මේ ලියන්න යන්නේ මම කොම්පියුටර් කරන්න ගත්ත මුල් කාලේ අත්දැකීමක්. මට රෙපෙයාර් කරන්න ලැබුන කොම්පියුටර් එකක් boot වෙන්නෙ නෑ. අඩුම තරමෙ power on කළවිට LED on වෙනවා Display එකේ මොනවත් නෑ. වැඩිය වැඩත් බැරි කාලේ වරැවක් විතර මේක check කළා. Memory, Video card (ඒ කාලයේ integrated video තිබුනේ නෑ) , Processor, Power Supply ඔක්කොම හොඳයි. අවුල Main board එකේ. අයිතිකාරයා කියන්නේ මේක වුනේ එකපාරම කියල. අනේ ඉතිං මමත් Main board එක උඩ යට පෙරලන් බලනවා මොකද වෙලා තියෙන්නෙ කියලා. කිසි අවුලක් පේන්න නෑ. ළඟදි service කරල දූවිලි බිඳක් වත් නෑ ආසාවට පිහදාන්ට.මොනව කරන්නද මේක කොහොම හරි හදන්නම ඕන. මට හිතෙන්නෙම board එක fail නෑ වෙන මොකක් හරි අවුලක් කියලමයි.
මම ආයෙම මුලු board එකම බැලුවා. මගෙයි අයිතිකාරයාගෙයි දෙන්නාගෙම ලොව හොඳයි වගේ. මම අහම්බෙන් වගේ දැක්කා memory slot එකක pin එකක් උඩට ඉස්සිලා වගේ.
අනේ නිකම්ම ගැලවිලා අවානෙ. අතටම ඇරන් කෝකටත් කියල බැලුවෙ pin එක ගැලවුනාවත්ද කියලයි. එතකොටනෙ බඩු අහුවුනේ. මොක්කද මේ?..
Staple pin එකකින් කැඩුන පොඩි කෑල්ලක්. අයින් කළ ගමන් Computer එක බබා වගේ වැඩ. දෙයියන්ගෙම පිහිටයි කිව්වා. මම නෙවේ. ඒකේ අයිතිකාරයා.
මම මේ කියන්න ගියේ Staple pin විතරක් නොවේ ඇල්පෙනිත්ති, File clips වගේ ලෝහ දේවල් Computer විතරක් නෙවේ කොයි Electronic උපකරණයටත් හානි කරයි. ඒනිසා කල්පනාවෙන්.
සමහර විට ඩෝං..... ගාන්නත් පුලුවන්.
ගිහින් එන්නම්.......


වෑදගත්.දිගටම ලියන්න .අපි බලනවා...
ReplyDeleteපුලුවන්නම් මේ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්න.
@Nuwan
ReplyDeleteඅනිවා වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්නම්
අපේ පොරක් මැෂිම කඩේට ආපහු අරං ගියාමයි දැකලා තියෙන්නේ පොඩි එකා කාසියක් දාලා CD rom එක ඇතුලේ!!!
ReplyDeleteමේ කතාවල ගතියක් තියෙනවා, ටෙක් කතාමත් නෙමේ, අපි හැමෝටම රස විදින්න පුළුවන්.
ReplyDeleteසී.ඩී. ඩ්රයිව් එක කප් හෝල්ඩර් එකක් කියලා රැවටුනු කතාව දන්නවා නේද?
එතකොට any key හොයපු කතාව, press any key කරන්න!!!
@කතන්දරකාරයා
ReplyDeleteThanks comment වලට
සී.ඩී. ඩ්රයිව් එක කප් හෝල්ඩර් එකක් කියලා රැවටුනු කතාව අහල නම් නෑ. ඒත් හිතාගන්න පුළුවන්. ඕක උඩුරාවණගේ කථාවක් වත්ද?