Tuesday, November 13, 2012

රේල් පාර දිගේ (රොසැල්ල සිට ගලබඩ දක්වා) 01...

ගිය අවුරුද්දේ කෝච්චි පාරේ ඇවිදින්න ගිය කතාව මතක ඇති නේද. ඊට පස්සේ නම් ආයෙම එහෙම ගමනක් යන්නම වෙලාවක් ලැබුනේ නෑ. ඒ වගේම මේ පැත්තේ පෝස්ට් එකක් දාන්නත් සිතුනේ නෑ. ලියන්න දෙයක් හිතෙන්නේ නැතිනම් ඔනිවාට එපාවට ලියනවාට වඩා නොලියාම ඉන්න එක හොඳයි කියා සිතුන නිසාම කිසිවක් බ්ලොග් එකේ ලීවේ නෑ. එහෙත් ආයෙම ලියන්න තරම් හේතුවක් ලැබුනා. ආයෙම රේල් චාරිකාවකට අපි එකතු උනා. 
මෙවර චාරිකාව සඳහා අපි යොදාගත්තේ රොසැල්ල සිට කලින් චාරිකාව අවසන් කල ගල්බොඩ දක්වා. ඇවිදින්න ඇති මුළු දුර ප්‍රමාණය ආසන්න වශයෙන් කිලෝමීටර් 15ක් පමණ. ඒ ගියවර ගමන්කළ දුර ප්‍රමාණය මෙන් තුන් ගුණයක් පමණ. මේ සඳහා ගතවේ යැයි අපි උපකල්පනය කල කාලය පැය 6 - 7 පමණ. කොළඹ හා දුර පළාත්වලින් කීප දෙනෙක් පැමිණෙන නිසා ආපසු එන්න සැලසුම් කලේ සවස 2.50ට ගල්බොඩින් පටත්වන පොඩිමැණිකේ සිඝ්‍රගාමී දුම්රියෙන්. එනිසාම උදේ පාන්දරින් රොසැල්ලෙන් පිටත්වීමට සිදුවෙනවා. 
ඒ අනුව අපි ගමන යන්න යොදාගත්තේ රාත්‍රි 8.00ට කොළඹින් පිටත්වන රාත්‍රි තැපැල් දුම්රියයි. කොටසක් කොළඹින් චාරිකාවට එකතුවූ අතර මා එකතු වන්න නියමිතව තිබුනේ පේරාදෙණිය හන්දියෙන්. මෙය පේරාදෙණියට ළඟා වීමට නියමිත රාත්‍රි 10.52යි. මා 10.30ට පමණ එහි ළඟා වුවත් දුම්රිය පැමිණියේ පැයක පමණ ප්‍රමාදයකින්. රාත්‍රි තැපැල් දුම්රිය අධික තදබදයක් සහිත එකක්. එහෙත් මිතුරු පිරිසක් කොළඹින් පැමිණි නිසා මට ඉඩකඩ තිබුනා. 
ගම්පොළ සිට ඇති අධික ආනතියක් සහිත කන්ද නිසාම වැඩි මැදිරි සංඛ්‍යාවක් සහිත මෙම දුම්රියට පසුපසින් අමතර එන්ජිමක සහාය ලබා දෙනවා. එම එන්ජිම සවිකිරීමෙන් පසුව කන්දේ වුවද අපහසුවකින් තොරවම ගමන් කරනවා. මේ අතර නාවලපිටියේදී දුම්රියේ කාර්ය මණ්ඩලය මාරු වෙනවා. ඉන්පසුව පැමිණි රියදුරන් සිදුවූ ප්‍රමාදය ආවරණය කරමින් ඉක්මනින් ගමන්කලා. මෙම දුම්රිය වටවල දුම්රිය ස්ථානයෙන් පසුව නතර කරන්නේ හැටන් දුම්රිය ස්ථානයේ. මේ නිසා අපේ ගමනාන්තය වූයේ හැටන් දුම්රිය ස්ථානයයි. අප පාන්දර 2.30ට පමණ එහි ළඟාවුනා. 
අන්තර් ජාලයෙනි
මෙයා තමයි අපිව හැටන් වලදී පිළිගත්තේ. මෙයාගේ යාළුවා අපිත් එක්ක නගරයේ ඇවිදින්නත් ආවා. 

හැටන් වලින් තේ බොන්න අපිට ගතවූයේ පැයකුත් විනාඩි 30ක පමණ සුළු කාලයක්. නගරයේ පිහිට ආපනශාලාවේ සේවකයින් ඒ තරම් ඉක්මන්. කෙසේ හෝ පාන්දර 5.10ට හැටන් වලින් පටත්වන දුම්රිය සඳහා අපිට යන්තමින් 5.05ට ස්ටේශන් එකට එන් පුළුවන් කම ලැබුනා. එහි නැගී අප ළඟා වූයේ රොසැල්ලටයි.
රොසැල්ලට පැමිණි කෝච්චි පිස්සෝ.
අප එහි ළඟාවන විට වේලාව පාන්දර 5.26යි. තවම එළිය වැටී නැති අතර අධික ශීතලක් සමග මීදුම හා පින්නෙන් පරිසරයම වැසී ගිහින්. අප සමග ගිය දුම්රිය ස්ථානාධිපතිවරයෙතු වන රසික නිසා රොසැල්ලේ දුම්රිය ස්ථානාධීපති වරයා අපට සුහදව පිළිගත්තා. ඔහුගේ නවාතැනින් අවශ්‍යතා ඉටුකරගෙන ඇඳුම් මාරු කරගෙන උදේ කෑමට අප රැගෙන ගිය පාන් සකස් කරගත්තා. මේ වන විට එළිය වැටී තිබුනා. මෙම දුම්රිය ස්ථානයට විදුලිය සැපයෙන්නේ ඒ අසලම පහලින් ඇති කුඩා විදුලි බලාගාරයකින්.
රොසැල්ල දුම්රිය ස්ථානයට විදුලිය සපයන බලාගාරය
රොසැල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1130ක් උසින්. මේ නිසාම වැඩි සීතලක් පවතිනවා. කොළඹ සිට රොසැල්ලට ඇති දුර කිලෝමීටර් 168. බදුල්ලේ සිට එනවානම් කිලෝමීටර් 124ක් දුර ගෙවා එන්න වෙනවා.
රොසැල්ල යනු කඳුකරයේ ඇති සිසිල් තෙත් ප්‍රදේශයක්. ඉතා අලංකාර පරිසරයකින් හෙබි මෙහි මල් වර්ග රැසක් දක්නට ලැබෙනවා. පිරිසිදු ජලය ඇති පමණ ඇති අතර මිහිරි රසයක් සහිතයි. රොසැල්ල තේ වතුයාය නිසා මෙයට රොසැල්ල යන නම ලැබී ඇති බවයි පැවසෙන්නේ. මේ අවට ඇති වැදගත් ස්ථාන නම්.
  • තේ වතු යායන්.
  • දිය ඇලි
  • විදුලි බලාගාර ආසන්න වීම
  • බින් ඔය හා කුඩා ඔයට ආසන්න වීම
මෙම ප්‍රදේශය A7 (හැටන් සිට ඉහල වටවල දක්වා ඇත) මාර්ගයට ආසන්නව ඇත.
මෙම දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ S අකුරේ හැඩය ගත් සීඝ්‍ර වංගුවක අවසානයේය. 
රූපය ගුගල් මැප් වලින් ගෙන සකස් කරන ලද්දකි.
ඉහත රූපයෙන් පෙනෙන ආකාරයටම මෙම දුම්රිය නැවතුම S හැඩති වංගුවක අවසානයේ පිහිටීම හා වැඩි ආනතියක් සහිත වීම නිසා අනතුරක් සිදුවන්න ඇති ඉඩකඩ ඉතා වැඩියි. ඒ නිසාම මෙහි වැඩි ආරක්‍ෂාව සඳහා Train Indicator Bars සවි කර තිබෙනවා.
Train Indicator Bar

මොනවාද මේ Train Indicator Bar කියන්නේ. එහි ක්‍රියාකාරිත්වය සරලව විමසා බලමු. 
මේවා සමාන්තර රේල්පීලි දෙක මට පිහිටා ඇති රූපයේ ආකර යකඩ පටියකි. ඒ මතට දුම්රියක් පැමිණි පසු නැවත එසවිය නොහැක. එවිට සඥා පද්ධතිය අගුලු වැටෙයි. මේ හේතුවෙන් එම තීරුවේ දුම්රියක් ධාවනය වීමෙන් සිදුවන අනතුර වලක්වා ගත හැකි වෙයි. කලකට ඉහත මේ S හැඩති වංගුව නිසා අමතර තීරුවට (Loop) පහල සිට එන දුම්රියක් එක්වරම ඇතුල් කිරීමට නොහැකිලු. ඒ නිසා කරන්නේ ප්‍රධාන තීරුවේ ධාවනය කර අමතර තීරුවට පසුපසට ගැනීමලු. එහෙත් දැන් එය වෙනස් කර ඇති නිසා එක්වරම එම තීරුවට ගන්න හැකියාව ඇත.
උදේ 7.00ට පමණ අපි රොසැල්ල දුම්රිය පොලෙන් සමු අරන් අපේ ගමන ආරම්භ කලා. ඒ වන විට මීදුම අඩුව ගොසින් ඉර පායන්න පටන් අරන් තිබුනා. මීදුම් අතරින් කඳු මුදුන් සිපගන්නා හිරු රැස් මනරම් දසුනක් මවන අතර රෑ පින්නෙත් තෙතබරිත වූ තබන තබන අඩියක් පාසා ලිස්සා යන සිල්පර මතින් අපේ ගමන පහලට යෙදුනා.  ගමනේ මුලින්ම හමුවුනේ දුම්රිය පීලි පැන්නුමක්. තිරිංග නැතිව තවත්වාගන්න බැරිව එන දුම්රියක් පීලි පන්නා විනාශය අඩුකරන්න මෙවැනි පීලි පැන්නුම් යොදාගන්නවා. ඔබට මතක ඇති මීට පෙර ගල්බඩ අසල මෙවැන්නක් මම සඳහන් කලා.
මේ රොසැල්ල Derailment එක.

මෙතනින් ඉදිරියට යන විට හමුවන්නේ මුලින් සඳහන් කළ S හැඩැති වංගුවයි. පිංතූර සකසමින් ගමනේදී ගත් පින්තූර ලොකු එකතුවකින් වඩා සුදුසු පින්තූරය සොයමින් මෙවන් ලිපි ලියන එක එතරම් පහසු නෑ. ඒනිසාත් කියවන ඔබට වැය කරන්න කාලය සීමිත නිසාත් මේ ලිපිය කොටස් කර ලියනවා. අදට මෙතනින් නවතින අතර මීළඟ කොටස සමග ඉදිරියට යමු.
සුභ දවසක් වේවා....!!!

46 comments:

  1. හරිම සුන්දර විනෝදාත්මක චාරිකාවක් බව ලියල තියන විස්තරයෙන් කියන්න පුළුවන් . ඔබගේ අත්දැකීම් හා මේ පිලිබඳ දැනුමත් අපත් සමග බෙදා ගැනීම ගැනත් සතුටුයි .

    ReplyDelete
    Replies
    1. ඔව් ගිම් මේක විනෝදාත්මක චාරිකාවක්. ඒ වගේම මෙවන් චාරිකා වලින් ඉගෙනගන්න දේ බොහොමයි. ස්තුතියි අදහස් දැක්වීමටත්..

      Delete
  2. ප්‍රියන්ත අයිය ගොඩක් කාලෙකිං ලියල තියෙන්නෙ.

    නියම ගමනක් වගෙයි. ඉතුරු ටිකත් ඉක්මනිං දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න කාලෙකින් තමා. ඒත් ලියන්න හරියට දෙයක් සිතට එන්නේ නැතිනම් ලියන්නන් වාලේ ලිවීමෙන් වෙන්නේ කියවන්නාට අසාධාරණයක්. ඒකයි ලියන්න දෙයක් සිතෙනාතුරුම නිහඬව සිටියේ.
      ස්තූතියි....

      Delete
  3. කියවන් යද්දි හුගක් ආස හිතුනා.කෝච්චියක ගිහිල්ලම නැති නිසා දුකයි. මාත් කොහොම හරි පළවෙනි කෝච්චි ගමනට කන්ද උඩරටම යනවාමයි.

    ReplyDelete
    Replies
    1. බට්ටි නංගි කෝච්චියේ ගියේ නෑ කීවාම මටත් පවු කියා සිතුනා. කෝච්චියේ යනවානම් බදුල්ලටම යන්න. ඔන්න දැන් බදුල්ලට අලුත්ම කෝච්චියක් දාලාලු.
      ස්තූතියි බට්ටිටත්.

      Delete
  4. ආසා හිතෙන විදියේ ගමනක්. ලස්සනට ලියලා.

    ගොඩක් කාලෙකින් ආවත් ප්‍රියන්ත බලන්ට යමක් රැගෙන එන කෙනෙක්. අපිත් හරියට ඒ ගමන ගියා වගේ.

    ඉතුරු ටික එනකල් බලා ඉන්නවා...:D

    ReplyDelete
    Replies
    1. මං දන්නවා පොඩ්ඩිත් චාරිකා වලට ආස කෙනෙක් කියා. ඒ වගේම ලියන්නේ නැති කාලයේ ආපසු ලියන්ට කියා ඔයා මට ලොකු දිරියක් දුන්නා. ඉකිමනින් ඉතිරි ටිකත් ලියන්ට ඕනි. මේ වැඩත් එක්ක තමා අමාරු.
      ස්තූතියි පොඩ්ඩිටත්.

      Delete
  5. ටොපයි...ලොවෙත් නෑ හොදේ... ජය වේවා!
    දිගටම ලියමු....

    ReplyDelete
    Replies
    1. ලොවි ගහෙත් නෑ....D
      ස්තූතියි ටීම් ට්‍රැවලර්ස්

      Delete
  6. සෑහෙන කාලෙකට පස්සෙ ප්‍රියන්තට බ්ලොග් එක මතක වෙලා හැඩැයි.:) ඒකත් හොඳා. අපි ගියේ නැතත් ප්‍රියන්ත අපිව රොසැල්ලට පෝස්ටුව දිගේ අරන් ගියානෙ...

    මම නම් ආසම පරිසරයක්. බදුලු දුම්රියේ යන එන අතරේ රොසැල්ල දුම්රිය ස්ථානය දැකලා තිබුනත්..කවදාවත් ඒ පරිසරයේ ඇවිදලා...බැහැලා බලලා එහෙම නම් නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් ලිහිණි. කාලෙකින් මේ පැත්තේ ආවේ. දැන් ඉතින් කොහොමත් පෝස්ට් දෙකක් තුනක් ලියවෙයි මේ චාරිකාව අවසන් වෙනතුරු....:D
      ඔව් මේ පළාත් ලස්සනයි තමා.
      ස්තූතියි ළිහිණි ටත්....

      Delete
  7. දැන් නං ඉතිං ගමන ගියා වගේ තමා :D එලට ලියල තියෙනව අයියා. ඉතුරු ටිකත් මේක අමතක වෙන්න කින් ලියන්න අයියා ;) :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතිරි ටිකත් අමතක වෙන්න කලින් ලියන්නම්කෝ.
      ස්තූතියි දොඩන් ටත්.....

      Delete
  8. මෙහෙම ලිපියක් කියවන්න ලැබෙන එකත් නියමයි. මාත් සෑහෙන්න ආසයි රේල් හයික් එකක් යන්න. ඒත් තාම කට්ටියක් සෙට් උනේ නෑ නෙව..

    ReplyDelete
    Replies
    1. රේල් හයික් එකක් යන්න කලින් හොඳන් සූදානම් වන්න. නැතිනම් අනතුරු සිදුවෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් සූදාන්ම්ව යන්න. හොඩක් දේ දැනගන්න පුළුවන්. වෙනසකටත් හොඳයි. පරිසරය විඳින්නත් පුළුවන්.
      ස්තූතියි ප්‍රතිචාරයට.

      Delete
  9. ඉතාමත් කළාතුරකින් කෙනෙකුට පහළ වන ආකාරයේ විනෝදාංශයක් තමයි ඔබට තියෙන්නෙ... ඉතාමත්ම ආශාවෙන් මේ විස්තර ටික කියෙව්වෙ අපි කවදාවත් රේල් පාරක, ඔවැනි ඉසව්වක මෙසේ සංචාරය කරන එකක් නැති නිසා... ජය !

    ReplyDelete
    Replies
    1. මං හිතුවේ මේ පිස්සුව තියන ගොඩක් අය ඇති කියා. මං හිතන්නේ සිරාටත් බැරි වෙන එකක ්නෑ මේ වගේ පැත්තක ඇවිදින්න. ළඟින් ඇති දුම්රිය ස්ථාන දෙකක් අතර යනවානම් උදේ කොළඹින් එක කෝච්චියෙන් ආවොත් වටවලට කලින් දුම්රිය ස්ථාන දෙකක් අතර ඇවිදලා උදේ බදුල්ලෙන් එන කෝච්චියේ අපසු එන්න පුළුළුන්. දුම්රිය ස්ථාන අතර ඇති දුර හා දුම්රිය කාල සටහන බලාගෙනයි යන්න ඕනි. (දුම්රිය ප්‍රමාදයන් වෙන්න පුළුවන්)
      ස්තුතියි සිරාටත්...

      Delete
  10. ස්තූතියි! ප්‍රියන්ත මල්ලී. බොහොම ආසාවෙන් කියෙව්වා මාත් ඔය ඇවිදින්න ආස නිසාම. නොදන්නා දේවලුත් ගොඩක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ. දැනග්තත දේ තවත් අයට දෙන්න තියනවානම් ඒ තරම් සතුටක් කොයින්ද...

      Delete
  11. නියමයි,ගොඩක් නොදන්න දේ ඉගෙනගත්තා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
  12. ඔබගේ අත්දැකිම් අපිටත් අත්දැකිමක් උනා වගේ අපි රසවින්දා.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ඔබලා මෙය රස විඳීම තමා මගේ සතුට...
      ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
  13. හරිම සුන්දර විනෝදාත්මක චාරිකාවක් වගේ නේද ප්‍රියන්ත.මාත් හරිම ආසයි කඳුකර පලාත්වලට දුම්රිය මාර්ගයෙන් යන්න, රොසැල්ල වගේම ප්‍රදෙශයක් තමා පැට්ටිපොල. මුළු පළාතෙම මිදුමෙන් වැහිලා. මම නොදන්නා බොහෝ දෙවල් දැනගන්න ලැබුනා මෙ පොස්ට් මගින්, Train indicator bar කියන්නෙ මොකද්ද කියලා දැනගත්තෙත් අද තමයි. අපිත් හරියට ඒ ගමන ගියා වගේ ලස්සනට ලියලා තියනවා ප්‍රියන්ත!

    ReplyDelete
    Replies
    1. පට්ටිපොළ පැත්ත මීට වඩා උසින් නේ පිහිටා ඇත්තේ. (ලංකාවේ උසම දුම්රිය ස්ථානය) ඒ නිසා සීතල වැඩියි. මීදුමත් වැඩියි...
      මා දන්නා තරමින් Train indicator bars පිහිටා ඇති එකම ස්ථානය මෙයයි.
      ස්තූතියි ෆාතිමාටත් ප්‍රතිචාරයට..

      Delete
  14. ඔය වගේ ගමනක් යන්න පුදුම ආසාවක් ආවා..!

    ReplyDelete
    Replies
    1. ඔව් ආසාවක් ආව එකේ වෙලාවක යන්න.
      ස්තූතියි ප්‍රතිචාරයට

      Delete
  15. මටනම් වැඩියෙන්ම හිතට ඇල්ලුවේ අර පිළිගැනීමේ නිලධාරියාව :)

    ReplyDelete
    Replies
    1. මම ගිය ගොඩක් පොඩි ස්ටේශන් වල පදිංචි උන බල්ලන් ඉන්නවා. ඒ වගේම එයාලා යන එන අයට හරිම හිතවත්. ඉදිරි පෝස්ට් එකකදී තව දෙන්නෙත් හමුඋනා. එයාලාගේ පින්තූරත් දාන්නම්.
      ස්තූතියි සයුරිටත්...

      Delete
  16. දවල්ම කියෙව්වා :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රතිදාරයටත්.
      යන්න අදහසක් එහෙම නැද්ද කෝච්චි පාරකක හෙම....:D

      Delete
  17. ලිපිය ඉතාමත් ආශාවෙන් කියවුවා .නොදන්නා දේ බොහෝයි .ඉතිරි ටිකත් ඉකමනින් බලාපොරොත්තු වෙනවා.ඔබ බොහොම ස්තුතියි !!.

    ReplyDelete
    Replies
    1. ඔව් නිව්ටන් අය්යේ. ඉක්මනින් ඉතිරි ටිකත් ලියන්නම්..
      ස්තූතියි ප්‍රතිචාරයට...

      Delete
  18. මරු මරු... ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න පුළුවන් නම් හොඳයි :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සාතන්. ඒ ටිකත් ඉක්මනට ලියලා දාන්නම්...

      Delete
  19. විනෝද චාරිකාවක හෝ අධ්‍යන චාරිකාවක අමාරුම කොටස තමයි ඒ ගැන අංග සම්පුර්න පැහැදිලි විස්තරයක් ඉදිරිපත්කරන එක. මොකද එය තව කෙනෙකුට දෑසින් දුටුවා හා සමානවම රූපමය චිත්‍රයක් වචනයෙන් අදින්න සිදුවන නිසා.. එ කාර්යය මේ ලිපියෙන් සිදුවෙලා තියෙනවා බොහොම අපූරුවට.

    උඩරට මාර්ගයේ රොසැල්ල සහ ගල්බඩ දුම්රිය නැවතුම් දැක ඇතත කිසි දිනක එහි බැස නෑ. ඒත් ගියවසරේ බදුලු ගමනකදී දුම්රිය නැරඹුම් මැදිරියේ සිට පට්ටිපොල දුම්රිය ස්ථානයේ සහ දෙමෝදර දුම්රිය ස්තානයේ ගතකළ පැය දෙක තුනය සොඳුරු කාලය නම් මට කිසිදාක අමතක වෙන්නේ නෑ. ඒතරම් මිහිරක් ලැබුවා ඒ ගමනෙදි.

    ඉතුරු ටිකත් කියවන්නම්

    ReplyDelete
    Replies
    1. රේල් හයික් එකක් අධ්‍යයන චාරිකාවක් ලෙස තමා සලකන්න පුළුවන්. ඒත් එහි විනෝදකත් නැතිවාම නෙවෙයි. මට කොහොමත් ගමනක් ගියොත් ඒ ගිය ආකාරයටම ලියන්න පුළුවන්..
      ස්තූතියි ඔබටත් අදහස් දැක්වීමට.....

      Delete
  20. හරිම ලස්සනට ලියලා තියෙනවා අයියා...ආයෙත් හයික් එක යනවා වගේ දැනෙනවා,, :පී
    නැවතත් හයික් එකකදීම මුණ ගැසෙමු..
    ජය !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගයාත්‍රි. ඔව් අපි ඉතින් නිතර රේල්පාරට යන උදවියනේ....

      Delete
  21. ීලඟ එකට මාත් එනවා..

    ReplyDelete
    Replies
    1. එන්න එන්න. ඊළඟ එකට කල්න්ම කියන්නම්කෝ...:D

      Delete