Sunday, July 11, 2010

ජය වේවා

හුරේ කමොන් මට ජයවේවා!
මොකෝ මොකෝ මේ අද අමුතු ජොලියක්
ඇයි දන්නේ නැද්ද මගෙ බ්ලොග් එකේ හිට්ස් 1000 පන්නලානේ.
අයියෝ ඕක මොකද්ද? ඔය හිට්ස් ලක්‍ෂ ගණන් තියන සිංහල බ්ලොග් ඕන තරම් තියෙන්නේ.
ඒක නම් ඇත්ත තමයි. ඒත් මට මගේ බ්ලොග් එක වටිනවානේ.
ඔව් ඒත් මාස 2කට හිට්ස් 1000 ලොකු දෙයක්ද?
අපෝ නෑ.
එහෙනම්?
තව දෙයක් තියනවා.
ඒ මොකක්ද?
අදට අපේ කතන්දරගේ බ්ලොග් එකට හරියටම අවුරුද්දක් වෙනවනේ.
ඇත්තට?
ඔව් දන්නේ නැද්ද? අප්පෝ ගොඩ දෙනෙක් මේක දන්නවානේ.
ඔව්නේ කතන්දර කියවන්නේ නැත්තෙ කව්ද?
එහෙනම් අපි ඔක්කොම කතන්දර බ්ලොග් එකට සුභ උපන්දිනයක් පතමු.
කතන්දර ශූරිනි ඔබේ කතන්දර අඩවියට මගෙන් සුභ පැතුම්!!!!!!

ප/ලි
කැමති අය මේ ටිකත් කියවන්න.
අවුරුදු 12ක් විතර ජාලයේ ඇවිදින මම කවදාවත් බ්ලොග් නම් බලල තිබුනේ නෑ මේ අවුරුද්ද වෙනකම්ම. බැරිවෙලාවත් බ්ලොග් එකක් ඕපන් වුනත් ඕක ක්ලෝස් කරල දාන එක තමා කරන්නෙ. ඔහොම ඉන්න කොට මේ මාර්තු මාසයේ අන්තිම දවස්වල අහම්බෙන් සර්ච් එකක් කරනකොට කතන්දර බ්ලොග් එකට ගියා. අර කතන්දරගේ ප්‍රියතම ලෝකට් බ්ලව්ස් කතාව. ඕක කියවන කොට අමුතුම ශෙලියක් මේ කතාවල තියන බව දැනුනා. ඊට පස්සේ අනික් කතා ඔක්කොම දවස් 2න් කියෙව්වා. බ්ලොග් රෝලෙ තිබුන අනෙක් බ්ලොග් වලටත් ගියා. මේවායේ තිබුන විවිධ අදහස්, ඉදිරිපත් කර ඇති ආකාරය මගේ සිත බ්ලොග් උණක් කරා ගෙනගියා. පස්සේ බ්ලොගර් එකේ එකව්න්ට් එකක් හදාගෙන Comment කරන්න ගත්තා. ඒ ගමන්ම මගේ මතක එලි දක්වන්නත් ගත්තේ මැයි මාසේ ඉඳන්. ඔහොමයි මගේ බ්ලොග් ආගමනය. ඒ නිසා තමා කතන්දරට වෙන් කරල පෝස්ට් එකක් දාන්න හිතුවේ.
නැවතත් කතන්දරට දිගටම මේ කතන්දර වලින් අප සතුටු කරන්න වාසනාව ලැබේවා කියමින්. සිංහල බ්ලොග් අවකාශයට ජයෙන් ජය වේවායි පතමින් අදට ගිහින් එන්නම්.
සැමට සුභ දවසක්!!!

8 comments:

  1. කතන්දරට වාගෙම ඔබටත් ජයෙන් ජයම පතමි...තවතවත් අදහස් ගොනු කෙරන්නට....ශක්තිය ධෛර්යය ලැබේවා......:D

    ReplyDelete
  2. මයිල දහසක ගමණක් ආරම්භ වෙන්නෙත් එක පියවරකින් කියනවානෙ. ඒ නිසා මේ මං සලකුණක් විතරක් කියලා හිතලා ඉදිරියට යන්න. අද ලක්ෂ ගණන් හිට්ස් ලැබෙන බ්ලොග්ස් පටන් ගත්තෙත් මේ විදියට තමයි.

    - Taboo

    ReplyDelete
  3. තවත් ලියන්න.... ජයවේවා කිව්වා අයියා....

    ReplyDelete
  4. හිතවත් ප්‍රියන්ත,

    පෝස්ට් එකට ස්තුතියි. ඔබට ජයවේවා!

    කකා

    Its 1000+ Hits, not comments.

    ReplyDelete
  5. සුබ පතනවා. දිගටම ලියමු....

    ReplyDelete
  6. යමු යමු තාම පටන් ගත්තා විතරනේ. දුර ගමනක්නේ යන්න තියෙන්නේ. දිගටම යමු. ජය ශ්‍රී!
    (ඔබතුමාට පුංචි වැරදීමක් වෙලා වගේ. comments නෙවේ hits :) )

    ReplyDelete
  7. @කතන්දරකාරයා, කාංචන දිනූක
    ටිකක් නෙවේ හොඳයම වැරදිලා නේනනම්. මතක් කළාට දෙන්නටම තෑන්කස්.
    @ Shadow/හේමලයා
    අපි තාටත් ජය
    @taboosubjects
    මගේ මතකයට සාදරයෙන් පිළිගන්නවා
    @පුතා, පිස්සා පලාමල්ල
    ලියමු ලියමු. කියවන්න දැන් කට්ටිය ඉන්නවනේ

    ReplyDelete
  8. ම්ම්.. අදනෙ ආවෙ.. ජය පතනවා.. ඉදිරියටම යමු.....

    ReplyDelete