේ තවත් files රාශියක් මෙහි ඇතුළත් වෙනවා. මේවායිනුත් වෙන්නේ අර කලින් පොස්ට් එකේ වගේම කොම්පියුටරේ ස්ලෝ වෙන එකම තමයි.
දැන් අපි මේකට මොකද කරන්නේ කියන එක නො දන්න කෙනෙකුටත් එතරම් ප්‍රශ්ණයක් නොවේ. එත් මේවා හැදෙන එක නවත්වන්න බෑ. ඕනෑම නම් සීමා කරන්න පුළුවන්. වඩාත්ම හොඳමදේ තමයි ඒම ෆයිල්ස් වරින් වර ඉවත් කරන එක.
අපි මුලින්ම බලමු Microsoft windows භාවිතා කරන අය වැඩි දෙනෙක් කැමති Internet Explorer වලින් පටන් ගන්න. මෙහි Temporary files එහෙමත් නැත්නම් cache එක ඉවත් කර ගන්නේ පහත ආකාරයට.
Menu bar එකේ Tools වල Internet Options window එක open කර ගන්න. එහි General tab එක යටතේ ඇති Delete button එක press කරන්න. එම window එකේ Temporary Internet files select කරන්න. අමතරව ඇති cookies අනවශ්‍යයය නම් select කරන්න. Passwords, Form data, History, InPrivate Filtering data අනවශ්‍යනම් පමණක් select කරන්න. දැන් Delete button එක press කරන්න.
දෙවනුව දැනට බොහෝදෙනා භාවිතා කරන Mozilla Firefox browser එක සඳහා මේක්‍රමය යොදන ඇකාරය බලමු. ඉහත ආකාරයටම Tools වල ඇති Options window එකට යන්න. ඔය පහලින් තියෙන්නේ ඉතුරු ටික කරගන්න විධිය.

අවසානයේ මම කියන්නේ මගේ ප්‍රියතම බ්‍රව්සරය වන Google Chrome සඳහා cache clear කර ගන්නා ආකාරයයි.
Chrome වල දකුණු කෙළවර ඇති අඩුවක් වැනි අයිකනය මක ක්ලික් කර Options window එකට යන්න. එහි Under the hood යටතේ ඇති clear browsing data window එක මගින් Empty the cache select කර අනෙකුත් ඔබට අනවශ්‍ය සියල්ලද select කර Delete button එක press කරන්න.
ඔය පහත රූපයේ තියෙන්නෙත් එම window එක තමා. අවසානයේ තව ටිකක් කොම්පිටුටරය වේගවත් වී ඇති බව පෙනෙනු ඇත.

තව වැදගත් දෙයක් කියන්න තියනවා. කොම්පියුටරයටත් අපේ අනෙක් උපකරන වලට වගේම නිසි නඩත්තුවක් අත්‍යාවශ්‍යයි. ඒනිසා නිසි ලෙස වරින්වර නඩත්තු සේවා කර ගන්නවා නම් හොඳයි.
අද ලිපිය ටිකක් ලියවිලා තියෙන විදියනම් හරි මදි වගේ. මම වෙනදා ලියන ක්‍රමයට ටිකක් පිටින් ගිහින් තියනවා. මේක ලියන්න ගොඩදවසක් ගියේ මේ දවස්වල ලිනක්ස් දාගෙන පොඩ්ඩක් නාගෙන ඉන්නේ. හැමෝම වගේ Ubantu දැම්මට මම කැමති Redhat වලට නිසා Fedora 13 දාගෙන දවස් කීපයක්ම config කරගන්න දැඟලුවා දැන් නම් යන්තම් වැඩ. තාම පොස්ට් එකක් දාන්න තරම් Applications දාගෙන නෑ (Image edit කරන්න එහෙම). ඒනිසා පරණ විස්ටා එකට ඇවිත් මේක දාන්න ගිය නිසා තමා මේ පෝස්ට් එක දාන්න කල් ගියේ. මෙහි දක්වා ඇත්තේ දැනට ඇති අළුත්ම versions සඳහා. පරන versions වලට අවුලක් ඇත්නම් කියන්නකෝ. priyantha.ab@gmail.com වලට මේල් එකක් දාල.
ප/ලි
ඔය පින්තූර පැහැදිලි මදි නම් ඒමත ක්ලික් කරන්න කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
Sunday, August 15, 2010
හොඳටම වැඩ.....

Thursday, August 12, 2010
දෙවන පිම්ම

Tuesday, August 10, 2010
සෙත් කවි

Saturday, August 7, 2010
Computer එක slow වෙලාද?


Thursday, August 5, 2010
E-mail යවන තවත් ක්‍රමයක්


Wednesday, August 4, 2010
ආත්මයට වදනක්
