Thursday, July 15, 2010

Hard disk format කිරීම ලොකුම අවියෙන් සටන් කිරීමක්ද?

ලංකාවේ අපට නම් උඩ තිබෙන රූපය අමුතු දෙයක් නෙවේනෙ. මොකද පසුගිය අවුරුදු 30 ක් විතරම තිබුන යුද්ධයත් එක්ක ඔය මල්ටිබැරල්, කාලතුවක්කු, මෝටාර්, යුද්ධ ටැංකි වගේ දේවල් නොදන්න අහල නැති පොඩි ළමයෙක්වත් හොයන්න අමාරුයි. ඒත් කවුරුත් කලබල වෙන්න දෙයක් නෑ. මොකද මම ආයෙ ඒ යුද්ධෙ ගැන මතක් කරන්න යනවා නොවේ.
සාමාන්‍යයෙන් යුද්ධයකදී විවිධ ආයුධ භාවිතා කරනවා. ඕක ඉතිං අපි කවුරුත් දන්න දෙයක්නේ. නමුත් කවදාවත් ලොකුම ආයුධය ඉස්සර කරගන්න සිරිතක් යුද්ධ වල නෑ. මොකද ඕක සතුරා අතට පත්වෙන්න පුළුවන් නිසා. තව ඉතිං වියදම. ඒ වගේම නාස්තිය. ඒ නිසා සාමාන්‍යයෙන් ලොතුම තුරුම්පුව අන්තිමට තියාගන්න එක තමා නුවණට හුරු. අනික ගලෙන් ගහල කඩන්න පුළුවන් අඹගෙඩිය කඩන්න ගහට නගින්නේ කවුද?

මම අද කියන්නෙත් ටිකක් ඒවගේ කතාවක්.
මම මේ බ්ලොග් එකේ වරින් වර තාක්‍ෂණයට අදාලවත් පොස්ට් දාන බව මේ පැත්තට එන කවුරුත් දැන් දන්නවනේ. එත් පහුගිය දවස් වල, එහෙම නැත්නම් මේ මුළු මාසෙම ඒවගේ පොස්ට් එකක් දාන්න බැරිවුනා. ඉතිං අද පොඩියට හරි ඒ වගේ පොස්ට් එකක් දාන්න හිතුවා. කවුරුත් කැමතියිනේ?

ඔය උඩින් තියෙන්නේ මොකක්ද කියල කොම්පියුටර් කරන කවුරුත් දන්නවනේ. ඔව් Hard disk එක අපේ කොම්පියුටර් එකේ වැදගත්ම කොටසක් තමයි. හැබැයි අපේ ගොඩක් Technician ල ඔය හාඩ් ඩිස්ක් එකත් එක්ක පුදුම තරහත් තියෙන්නෙ. මම එහෙ කිව්වේ ඇයි?. බලන්න පොඩි අවුලකටත් ඕකට කොච්චර වද දෙනවද කියල. Computer එකට Virus එකක් ආවොත් හුඟක් දෙනෙකුට තියන එකම විසඳුම ඕක Format කරල අලුතින් system දාන එක තමයි. තව කොච්චර fault වලට කිසිම වග විභාගයක් නැතිව Hard disk එක Format කරන පිරිසක් අප අතර ඉන්නවද?. ඇයි ඒහෙම කරන්නේ? සමහර විට බාගෙට ඉගෙන ගෙන ඔ‍තනට ආපු අය වෙන්න පුළුවන්. නැත්නම් ඉගෙන ගෙන තියෙන ප්‍රමාණය වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කම්මැල් කමට හෝ ඉක්මනට වැඩේ ඉවර කරල ගැලවෙන්න එහෙම කරන අයත් ඉන්නවා. මම මේව කියන්නේ නිකම්ම නෙවෙයි. කාලයක් තිස්සේ මේවා ගැන හොයල බලල මම දැක්ක දෙවල් ආශ්‍රයෙන්. මේක මම හොඳටම දන්න දෙයක් කිව්වොත් තමා වඩා හරි.

ඇත්තටම එහෙම හැම අවුලකටම Hard disk එක Format කරන්න ඕන වෙන්නේ නෑ. Virus එකක් ආවොත් antivirus software එක ගැන නැවත සලකා බලන්න පුළුවන්. හොඳ නැත්නම් අළුත් එකක් දානවා. Update වෙලා නැත්නම් Update කරනවා. System crash එකක නම් repair එහෙම නැත්නම් re-install කරන්න පුළුවන්. මේක ඔබේ කොම්පියුටර් එක නම් ඔබට මේ පිළිබඳ දැනුම අඩුනම් ලේසියට format කරන්න හදන එක ඒච්චර හොඳ දෙයක් නොවේ. ඔබ technician කෙනෙක් නම් මේක කොහොමවත් කරන්න හොඳනෑ.
මෙහෙම format කරන්න ගියාම අපේ ඩිස්ක් එකට වෙන අතුරු අන්තරා ගොඩයි. ඇයි අපේ ෆයිල් නැතිවෙන එක. ඊළඟට ආයෙ driver- software හොයන්න වෙන එක. ඇයි අමාරුවෙන් අටව ගත්තු settings ටික.

මොකද මම මෙහෙම කියන්නේ මගේ ලඟ තියනවා අවුරුදු 8ක් විතර පරණ 40GB ඩිස්ක් එකක්. ගත්ත ගමන් format කරාට පස්සේ තාම එක පාරක් වත් format කරලා නෑ. කොහොමත් මම maintenance කරන ඩිස්ක් වැඩි ප්‍රමාණයක් අවුරුදු 5කට වඩා format නොකර දුවන ඒවා තමා. සමහර විට අවුරුදු 3-4කට වරක් repair හෝ re-install කර ඇති. එහෙම නැති ඒවත් තියනවා මේ ලොකු ටෝක් දෙනවා නෙවේ. සම්පූර්ණයෙන්ම ඇත්ත.
පළමුව හොඳට ප්‍රශනෙත් එක්ක හැප්පෙන්න. කාලයක් ගියාට කමක් නෑ. ඒක ඊළඟ වතාවේ එන ප්‍රශනයට ලෙසියක් බව හිතන්න. උත්තරේ හොයාගන්න අමාරු නම් පොඩි සර්ච් පාරක් දාල බලන්න. නැත්නම් ඔය user group වල එහෙම ඇවිදලා බලන්න. පළමු උත්තරේ එකම විසඳුම ලෙස ගන්න එපා.
ඔය මොන ක්‍රමේකටවත් බැරි උනොත්, මොනව කරන්නද? එහෙනම් ඉතිං format කරල දාන්න. හැබැයි ඒක අන්තිම තුරුම්පුව වෙන්න ඕන.
ඔබේ හාඩ් ඩිස්ක් නිතර ෆෝමැට් කරන්න සිදු නොවේවා!!
ගිහින් එන්නම්. සුභ රාත්‍රියක්!!.

16 comments:

  1. බොහොමත්ම ස්තුතියි තොරතුරු වලට......:)

    ReplyDelete
  2. මාත් ඉතින් වසර දෙක තුනකට සැරයක්වත් ඔය කාබාසිනියා වැඩෙ කරනවා.

    ReplyDelete
  3. හොඳ ලිපියක්... නොදන්නා කමට අපි තව කොච්චර නම් මෝඩ වැඩ කරනවා ඇත්ද ........?

    ReplyDelete
  4. හොඳ ඇඩ්වයිස් එකක් මචෝ.

    ReplyDelete
  5. හොද ලිපියක් thank

    ReplyDelete
  6. ඒත් අයියේ virus එකකින් registryය වෙනස් කරලා තියනකොට backup නැත්නම් වෙන මොනව කරන්නද? අපි මලාට backup තියාගන්නේ නැහැනොවැ. virusයක් infect වුනාම virus guard එකකින් ඇති ඵලය කිම.

    (කොහොමද පාටිෂන් ටේබල් එක corrupt වෙලා වින්ඩෝස් cd එකෙන් HD 1 අඳුර ගන්නේ නැත්නම්. අලුතින් table එකක් හදන්නවත් disk 1 ගන්නේ නෑ. ඒවගේ අද්දැකීමක් මට සඳුදා වුනා. එතකොට මල්ටි බැරල් පොඩි වැඩිද මන්දා. කොහොමහරි වැඩේ ගොඩදා ගත්තා. මම පස්සෙ වෙලාවක post එකක් දාන්නම්. කෙටියෙන් කියන්න අමාරුයි වගේ. මෙතන දාන්න බාගෙට ටයිප් කරලා මැකුවා.)

    ReplyDelete
  7. මටත් Hard එක Format කරන්න වුනා.testdisk කියන software එකෙන් patition table එක edit කරන්න ගිහින් patition table එකේ extended partition එක්ක තිබුනු logical partition 3 ම patition table එකෙන් delete වුනා:(
    (හැබැයි එක නොදැනුවත් කමින් වුනු එකක්.Testdisc use කරල corrupt වුනු පාටිෂන් ටේබල් ගොඩගන්න පුලුවන්.But එක සැරෙන්ම කරන්න ඔන.නැත්නම් sorry .)

    ReplyDelete
  8. මන් නම් මාස 3 කට සැරයක් ෆෝමැට් කරනවා..මොකද මං කරන එව්වගේ හැටියට සහ අලුතෙන් දාපුවාම තියෙන ගතිය රෙපයාර් කරාම නැති නිස.. :) කෙසේ වෙතත් හොද උපදෙසක්..තැන්කූ කිව්වා...

    ReplyDelete
  9. හොඳ සටහනක් දාලා තියෙන්නේ. නියමයි

    ReplyDelete
  10. මමත් ලේසියෙන්ම කරන්නේ ඔය ෆොර්මෑට් කිරිල්ලම තමයි.මොකද වයිරස් ගාර්ඩ් එකෙන් ඈරුනාම ඒ වගේ ගෑටලු හදාගන්න තරම් දෑනුමක් මට නෑති නිසා.ෆොර්මෑට් කරලා ගත්තාම එන නෑවුම් ගතිය ,වේගය ගොඩාක් වෑඩ්යි.මෑසිමේ...

    ReplyDelete
  11. ඕං ඕක තමා අපිට ඉතින් කෝකටත් තයිලේ
    හොඳ උපදෙස් ටික අයියා...

    ReplyDelete
  12. @Shadow/හේමලයා
    ආවට ස්තුතියි. දන්න දෙයක් අනෙක් අයටත් කියන්න එපැයි.
    @මාරයාගේ හෝරාව,kumaraya,දුමී,sumith,gemunu,♠GaŋGster♠™,හෙළයා
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා.
    @ මාරයා
    වසර දෙක තුනක් නම් ලොකු ප්‍රශනයක් නෙවේ. මේ අවුරුද්දකට දෙතුන් වතාවක් ඕක කරන එකනේ වැඩේ
    @කුමාරයා
    නොදන්නා කමට අපි අතින් කොච්චර වරදිනවද. කමක් නෑ දැන් දන්නවනේ.
    @කාංචන
    එක එක වෙලාවට වෙනස් විවිධ ක්‍රම යොදන්න පුළුවන්. සමහර විට අපි හිතන්නේ නැති තරම් සරල කුම වලින් ගොඩ දාන්න පුළුවන්. අවුලක් ආවොත් කියන්න. දන්න දෙයක්නම් කියන්නම්.
    @ගැමුණු
    මට ඕක වෙලා Norton Disk Doctor වලින් හදාගන්න පුළුවන් වුනා. (කළකට ඉස්සර)
    @GaŋGster
    හම්මේ මොනවද ඔද්දර තියෙන වැඩ?
    @නුවන්
    නැවුම් නම් තමා ඒ වුනාට ෆයිල් සෙටින්ස් පරෙස්සම් කරගෙන ඔක කරන්නනේ අමාරු. අනික ඩිස්ක එකේ ලයිෆ්එක. Genuine windows වගේනම් බඩු.
    @පුතා
    මට නම් ඔය කතාව ඇල්ලුවේ නෑ. Mac operator කියල නේද කියන්නේ. Mac වල ඔය අවුල් නෑනේද?. කොහොමද ඔය පැත්තට මේ දවස්වල රස්නේ එහෙම වැඩි ඇති නේද?

    ReplyDelete
  13. විකාරනේ.... මගෙ හාඩ් එක (160GB ආපුම දවස්වල ගත්ත එකක්) දැනට සියවතාවකට වැඩිය ෆෝමැට් කරල ඇති කිසි ලෙඩක්නම් නෑ, (අනික අවුරුදු 8ක් 40gb එක පරිස්සම් කලා කියල ඒක capacity එක වැඩි වෙනවද.)
    ඔය ෆෝමැට් නොකර පැච් අලවල ඕඑස් එක පරිස්සං කරන එක මේ රටට අදාල එකක් නෙවෙයි.... එහෙම කරන්න්නෙ දාල තියන os එකයි application software එහෙම සල්ලිවලට ගන්න රටවල, මොකද ආපහුවතාවක් සල්ලි දීල ගන්න වෙන නිසා.

    ReplyDelete
  14. @ අනෝ
    අපේ ලංකාවේ අයට තියෙන ප්‍රධාන අඩුවක් තමා තමන්ගේ ඩේටා වලට කිසි වැදගත් කමක් නෑ. ගන්නන් වාලේ කොම්පියුටර් ගන්නවා. පොඩි අවුලකටත් ෆෝමැට් කරනවා. අළුතින් දාගන්නවා. අනික හාඩ් ඩිස්ක් එකේ කැපෑසිටි එක වැඩි වෙන්න නෙවේ පරෙස්සම් කරන්නේ ඕවට සැරින් සැරේට වියදම් කරන්න ඕන නැති නිසා. ඔය 100 වතාවකට වැඩිය ෆෝමැට් කළ හාඩ් ඩිස්ක් එක මටත් බලන්න තියනවනම්. මොකද මම කවදාවත් දැකල නෑ එතරම් ෆෝමැට් කළ එකක්. බලනකොට 160 ආපු කාලෙ එක්ක මේක මාසෙට දෙවතාවක් වත් ‍ෛා්මැට් කරන්න ඇති.
    ඇනො නැතිව නියම නමින්ම ආවනම් වඩා හොඳයි නෙව. මාත් ආසයි තව අළුත් දේවල් දැනගන්න. දිගටම ඇවිත් ඔබේ අත්දැකීමත් ලියල යන්න. මොකද අපි කාටත් විවිධ අත්දැකීම් ඇතිනේ. මම පටන් ගත්තේ 540MB Hard disk එකකින්. ඒකත් අන්තිමට පරණ කොම්පියුටරයක් තිබුන කෙනෙකුට දුන්නා.

    ReplyDelete
  15. ප්‍රියන්ත අයියේ මම ඔයාගෙ මේ පෝස්ට් 1ට එකඟයි .
    ඒත් ඇනෝට කියපු දේට විරුද්ධයි
    මොකද මම මීට අවුරුදු 7 - 8 කට කලින් නුගේගොඩ පලාතෙ යාළුවෙකුගෙ කැෆේ 1ක ස්ථිර සාමාජිකයෙක්.
    මම ඒ කැෆේ 1ට අවුරුදු කීපයක් ම ගියා.
    එයා හැම කම්පියුටරයක්ම සතියකට දෙවතාවක් වත් ෆෝමැට් කළා.
    ඒත් මම නුගේගොඩින් යනකම්ම බොහෝ කම්පියුටර් හොඳ තත්වයේ තිබුණ.
    මම කියන්නෙ ඒක හරි කියන 1 ගැන නෙවේ.
    ඒත් එයා ඒ දවස්වල කිවුවෙ පාරිබෝගිකයො ඩවුන්ලෝඩ් කරන හංගල යන හොඳ/ නරක සියළු දේ කම්පියුටරයෙන් මකන්න ඒ වැඩේ කරනව කියල.
    ඒත් මම මේ ලිපියට එකඟයි.

    ReplyDelete