Wednesday, June 9, 2010

බත් හැලුනොත් මොනව වෙයිද



කෙහෙල් කොලේ බත් කාල තියෙන්නේ කවුද?
හරිම රසයි නේද? සාමාන්‍යයෙන් බත් කෙහෙල් කොලේ කනකොට මට නම් රස වැඩියි. ඔයාලටත් එහෙම ඇති කියල මම හිතනවා. මේ කථාව මෙහෙම පටන් ගන්න හිතුවෙ ඔය උඩ තියෙන පිංතූරේ හින්දා. මම අද කතාවට පිංතූරයක් හොයන කොට මගේ හිතට අල්ලන එකකට තිබුනේ මේ පිතූරෙ තමා. ඉතිං පින්තූරෙ හැටියට අද කතාව පටන් ගත්තා.

මේකයි කතාව.
සාමාන්‍යයෙන් අපි කෑම කන්නේ මේසෙ උනාට ගෙදරදී එහෙමම නෑනේ. මමත් හුඟක් වෙලාවට බත් එක බෙදාගෙන අම්මා බනිද්දිම කාමරයට ගෙනියනවා. කොම්පියුටර් ටේබල් එක උඩ තියන් මොකක් හරි බලාගෙන කාපු වෙලාවල් ඕන තරම් ඇති. මම මේ ඒකෙ හොඳ නරක කියන්ට යනවා නෙවේ. ඔහොම වෙලාවට බත් ඇට කීපයක් හැලෙන්නේ අපටත් නොදැනමනෙ. ඕක අතුගාල පිරිසිදු කරන්න පරක්කු උනොත් කාමරේට කූඹි එන එක වලක්වන්න අමාරුයි. ඒ එක ප්‍රශ්නයක්. කාමරේ අපිරිසිදු වීම, බැනුම් ඇසීම ලෙඩ ගොඩයි.

මම කියන්න ගියේ ඒ මොනවත් නෙවෙයි. මේක උනේ මම අඳුනන මහාචාර්ය වරයෙකුට. අපේ ප්‍රොෆෙසර්ගෙ නෝට්බුක් (ලැප්ටොප් වලට වඩා මම කැමති නොට්බුක් යන වචනයට) කොම්පියුටර් එකේ Keyboard එකේ පොඩි ප්‍රශ්නයක් තියනවා කියල මට පොඩ්ඩක් බලන්න පුළුවන්ද ඇහුවා.



මම බැලුවාම එක Key එකක් වැඩ නෑ. සාමාන්‍යයෙන් Keyboard එකක fault එකක් තියනවනම් Key set එකක්ම වැඩ නැතිව යනවා. එකක් විතරක් අක්‍රිය වෙන අවස්ථා ඇත්තේම නැති තරම්. ඒ නිසා මේක Keyboard එකේ fault එක්ක වෙන්න ඉඩක් නෑ. Key එක press වෙන්නේ නැති බවක් තමා මට පෙනුනේ. මම ප්‍රවේශමෙන් එම කී එක ගලවා බැලුවා. බැලුවම කී එක යට වැලි කැටයක් වැනි යමක් ඇලවී තිබෙනවා. මේ නිසා තමා කී එක තද වෙන්නේ නැත්තේ.

ඔයාලත් දන්නවා ඇතිනේ නෝට්බුක් පරිගනක වල කීබෝඩ් එකේ key එක හා යට plate එක අතර තියෙන්නේ ඉතා කුඩා පරතරක් බව. ඒ නිසා පොඩි දෙයක් හිරවුනත් Key එක press වෙන්නේ නෑ. මම මේ වැලි කැටය ඇරන් බැලුවාම තමා පෙනුනේ ඒ වැලි කැටයක් නෙ‍වේ කියල. මේක හොඳට වේලුන බත් ඇටයක්. බත් ඇට හුඟක් වේලුනාම ගල් කැටයක් වගේ හයියයි. බොරු කියා හිතනවනම් බත් ඇට ටිකක් වෙලලා බලන්නකෝ.

ඔයවගේ අපි නොහිතන දේවල් වෙන්න පුළුවන්. කොම්පියුටරයට විතරක් නෙවේ. ඒනිසා හැම දෙයක්ම විමසිලිලෙන් බලන්න.

නොට්බුක් කීබෝඩ් එකක් කියන කොට ඒ ගැන තවත් කතාවක් මතක් වුනා. ඒක තව දවසක කියන්නම්.
එහෙනම් ගිහින් එන්නම්.

10 comments:

  1. බත් ඇට හලන්න එපා පව් සිද්ධ වෙනවා කියලා ඉස්සර කාලේ ඉඳන් කියන එකේ තේරුමත් මේ හා පොඩියට හරි සම්බන්ධ ඇති නේද?

    ReplyDelete
  2. @RanDil
    බත් විතරක් නෙවේ හාල් බිම හලන එකත් අපේ පැරණි අය අනුමත කලේ නෑ. පැගෙන එක පව් කියල තමා අපේ අත්තම්මලා කීවෙ. ඔවුන් ඒවා දේවත්වයෙන් සැලකුවේ දහදිය මහන්සියෙන් වගා කර ගෙදර ගෙනා නිසා වෙන්න ඇති. ආවට තෑන්ක්ස්

    ReplyDelete
  3. එත් ගොඩාක් ලොකු දැනුමක් තියන ඉන්ජිනෙරුවෙකුට ඔය ලැප්ටොප් එක දුන්නනම් කරන්නෙ.. keyboard එක replace කරන එක. උන් බයයි මට වරදි කියලා. එත් මම කැමති එ වගෙ කරන්න.. කැඩුවත් හැදුවත් තමුන්මයි..

    ReplyDelete
  4. කී බෝඩ් එක කොහොම උනත් මේ බත් එක නම් දෑක්කාම කටට කෙල ඉනුවා

    ReplyDelete
  5. බත් ඇට බිමට වැටීම ගැණ මට කතාවක් මතක් වුනා. ලියන්නං දවසක මේ බ්ලොග් එකට ලින්ක් කරලා

    ReplyDelete
  6. මගේ නෝට්බුක් එක අලුත්වැඩියා කරන්න දුන්නම නම් වැඩිපුර එකේ ඇතුලේ තිබිලා හම්බවෙන්නේ පූස් ලොම්
    මගේ පූස් පැටියා පුරුදුවෙලා ඉන්නේ මම පොතක් කියවනවානම් එකේ උඩ වාඩිවෙන්න , නෝට්බුක් එකේ වැඩක් නම් එකේ කීබෝර්ඩ් එක උඩ නගින්න
    උගේ මූන දැක්කම එලවන්න දුකයි

    ReplyDelete
  7. අහම්බෙන් ගොඩ වුණේ මේ බ්ලොගයට.මේ වැඩේම මටත් වෙලා තියෙනවා.. මගෙ key board එකේ Backspace key එක වැඩ කරන්නෙ නැතුව තිබුනා දවස් ගානක්ම. පස්සේ නිවාඩු පාඩුවෙ දවසක Key එක ගලවලා බලනකොට එකෙ ඇතුලේ වේළුණු බත් ඇටයක් හිරවෙලා.. බොහොම අමාරුවෙන් හුලං පාරක් පිඹලා තමයි ඒක ඉවත් කරේ. service station එකකට ගෙනිච්චා නම් මොනවයින් මොනවා වෙයිද? Key board උඩ තියාගෙන බත් කන අය මේ බව දැනගෙන ඉන්න එක හොඳයි.

    ReplyDelete
  8. @සොබනි
    key board එකට හුලං පිඹපු එක අහල තව කී බෝඩ් එකට හුලං අල්ලපු කතාවක් මතක් වුනා. ලඟදිම ලියන්නම්.
    @ All
    Comment වලට තැන්කු වේවා!!!!

    ReplyDelete
  9. මචං උඹේ "කම්ෆියුටර්ස්" ගැන ලියවුන පොස්ට් ටික වටිනව මාර විදිහට.මට මෙන්න මෙහෙම පුරස්නෙකුත් තියෙනව...
    නෝට්බුක් එකක් උනත් කිසිම අවුලක් නැතිව තිබුනත් සර්විස් කරන්න ඕනද කාලින් කාලෙට? එහෙම ඕනනම් සාමන්‍යයෙන් කොයි තරම් කාලෙකට සැරයක්ද?

    ReplyDelete
  10. සිරා! මගෙත් ඒ හරියට වෙනවා! ඒත් කවදාවත් පාඩමක් ඉගෙන ගන්නේ නෑ මං! හිකිස්!!

    ReplyDelete