අද දවසේ පොස්ට් එකක් දෙන්න උන පොරොන්දුව නිසාමයි මේ ලියන්න ගත්තේ. නැතිනම් පෝස්ට් එකක් දාන්න තරම් නිදහසක් නම් තිබුනේ නෑ මේ සති අන්තයේ.
එහෙම නම් කලින් පාඩම් කියවලානේ එන්න ඇත්තේ. එහෙනම් අද බලමු මොනවාද පරිගනක පද්ධතියක කොටස් කියා. මේවා කොටස් වශයෙන් ගන්නවානම් ප්‍රධාන ලෙස කොටස් 3ක් පෙන්වා දෙන්න පුළුවන්.
- දත්ත ඇතුළු කරන උපාංග (Input Devices)
- ප්‍රතිදානයන් ලබාගන්නා උපාංග (Out put devices)
- මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit)
මෙය සරලව වර්ග කිරීමක් පමණයි. මීට වඩා විස්තරාත්මකව මේවා වර්ග කරන්න පුළුවන්. එහෙත් අප මෙහිදී සරල හඳුනාගැනීමකින් පසුව එක් එක් කොටසේ ක්‍රියාකාරිත්වය විස්තර කරන්න බලාපොරොත්තු වන නිසා මේවා ඔබටම වෙන් වෙන්ව හඳුනා ගන්න පුළුවන් වෙනු ඇත.
දත්ත ඇතුළු කරන උපාංග (Input Devices)
මේ යටතට ගැනෙන්නේ පරිගනකයට දත්ත ඇතුලු කිරීමට ගන්නා විවිධ උපාංගයන් වේ. ඇත්ත වශයෙන්ම අප පරිගනකයක් හසුරවන්නේ මේවා හරහාය.
මේවානම්
- යතුරු පුවරුව (Keyboard)
- මවුස් (මූසිකය යනුවෙන්ද හැඳින්වේ) (Mouse)
- මයික්‍රොෆෝනය (Microphone)
- ස්කෑනරය (Scanner)
- ලයිට් පෙන් (Light Pen)
- ජෝයි ස්ටික් Joystick) ඇතුළු විවිධ Game controllers
ප්‍රතිදානයන් ලබාගන්නා උපාංග (Out put devices)
සරලවම කියනවනම් මේවා යොදාගන්නේ සකස් කරන ලද තොරතුරු අපට නැවත ලබා ගැනීමටයි. තවමත් අපි පරණ මිනුම් ඒකකයක් වන අඟල් වලින් ප්‍රමාණය කියන මොනිටරය අයත් වන්නේද මෙම උපාංග වලටයි.
- මොනිටරය (Monitor)
- ප්‍රින්ටරය (Printer)
- ස්පීකර් (Speaker) හෙඩ්ෆෝන්ද මෙයටම ඇතුලත් කළ හැක.
මධ්‍යම සැකසුම් ඒකකය (Central Processing Unit)
සාමාන්‍ය ව්‍යවහාරයේ CPU නමින් හඳුන්වන්නේ මෙම කොටසයි. ඇත්ත වශයෙන්ම මෙහි CPU එකට අමතරව තවත් බොහෝ උපාංග සවිකර ඇත. ඒහෙත් පොදුවේ මේ සියලල් එකතුවට CPU යනුවෙන් ව්‍යවහාර වේ.
මෙහි ඇති කොටස් Computer Hardware පිළිබඳ ඉගෙන ගැනීමේදී ප්‍රමුඛස්ථානය ගන්නා නිසා ඒවා පිළිබඳව වැඩි අවධානයක් යොදන්න අපි උත්සාහ කරමු.
මෙහි ඇතුලත් කොටස් අතර
- මවු පුවරුව (Main Board)
- ප්‍රොසෙසරය (Processor)
- මෙමරි (Mamory/RAM)
- හාඩ් ඩිස්ක් (Hard Disk)
- CD/DVD ධාවකය (CD/DVD Device)
- Expansion cards (Sound, Video Cards Etc)
අපි මීළඟ කොටසින් මෙවා එකිනෙක අරගෙන ඒවායේ ක්‍රියාකාරිත්වය කතා කරමු.
බොහෝ දෙනෙකුට මෙම පෝස්ට් එකෙන් කිසිම වැඩක් නැතිව ඇති. ඒත් ආධුනිකයෙකුට අනාගතයේ මෙම පොස්ට් කියවන්න සිදුවීනම් මෙහි වැදගත් කමක් පවතී.
එහෙනම් ගිහින් එන්නම්.
සුභ දවසක්..!!!
ආයෙ ඉගෙන ගත්ත කියල වැඩි වෙන්නෙ නෑනෙ.
ReplyDeleteඅපිට මඟ ඇරිච්ච තැනු තට කොච්චර ඇත්ද..
පරන නෝට්ස් ආපහු කියවන්ට ඕනි...නැත්නම් තේරෙන්නේ නෑ. පොඩ්ඩක් ඉන්ට හොඳේ කියවලා, බලලා, ආපපහු එන්නම්.
ReplyDeleteඔයාගේ ලියවිල්ලේ නෙමේ. වැරැද්ද තියෙන්නේ මගේ ඔලු ගෙඩියේ...
ඔහොම යාං....චෝයි....
ReplyDeleteහලේ..... වසර තුනක් අතීතෙට ගියා.. මම කරපු පළමු ලෙසන් එක... :)
ReplyDeleteදන්න දේ උනත් පිළිවෙලකට යන එක තමා හොද..නැත්තං මොනවා හරි නොදන්න දෙයක් මග ඇරෙන්ට ඉඩ තියේ..මෙහෙම හොඳා...
ReplyDeleteඑහෙම දන්න නොදන්න නෙමේ,,,හැමදෙයක්ම ඕනා,,මෙහෙම හොදයි
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ තාරක Dilsh@n
ReplyDeleteඔව් එහෙනම් ඉගෙන ගමු. ස්තූතියි තාරක..
@ පොඩ්ඩි
ReplyDeleteහරිද කියවලා ආවද? මම මේ බලන් ඉන්නවා කියවලා එනකල්.
ඔලුවේ වැරැද්දක් නම් නෙවේ. සමහර විට වැඩියෙන් වැඩ කරල වෙහෙස සමග පොස්ට් එක කියවන්න ඇත්තේ. කොතරම් සරල දෙයක් උනත් නොතේරෙන වෙලාවල් තියනවනේ.
ස්තූතියි පොඩ්ඩි.
@ ෴ හසියා ෴
ReplyDeleteචෝයිද? ඒනම් ඊළඟ එකත් කියවන්න හොඳේ..
@ඩ සුදු හංසි
ReplyDeleteඇත්තට? මම නම් ඊටත් වසර 7ක් අතීතයට ගියා.
ස්තූතියි සුදු හංසි..
@ මාරයාගේ හෝරාව
ReplyDeleteස්තූතියි. ඉක්මනින් ඊළඟ පොස්ට් එකත් දෙන්නම්.
@ ItalyDilan
ReplyDeleteස්තූතියි ඩිලාන්. හරි මෙහෙම ලියන්නම්.
මෙන්න මම බලාන හිටි පාඩම ඇවිල්ලා ...මම ඉතින් ප්‍රියන්ත අයියාගේ නෝට් එකේ පිහිට පතන කෙනෙක් නේ ..
ReplyDeleteඔයා අමනාප වෙන්නේ නෑ කියලා හිතනවා ..මෙතන Storage device නැත්තේ ඇයි ප්‍රියන්ත අයියේ ?
මම එහෙම ඇහුවේ වැඩ පෙන්වන්න හිතාගෙන නෙවේ ..මම ඔයාගේ හාර්ඩ්වෙයාර් පාඩමෙන් ගොඩක් දේ ඉගන ගත්ත, මගෙන් ඉගන ගන්න ළමයින්ටත් ඔයාගේ මේ පාඩම් වලින් කරුණු කියාදෙන කෙනෙක් ..ඔයාගේ පෝස්ට් එන්කම් මග බලන කෙනෙක් ..
ඔයාගේ අද පාඩමත් මම මුද්‍රණය කරගත්තා .(බ්ලොග් එකේ නම ඇතුව).බොහොම ස්තූතියි ..
@ හිස් අහස
ReplyDeleteසඳරූ හින්දමයි මම මෙච්චර ඉක්මනින් පෝස්ට් එක දැම්මේ. CPU එකේ කොටස් යටතේ Storage device ගැන කතා කරමු සඳරූ. නැතිනම් සමහර අය පටලගන්නවා. මම දැකල තියනවා Floppy disk input devices කියලත් නම් කරනවා. ඒත් ඒවා Storage device නේ. ඒකයි ඒ ගැන එහිදී කයන්න හිටියේ.
මම ඉතිං හැමදාම වගේ ඔහොම යාං අපි එන්නං පස්සෙං කියලා තමා කියන්න තියෙන්නෙ .......
ReplyDelete