Saturday, November 17, 2012

රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 02.....

අපි කලින් පෝස්ට් එකෙන් කතා කලේ රොසැල්ල සිට ගලබඩට යන චාරිකාවේ ආරම්භයයි. අද කතාකරන්න යන්නේ එතැන් සිට ඉදිරියට ගමනයි. රොසැල්ල Derailment එක පසු කරන විට හමුවන්නේ මා කලින් සඳහන් කළ S හැඩය ඇති ද්විත්ව වංගුවයි. මෙය කලකට ඉහත නෑය යෑමකට ලක්වූ තැනක්ලු. 
අප පින්තූර ගන්න තැන් කීපයකට එකතු උනා. මම සිටියේ පහල රූපයේ ඇති කඳු ගැටය මත. ඔය දුරකථන සංඥා කණුව අසල අපි ඉන්නවා යන්තමින් පේනවා ඇති. මේ පින්තූරේ නම් ගත්තේ අපේ ගයන්ත සමරදිවාකර මල්ලි.

මෙම ස්ථානයට S අකුරේ පහල කොටස හොඳින් දර්ශනය වෙනවා. ඉහල කොටස ගස් වලින් හා කැලෑවට වැහිලා තිබෙන්නේ. මේ එම වංගුවෙන් කොටසක් පෙනෙනා පිංතූර දෙකක්.


මේ එම වංගුවේ දුම්රියක් ගමන් ගන්නා ආකාරය.

මේ දුම්රිය රොසැල්ලට ළඟාවූ පසුව එහි නවතා තිබූ දුම්රිය මහනුවරට යන්න මෙම ස්ථානය පසුකර ගියා. ඉන් පසු අප පහලට පැමිණ ගමන ආරම්භ කලා. මෙම ස්ථානයට කොළඹ සිට ඇති දුර සැතපුම් 103 1/4කි. මෙතනින් පිටත්වූ අපට යාමට ඇත්තේ ඉහල වටවල උප දුම්රිය ස්ථානයටයි. මෙම දුම්රිය මග වැටී ඇත්තේ මනරම් කඳුවැටි තේ වතු, දිය ඇලි හා කුඩා ජල පහරින් හෙබි ජනගහනය තරමක් අඩු ප්‍රදේශ හරහායි. මේ අවට කුඩා නගර හා ගම් ගණනාවක් ඇත. තරමක් දුරින් ගිනිගත්හේන හැටන් මාර්ගය වැටී ඇත. 
උදේ පින්නෙත් තෙතබරිතවූ දුම්රිය මග අපට පෙනුනේ මෙහෙමයි.


මේ තෙත් සිල්පර මතින් ගමන් කීරීම තරමක් අපහසුයි. කෝච්චි වලින් නිතරම සිල්පර මතට වැටෙන තෙල් හා ලිහිසි ද්‍රව්‍ය මතට පින්න වැටුනාම ග්‍රීස් ගහේ යනවා මෙන් ලෙස්සනවා. ලෙස්සා ගොස් යකඩ පීලි වල වැදුනොත් අනතුරක් වන්නත් ඉඩකඩ තිබෙනවා. එහෙත් අවට ලස්සන හා සෞම්‍ය දේශගුණය නිසා ඒ අවදානම් බව සියල්ල අමතක වෙනවා.

මේ ලස්සනට පිපුන මලක්...

කඳු අතරින් නිල්වන් අහසේ අසිරිය....

කන්ද මුදුනේ කවුදෝ ඉන්නවා වගෙයි.....

මග දෙපස ඇති තේ වතු..

මේ සුන්දර පරිසරය මැදින් පහලට ගමන් ගන්නා අයෙකුට හමුවන ඊළඟ දුම්රිය නැවතුම ඉහළ වටවලයි. වටවලට පසුව පිහිටා ඇති ඉහළ වටවල නුවරඑළිය දිස්ත්‍රික්කයේ කෙළවරකට වන්නට පිහිටා තිබෙනවා. මෙහි දේශගුණය නුවර හා නුවරඑළියට අතරමැදි ස්වභාවයක් ගන්නවා. මේ අවට බහුලව තේ වගාව සිදුවන අතර වතුනිවාස තැන තැන දක්නට ලැබෙනවා. බහළ වටවල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1100ක් පමණ උසකින්. 
ඉහළ වටවල යනු උප දුම්රිය ස්ථානයක්. මෙහි සිදුවන්නේ දුම්රිය ටිකට් නිකුත් කිරීම පමණයි. දුම්රිය දෙකක් මාරු වීමක් හෝ ටැබ්ලට් දීමක් මෙහි සිදුවන්නේ නෑ. එමෙන්ම සිඝ්‍රගාමි දුම්රිය මෙහි නවත්වන්නේ නෑ. වෙහෙසට පත්ව සිටි අපි දුම්රිය ස්ථානය අසල කඩයකින් තේ බොන්නත් අමතක කලේ නෑ. ටික වොලවක් විනෝද වෙමින් විවේක ගන්නා අතරම කට්ටිය ෆොටෝ ගන්නත් අමතක කලේ නෑ. 


ඉහලවටවල දුම්රිය නවත්වන්නේ මේ කාල සටහන අනුවයි..

උනුසුම් තේ කෝප්පයෙන් ප්‍රාණවත් වූ අපි අපේ ඊළඟ නැවතුම වන වටවල බලා පිටත් වුනා. වටවල හා ඉහල වලවල අතර තරමක් ජනාකීර්ණයි. පෙර තරම්ම පරිසරයේ පාළු පවක් නෑ. තේවතු හා වතු නිවාස මෙන්ම සාමාන්‍ය නිවාසද දක්නට ලැබෙන අතර රේල් පාරේ යන විටත් නිතරම ප්‍රදේශ වාසීන් හමුවෙනවා. 

අතරමගදී හමුවූ මල්කඩාගෙන යන ළමුන් පිරිසක්..

ඈතින් පෙනෙන තේ කර්මාන්ත ශාලාවක්..

අපිට මීළඟට යන්නට ඇත්තේ වටවලටයි. ඒ විස්තරය මීළඟ ලිපියෙන් අරන් එන්නම්...
එහෙනම් දැන් ගිහින් එන්නම්...
සැමට සුභ දවසක් හා සුභ සති අන්තයක්...!!!!

29 comments:

  1. වටවලට නේද ලංකාවේ වැඩියෙන්ම වැස්ස හම්බ වෙනවා කියන්නේ. ඔය පැත්තේ කෝච්චියෙන් ගිහින් නෑ. කාරෙකේ ගිහින් තියෙනවා. පාර අයිනේ තිබුනු තේ බොන තැනකින් තේ බීවා. මාර රහයි. ලංකාවෙදි බොන තේ තරම් ලෝකේ වෙන තැන්වල බොන තේ රහ නෑ.

    වෙලාවක, මේ ට්‍රිප් එක කොච්චියේ ගිහින් බලන්ට ඕනි. එහෙම හිතෙන්නේ ඉතින් ලියවිල්ලේ අපූරුව හන්දා.:D

    ReplyDelete
    Replies
    1. ලංකාවේ සාදන තේ වලින් හොඳම හරිය යන්නේ පිටරටට පොඩ්ඩි. ඒත් ඔයාට රසට දැනුනේ මව් රටට ඇවිත් තේ නිපදවන පරිසරයේම ඉඳන් බොන නිසා වෙන්න ඇති. වටවලට ලැබුන වැඩිම වැස්ස දැන් වෙන පළාතකට ලැබෙන්නේ. අද පෝස්ට් එකේ ඒ ගැන කීවා.
      කෝච්චියේ ගිහින් බලන්න. හැකිනම් කිලෝමිටරයක් දෙකක් හරි රේල්පාරේ පයින් ඇවිදලාත් බලන්න පරිසරයේ ලස්සන.
      වැඩ ගොඩක් මැදින් උදේම ඇවිත් කමෙන්ට් කළාට ස්තූතියි.

      Delete
  2. නියමයි. ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඔන්න ඉතිරි ටිකත් දැම්මා.....:D

      Delete
  3. වටවල කිව්වම මතක් වෙන්නෙම තේ නේ...සුන්දර පරිසයේ වගතුග ඊ ලඟ ලිපියෙන් නේද...වටවල ඉද්දී වැස්ස එහෙම තියෙන්න නැතුව ඇති...වර්ෂාපතනය මනින ප්‍රදේශයක්නේ...

    කඳු වටෙන් දුම්රිය යන හැටි බලන් ඉන්න ආසයි අප්පා...

    ReplyDelete
    Replies
    1. වටවල තේ සමාගම නිසාද දන්නේ නෑ එහෙම හිතුනේ...:D
      ඔව් වටවලදී වාසනාවට වැස්සක් නම් ආවේ නෑ. එහෙම උනානම් හොඳටම තෙමෙන්න තමා වෙන්නේ.
      වැස්ස ගැන අද පෝස්ට් එකේ කියලා තියනවා.
      කඳු වටෙන් කෝච්චිය යද්දි ලස්සනයි තමා.
      ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
  4. කෝ ඉතුරු ටික... :)

    ගමන නම් මරු... ඉවසපන් පපුව ඉවසපන් කිය කිය ඉන්නෙ මේ දවස් වල... :)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිරි ටිකත් දැම්මා. ස්තූතියි ප්‍රතිචාරයටත්....:D

      Delete
  5. හරිම සුන්දර ගමනක් බව පිංතූර වලින්ම පේනවා. මේ ලිපි කියවලාම දැන් අපිටත් කෝච්චි චාරිකා වලට ආස හිතිල තියෙන්නෙ . අර අලුත් කෝච්චියේනම් යන්නම ඕනෙ .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් හරිම සුන්දර ගමනක් තමා. මේ විස්තර වලින් ඔයාලටත් මෙහෙම යන්න ආසාවක් ඇතිවෙනවානම් එය තමා මගේ සතුට. අපි ගොඩක් ආසාවෙන් ගමනක් ගිහින් ඒ ගැන ලියනවානම් ලස්සනට ලියවෙනවා ඇති. ඔව් අර අලුත් කෝච්චියේ ගිහින් බලන්නකෝ.
      ස්තූතියි අදහස් දැක්වීමට...:)

      Delete
  6. ඔබ විදි සුන්දරත්වය අඩුවක් නැතිව අපට ගෙන ඒම සතුටක්..

    මේ වගේ තැනක ප්‍රදේශය පිලිබඳව හැගීමක්.,අවබෝධයක් එන පරිදි පින්තූර ගැනීම ලේසි රාජකාරියක් නොවේ..!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ප්‍රතිචාර දැක්වීමට. මම පින්තූර ගන්නේ පොඩි (Compact Camera) එකකින්. සමහර විට පින්තූර එතරම්ම හොඳ මදි ඇති.

      Delete
  7. ආසාවෙ බෑ... මෙහෙම ගමනක් යන්න... කවදාහරි උත්සාහයක් දරන්න ඕනෙ...

    ඡායාරූප ටික නම් පස්ටයි...

    ReplyDelete
    Replies
    1. උත්සාහ දරන්න දෙයක් නෑ. ඔන්න ඔහේ යන්න....:D
      ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  8. හරිම ආසයි දකින්න මේ සතුට ආයෙත් විඳින්න ...අපෙත් කාළයක් තිබුණා කිතුල්ගල , බදුපොල පැත්තෙන් පටන් අරන් හැටන් නානු ඔය පැත්තට පයින්ම ගාටන ලෙඩක් ...ඒ ඉතින් දරුවො ලැබෙන්න ඉස්සර අවුරුදු දහයකට ඉස්සර ..දැන් ඉතින් ඒ තරම් ලේසි නැහැ ඒ ගමන් ...

    මේ පිංතුර ටික දකිත්දි නම් ඒ සිසිලස ආයෙත් දැනෙනවා වගේ ...

    ස්තුතියි

    මම සොඳුරු සුව අසපුවේ මහේෂ්

    ReplyDelete
    Replies
    1. දැන් බැලුවාම ගොඩක් අය ඇවිදින්න ආසයිනේ. හොඳට මහන්සි වෙලා ඇවිදින එක නිරෝගී දිවි පැවැත්මකටත් හේතු වෙනවා නේද...
      ස්තූතියි ප්‍රතිචාරයට..

      Delete
  9. නියමයි කියන්නේ මේගමන රේල්පාර දිගේ පයින් ගිය එකට . පොඩ් ඊරිසියාවක් හිතට එනවා. මටත් යන්න බැරිවුණානේ කියලා. මේ සංචාරක සටහන නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. අපේ ගමන් ටිකක් දුර වැඩියි. ඒ වාගෙම හදිසියේ දාගන්න ඒවානේ. ඉදිරියේදී කල් ඇතිව යනවානම් කියන්නම්කෝ. හැකියාවක් ඇතිනම් එන්න...
      ස්තූතියි අදහස් වලට...

      Delete
  10. හරිම ලස්සන දර්ශන කීපයක්. කොච්චර වාසනාවක්ද මෙහෙම ඇවිදින්න යන්න ලැබෙන එක

    ReplyDelete
    Replies
    1. මූණුපොත පැත්තේ මං දැක්කා ඔබත් මිතුරු පිරිසක් එක්ක ළඟදී ගිය ගමනක්. ලස්සන දර්ශන තමා පේ පැතිවල ඇත්තේ.
      ගොඩාක් ස්තූතියි අදහස් දැක්වීමට...

      Delete
  11. hike එකේ ඉතුරු විස්තර ටිකත් දාන්න , මාත් හරිම අසාවෙන් ඉන්නේ ඔය වගේ hike එකක් යන්න

    ReplyDelete
    Replies
    1. පුළුවන් වේලාවක යන්න බලන්න. ඔන්න ඉතිරි ටික අද දැම්මා. ස්තූතියි ප්‍රකතිචාරයට.

      Delete
  12. සුන්දර ගමනක්.. විස්තරත් ඒ වගේමයි.. අනිත් ලිපිය එනකම් බලාගෙන ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඒ නිසාම අද අන්තිම ලිපියත් දැම්මා. ස්තූතියි දිනේශ් මල්ලිටත්

      Delete
  13. මරු ගමන. සීතලේ ගමනක් ගිහින් හොඳට උණු තේ එකක් (හෝ කෝපි) එකක් බොන්ඩ මාත් මාර ආසයි.

    ReplyDelete
    Replies
    1. කෝපි වලට වඩා මේ පැතිවල ඇත්තේ තී තමා. ඔන්න දැන් මේ කමෙන්ට් දැක්කාම මටත් සීතල පලාතක ගිහින් තේ එකක් බොන්න හිතෙනවා...:D
      ස්තූතියි ....

      Delete
  14. ගිය සතියේ පොඩි නෙට් ප්‍රශ්ණයක් ඇවිත් කමෙන්ටුවක් දාගන්න බැරි උනා මල්ලි. හරිම සුන්දර අත්දැකීමක් , බෙදාගත්තාට ස්තූතියි.

    ReplyDelete
  15. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට. ඔබටත් ජය...

    ReplyDelete
  16. පට්ට පට්ට... යන්න එන්න බැරි උනාට දැන් නං ඉතිං ගියා වගේ තමා :D

    ReplyDelete