Friday, April 13, 2012

සුභ අලුත් අවුරුද්දක් වේවා....!!!!!

කැලන්ඩරේට වැරදිලාවත්ද. අලේ තාම කොහා සද්දයක් නැත්තේ. ඔක්කෝටම කලින් කොහාට ඊ මේල් එකක් දාල් ඉන්න ඕනි ඉක්මනට ඇවිත් කෑ ගාන්න කියලා. චුට්ටි කාලේ නම් අපි කොහා එක්ක තරඟෙට කෑ ගැහුවානේ. දැන් කොහේ කෑ ගහන්නද. අප්ට නම් සද්දේ මතකයි. ඒත් කොහාට දැන් කෑ ගහන එක අමතක වෙලාද කොහේද. මං මේ ඉන්නේ ලංකාවේද. හුටා.... එක එරබදු ගහක මලක් පිපිලා නෑ. මල් පිපෙන් එරබදු ගස් තියෙන්න එපැයි. වැටේ එරබදු ගස් ටික කපලා නෙව තාප්පේ බැන්දේ අල්ලපු ගෙදර උන්ට අපේ ගෙදර පේනවාට. අනිත ක්‍රෝටන් ගස් වල මල් පිපෙන එකක්ය.
හා අර ප්ලාස්ටික් මල් ටික තියෙන්නේ. අවුරුද්ද ඇවිත් වෙන්න ඇති අර රබන් සද්දේ නම් ඇහෙන්නේ. ඒත් නවුද, කොහේද රබන් ගහන්නේ. වටේ කෙල්ලෝ ටික ශොපින් යනවා දැක්කා උදේම. ගෙවල් වල ඉන්න ආත්තම්මලා වෙන්න ඇති රබන් ගහන්නේ. කොහොමත් දැන් කෙල්ලෝ රබන් ගහන්න දන්න එකක්යැ. ඇයි නැත්තේ රබානක් දුන්නොත් පලලා පෙන්වයි ලස්සනට...
එහෙනම් කොහෙන්ද මේ රබන් සද්දේ. හප්පා අර ටීවී එකේ චැනල් හැටේම අවුරුදු උස්සව. අර රබන් ගහන කෙල්ලෝ කොයින් හොයා ගත්තාද. අපේ ගම්වල නෑනේ මෙච්චර ලස්සන කෙල්ලෝ. මොන වගේ පුයරද මන්දා මුන් උලන්නේ. අර වටේට හිටන් බලන් ඉන්න කොල්ලන්ගේ ලස්සන. මුන් අවුරුද්දටම ඉම්පොට් කලාද මන්දා. මොනවාදෝ අවුලක් දැනෙන්නේ. මෙයාලා රබානට තට්ටු කරන එකයි ඇහෙන තාලෙයි වෙනස් වගේ. ඔව් අර තට්ටු නොකරද්දිත් සද්දේ එන්නේ. ඒකත් රෙකෝඩින් එකක් ප්ලේ වෙනවාද මන්දා. මෙයාලා බයිස්කෝප් වල නලු නිලියෝද කොහේද. බලමු වෙන චැනල් එකක්. අනේ අර ආත්තම්ලා රබන් ගහන ලස්සන. එයාල නම් හරියට රබන් ගහනවා වගේ. 
රතිඤ්ඤා නම් පත්තු වෙනවා නේද. ඒවායින් නම් අඩුවක් නෑ. ඉස්සරටත් වැඩිය. ඒ කියන්නේ අවුරුද්ද ඇවිල්ලාම වේනනඇති.
යන්න ඕනි චක්ගුඩු පනින්න කොල්ලෝ ටික හොයන්න. අලේ කොහේද දන්නේ නෑ. ... ආ අර ඉන්නේ වට වෙලා. මොකක්ද දන්නේ නෑ වට වෙලා කරන සෙල්ලම. බොතලෙන් වීදුරුවට පුරවන සෙල්ලමක් නේද. මේක අවුරුද්දට අලුතින් එකතු උන සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවක් වෙන්න ඇති.
කොහේවත් කැවුම් කොකිස් බදින සුවඳක් න්ම් ආවේ නෑ. ඒ උනාට ගෙදරට ලැබිලා තියෙන කැවුම් කොකිස් කන්දරාව. මං දැක්කා ටවුමේ හෝටලේ කැවුම් කන්දක් පුරෝලා තියනවා. ඒක නම් ඊයේ වෙද්දි ඉවරෙටම ඉවර වෙලා. මයේ හිතේ ඒවාද කොහේද මේ හැම ගෙදරින්ම එවලා තියෙන්නේ. ඔව් නේන්නම්. ඉස්සර කැවුම් කොකිස් ලැබුනාම එක එක්කෙනා ගේන ඒවා එකක එක රසයි. එක එක ප්‍රමාණයේ. වෙනස් හැඩ වල. මේවා නම් හැම අතින්ම එක සමානයි. දැන් නම් ඔලුවත් අවුල් වේගනයි එන්නේ. යන්න ඕනි අවුරුදු උත්සවයක් බලන්න. අම්මෝ ගෙදරට එන නෑයෝ කන්දරාව. යන්න වෙන එකක් නෑ......

වසරකට වැඩි කාලයක් මාත් එක්ක සයිබරේ සැරි සැරූ.....
තනි නොතනියට මාත් එක්ක හිටිය...
හැමදාමත් මගේ මතකයත්. අනෙක් සෑම බ්ලෝ අඩවියක්මත් කියවන...
බ්ලොග් ලියන....
සයිබර් වාසීන් සැමටත්.....
සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරන සැමටත් ....
සුබ අලුත් අවුරුද්දක්ම වේවා...!!!!