අද ලියන්න කතන්දර කීපයක් හිතාගෙන හිටියත් මේ දවස් වල තියන වැඩත් එක්ක මොකවත් කරගන්න බැරි වුනා. මගේ මස්සිනා ඒ කියන්නේ සොයුරියගේ සැමියා රෝගාතුරව ඉන්න නිසා මටත් වැඩ ගොඩයි. ඊයෙ දවසටම බ්ලොග් බලන්නවත් වෙලාවක් නැතිවුනා.
උදේ මේ පැත්තෙ ආවට පස්සේ අපේ සයිබර් යාය ලියන චූටි මහත්තයාගේ ජයසිරි අයියගේ රේස් එකට ප්‍රැක්ටිස් කල කතාව කියවන කොට තමා මට මේ කතාව මතක් වුනේ.
මේක අපේ මල්ලිගේ අත්දැකීමක්. පොර ටෙක් යන කාලේ වෙච්ච දෙයක්. පොරටත් ඉඳලා තියනවා අපේ දුකා ට හිටිය වගේම ටෙක් එකේ කොල්ලො සෙට් එකක්. උනුත් මරුම මරු පිස්සො ටිකක්. මුන් ගැනත් කතා ගොඩක් තියනවා. අපේ මල්ලි බ්ලොග් ලියන්නේ නැති නිසා මම ඉඳ හිට ඒවාගෙනුත් එක්ක දෙකක් ඔහේ දාන්නම්කො.
ඔන්න මෙන්න මේකයි අද කතාව.
දවසක් ටෙක් එකේ සම්මන්ත්‍රණයක් එකක් තිබිල තියනවා මාර්ග නීති හා ආරක්ෂාව ගැන. රථවාහන පොලීසිය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, තව ෆීල්ඩ් එකේ එක්සපර්ට්ල ගෙන්ල්ලා සිරාවටම කරපු එකක්. ඇත්තෙන්ම ඒක තරුණ වයසේ අයට මාර්ග නීති පිළිබඳ හොඳ අත්වැලක්.
මේකේ තිබුන එකදේශනයක් (මාර්ග අනතුරු හා අධික වේගයෙන් රිය පැදවීම ගැන) අවසානයේ දේශකයා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවලු.
"හොඳයි අපි මෙහෙම හිතමු. දැන් අපි වේගයෙන් පාරෙ වාහනයක් පදවාගෙන යනවා. ඒ වෙලාවේ අපේ නෑයෙක් පාර අයිනෙන් යනවා. පිටුපසින් තව වාහනත් එනවා. අපි ඥාතියා දකින්නේ ලඟටම ආවම. ඒවිට අපි කරන්නේ මොකක්ද?" කියලා.
දැන් ඔක්කොම කල්පනා කරනවා. හිතෙන උත්තරේ හරිද වැරදිද දන්නේ නැති නිසා කියල නොන්ඩි වෙන්න ඕන නෑනේ කියල. ඔය අතර එකෙක් හිටියලු කට ඇරියොත් ඉවර ජාතියේ.
මූ නැගිටල කිව්වේ මෙච්චරයි.
"හප්ප්පලාආ.. දානවා සඅඅර්" කියලා
හික් හික්
ReplyDeleteමරු වැඩේනේ
ReplyDeleteසරලයි පුදුමයි :)
ReplyDeleteමිනිහට නෑයො ඈලජික් ද? හික්.
ReplyDelete