සති දෙකක් තිස්සේ මකුළුවෝ දැල් බැඳන් හිටිය නිසා මකුළුවෝ එලවන්න කොස්සක් අරන් ආවට බය වෙන්න එපා. මේ කොස්ස ගෙනාවේ මකුළුදැල් කඩල මකුළුවෝ එලවන්න. නැතිව බ්ලොග් එකට එන අයව එලවන්න එහෙම නෙවේ.
පසුගිය සති දෙකේම බ්ලොග් පැත්තේ යන්න බැරි උනා. පෝස්ට් කරල චැට් එකෙන් නැතිනම් ඊමේල් එකෙන් කීව අයට පමණක් කමෙන්ට් කලාට මගේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාගන්නත් බැරි උනා. පසුගිය සති දෙකම ගෙදර වැඩත්, වැඩ කරන ආයතනයේ වැඩත් එක්ක ගොඩක් බිසී උනානේ. අලුතින් බැච් එකක් එන කාලෙට කොහොමත් අපිට වැඩ වැඩි වෙනවා. ඔය අපේ හා පැටික්කි, මධුශාන් එහෙමත් ආවා කියන්නේ. හාවි නම් ආවා කියා කතා කරලත් කීවා. මේවාට අමතරව අපේ ඥාතියෙකුගේ විවාහ මංගල්‍යයක් තිබුන නිසා එයටත් ගොඩක් වෙහෙසුනා. ඒ හා සම්බන්ධ රසවත් සිදුවීම් ගනනාවක් තියනවා. වෙලාවක ඒවාත් බ්ලොග් පෝස්ට් එකකට දාන්න පුළුවන්.
මේ කියන්න ගියේ එකක් දැන් කියන්නේ වෙන එකක්. මටත් ලියන්න ගියාම මුලක් මැදක් අගක් නෑ නේද?
මේ සින්දුව හදිසියේ ඇයි මතක් උනේ කියලා දන්නවාද? අහම්බෙන් දුටු සිදුවීමක් නිසා. මේකයි කතාව.
මේ වෙඩිම නිසා අපිට රැයක් දවාලක් තිබුනේ නෑ. මොකද උන් දෙන්නා බැඳල හනිමූනි ගියා. අපි එපැයි හෝම් කමින් එකට ගෙවල් ලස්සන කරල තියන්න. කොහොම හරි කට්ටිය රෑ දවල් නැතිව උගේ ගෙදර වැඩ. ඔහොම වැඩ කරලා මහරෑ ගෙවල් වලට යනවා. ආයේ උදේ පාන්දර උගේ ගෙදර. කොහොමත් උදේ තේ එක බොන්නේ උගේ ගෙදරින්ම තමා. නැතිනම් ආයේ බැන්දට පස්සේ වතුර එකක් දෙයිද කවුද දන්නේ..:DD
කොහොම හරි ඔය හෝම් කමින් එක දවසේ උදේම මම රෑ කරපු ඩෙකරේශන් ටික හරියට තියනවද බලන්නත් එක්ක උදේම උගේ ගෙදර ආවා. ඒ එනකොට උදේ අව්ව පායලත් නෑ. ඒත් හොඳට එළිය වැටිල නිසා මම බයික් එකේ හෙඩ් ලයිට් නිවාගෙන ආවේ. මෙහෙම එනකොට මගේ ඉදිරියට එනවා බයික් එකක් හෙඩ් ලයිට් දා ගෙනම. සාමාන්‍යෙයන් අපි එළිය වැටුනම හෙඩ් ලයිට් දාන්නේ ආපදාවක් නැතිනම් අති විශේෂ අවස්ථාවක ඉක්මනින් යන්නනේ. ඒත් මේ පොර මොකද මේ හෙඩ් ලයිට් දාගෙන. කරදරයක්ද? නැතිනම් බයික් එකෙ දෝශයක්ද?
ටිකක් ලඟට ආවමනේ හේතුව දැක්කේ.....
ඔය පින්තූරෙනම් ඇත්තම සිද්ධිය නෙවෙයි. ඒත් මේකත් ඒ වගේ තමයි...
රෑ වීලා ඇයි මේ උදේ.........:DDD



