නිවී සැනසිල්ලේ ගතවන හෝරාවක යලි උපදින මතක, තාකෂණය හා බැඳුනු අත්දැකීම්, හිතට දැනෙන අදහස් ඔබ සැම හා බෙදා ගන්නයි සයිබරයේ මා වෙන් කරගත් ඉසවුව. This blog is written by sinhala unicode.
Saturday, July 31, 2010
ඩෙංගු මදුරුවා, පරිසරය සහ අපි
Wednesday, July 28, 2010
Kekulé ගේ හීනය සහ මගේ හීනය
Sunday, July 25, 2010
තහනම් කර ඇත.
Monday, July 19, 2010
කාරුණික ඉල්ලීමයි.
Thursday, July 15, 2010
Hard disk format කිරීම ලොකුම අවියෙන් සටන් කිරීමක්ද?
Sunday, July 11, 2010
ජය වේවා
Friday, July 9, 2010
ජෙනියත් රැගෙන මීමුරේට- පසුවදනක්
මතකනේ අපි ජෙනරේටරයක් කරතියන් මීමුරේ ගියහැටි. අමතක වෙන්න ඒ හැටි කාලයක්ය නේද? කොහොම හරි ඔය කතාවේ සමහරුන්ට පොඩි අපැහැදිලි ගතියක් තබුන බව ආපු comment කීපයකින්ම මට හිතුනා. අර දවසක් comment කරන්න බැරුව තිබුන දවසේ ආපු මේල් එකකත් තිබුනා. ඒ නිසා ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් මේ.
එකක් ජෙනරේටරය. ඕක ගේන්න භාරගත් අය වැඩේ අනාගෙන තමා කිලෝවොට් 2 ක එකක් ගෙනාවේ. මොකද ඒ දවස්වලත් වොට් 600 විතර පෝටබල් ජෙනරේටර් ඕන තරම් තිබුනා. බැටරි චාර්ජ් කරන්න ඒකක් හොඳටම ඇති. ඒක එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට පහසුවෙන් ගෙනියන්න තිබුනා.
අනෙක වෑන් එකේ කතාව ගැනත් කියන්න එපැයි. අපි දැනගෙන හිටියේ නැති වුනාට ඒ කාලේ මීමුරේ පැත්තේ වෑන් කීපයක්ම තිබුනා. ඒවා මේ පරණ 34ශ්‍රී මොඩල් එකේ කිරි කිරි ඩෙලිකා වෑන්. ඒ කිව්වේ ඔය පරණ මොඩල් එකේ වෑන් එක පාරෙ යනකොට කිරි කරි ශබ්දයක් එනවා. ඔය පහල තියෙන්නේ ටිකක් ඒ වගේ එකක්.
එහෙ කඩ වලට ඕන කරන බඩුබාහිරාදිය ගෙන්නේ ඒවායේ. ඒ ගමන්ම ජෙනරේටරයක් හෙම තිබුනොත් එහෙ මෙහෙ ගෙනියනවා. ඒ ගමෙත් සමහර ගෙවල් වල ජෙනරේටර් තිබුනා. හැබැයි ඔය වෑන් එකක් නගරයට එන්න වෙනම සටනක් කරන්න තියනවා. සාමාන්‍යයෙන් ගමේ ශක්තිමත් තරුණයන් කිප ගෙනෙක් හවුල් කරගෙන, උදලු අලවංගු, කඹ පටවගෙන තමා එන්නේ මොකද මගදි වලකට වැටුනොත් ගොඩගන්න. මඩවෙලා ලිස්සන තැන් වලදි අදින්න වගේ දේවල් කරන්න වෙන නිසා. ඒ පාරෙ නොදන්න කෙනෙකුට නම් ෆෝවීල් ඩ්‍රයිව් නැති වෙන කිසිම වාහනයක් ගෙනියන්න ඒ කාලෙ පුළුවන් කමක් තිබුනේ නෑ. දැන් නම් පැර හදල කියල පුතා මට comment කරල තිබුනා.
තව ටිකක් තියනවා ඒකත් කියලම අදට යන්න හිතුවා. අපි එහෙ දවස් 3ක් නැවතී හිටියා. අපට ගමේ අය හුඟක් උදව් කරා අපේ අරමුණ කරා යන්න.
ජෙනරේටරේ නිසා නැවතී හිටිය පාසලේ ශාලාවට ලයිට් දා ගන්නත් ලැබුනා. රෙකොඩින් වලට ඕන ආලෝකය ගන්න අපි ලයිට් ඇති වෙන්න අරන් ගියේ. එන දවසට කලින්දා රෑ අතරමග තියන කයිකාවල (මාතලේ කයිකාවල නොවේ) කියන ගමේ නවතින්න තීරණය කලා මොකද උදේම මීමුරෙන් ආවොත් සවස 2ට පිටත්වන අන්තිම බස් එක අල්ලන්න අමාරු නිසා. රෑ එන ගමනටත් ජෙනිය පිහිට වුනා. අපි ඕක ස්ටාර්ට් කරල ෆ්ලෑෂ් ලයිට් පත්තු කරන් ඒ එළියෙන් තමා ආවේ.
Sunday, July 4, 2010
ජෙනියට කර ගහපු හැටි 2 ජෙනිය කරෙන් යයි
මතකනේ ජෙනියට කර ගහපු කතාවේ පළමු කොටස. ඔන්න කියවපු නැති අයට මෙතනින් බලා ගන්න පුළුවන්.
අද ඉතුරු කොටස.
දැන් අපි උදේ 6.30 ට නුවරින් යන බස් එකට සෙට් වෙන්න කථා කර ගත්තා. අපේ ඥානෙගේ තාත්තා ඩිපෝවේ නිළධාරියෙක් නිසා බස් එක නුවර ගුඩ් ෂෙඩ් එකෙන් පිටත් වන බස් එක ඔර්ලොසු කණුව ළඟ ස්ටෑන්ඩ් එකේත් විනාඩි 10ක් නවත්වගෙන ඉන්න පුළුවන් කියා පොරොන්දු වුනා. (නුවර බස් ස්ටැන්ඩ් ගැන නොදන්න අයට- නුවර ප්‍රධාන බස් ස්ටැන්ඩ් 2ක් තියනවා. එක්ක ගුඩ්ෂෙඩ්, බොහෝ දුර ගමන් බස් පිටත් වනේ මෙතනින්. අනෙක ක්ලොක් ටවර්. ළඟ පාතට යන බස් තමා මෙතැනින් පිටත් වන්නේ. ගුඩ්ෂෙඩ් බස් සාමාන්‍යයෙන් ක්ලොක් ටවර් ස්ටෑන්ඩ් එකට දාන්නේ නෑ) ඒ වෙලාවට ඔක්කොම ඒම ස්ථානයට එන්නත් පොරොන්දු වුනා. දැන් උදේ 6.30 ට බස් එක වෙලාවටම ස්ටෑන්ඩ් එකට දැම්මා. හැමදාම බස් එකේ යන පිරිසට ටිකක් අප්සේට්. ඒත් කොන්දා වැඩේ ෂේප් කරා විනාඩි 5න් යනවා කියා.
කොහොම හරි ඔක්කොම ඇවිත් ජෙනිය ගේන සෙටි එක නෑ. බස් එකේ කට්ටිය සද්දෙ දානකොට යන්තම් විනාඩි 15 ක විතර සුළු ප්‍රමාදයකින් පස්සේ කට්ටිය ආවා. නිකම්ම නොවේ ඔපරේටර් කෙනෙක් සමගම ජෙනරේටරයත් රැගෙනම. ආයේ සුළු පටුනෑ පළාතෙම බැටරි චාර්ජ් කරන්න පුළුවන් කිලෝවොට් 2ක ජෙනියක්. කොහොමද අපේ කට්ටියගෙ වැඩ. ඕක උදේ පාන්දර බස් එකකට දාගන්න ගිහින් තමා විනාඩි 15 ක් පරක්කු වෙලා තියෙන්නෙත්. ඔය පහල තියෙන්නේත් ඒ වගේ එකක්.
ඔන්න ඉතිං ගමන පිටත් වුනා. ආපදාවක් නැතුවම බස් එකේ මගීනගෙත් ප්‍රශංසා මැද ගමනාන්තයටත් ආවා. මොකෝ අපේ උන්ගේ සද්දෙයි කියන සිංදුයි ඇහුවම කාටද ආදරේ හිතෙන්නේ නැත්තේ. බස් නැවතුමේ තේ කඩයෙන් උදේ ආහාරය ඇරන් කඩේ මුදලාලිගෙන් යන පාරේ විස්තරත් අහගෙන කිලෝමීටර් 15 ක විතර දුර පයන්ම යන්නයි කට්ටිය දැන් ලෑස්ති.
දෙන්නෙක් ජෙනිය උස්සලා බැලුවා. ඉස්සුවාට මීටර් 100 ගෙනියන්නබෑ. ඒතරම් බරයි. දැන් මොකද කරන්නේ. ජෙනිය කඩේ ළඟ තියලා ගිහින් වරින් වර ඇවිත් බැටරි චාර්ජ් කරන් යන්ට පුළුවන් තරම් පොඩි දුරක්යැ. ආයෙත් අදහස් ගලනවා. “අපි ඕක ලී දෙකක ගැටගහලා කරේ තියන් යමු.” වැඩේ නම් හොඳයි. කඩේ මුදලාලිගෙන් ලී දඬු දෙකක් හොයා ගන්න අපහසු වුනේ නෑ.
අතර මග හමුවන කීප දෙනෙක්ගෙන්ම පාර අහන්න අපි අමතක කලේත් නෑ. එහෙට තියෙන්නේ රබර් හැතැප්මද කොහේදෝ. ඇහුවාම තව හැතැප්ම 6ක් විතර ඇති කියනවා. හැතැප්ම 5ක් විතර ගිහින් ආයේ හමුවන කෙනෙක්ගෙන් ඇහුවාම තව 5ක් විතර ඇති කියනවා. ඔහොම හත් අට දෙනෙක්ගෙන්ම අහන්ට ඇති.
අපිට ඇල්ලුවේම නැත්තේ උත්තර දෙන ගමන් අපි දිහාත් අපේ කරමත නැගී අභිමානවත්ව ගමන් කරන ජෙනීරාජයා දෙසත් ඔවුන් අමුතු විධියට බලපු එකයි. අපි හිතුවේ දුෂ්කර ගමක ඉන්න ඔවුන්ට ජෙනරේටරය අලුත්දෙයක් කියයි. ඒත් නියම හේතුව තේරුනේ නැවති ගිමන් හරින විට එතැනට ආ පොරක් අපිත් එක්ක කථා කරමින් ඉන්න විටයි. ඒක වුනේ මෙහෙමයි.
පොර. මේ පුංචි මහත්තුරු කොහේ ඉඳන්ද?
අපි. අපි මේ නුවර ඉඳන්
පොර. මීමුරේ යනවා වෙන්ටෑ මයෙ හිතේ.
අපි. ඔව් මේ ගම ගැන විස්තර හොයන්නට. මේ ඉස්කොලේ තියන ප්‍රදර්ශනයකට.
පොර. මේ ජෙනරේටර් එකකුත් ඇරන් (මළා මුන් ජෙනරේටර් ගැන දන්නවා නේ)
අපි. ඔව් මේ අපේ කැමරා වල බැටරි චාර්ජ් කරන්න. (ඒක නම් තේරුනාද දන්නෑ)
පොර. ඇත්තද (කිංඩියට වගේ සිනාසෙයි)
අපිනම් ජෙනරේටර් එහෙ මෙහෙ ගෙනියන්නේ වැන් එකක පටවගෙන.
ගොහින් ඒඤ්ඤං මහත්තුරුනේ
ප/ලි